NPD Nature clicks

NPD Nature clicks Aquascaping/ Palnted tanks/ Fish keeping/plant collector/Youtube content creator(NPD Nature clicks)

21/10/2024

Cockscomb-shaped twighopper, Cladonotus bhaskari sp. n., a new and rare pygmy grasshopper species from Sri Lanka.

12/12/2023

🎶💚සොබාදම් මියැසිය

'සොබාදහම මාතාව දැන ගැනීම යනු ඇයගේ කුඩාම නිර්මාණ වලට පවා ආදරය කිරීමයි".                                  - ටකාෂි අමානෝ මහ...
01/02/2023

'සොබාදහම මාතාව දැන ගැනීම යනු ඇයගේ කුඩාම නිර්මාණ වලට පවා ආදරය කිරීමයි".
- ටකාෂි අමානෝ මහතා -

To know Mother Nature, is to love her smallest creations'.
- Takashi Amano –
05/08/2011 🍀

10/01/2023

Incredible na🌱ure අද්විතීය සොබාදම

#ලේතිත්තයා #සොබාදහම

04/11/2021

"ඉස්සන්, මගුරන්" යන ගීතය සමගින් අපගේ මතකයට එන මගුරා එහෙමත් නැතිනම් (sri lanka walking catfish) මත්ස්‍යාගේ තතු විත්ති සමගින් මෙම මත්ස්‍යා ජිවත් වන ස්වභාවික පරිසරයේදි අපගෙ කැමරා කාචයට හසුකර ගැනිමට හැකි වු දර්ශන පෙලක රෑපකරනය තමයි අද ඔබ වෙතට අරගෙන එන්නේ..

සම්පුර්ණ YouTube වීඩියෝව👇https://youtu.be/7X_jzFi2Ohw

🌿අතීතයයේ නම් මේ මත්ස්‍යයා ලංකාවේ අතු ගංගා, දොල පහරවල් වල බහුලව වාසය කෙරැවත් ලංකාවේ අනිත් මත්ස්‍යයන්ද මුහුන පාන ප්‍රධාන ගැටලු වන වන විනාශය සහ ජල මුලාශ්‍ර දුෂනය වීම ඇතුලු මිනිස් ක්‍රියාකාරකම් නිසා මෙයාගේ පැවැත්ම, ගහනය විශාල ලෙස සීමා වී ඇති බව පැහැදිලිව දක්නට ලැබුන කරැනක්..

මෙම වීඩියෝව මගින් මගුරා පිළිබඳව සවිස්තරාත්මක වාර්තාවක් ඔබ වෙතට ගෙන එනවා..

ඉතින් වීඩියෝව නැරඹීමට ආරාධනය කරන ගමන් සොබාදහම සමග වඩාත් ලෙංගතුව යන අපේ ගමනට එක්වන ලෙස ආරාධනා කරමින්ම බොහොම කරැනාවෙන් ඉල්ලා සිටිනවා චැනල් එකද සබ්ස්ක්‍රයිබ් කරන මෙන්.. එය විශාල දිරිමත් කිරීමක්🙏

ස්තුතියි.! මෙවන් රෑපකරනයන් සමගින් නැවත හමුවෙමු💐

ශ්‍රී ලංකාවට පමනක්ම ආවේනික සුන්දර මත්ස්‍යයෙකු සහ ඒ ආශ්‍රිත පරිසරය ගැන තමයි මේ වීඩියෝව මගින් ඔබ වෙත අරගෙන එන්නේ..YouTube ...
07/10/2021

ශ්‍රී ලංකාවට පමනක්ම ආවේනික සුන්දර මත්ස්‍යයෙකු සහ ඒ ආශ්‍රිත පරිසරය ගැන තමයි මේ වීඩියෝව මගින් ඔබ වෙත අරගෙන එන්නේ..

YouTube වීඩියෝව🔻
https://youtu.be/ag-L-yv314M

🐠ලේ තිත්තයා එහෙමත් නැතිනම් cherry barb යන නමින් හදුන්වන මේ විසිතුරු අලංකාර මාලුවා ලංකාවට ආවේනික වදවීයාමේ තර්ජනයට ලක් වි සිටින අලංකාර මත්ස්‍යයයෙක්..
ස්වභාවයෙන්ම රක්ත වර්ණ මුසු පැහැයකට හිමිකම් කියන මේ මාලුවා මෙරටට ආවේනික මත්ස්‍යයන් අතර සුන්දරත්වය අතින් කැපී පෙනෙන ඉහලම ස්ථානයක සිටින මත්ස්‍යයෙක් ලෙස හැදින්විය හැකියි...

