Drama with Dilshani

Drama with Dilshani ජීවිත වේදිකාවෙන් ඔබ්බට ගිය භූමිකා අවකාශයක් උදෙසා!

දික්තල කාලගෝල නාට්‍ය ඇසුරින්..* කාලගෝල කතා වස්තුවට පදනම් වූයේ පන්සිය පනස් ජාතකයෙහි, උම්මග්ග ජාතකයයි.* නාට්‍ය රචනා කරන ලද...
02/03/2026

දික්තල කාලගෝල නාට්‍ය ඇසුරින්..

* කාලගෝල කතා වස්තුවට පදනම් වූයේ පන්සිය පනස් ජාතකයෙහි, උම්මග්ග ජාතකයයි.

* නාට්‍ය රචනා කරන ලද්දේ කලාගුරු චාල්ස් සිල්වා ගුණසිංහ ශූරීන් විසිනි.

* නාට්‍ය නිශ්පාදනය
* අධ්‍යක්ෂණය
* සංගීත අධ්‍යක්ෂණය සිදුකරන ලද්දේ පුණ්‍යසේන ගුණසිංහයන් විසිනි.

* නාට්‍ය පළමු වරට "1975 ජනවාරි 26" වන දින ලුම්බිණි රඟහලේදී රංග ගත කර ඇත.

* දික්තල කාලගෝල නාට්‍ය නාඩගම් නාට්‍ය කලාවට අයත් වේ.

* නාට්‍යට පසුබිම් වූ ජාතක කතාවේ එන බෝසත් චරිතය වන්නේ මහෝෂධ පඩිතුමන් ය.

* මෙය නාට්‍ය ධර්මී රංග ශෛලියට අයත් වේ.

* මෙහි කාලගෝල විසින් අවුරුදු හතක් මෙහෙකොට දික්තලා ව බිරිඳ වශයෙන් හිමි කර ගනී.

• මුල් නිශ්පාදනයේ චරිත සහ නළු නිලියන් (1975)
- කාලගෝල - උදේනි චන්ද්‍රසිරි
- දික්තලා - චන්ද්‍රානි පතිරණ
- දික්පිටියා - චාලි ජයවර්ධන
- මහෝෂධ - විජය නන්දසිරි

• වර්තමාන නිශ්පාදනයේ චරිත සහ නළු නිලියන්
- කාලගෝල - ඉන්දික ජයසිංහ
- දික්තලා - තුෂාරි ගුණරත්න
- දික්පිටියා - චමින්ද මැදගෙදර
- මහෝෂධ - උපාලි බන්ඩාර
- බහුබූතයා - ලහිරු ගුණසිංහ / සමන් ගුණසිංහ

* නාට්‍ය අවසන් වන්නේ මංගලම් සින්දුවෙනි.

* පොතේගුරු පැමිණීම
* බහු බූතයාගේ පැමිණීම
* ගායක කණ්ඩායමේ දායකත්වය
මෙම නාට්‍යයේ ඇති නාඩගම් සම්ප්‍රදායේ ලක්ෂණ වේ.

* අංගරචනය,
ආලෝකකරණය,
රංග වස්ත්‍රාභරණ,
සංගීතය මෙහි භාවිත වූ ආනුශංගික කලාවන් වේ.

* මෙම නාට්‍යයේ බහුබූත කෝලම දැකිය හැක.

* නාට්‍යයේ ගැටුම් අවස්ථා ලෙස,

• දික්තලා සහ කාලගෝල ගම අතහැර යන විට දක්තලා විසින් කාලගෝලට සිය අකමැත්ත ප්‍රකාශ කරන අවස්ථාව.

• ගඟෙන් එතෙර වීමේ දී දික්පිටියා විසින් කාලගෝල රවටා දික්තලාව රැගෙන යන අවස්තාව.

* සමස්තයක් ලෙස ගත් කල ස්ත්‍රී පුරුෂයන් අතර ඇති නොගැලපීම සහ එකිනෙකා කෙරෙහි බැඳීමක් නොමැති වීම අසාර්ථක විවාහයකට හේතු වන ආකාරය, එයට අදාළ පාත්‍රයන් යථාර්ථය වටහා ගැනීම මගින් විසදුමක් කරා ළගා වීම මෙම නාට්‍යයේ තේමාව වේ.

නාට්‍ය ගීත

ඇන්නෑවේ මේ මල කෝලං
පාරේ යන්නට බෑ මුන්දෑ සමඟින්//
ඇන්නෑවේ මේ මල කෝලං
පාරේ යන්නට බෑ මුන්දෑ සමඟින්//

මව්පියො නිදහස් වෙන්ට සිතා බැඳ
දුන්නේය මා මේ අඟුටුමිටියාට//
මව්පියො නිදහස් වෙන්ට සිතා බැඳ
දුන්නේය මා මේ අඟුටුමිටියාට//

අගුටුමිටියා වට මං සුන්දරියේ
නැද්ද හැඩරුව මං ඇයි සුන්දරියේ
නැද්ද හැඩරුව මං//
කාලා බීලා සැපසේ ඉඳ කල් ඇර//
එව්වා මෙව්වා කිව්වේ කවු‍රු‍ද නුඹට//

ඇන්නෑවේ..//..............................................................

ඒයි හිටපල්ලා හිටපල්ලා නොගෝහින්//
මට බැරිය ඉතින් බලා ඉන්න
ගඟට පනිමි අම්මෝ
මම ගඟට පනිමි අම්මෝ..
ඒයි හිටපල්ලා..//

ගඟට බැහැපුවොත් කිඹුලා කාවී//
කිඹුල කතත් මං මැරෙතත්
ගඟට පනිමි අම්මෝ
මම ගඟට පනිමි අම්මෝ..
ඒයි හිටපල්ලා..//
ඔහෙ යන පන මෙහෙ පලයන් අම්මෝ

දුෂ්ඨය ///
ගඟ ගැඹුරුය බොරු දොඩමින
පිය මගෙ තෙර ලඳ මගෙ සොරකම් කරගෙන
යන්නෙ කිමද දැන්
කරගෙන යන්නෙ කිමද දැන්

වියරුද///
අගුටුමිටිය මෙලඳ මගෙය
කඩමි ඉලය දැන් මෙතනම//
ඔහෙ යන පන මෙහෙ පලයන් අම්මෝ..............................................................

