07/11/2025
අද මගේ මුදල් නෝට්ටු එකතුවට එකතු උනා ඉතාම අගනා මුදල් නෝට්ටුවක්. මේක ඉන්දියාවේ රුපියල් 500 නෝට්ටුවක් 🇮🇳💰. මේක මට ලැබුණේ මගේ මිතුරෙකුගෙන්, මෑතක ඉන්දියාවේ වැඩ වගයකට යන්න ඔහුට සිද්ද උනා. ඔහුගෙන් තෑග්ගක් විදිහට තමයි මට මේ මුදල් නෝට්ටුව ලැබුනේ. ඒ නිසා මට මේකේ නිකම්ම නිකං ඉන්දියන් මුදල් නෝට්ටුවක් නෙවෙයි — අපූරු තෑග්ගක් ❤️
මේ නෝට්ටුවේ ඉදිරිපසින් අපට දක්නට ලැබෙන්නෙ මහත්මා ගාන්ධිතුමාගේ රූපය — ඉන්දියාවේ නිදහස් සටනට නායකත්වය දුන්, ලෝකයේම සාමයේ ප්‍රතිරූපය වූ පුද්ගලයෙක් තමයි මහත්මා ගාන්ධිතුමා.
නෝට්ටුවේ විශේෂ ලක්ෂණ කිහිපයක්:
-නිකුත් කළේ – Reserve Bank of India
-අගය – ₹500 (ඉන්දියන් රුපියල් 500)
-භාවිතා කරන ලද භාෂා – ඉංග්‍රීසි සහ හින්දි
-ආරක්ෂා ලක්ෂණ – ජල මුද්‍රාවක්, ආලෝක රේඛා, සහ ගාන්ධිතුමාගේ 3D රූපය
පසුපසින් දැක්වෙන්නෙ ඉන්දියාවේ සංස්කෘතික පාරම්පරාව හා ඉතිහාසය
💡 ලංකාවේ වටිනාකම (අනුමානයෙන්):
එක ඉන්දියන් රුපියලක් අද දිනයේදී(2025/11/7) සමාන වෙන්නෙ රුපියල් 3.8 - 4.2 අතර. එනම් මේ ₹500 නෝට්ටුවේ වටිනාකම ලංකාවේ මුදලින් රු. 1,900 - 2,100 පමණ වෙනව🇱🇰.
නමුත් මට මේකේ වටිනාකම මුදල් වලට එහා ගිය අගයක්, එක මුදල් ඉතිහාසය, මුදල් හා ජන සමාජය වගේම අපේ අල්ලපු රට නිසා විශාල සංස්කෘතියක අරුතක් දෙන මුදල් නෝට්ටුවක්.
මේ වගේ මුදල් නෝට්ටු එකතු කරලා තබාගන්න එක මට විනෝදයක් විතරක් නෙවෙයි, එක එක රටවල නෝට්ටු වලින් ඒ රටේ ඉතිහාසය, සංස්කෘතිය, සහ ඔවුන් ජනසමාජයට එකතුකරලා තියන අගනාකම් දැකීමත් විශ්මය ජනකයි. මුදල් කියන එකට කෙතරම් විශාල ලෝකයක් තියෙනවද කියලා වෙලාවකට කලපනා කරලා බලන්න වටිනවා . 🙏💚