වර්තමානය වන විට මිනිස් ක්‍රියාකාරකම් සහ විවිධ හේතුන් නිසා මේ මත්ස්‍යයන්ගේ ස්වාභාවික වාසස්ථාන විනාශ මුඛයට ඇදවැටෙමින් පැවතීම නිසාම ලංකාව තුලදී පමනක්ම ස්වාභාවිකව හමුවන මේ මත්ස්‍යයා දැඩි ලෙස වදවී යාමේ තර්ජනයට මුහුනපා සිටිනවා..

මෙම වීඩියෝව මගින් ලේ තිත්තයා, තල් කොස්සා ඇතුලුව තවත් මසුන් රැසකගේ සාමුහික ජිවනය, ඔවුන්ගෙ නිතර දැකීමට නොලැබෙන ස්වාභාවික පරිසර තත්ව යටතේ ඔබට දැකගත හැකියි...🌿

ඒ වගේම ඉදිරියේදී වෙන් වෙන් වශයෙන් මෙම මත්ස්‍යයන් දෙපල(ලේ තිත්තයා සහ තල් කොස්සා) පිළිබඳව සවිස්තරාත්මකව වීඩියෝ වාර්තාවන් අරගෙන ඒමටද බලපොරොත්තු වෙනවා...

ඉතින් චැනල් එක සබ්ස්ක්‍රයිබ් කර නැතිනම් සබ්ස්ක්‍රයිබ් කරන මෙන් ඉතාම කරැනාවෙන් ඉල්ලා සිටිනවා. එය විශාල දිරිමත් කිරීමක්🙏

තවද බෙල් අයිකනය සලකුනු කිරීම මගින් සෑම නව වීඩියෝවක් පිළිබඳව ඔබට ඉක්මනින්ම දැනගත හැකියි..

ස්තූතියි!! තවත් මෙවැනිම වීඩියෝවකින් හමුවෙමු.💐

සාමාන්‍යයෙන් අපි එදිනෙදා දකින පරිසරය තුල අපි නොදකින මානයන් ද සැගවී තිබෙන බව ඔබ මොහොතකටවත් සිතුවාද... මේ හරිත වර්ණය මැදින...
24/09/2021

සාමාන්‍යයෙන් අපි එදිනෙදා දකින පරිසරය තුල අපි නොදකින මානයන් ද සැගවී තිබෙන බව ඔබ මොහොතකටවත් සිතුවාද...

මේ හරිත වර්ණය මැදින් ඔබව කැදවා ගෙන යන්නේ එවන් දිය යට ලෝකයක් කරා.
ඉතිං මේ වීඩියෝව හරහාත් ලංකාවේ මසුන්ගේ තවත් පැතිකඩක් ඔබ වෙත රැගෙන එනවා..

YouTube වීඩියෝව 🔻 https://youtu.be/kPd5kprQeis

මත්ස්‍යන්ගේ ස්වාභාවික ජිවන රටා, හැසිරීම්.., ආහාර පුරුදු වගේම ඔවුන්ගේ සෞඛයට හිතකර වන පරිදි මේ ජලජ වාසස්ථාන හැදිල තියෙන්නෙ කොහොමද යන වග ඇතුලු මෙකීනොකී සියලුම දේ ගැන නිවී හැනහිල්ලේ දකිමින් අධ්‍යයනය කරන්නට ඔබට ආරාධනා කරනවා...

ඒවගේම ඔබ හදුනාගන්නා මත්ස්‍යයන් මෙහි වේ නම් වීඩියෝවේ කොමෙන්ටු තිරුවේ එයත් සදහන් කරන මෙන් ඉල්ලා සිටින ගමන් චැනල් එකද සබ්ස්ක්‍රයිබ්(subscribe) කරන මෙන් ඉතාම කාරුණිකව ඉල්ලා සිටිනව..
එය විශාල දිරිමත් කිරීමක්🙏

ස්තූතියි!!!

ලංකාවේ ඉන්න ආවේනික මත්ස්‍යයින් අතරින් එතරම් අවධානයක් යොමු නොවිච්ච එත් අලංකාරයෙන් අඩුවක් නැති යාලුවෙක් ගැන තතු විස්තර සහ ...
05/09/2021

ලංකාවේ ඉන්න ආවේනික මත්ස්‍යයින් අතරින් එතරම් අවධානයක් යොමු නොවිච්ච එත් අලංකාරයෙන් අඩුවක් නැති යාලුවෙක් ගැන තතු විස්තර සහ සමීප දර්ශන තමයි අද වීඩියෝව මගින් අරගෙන එන්නේ...