ආල බැන්ද මාගෙ රම්‍යවන්
ආල බැන්ද මාගෙ රම්‍යවන්..ආ..ආ..ආ
ආල බැන්ද මාගෙ රම්‍යවන්
මේ සුනිමල මගෙ දිත්තල​
මේ සුනිමල මගෙ දිත්තල​
ආල බැන්ද මාගෙ රම්‍යවන්..ආ..ආ..ආ
ආල බැන්ද මාගෙ රම්‍යවන්
අවුරුදූ සතක් දුකීන මෙහෙවර කර මෙමා
අවුරුදූ සතක් දුකීන මෙහෙවර කර මෙමා
ගත් ළඳුන් මගේ..ඇගෙ රූපෙ බොහොඅගේ
ගත් ළඳුන් මගේ..ඇගෙ රූපෙ බොහොඅගේ
ආල බැන්ද මාගෙ රම්‍යවන්..ආ..ආ..ආ
ආල බැන්ද මාගෙ රම්‍යවන්
යන්නට ගමට මෙදීන​-මවුපියන් දකින ලෙසීන​
යන්නට ගමට මෙදීන​-මවුපියන් දකින ලෙසීන​
‍තෑගි ලෙසට දැන්-ගෙන යාමි රසකැවුම්
‍තෑගි ලෙසට දැන්-ගෙන යාමි රසකැවුම්
ආල බැන්ද මාගෙ රම්‍යවන්..ආ..ආ..ආ
ආල බැන්ද මාගෙ රම්‍යවන්
ඇන්නෑවේ මේ...මල කෝ...ලන්
පාරෙ යන්න..ට බෑ මුන්දෑ සමගින්
පාරෙ යන්න..ට බෑ මුන්දෑ සමගින්
ඇන්නෑවේ මේ...මල කෝ...ලන්
පාරෙ යන්න..ට බෑ මුන්දෑ සමගින්
පාරෙ යන්න..ට බෑ මුන්දෑ සමගින්
මවු පියො නිදහස් වෙන්න සිතා බැද​
දුන්නේය මා මේ අගුටු මිටියට
දුන්නේය මා මේ අගුටු මිටිය​ට
මවු පියො නිදහස් වෙන්න සිතා බැද​
දුන්නේය මා මේ අගුටු මිටියට
දුන්නේය මා මේ අගුටු මිටිය​ට
අගුටූ..මිටීයා..වාට මං සුන්ඳරියේ
නැද්ද​..හැඩ රුව මං..ඇයි සුන්ඳරියේ
නැද්ද හැඩ රුව මං
අගුටූ..මිටීයා..වාට මං සුන්ඳරියේ
නැද්ද​..හැඩ රුව මං..ඇයි සුන්ඳරියේ
නැද්ද හැඩ රුව මං
කාලා බීලා සැපසේ හිද කල් හැර​
කාලා බීලා සැපසේ හිද කල් හැර​
එව්වා මෙව්වා කීවේ කවුරුද නුඹට
එව්වා මෙව්වා කීවේ කවුරුද නුඹට
ඇන්නෑවේ මේ...මල කෝ...ලන්
පාරෙ යන්න..ට බෑ මුන්දෑ සමගින්
පාරෙ යන්න..ට බෑ මුන්දෑ සමගින්
ඇන්නෑවේ මේ...මල කෝ...ලන්
පාරෙ යන්න..ට බෑ මුන්දෑ සමගින්

දිල්ශානි ගුණරත්න
Theater Players Drama Class 🎭
ජීවිත වේදිකාවෙන් ඔබ්බට ගිය භූමිකා අවකාශය 🖤
0770318400📱

Dilshani Gunarathne

30/08/2025

𝗢/𝗟 𝗗𝗿𝗮𝗺𝗮 ද කරන්නේ❓
𝗦𝘆𝗹𝗹𝗮𝗯𝘂𝘀 එක 𝗖𝗼𝘃𝗲𝗿 වෙලා නෑ නේද තාම 🤔

මෙන්න එහෙනම් හොඳම 𝗖𝗵𝗮𝗻𝗰𝗲 එක❗

🔹 සියලු ම පාඩම් පුනරීක්ෂණ මඟින් ආවරණය
🔹 නිර්දේශිත කෘති නාට්‍ය ඇසුරින් අධ්‍යනය
🔹 විෂය කොටස් සඳහා කෙටි ක්‍රම
🔹 වේදිකා නාට්‍ය අධ්‍යනය
🔹 ප්‍රායෝගික පුහුණුව ( 𝗣𝗿𝗮𝗰𝘁𝗶𝗰𝗮𝗹 )
🔹 𝗣𝗗𝗙 මඟින් විෂය අධ්‍යනය

"Online & Physical Class"

𝗥𝗲𝘃𝗶𝘀𝗶𝗼𝗻 𝗖𝗹𝗮𝘀𝘀 එකට 𝗝𝗼𝗶𝗻 වෙන්න
0770318400 මේ 𝗡𝘂𝗺𝗯𝗲𝗿 එකට 𝗖𝗮𝗹𝗹 එකක් දෙන්න
Wa.me/+94770318400

නිශූ ගුණරත්න
𝗧𝗛𝗘𝗔𝗧𝗘𝗥 𝗣𝗟𝗔𝗬𝗘𝗥𝗦 𝗗𝗿𝗮𝗺𝗮 𝗖𝗹𝗮𝘀𝘀
ජීවිත වේදිකාවෙන් ඔබ්බට ගිය
භූමිකා අවකාශය!

𝗢/𝗟 𝗗𝗿𝗮𝗺𝗮 ද කරන්නේ.                                                                  𝗦𝘆𝗹𝗹𝗮𝗯𝘂𝘀 එක 𝗖𝗼𝘃𝗲𝗿 වෙලා නෑ නේද තාම 🤔...
25/08/2025

𝗢/𝗟 𝗗𝗿𝗮𝗺𝗮 ද කරන්නේ.

𝗦𝘆𝗹𝗹𝗮𝗯𝘂𝘀 එක 𝗖𝗼𝘃𝗲𝗿 වෙලා නෑ නේද තාම 🤔
විෂයක් වගේ නැතුව කලාව, කලාවක් වගේ ඉගෙන ගන්න කැමති ද

මෙන්න එහෙනම් හොඳම 𝗖𝗵𝗮𝗻𝗰𝗲 එක❗

🔹 සියලු ම පාඩම් පුනරීක්ෂණ මඟින් ආවරණය
🔹 නිර්දේශිත කෘති නාට්‍ය ඇසුරින් අධ්‍යනය
🔹 විෂය කොටස් සඳහා කෙටි ක්‍රම
🔹 වේදිකා නාට්‍ය අධ්‍යනය
🔹 ප්‍රායෝගික පුහුණුව ( 𝗣𝗿𝗮𝗰𝘁𝗶𝗰𝗮𝗹 )
🔹 𝗣𝗗𝗙 මඟින් විෂය අධ්‍යනය

"Online & Physical Class"

𝗥𝗲𝘃𝗶𝘀𝗶𝗼𝗻 𝗖𝗹𝗮𝘀𝘀 එකට 𝗝𝗼𝗶𝗻 වෙන්න
0770318400 මේ 𝗡𝘂𝗺𝗯𝗲𝗿 එකට 𝗖𝗮𝗹𝗹 එකක් දෙන්න
Wa.me/+94770318400

නිශූ ගුණරත්න
𝗧𝗛𝗘𝗔𝗧𝗘𝗥 𝗣𝗟𝗔𝗬𝗘𝗥𝗦 𝗗𝗿𝗮𝗺𝗮 𝗖𝗹𝗮𝘀𝘀
ජීවිත වේදිකාවෙන් ඔබ්බට ගිය
භූමිකා අවකාශය!

