15/09/2026
🧧හිතක මතක 143🧧
කේසිරි සර් -ආසිරි පතනවා
සුභ උපන් දිනයක් වේවා කියලා
🧿🧿
සුභ පතන්න
ටිකක් හැන්දෑ වුණා පමාවුණා ..
වැඩ ගොඩක් හින්දා
කාලයට ඔරලෝසුවට
ලොකු වටිනාකමක්
දීපු අපේ කේසිරි සර් ..
මගේ ඒ ප්රමාදයට නම් ..
සමාව දෙයි ..කියලා මට හිතුනා
🧿🧿
මගේ 30 වසරකට
ආසන්න ගුරු ජීවිතේ ඇතුලේ
මම ඉගෙනගත්ත
ලස්සනම වටිනාම පාඩම් ටික
ඉගෙන ගත්තේ ..
දශක 5 කට ආසන්න දැවැන්ත
ගුරු භූමිකාවක් හෙබවූ
කේසිරි විතානගේ නම්
අපූරු ගුරුතුමාගෙන්
🧿🧿
Chemistry උගන්වපු එතුමාගෙන්
Physics උගන්වපු මම
සාර්ථකත්වයේ ලස්සනම පාඩම්
පුළුවන් හැම නිමේෂයකදීම
ඉගෙන ගත්තේ
ඒවා හුදෙක් පොතක දැනුමට එහා ගිය
ප්රායෝගිකව අත්හදා බැලු
ජීවිත පාඩම් පෙළක් නිසාවෙන්
🧿🧿
ඒ ගොඩක් දේවල්
මගේ සාර්ථකත්වයේ
මහා දැවැන්ත කුළුණු බවට
මම නොදැනුවත්වම
පසුකාලීනව පත්ව තිබුනා
🧿🧿
කේසිරි සර් කියන්නේ
දරුවන්ට විතරක් නෙමෙයි
ගුරුවරුන්ටත් ගුරුවරයෙක් වූ
දිසාපාමොක් යන උතුම් වචනය
නිර්ලෝභීව එඩිතරව භාවිතා
කල හැකි ...මහා යුග පුරුෂයෙක්
🧿🧿
බොහෝ උපකාරක ගුරුවරුන්ට
වසන්ත කාල ...ගිම්හාන කාල ...වස්සාන කාල
ලෙස විවිධ යුග තිබුනත්
කේසිරි විතානගේ නම් ගුරුවරයාට
හැමදාම වසන්ත කාලයක් තිබුනා
හැමදාමත් දහස් ගණන් දරුවන් එතුමාගේ
පන්තිවල පිරි ඉතිරී ගියා
අඩුවෙන්ම මාර්කටින් කල ගුරුවරුන් අතරේ
මුල්ම තැනක සිටි එතුමා වටා
වැඩියෙන්ම දරුවන් පිරී ඉතිරී ගියා
හේතුව ..ඒ ජීවිතය තුල තිබුණු
වෙලාවට වැඩ කිරීමේ ගුණය
දරුවන් වෙනුවෙන් අසීමිතව කැපවීමේ ජවය
අව්යාජ ලෙස තමන්ගේ වෘත්තීය තුල
කටයුතු කිරීම වැනි කරුණු කාරණා නිසා බව
මට සිතුනා
🧿🧿
එතුමා ගුරු ජීවිතයට ආයුබෝවන් කිව්වේ
පන්තිවල දරුවන් පිරී ඉතිරී ගිය කාලයක
එතුමාගේම තීරණයක් නිසා ...
🧿🧿
සල්ලි වියදම් කරන හැටි
ණය වෙන හැටි
බැංකුවලින් සහ හතර අතින්
ඉගෙන ගත්ත කාලයක
කේසිරි සර්ගෙන්
ඉතිරිකිරීමේ කලාවේ සුන්දරම පාඩම්
අපි ඉගෙන ගත්තා
🧿🧿
පාට පාට ෆයිල් කවර හෑන්ඩ් බිල් වලින්
රටේම උපකාරක ගුරුවරු
ළමයින්ව ආකර්ෂණය කරගන්න
අසීමිතව මහන්සි වෙද්දී
කේසිරි සර් ඉඳ හිට අච්චු ගහපු
ආකර්ශනීය වර්ණ ..කතා මුකුත්ම නැති
හෑන්ඩ් බිලකින් රටේම දරුවන්ගේ
ආකර්ෂණය දිනපු හැටි
අපිට හරි අපුරු
ජීවිත අත්දැකීමක් බවට පත්වුනා
🧿🧿
පාට පාට ඇදුම්
ලස්සන විලාසිතා වලින් සැරසුණු
ක්ෂේත්රයේ ගුරුවරුන්
දරුවන්ට ලංවෙද්දී
චාම් අත්කොට කමිසයකින් සැරසී
ඉනෙන් මදක් උඩට බෙල්ට් එකක් බැඳ
අපේ කාලයේ ලොකු සර්ගේ චරිතේ අරන්
ටියුෂන් පන්තියට ආ කේසිරි සර්
ළමයින්ව
දැහැනකට සම වැද්දුවා
🧿🧿
දරුවන්ගේ වරදේදී
සැර වැර තර්ජන කරන්නට බියවූ
ගුරුවරුන් අතරේ
දෙනෝදාහක් ළමයි
සර්ගේ තියුණු මුවහත් වචන වලින්
වැරැද්ද නිරුවත් වී
භාවනාවකට සම වැදෙමින්
විෂය ඉගෙන ගත්තා
🧿🧿
ඒ නිසාම ...
පරම්පරා ගණනක දරුවන්
එක රිද්මයට
කේසිරි විතානගේ නාමය අභියස
රොද බැන්දා
දරුවන් - දෙමාපියන් වූ පසුව
ඒ අයගේ දරුවන් ද කේ සිරි නාමය අභියස
දණ නැමුවා
🧿🧿
ගුරුවරයකුට ඇති මහා ශක්තිය
මම ඉස්සෙල්ලම දැක්කේ
මම ඉගෙන ගත්ත බෝමිරිය විදුහලේ
එන් එස් පෙරේරා විදුහල්පතිතුමාගෙන්
ඉන් පසුව කේ සිරි විතානගේ නම්
මේ අපුරු ගුරුවරයාගෙන්
🧿🧿
ඉතින් අද දවසේ
සර් මේ සියල්ල දෙස
උපේක්ෂා සහගතව
තෘප්තිමත් ව
ජීවිතය ගෙවනවා ඇති
🧿🧿
නමුත් එදාටත් වඩා
සර්ගේ සේවය ..අද රටට
අවැසි කාලයක් මේ
🧿🧿
අපේ ආදරණීය
ගුරුවරු හැමෝටම සර්ගේ මහා සෙවණ
ආශීර්වාදය අදත් ලැබිය යුතු
කාලයක් මේ
🧿🧿
ඉතින් ඒ සියලු සිතුවිලි එක්ක
සර්ට නිදුක් නිරෝගී චිර ජීවනය පතනවා
සර් ගැන දන්නා හැම ගුරුවරයෙක්ම
සර්ට සුභ උපන් දිනයක් පතන්න
හදවතින්ම එකතුවෙන බව
මම දන්නවා
චිරං ජයතු ආදරණීය සර්