Video is here 👉https://youtu.be/VGeb5Lw0x6E

🐠දම්කොල/දංකොල පෙතියා එහෙමත් නැත්නම් sri lanka filamented barb කියල තමයි මෙයාව හදුන්වන්නේ.. දැනට ලංකාව පුරාම ජල මුලාශ්‍ර වලින් මෙයාව හමුවුනත් ආවේනික ඒකදේශික මත්ස්‍යයකු වශයෙන් මෙයාලව ආරක්ෂා කිරිම සහ මෙයාලගේ වාසස්ථාන සුරැකීම අප සැමගේ යුතුකමක්.. එවිට අනාගතයටත් මේ තත්වය මෙලෙසම පවතිවී..

🌿ඉදිරියේදි aquacaping, Terrarium, ඇතුළුව ඒ හා සම්බන්ධ සොබාදහමත් එක්ක බැදුනු Video මාලාවක් ගෙන එමට බලාපොරොත්තු වෙනවා..

ඉතින් මේ රෑපකරනය බලන්න ආරාධනා කරන ගමන්ම ඉල්ලා සිටිනවා ඉතාමත් කාරැනිව ඔබෙන්...

🔻Channel එක subscribe කරන්න..එය විශාල දිරිමත් කිරිමක්🙏

ඔයාලගේ අදහස්,යෝජනා චොදනා පහල comments section එකේ ලියන්න..

ඉතින් යලිත් හමුවන තුරු සැමට ජයෙන් ජයම වේවා.. ස්තූතියි 💐

Video👉 https://youtu.be/R3d7DWXc_0Q🔶රන්මුදු ඇල්ලේ පරිසරය සහ එහි ජිවත්වන මත්ස්‍යයින්ගේ සමීප දර්ශන ඔබට මෙම වීඩියෝව තුලින් ...
27/08/2021

Video👉 https://youtu.be/R3d7DWXc_0Q

🔶රන්මුදු ඇල්ලේ පරිසරය සහ එහි ජිවත්වන මත්ස්‍යයින්ගේ සමීප දර්ශන ඔබට මෙම වීඩියෝව තුලින් නැරඹිය හැකිය.. වර්තමානය වන විට මෙම පරිසර පද්ධතිය මිනිස් ක්‍රියාකාරකම් නිසාවෙන් විනාශයට පත් වීමේ අවදානමක පවතින අයුරැ දැකගත හැකි අතර මෙහි යන එන ඔබ අප විසින් මෙවන් වටිනා සොබාදහමේ දායාදයන් රැකගත යුතු කාලය එළඹ ඇති බවද පැවසිය යුතුමය.. ස්තූතියි

🔻Subscribe to Channel and don't forget to click on bell icon to get Notifications.. Chrs!

Video 👉 https://youtu.be/BkTdxQZ4jdQ🔶ලංකාවට ආවේනික  ශ්‍රී ලංකා කදු අහිරාවා(SL banded mountain loch) සහ ඉතා ආක්‍රමණනිකාරී...
02/08/2021

Video 👉 https://youtu.be/BkTdxQZ4jdQ

🔶ලංකාවට ආවේනික ශ්‍රී ලංකා කදු අහිරාවා(SL banded mountain loch) සහ ඉතා ආක්‍රමණනිකාරී හැසිරීම් රටාවකට සහජයෙන්ම උරැමකම් කියන Channa kelaarti(Dwarf snake head) fish (පරඩැල් කනයා) ස්වාභාවික පරිසරයේදි එකම පරිසර තත්ත්වයක් තුල වාසය කරන අයුරැ මෙම වීඩියෝව තුලින් දැක්වේ.

එමෙන්ම කදු අහිරාවා මත්ස්‍යාගේ සහ පරඩැල් කනයා මත්ස්‍යාගේ අලංකාරය සහ ඔවුන් හට ආවේනික හැසිරීම් රටාවන් ස්වාභාවික පරිසර තත්තවය යටතේ ඔබට මෙම වීඩියෝව තුලින් නැරඹිය හැකිය..

🔻Subscribe to Channel and don't forget to click on bell icon to get Notifications..

Address

Padukka

Alerts

Be the first to know and let us send you an email when NPD Nature clicks posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Establishment

Send a message to NPD Nature clicks:

Share