ජීවිත වේදිකාවෙන් ඔබ්බට ගිය භූමිකා අවකාශය♥️Theater Players Drama Class        #නාට්‍ය
17/07/2025

ජීවිත වේදිකාවෙන් ඔබ්බට ගිය භූමිකා අවකාශය♥️

Theater Players Drama Class
#නාට්‍ය

03/07/2025

රඟහලකට 'Theater' කියලා කියනවනම්,

'Drama' එකක් කියන්නෙම
මහා ලොකූ ඔපරේශන් එකක්!

වෛද්‍යවරුන් ගොඩක් හරිම සීරුවෙන්
අවධානමක් අරන් කරන
ඔපරේශන් එකක් වගේ
නාට්‍යයක් නිෂ්පාදනය කියන්නෙත්'
අධ්‍යක්ෂකවරයෙක් හරිම සීරුවෙන්
හරිම ඉවසීමෙන්
අවබෝධයෙන්
අවධානයක් අරන් කරන
බරපතල වැඩක් තමයි නාට්‍යයක් නිෂ්පාදනය.

වෙනස
ඔපරේශන් එක වැරදුනොත්
බොහෝදුරට හානිය එක් ජීවිතයකටය.

ඒ උනත්,

අධ්‍යක්ෂක ෆේල් උනොත්
මුළු ප්‍රේක්ෂකාගාරයටත්
ශිල්පීන්ටත්
සමස්ත සමාජයටත් හානිය.

ඒ නිසයි Drama එකක්
ඔපරේෂන් එකක් කියන්නෙ.
ඒක'
අධ්‍යක්ෂකවරයෙක්ගෙ අතින් සිද්ධවෙන
ඔපරේශන් එකක්!

මෙලාන් ප්‍රශාත් ✍
Melan Prashath Bandara

දෙමළ නාට්‍ය කලා ඉතිහාසයේ මංසලකුණුමහාචාර්ය කේ. කෛලාසපතිශ්‍රී ලාංකේය සිංහල නාට්‍ය ඉතිහාසයේ මහාචාර්ය එදිරිවීර සරච්චන්දුයන්ට...
10/06/2025

