22/05/2024
ඵෙතිහාසික ගෘහ නිර්මාණ ආශ්‍රිත කලා අංග ✍️
👉 මුරගල ✍️
* පූජනීය ස්ථානයකට පිවිසෙන පඩි පෙළ පාමුල සඳකඩ පහණට දෙපසින් දක්නට ලැබේ.
* කොරවක් ගලට ආධාරකයක් ලෙසත්, පියගැට පෙළෙහි සවි ශක්තිය සඳහා යොදා ඇත.
👉 මුරගලේ විකාශය
1. කැටයම් රහිත ගල් පුවරුව
2. පුන්කලස සහිත මුරගල
3. බහිරව රුව සහිත මුරගල
4. නාග රුව සහිත මුරගල
5. නා රජු සහිත මුරගල
ආදි ලෙස නිර්මාණය වූවද එම කැටයම් සියල්ල සංකලනය කරමින් නා රජ රුව සහිත ව ඉතා උසස් කලා ලක්ෂණ සහිත ව නිර්මාණය කර ඇත.
විවිධ අවස්ථාවල කළුගල් , ගඩොල් හා බදාම යන මාධ්‍ය එක් කර නිර්මාණය කර ඇත .
මුරගලේ වම් කෙළවරට වන්නට සත්ව රුවක් නිමවා ඇත. එනම්, සිංහ , ඇත්, ගව, අශ්ව යන සත්ව රූ වේ. එයින් මුරගල මුහුණලා ඇති දිශාව පෙන්නුම් කරන බව කියැවේ.
👉 විවිධ අවධි අනුව නිර්මාණය වූ උසස් මුරගල්
අනුරාධපුර යුගය - රත්නප්‍රාසාදයේ මුරගල
පොළොන්නරු යුගය - පොළොන්නරු වටදාගෙයි මුරගල
👉 කලා ලක්ෂණ
* ත්‍රිභංග ඉරියව් වෙන් යුක්තයි.
* දකුණතින් පුන්කලසක් ද, වමතින් වල්විදුණාවක් ද දක්නට දක්නට ඇත.
* අර්ධ උන්නතව නිමවා ඇත.
යුග අනුව කලා ලක්ෂණ වෙනස් ව පවති.
අනුරාධපුරයේ රත්නප්‍රාසාද මුරගලේ
* මකර මුවින් විහිදුන ලියකම් ද
* එක් බහිරව රුවක් ද දක්නට ලැබෙන අතර
පොළොන්නරුවේ වටදාගෙයි මුරගලේ
* එ වැනි ලියකම් නොමැත.
*දෙපසින් බහිරව රු දෙකක් ද දක්නට ලැබේ.