දෙමළ නාට්‍ය කලා ඉතිහාසයේ මංසලකුණු
මහාචාර්ය කේ. කෛලාසපති
ශ්‍රී ලාංකේය සිංහල නාට්‍ය ඉතිහාසයේ මහාචාර්ය එදිරිවීර සරච්චන්දුයන්ට හිමිවන ස්ථානය හා සම ස්ථානයක් මෙරට දෙමළ නාට්‍ය විෂයෙහි ආචාර්ය කේ. කනපදිප්පිල්ලට හිමිවේ. ඔවුන් දෙදෙනාම ලංකා විශ්වවිද්‍යාලයෙන් බිහිවූ විද්වතුන් වීමත් එය මූලික කරගෙන සිය නාට්‍ය නිර්මාණ බිහි කිරීම ද මේ දෙපොළගේ තවත් සාම්‍යකි. ඊට අමතර සම්ප්‍රදායික මූලයන් සොයා යාම ගැනද මේ දෙදෙනාම එක හා සමාන උනන්දුවක් දක්වා ඇත. සරච්චන්දුයන් සිය අද්විතීය නාට්‍ය නිර්මාණ බිහිකිරීමේදි අපගේ සමීප නාට්‍ය සම්ප්‍රදායන්ගෙන් ආභාෂයක් ලබා ගත්තා සේම දෙමළ නාට්‍යකරුවෝ ද 56 පුනරුදයෙන් ආභාෂයක් ලැබූහ.
සමාජ යථාර්ථය හැඟීම්බරව ප්‍රකාශ කිරීමට කේ. කනපදිප්පිල උත්සාහ දැරීය.
ආචාර්ය කේ. කනපදිප්පිල්ල? (1903–1968) ‘නානාඩගම්’නමින් 1940 දී එළිදැක් වූ ග්‍රන්ථය ශ්‍රී ලංකාවේ දෙමළ නාට්‍ය ඉතිහාසයේ විශේෂ වැදගත්කමක් ගන්නා කෘතියකි. උඩෛයාර් මිඩුක්කු (ඉඩම්හිමි ප්‍රභූවරයකුගේ උද්ධච්චභාවය), මුරුහන් තිරුහුතාලම් (කඳසුරිඳුගේ උප්පරවැට්ටිය), කණ්ණන් කූත්තු (විෂ්ණු දෙවියෝ), නාට්ටවන් නගර වාල්ක්කෛ (ගොඩයාගේ නාගරික ජීවිතය) යන නාට්‍ය හතර එයට ඇතුලත් විය.
පළමු නාට්‍ය ග්‍රන්ථය ප්‍රකාශ කිරීමෙන් අනතුරුව 1952දී ‘ඉරු නාඩහම්’ (නාට්‍ය දෙකක්) නමින් ඔහු තවත් කෘතියක් ලියුවේය. මෙයින් කිහිපයක් ශෝකාන්ත නාට්‍ය වුවත් ඔහුගේ බොහෝ නාට්‍යවල සමාජ යථාර්ථය ප්‍රකාශ විය. චමත්කාරය, චතුර ලෙස හසුරුවන දෙබස්, කිසිවෙකුගේ සිත් නොරිඳවන (එහෙත් ගැඹුරු කල්පනාවකට ලක්වන) සදය උපහාසය ඔහුගේ නාට්‍යයන්ගෙන් විශද විය.
කිසියම් විෂයක් පිළිබඳ ආධානග්‍රාහී නොවී, උපේක්ෂාවෙන් ප්‍රශ්න දෙසට යොමු විය හැකි වීම ඔහුගේ නිර්මාණවල දැකගත හැකි තවත් විශේෂත්වයකි. කනපදිප්පිල්ල 1930 දශකයේ මුල් කාලයේ ලන්ඩනයේ පර්යේෂණ සිසුවකු ලෙස කටයුතු කළ අවධියේ බර්නාඩ් ෂෝ හා වෙනත් යුරෝපීය නාට්‍ය රචකයින්ගේ නිර්මාණ රසවිඳී අයෙකි. නාට්‍ය කලාව පිළිබඳ ඔහු තුළ වූ දැනුමට හා උනන්දුවට අතිරේකව භාෂා ප්‍රේමීත්වය ද නාට්‍ය රචනයේ දී ඔහු උපයෝගී කර ගත්තේය.
පසු කාලීනව ඔහුගේ නාට්‍යන්ගේ සිදුව ඇති වෙනස්කම් නාඩගම් නාන්ගු (නාට්‍ය හතරක්) හිදී දැකගත හැකිය. ‘නානාඩගම්’ යන යෙදුම සම්ප්‍රදායිකත්වය හඟවන්නකි. ඊට වඩා හාත්පසින්ම වෙනස් නූතනවාදී නවීකාරක ඇඟවීමක් ‘නාඩහම් නාන්ගු’ යන ශිර්ෂයේදී දැක ගත හැකිය. ඉලක්කම්වලින් ග්‍රන්ථ නම් කළ සංගම් යුගයෙන් පසු දෙමළ නාට්‍ය කලාවට නැවත එම සම්ප්‍රදාය හඳුන්වා දුන්නේ මහාචාර්ය කනපදිප්පිලය. ඔහුගේ තවත් නාට්‍ය කෘතියක් යාපනය විශ්වවිද්‍යාලයේ දෙමළ සාහිත්‍ය මණ්ඩපය 1979 දී එළිදැක් වූයේය.
මහාචාර්ය කේ. කනපදිප්පිල්ල දෙමළ නාට්‍යයේ තේමාව, වේදිකා උපක්‍රම වැනි දේ කෙරෙහි විශාල පරිවර්තනයක් කළ පර්යේෂණාත්මක නාට්‍ය රචකයෙක් නොවේ. එහෙත් ඔහුගේ නාට්‍යයන්ගේ එන දෙබස්වල විශේෂ වෙනසක් ඇත. එනම්, ඔහු රචනා කළ සාම්ප්‍රදායික හා යථාර්ථවාදී බොහොමයක් නාට්‍යයයන්හි උගතුන් විසින් ප්‍රතික්ෂේප කරන ලද ව්‍යවහාර භාෂාව සුවිශේෂ අනන්‍යතාවකින් යුක්තව භාවිතා කර තිබෙනු දැක ගත හැකි විය.
ගවේෂණාත්මක විශ්වවිද්‍යාල පරිසරය තුළ නිෂ්පාදනය කළ නාට්‍ය මඟින් සාධනීය බොහෝ දේ ඔහුට ළඟා කරගත හැකිවිය. තාරුණ්‍යය නිසා උපන් උනන්දුවෙන් හා හැකියාවෙන් යුත් ආත්ම විශ්වාසයකින් හා රසඥතාවයකින් යුක්ත උපාධිධාරීන් පිරිසක් මෙම නාට්‍යයන්ට සම්බන්ධවීම එවැනි සාධනීය දෙයකි. විශ්වවිද්‍යාල ක්‍රියාකාරකම් උසස් අයුරින් පිළිගැනීම් වාතාවරණයක් දෙමළ සමාජයේ ඇත. මෙම නාට්‍යන්ට ශිෂයන් සම්බන්ධ වීම නිසා ඔවුන්ගේ මවුපියන් ඥාතීන් තමන්ගේ දෙයක්ය යන හැඟීමෙන් වාර්ෂිකව ප්‍රදර්ශනය කෙරෙන මේ නාට්‍ය රසවිඳීමට උනන්දු වූහ. ඒනිසා ප්‍රේක්ෂකාගාරය පිළිබඳ ගැටලුවක් නාට්‍යයන්ට මතු නොවීය. ඒ වෙනුවට විශ්වවිද්‍යාල නාට්‍ය සඳහා විශේෂිත ප්‍රේක්ෂක පිරිසක් ඇති විය.
වනිතාවන් රංගනයට දායක වුයේ විශ්වවිද්‍යාල නාට්‍යයේදී පමණි. පොදුවේ දක්නට ලැබුණු දෙය වූයේ ස්ත්‍රී චරිත පිරිමින් විසින් රංගගත කිරීමය. එහෙත් විශ්වවිද්‍යාල සිසුවියන් කිහිප දෙනෙකු පිරිමින් හා සමෝසමව රංගනයේ යෙදීමට ඉදිරිපත් විය. අභව්‍යය කල්පිතයන් ගොඩනැඟීමේ හැකියාවක් කවීන්ට ඇත. කවීන්ට සමාන වරමක් සරසවි සිසුන්ටද ඇත. ඇඳුම් පැළඳුම්, විශ්වාසයන්, අදහස් , උදහස් යනාදියේදී පවත්නා සම්ප්‍රදායන් ඉක්මවා යාමේ හැකියාවක් ඔවුන්ට ඇත. සමාජ සම්මතයෙන් බැහැරව වනිතා චරිත සිසුවියන් රඟ දැක්වූවිට එය ඔවුන්ගේ දඩබ්බර ක්‍රියාවක් ලෙස සලකා ඉවසනු ලැබිණි.
නාට්‍යකරුවා සමාජ ශෝධන අරමුණක් පෙරදැරි කරගෙන නාට්‍ය නිෂ්පාදනය කරනු ලැබුවත් එවකට ප්‍රේක්ෂකයන් බොහෝ දුරට එම නාට්‍ය නරඹනු ලැබුවේ විනෝදාස්වාදන අරමුණකිනි. ඔහුගේ මුල්කාලීන නාට්‍ය සියල්ලම පාහේ රංගගත වූයේ කොළඹ දී පමණය. පිටපළාත්වලින් රැකියා අවශ්‍යතා මත නගරයට සංක්‍රමණය වූ දෙමළ ප්‍රජාවට කනපදිප්පිල්ලගේ නාට්‍යවල එන ගම කතා, සිද්ධි තම අතීත අත්දැකීම් සිහිකරවන්නක් විය. ඔවුන් ඉන් මානසික සන්තුෂ්ටියක් ලැබීය.
කාලයාගේ අවෑමෙන් නොවැලැක්විය හැකි විපර්යාසයන්ට භාජනය වූවත් 60 දශකය පමණ වන තෙක් මෙය විශ්වවිද්‍යාල සම්ප්‍රදායේ නාට්‍යයන්හි මහා පොදු සාධකයක් විය. ආර්. සිවානන්දන් මහතා විසින් 1979 දී පළකළ ‘ඉලංගෛප් පල්කලක්කලගන් තමිල් නාඩහ අරංගම්’ ( ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාල නාට්‍ය කලාව) පර්යේෂණාත්මක කෘතියේ මෙම ඉතිහාසය පිළිබඳ සවිස්තරාත්මක පැහැදිලි කිරීමක් දැකගත හැකිය.
ලාංකේය දෙමළ නාට්‍යයේ වර්ධනයට විශ්වවිද්‍යාලවල දායකත්වය වැදගත්ය. එහෙත් මහාචාර්යවරයාගේ නිර්මාණ අනුකරණය කරමින් නිර්මාණය වූ සියලුම නාට්‍යය පැසසුම් කටයුතු තත්ත්වයක නොපවතී.
කටවහර නාට්‍යයේ දෙබස් සඳහා යොදා ගැනීම කනපදිප්පිල්ලගේ නාට්‍යවලින් ඇරඹුණු බව පෙරදී ද සඳහන් කළෙමි. කටවහරේ ශක්තිය අනුචිත අයුරින් භාවිතා කිරීම නිසා නාට්‍ය කලාවේ වර්ධනයට බාධා වූ අවස්ථාවන්ද ඇත. එවැනි අන්තවාදී සමහර භාවිතයක් උපහාසයට ද ලක්විය. ඔහු මතු කළ යථාර්ථවාදී ස්වරූපය වැරැදියට අනුකරණය කිරීම කථා ව්‍යවහාරයේදී පමණක් නොව චරිත නිර්මාණයේදීද දැක ගත හැකිවිය.
මහාචාර්ය කේ. කනපදිප්පිල්ල විශේෂ චරිත ලෙස නිර්මාණය කළ ‘උඩෛයාර්’ (නිලමේ), ‘මනියක්කාරන්’ (මුලාදැනී), ‘විදානෛ’ (විදානේ) වැනි වැඩ වසම් චරිත හා යුරෝපීය අධ්‍යපනයෙන් පසු පෙරළා මව්බිමට පැමිණෙන තරුණයන්, විලාසිතා ලෝලී තරුණියන් සහ මෝඩ මෙහෙකරුවන්, මඟුල් කපුවන්, දෛවඥයන්, ඕපාදුප සොයන්නන් ආදී විවිධ චරිත එකම අචුචුවේ ලා නිර්මාණය කරන්නට යාම නිසා බොල් චරිත බවට පත්විය.
ඉලංගෛයර්කෝන් 1950 දී එම ප්‍රවණතාවයෙන් ගැලවී කතා වහර යොදාගෙන උසස් ගණයේ ගුවන්විදුලි නාට්‍ය කිහිපයක් නිර්මාණය කළේය. කෙටිකතාකරුවෙක් ලෙස ඔහු දැක්වූ කුසලතාව නාට්‍ය නිර්මාණයේදී අත්කර ගැනීමට නොහැකිවීම අවාසනාවකි. මේ අතර ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ වෙළෙඳ සේවයට යාපනය, මඩකලපුව වැනි පළාත්වල කතා ව්‍යවහාරය විකෘතිකොට ඉදිරිපත් කරන බවට චෝදනාවක්ද ඉදිරිපත් විය.
මෙම දුර්ප්‍රවණතාවට එරෙහිව විශ්වවිද්‍යාල මට්ටමින් නාට්‍ය ප්‍රවණතා දෙකක් 1950 දශකයේදී මතුවිය. ඉන් එකක් වූයේ කතා වහර උචිතානුචිත ලෙස පාලනය කරගනිමින් යම් ප්‍රමිතියකින් බසක් දෙබස් සඳහා යොදා ගැනීමය . අනෙක වූයේ ශ්‍රාස්ත්‍රීය කරුණ ගැන පොතපත බිහිවීමය. ඒ සඳහා විශ්වවිද්‍යාල ප්‍රජාව මෙන්ම ඊට පරිබාහිර කොටස්ද දායක විය. පරිවර්තන නාට්‍ය එක් දේශයකට හෝ කාලයකට සීමා වන්නක් නොවේ. එහෙයින් පරිවර්තන නාට්‍ය සෑම කෙනෙක් විසින්ම රසවිඳීය හැකි නිර්මාණ ලෙස සලකා වේදිකාගත කෙරිණි.
කෙටි කතා, නවකතා, විචාර ආදී නිර්මාණ සාහිත්‍යයේ නිරතව සිටි ඒ ගැන උනන්දුවක් දැක්වූ පිරිසකගේ යොමුවක් මේ වන විට වේදිකාවට ලැබී තිබිණ. එම නව නිර්මාණකරුවන් අතර ‘පිරිවුප්පාදෛ’ (වෙන්වීමේ මාවත/ 1959), ‘කුඩිත්තනම්’ (පදිංචිය/ 1960), ‘සුවර්හල්’ (බිත්තිය/ 1961) නාට්‍ය තුන නිර්මාණය කළ ඒ. මුත්තුලිංගම් ද සිටී. ඒ. එන්. කන්දසාමි ගේ ‘මදමාට්‍රම්’ (ආගමේ වෙනස/ 1962), සොක්කන්ගේ ‘ඉරට්ටෛ වේෂම්’ (වෙස්මුහුණු දෙකක්/ 1963) නාට්‍ය විශේෂයෙන් සඳහන් කළ යුතුය. මෙම නිර්මාණකරුවන් තුළ තිබුණු කුසලතාව එදා පරිසරයට සාපේක්ෂව විශිෂ්ටය.
56 ඇතිවූ ජාතික ප්‍රගතිශීලි ව්‍යාපාරයට ගාමක බලවේගයක්ව පැවැති කලා සාහිත්‍ය ව්‍යාපාරය පසුබිම් කරගෙන ඔවුන් නාට්‍ය නිර්මාණය කළහ. ගැමි ජීවිතයේ චාම් බව හා නාගරික ජීවිතයේ බොරු ආටෝපය, සම්ප්‍රදායික හා විපර්යකාරක බලවේග වැනි ප්‍රතිවිරෝධතාවන් කේන්ද්‍ර කර ගෙන මහාචාර්ය කනපදිප්පිල්ල නාට්‍ය නිර්මාණය කළේය. ඉහත නම් සඳහන් පසු කාලීන නාට්‍යකරුවන් සමාජ ප්‍රශ්න හා සංකීර්ණතාවන් වඩා සියුම් ලෙස නිරීක්ෂණය කර මානව ක්‍රියාකාරීත්වයන් මනෝ විද්‍යාත්මක හේතු අනුව විග්‍රහ කරනු ලැබිණ. 50 දශකයේ මෙම ප්‍රවණතා මතවාදී දෘෂ්ටි කෝණයෙන් වෙනත් සාහිත්‍ය ක්ෂේත්‍රයන්ට ද අදාළ පරිදි වේදිකාව තුළ සකස් විය.
පරිවර්තන හා අනුවර්තන නාට්‍යයන්ට නිදසුන් ලෙස චට්ටෝපාධ්‍ය ගේ රචනයක් ඇසුරින් නිර්මාණය වූ ‘සවප්පෙට්ටි‘ (1953), ශ්‍රී රාම් ආනන්දන් (1954) ඔස්කා වයිල්ඩ් ගේනාට්‍ය හා මොලියර්, හෙන්රික් වැනි අද්විතීය නාට්‍ය 50 දශකය වන විට දෙමළ වේදිකාවට නැඟි ඇත. 60 දශකයේදී තිරුකන්දයියා නිෂ්පාදනය කළ ඇන්ටන් චෙකොව්, ඔගස්ටස් ස්ට්‍රින්බර්ග් වැනි යූරෝපීය නාට්‍ය රචකයන්ගේ නාට්‍ය ද දෙමළ වේදිකාව උත්කර්ෂයට නැංවීමට හේතු විය.
පරිවර්තන හා අනුවර්තන නාට්‍යකරුවන් අතරින් තිරුක්කන්දයියාට විශේෂතාවක් ලැබේ. ඔහු නිෂ්පාදනය කළ නාට්‍යයක සමරු කලාපයක මෙවැනි සටහනක් තිබිණි. “අපටම අයත් සැබෑ ලෙසම දේශීය ගුණාංගයන්ගෙන් සැදුම්ලත් සම්ප්‍රදායක් ගොඩනංවා ගැනීමට අවශ්‍ය සුදුසුකම් සපුරා ගැනීම සඳහා තවදුරටත් බටහිර නාට්‍ය නිෂ්පාදනය කළ යුත්තකි.“
60’ දශකය ආරම්භයේදී විශ්වවිද්‍යාල නාට්‍යයයන්ට විවිධාකාරයෙන් දායක වූ එන්. සුන්දරලිංගම්, ආර්. සිවානන්දන්, එස්. මෞනගුරු යන තිදෙනා එයට දශකයකට පෙර කොළඹ සරසවියේ ශිෂ්‍යයන් වශයෙන් සිටිමින් නික්තිලක් කෝබුරම් (සදාකාලික වාහල්කඩ / 1953) නමැති ගීත නාටකය ගුවන් විදුලියට නිර්මාණය කිරීම විශේෂත්වයකි. මෙහිදී විශේෂිත වූ පර්යේෂණාත්මක වැඩ කොටසක් ආර්. මුරුගයියන් අතින් 60 දශකය අවසාන භාගය පමණ වනවිට සිදුවිය.
විශ්වවිද්‍යාල අවදියේදී නාට්‍යයන්ට දායකවීම මඟින් යම් ඇල්මක් පෙන්වනු ලැබුවත් උපාධි ලබා පිට වූ පසු තවදුරටත් නාට්‍ය ක්ෂේත්‍රයේ ක්‍රියාත්මකවීම දුලබ සිදුවීමකි. 50 දශකයේ නව නිර්මාණ, පරිවර්තන, අනුවර්තන යනාදී ක්ෂේත්‍රයන්හී යෙදී සිටි උදවිය කිසියම් ප්‍රමිතියකින් යුක්තව ප්‍රශස්ත නාට්‍ය රචනා ඉදිරිපත් කිරීම කෙරෙහි දැඩි අවදානයක් දැක්වීය. වේදිකා පසුතල, රංග ශෛලිය කෙරෙහි ඔවුන් අවදානය යොමු කරනු ලැබුවද සමාජ මෙහෙවර කෙරෙහි මේ පිරිසගේ අවධානය යොමු නොවීය. මෙම නාට්‍යකරුවන්ගේ නිර්මාණ අභිප්‍රායන් දෙමළ වේදිකාවට නව අවධියක් උදාවිය.
ඒ. තාසීසියස්, එම්. නිත්තියානන්දන්, එස්. තිල්ලනාදන්, තිල්ලකැත්තන් වැනි අයගේ නිර්මාණ කුසලතා 70 දශකයේදී ප්‍රදර්ශනය විය. මේ අයගේ සාමුහික උත්සාහයක ප්‍රතිඵලයක් ලෙස එංගල් කුලු(අපේ ඇත්තෝ), කුත්තාඩගල් (නැට්ටුක්කාරයෝ), නාඩෝඩිගල් (සැරිසරන්නෝ), මට්ටක්කලප්පු නාඩහ සභා (මඩකලපුවේ නාට්‍ය සභාව) තඩිහල් ඔන්ඩ්‍රියම් (නාට්‍ය කේන්ද්‍රය) වැනි සංවිධාන කොළඹ කේන්ද්‍ර කරගෙන බිහිවිය. අම්බලන්තාඩිගල් (අම්බලමේ නටන්නෝ) යාපනය කේන්ද්‍ර කරගත් නාට්‍ය කණ්ඩායමේ බිහිවීම එවැනි මුල්ම උත්සාහයයි. ඔවුන් නිර්මාණය කළ නාට්‍ය අතරින් අභසුරම් (ස්වර විරෝධී / 1968) එම වර්ෂයේදීම ආර්. සිවානන්දන් රචනා කළ විධිවෛනෝක්කි (නිදහස කරා) වැනි නාට්‍ය අපේ ඇත්තෝ නාට්‍ය කණ්ඩායමේ නිෂ්පාදන ලෙස වේදිකා ගත විය. මුරුගයියන්ගේ ඉරු තුයරංගල් (වේදන දෙකක්) මේ කාලයේ වේදිකා ගත වූ තවත් විශේෂ නාට්‍යයකි. 1968 වසර ශ්‍රී ලාංකේය දෙමළ නාට්‍ය ඉතිහාසයේ වැදගත් වසරක් වන්නේ සංහාරම් (සංහාරය) නාට්‍ය වේදිකා ගත වීමට අමතරව මෙරට ප්‍රථම වඩමෝඩි ශෛලීගත නාට්‍ය ද වේදිකා ගත වීමය.
රුවන් සමාජීය අවශ්‍යතාවන් තේරුම් ගන එයට දායක වන ලෙස ප්‍රඥාගෝචරව ක්‍රියා කළ ජනතාවාදී කලාකරුවන් ලෙස දැක්විය හැකිය.
සංගාරම්, කන්දන් කරුනෛායි, කෝබුර වාසල් වැනි නිර්මාණ බිහිවීමට පෙර පසුපදි (1925 - 1965), කේ. තංගවඩිවේල් ( සුබත්තිරන්) (1934 - 1979) යන අය හා වෙනත් කවීන් ද සමානාත්මතාව පදනම් කරගත් සමාජ පරිවර්තනයක අවශ්‍යතාව දෙමළ සමාජය තුළ මතු කළේය.
මෙම අවධිය සම්ප්‍රදායිකත්වයට එරෙහි කිසියම් ප්‍රතිවිරෝධයක් ඇති වූ අවධියකි. ප්‍රංශයේ ශිෂ්‍ය අරගල, ඝනීභවනය වූ අධ්‍යාපනයට එරෙහිව එංගලන්තයේ විශ්ව විද්‍යාල පද්ධතියෙන් මතු වූ ශිෂ්‍ය නැඟී සිටීම් මෙන්ම යුද්ධයට එරෙහිව හා පුළුල් ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිපත්තීන් වෙනුවෙන් අමෙරිකාවේත් මතු වූ හඬ සමස්ත ලෝකයේම ජනතා ව්‍යාපාර සමඟ බද්ධ වූ එකක් විය.
සම්ප්‍රදාය විරෝධි දෙමළ නාට්‍යකරුවෝ ප්‍රොසීනියම් වේදිකාව මත පදනම කරගත් නාට්‍ය නිර්මාණය කිරීම වෙනුවට සෑම තැනකම පෙන්විය හැකි පරිදි වීදි නාට්‍ය නිර්මාණය කිරීමට උනන්දු වූහ. එහෙත් මෙම බොහෝ නාට්‍යවල ආයු කාලය කෙටි එකක් වීම අවාසනාවකි. ඒ අතර සංකේතාත්මක නාට්‍ය සඳහා අවශ්‍යතාවක් හා පිළිගැනීමක් ද නිර්මාණය විය.
ලෝක නාට්‍ය අත්දැකීම් අවශෝෂණය කරගෙන පැරැණි දෙමළ නාට්‍යය සම්ප්‍රදායන් සජීවීව බද්ධ කරගෙන ලාංකික දෙමළ නාට්‍ය බිහි කළ නාට්‍යකරු ලෙස ඒ. තාසීසියස්ට තැනක් හිමිවේ. ඔහු නිෂ්පාදනය කළ කන්දන් කරුණෛයි, පුදියදොරු වීඩු (අලුත් නිවස), කෝඩෛ (ග්‍රීෂ්මය), කාලම් සිකරදු (කාලය රතු වෙයි) යන නාට්‍ය එයට උදාහරණය. 'පුදියදොරු විඩු' නාට්‍ය සාර්ථකවිමට එය රචනා කළ මහා කවි (1927 - 1971) කවියාගේ කුසලතාව පමණක් නොව තාසීසියස්ගේ අධ්‍යක්ෂණය ද බලපෑවේය.
ස්වභාවික නර්තනයට අනුකුල වන දේ ගායනා කෙරෙන ගීත මෙම නාට්‍යයට ජීවයක් ලබා දුන්නේය. එලෙසින්ම මුරුගයියන්ගේ ගීතවලින් සමන්විත වලිප්පු (අවදිය / 1976) නාට්‍යයේ අධ්‍යක්ෂවරයා කම්කරු නැඟිටීමක් දැක්වීමට නර්තනය යොදා ගත්තේය. ඒ පිළිබද ආර්. මුරුගයියන් මෙසේ පවසයි.
'60 දශකයේ අග භාගයේදී හා 70 දශකයේදී කොළඹ, යාපනය වැනි ප්‍රධාන නගරවල අත්හදාබැලීම් ලෙස දෙමළ නාට්‍යකරුවන් පර්යේෂණයන්හි නිරතව සිටියදී මෙරට සිංහල වේදිකා නාට්‍ය කලාවට ශීඝ්‍ර උන්නතියකට ළඟා වී සිටියේය.
සිංහල හා දෙමළ නාට්‍යකරුවන් ඉදිරිපත් කළ නාට්‍ය රටක දේශපාලන, ආර්ථික,සමාජීය හේතු කලාවට කෙරෙන බලපෑම දක්වන ප්‍රබල නිදර්ශකයකි. පරිවර්තන හා අනුවර්තනවලින් කිසියම් ආලෝකයක් ලබා ගත හැකි වුවත් ඒවා දිගුකාලීනව නාට්‍යයේ ගමන් මඟ තීරණය කිරීමට දායකත්වයක් ලබා නොදෙයි.
මේ බව දෙමළ නාට්‍යකරුවන්ට ආර්. ආර්. සමරකෝන්, සයිමන් නවගත්තේගම, පරාක්‍රම නිරිඇල්ල, ධම්ම ජාගොඩ වැනි දේශීය සිංහල නාට්‍යකරුවන්ගේ සාර්ථක ස්වතන්ත්‍ර නිර්මාණවලින් ලබා ගත හැකි ආදර්ශයකි.
පරිවර්තනය -
එස්. සිවගුරුනාදන් හා චන්දන ජයවීර
Awalokanaya

Theater Players Drama Class
Nishu Gunarathne

දික්තල කාලගෝල නාට්‍ය ඇසුරින්..* කාලගෝල කතා වස්තුවට පදනම් වූයේ පන්සිය පනස් ජාතකයෙහි, උම්මග්ග ජාතකයයි.* නාට්‍ය රචනා කරන ලද...
14/09/2024

දික්තල කාලගෝල නාට්‍ය ඇසුරින්..

* කාලගෝල කතා වස්තුවට පදනම් වූයේ පන්සිය පනස් ජාතකයෙහි, උම්මග්ග ජාතකයයි.

* නාට්‍ය රචනා කරන ලද්දේ කලාගුරු චාල්ස් සිල්වා ගුණසිංහ ශූරීන් විසිනි.

* නාට්‍ය නිශ්පාදනය
* අධ්‍යක්ෂණය
* සංගීත අධ්‍යක්ෂණය සිදුකරන ලද්දේ පුණ්‍යසේන ගුණසිංහයන් විසිනි.

* නාට්‍ය පළමු වරට "1975 ජනවාරි 26" වන දින ලුම්බිණි රඟහලේදී රංග ගත කර ඇත.

* දික්තල කාලගෝල නාට්‍ය නාඩගම් නාට්‍ය කලාවට අයත් වේ.

* නාට්‍යට පසුබිම් වූ ජාතක කතාවේ එන බෝසත් චරිතය වන්නේ මහෝෂධ පඩිතුමන් ය.

* මෙය නාට්‍ය ධර්මී රංග ශෛලියට අයත් වේ.

* මෙහි කාලගෝල විසින් අවුරුදු හතක් මෙහෙකොට දික්තලා ව බිරිඳ වශයෙන් හිමි කර ගනී.

• මුල් නිශ්පාදනයේ චරිත සහ නළු නිලියන් (1975)
- කාලගෝල - උදේනි චන්ද්‍රසිරි
- දික්තලා - චන්ද්‍රානි පතිරණ
- දික්පිටියා - චාලි ජයවර්ධන
- මහෝෂධ - විජය නන්දසිරි

• වර්තමාන නිශ්පාදනයේ චරිත සහ නළු නිලියන්
- කාලගෝල - ඉන්දික ජයසිංහ
- දික්තලා - තුෂාරි ගුණරත්න
- දික්පිටියා - චමින්ද මැදගෙදර
- මහෝෂධ - උපාලි බන්ඩාර
- බහුබූතයා - ලහිරු ගුණසිංහ / සමන් ගුණසිංහ

* නාට්‍ය අවසන් වන්නේ මංගලම් සින්දුවෙනි.

* පොතේගුරු පැමිණීම
* බහු බූතයාගේ පැමිණීම
* ගායක කණ්ඩායමේ දායකත්වය
මෙම නාට්‍යයේ ඇති නාඩගම් සම්ප්‍රදායේ ලක්ෂණ වේ.

* අංගරචනය,
ආලෝකකරණය,
රංග වස්ත්‍රාභරණ,
සංගීතය මෙහි භාවිත වූ ආනුශංගික කලාවන් වේ.

* මෙම නාට්‍යයේ බහුබූත කෝලම දැකිය හැක.

* නාට්‍යයේ ගැටුම් අවස්ථා ලෙස,

• දික්තලා සහ කාලගෝල ගම අතහැර යන විට දක්තලා විසින් කාලගෝලට සිය අකමැත්ත ප්‍රකාශ කරන අවස්ථාව.

• ගඟෙන් එතෙර වීමේ දී දික්පිටියා විසින් කාලගෝල රවටා දික්තලාව රැගෙන යන අවස්තාව.

* සමස්තයක් ලෙස ගත් කල ස්ත්‍රී පුරුෂයන් අතර ඇති නොගැලපීම සහ එකිනෙකා කෙරෙහි බැඳීමක් නොමැති වීම අසාර්ථක විවාහයකට හේතු වන ආකාරය, එයට අදාළ පාත්‍රයන් යථාර්ථය වටහා ගැනීම මගින් විසදුමක් කරා ළගා වීම මෙම නාට්‍යයේ තේමාව වේ.

නාට්‍ය ගීත

ඇන්නෑවේ මේ මල කෝලං
පාරේ යන්නට බෑ මුන්දෑ සමඟින්//
ඇන්නෑවේ මේ මල කෝලං
පාරේ යන්නට බෑ මුන්දෑ සමඟින්//

මව්පියො නිදහස් වෙන්ට සිතා බැඳ
දුන්නේය මා මේ අඟුටුමිටියාට//
මව්පියො නිදහස් වෙන්ට සිතා බැඳ
දුන්නේය මා මේ අඟුටුමිටියාට//

අගුටුමිටියා වට මං සුන්දරියේ
නැද්ද හැඩරුව මං ඇයි සුන්දරියේ
නැද්ද හැඩරුව මං//
කාලා බීලා සැපසේ ඉඳ කල් ඇර//
එව්වා මෙව්වා කිව්වේ කවු‍රු‍ද නුඹට//

ඇන්නෑවේ..//..............................................................

ඒයි හිටපල්ලා හිටපල්ලා නොගෝහින්//
මට බැරිය ඉතින් බලා ඉන්න
ගඟට පනිමි අම්මෝ
මම ගඟට පනිමි අම්මෝ..
ඒයි හිටපල්ලා..//

ගඟට බැහැපුවොත් කිඹුලා කාවී//
කිඹුල කතත් මං මැරෙතත්
ගඟට පනිමි අම්මෝ
මම ගඟට පනිමි අම්මෝ..
ඒයි හිටපල්ලා..//
ඔහෙ යන පන මෙහෙ පලයන් අම්මෝ

දුෂ්ඨය ///
ගඟ ගැඹුරුය බොරු දොඩමින
පිය මගෙ තෙර ලඳ මගෙ සොරකම් කරගෙන
යන්නෙ කිමද දැන්
කරගෙන යන්නෙ කිමද දැන්

වියරුද///
අගුටුමිටිය මෙලඳ මගෙය
කඩමි ඉලය දැන් මෙතනම//
ඔහෙ යන පන මෙහෙ පලයන් අම්මෝ..............................................................

ආල බැන්ද මාගෙ රම්‍යවන්
ආල බැන්ද මාගෙ රම්‍යවන්..ආ..ආ..ආ
ආල බැන්ද මාගෙ රම්‍යවන්
මේ සුනිමල මගෙ දිත්තල​
මේ සුනිමල මගෙ දිත්තල​
ආල බැන්ද මාගෙ රම්‍යවන්..ආ..ආ..ආ
ආල බැන්ද මාගෙ රම්‍යවන්
අවුරුදූ සතක් දුකීන මෙහෙවර කර මෙමා
අවුරුදූ සතක් දුකීන මෙහෙවර කර මෙමා
ගත් ළඳුන් මගේ..ඇගෙ රූපෙ බොහොඅගේ
ගත් ළඳුන් මගේ..ඇගෙ රූපෙ බොහොඅගේ
ආල බැන්ද මාගෙ රම්‍යවන්..ආ..ආ..ආ
ආල බැන්ද මාගෙ රම්‍යවන්
යන්නට ගමට මෙදීන​-මවුපියන් දකින ලෙසීන​
යන්නට ගමට මෙදීන​-මවුපියන් දකින ලෙසීන​
‍තෑගි ලෙසට දැන්-ගෙන යාමි රසකැවුම්
‍තෑගි ලෙසට දැන්-ගෙන යාමි රසකැවුම්
ආල බැන්ද මාගෙ රම්‍යවන්..ආ..ආ..ආ
ආල බැන්ද මාගෙ රම්‍යවන්
ඇන්නෑවේ මේ...මල කෝ...ලන්
පාරෙ යන්න..ට බෑ මුන්දෑ සමගින්
පාරෙ යන්න..ට බෑ මුන්දෑ සමගින්
ඇන්නෑවේ මේ...මල කෝ...ලන්
පාරෙ යන්න..ට බෑ මුන්දෑ සමගින්
පාරෙ යන්න..ට බෑ මුන්දෑ සමගින්
මවු පියො නිදහස් වෙන්න සිතා බැද​
දුන්නේය මා මේ අගුටු මිටියට
දුන්නේය මා මේ අගුටු මිටිය​ට
මවු පියො නිදහස් වෙන්න සිතා බැද​
දුන්නේය මා මේ අගුටු මිටියට
දුන්නේය මා මේ අගුටු මිටිය​ට
අගුටූ..මිටීයා..වාට මං සුන්ඳරියේ
නැද්ද​..හැඩ රුව මං..ඇයි සුන්ඳරියේ
නැද්ද හැඩ රුව මං
අගුටූ..මිටීයා..වාට මං සුන්ඳරියේ
නැද්ද​..හැඩ රුව මං..ඇයි සුන්ඳරියේ
නැද්ද හැඩ රුව මං
කාලා බීලා සැපසේ හිද කල් හැර​
කාලා බීලා සැපසේ හිද කල් හැර​
එව්වා මෙව්වා කීවේ කවුරුද නුඹට
එව්වා මෙව්වා කීවේ කවුරුද නුඹට
ඇන්නෑවේ මේ...මල කෝ...ලන්
පාරෙ යන්න..ට බෑ මුන්දෑ සමගින්
පාරෙ යන්න..ට බෑ මුන්දෑ සමගින්
ඇන්නෑවේ මේ...මල කෝ...ලන්
පාරෙ යන්න..ට බෑ මුන්දෑ සමගින්

නිශූ ගුණරත්න
Theater Players Drama Class 🎭
ජීවිත වේදිකාවෙන් ඔබ්බට ගිය භූමිකා අවකාශය 🖤
0770318400📱

Nishu Gunarathne

Address

114/4 Maharagama Road, Mawiththara
Piliyandala

Telephone

+94770318400

Website

Alerts

Be the first to know and let us send you an email when Drama with Dilshani posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Establishment

Send a message to Drama with Dilshani:

Share

Category