11/08/2026
සමහර සටන් තියෙනවා
අපිට තනියම සටන් කරන්නම වෙන
කතා කරන්න කවුරුත් නැති ,
උර දෙන්න කවුරුත් නැති ,
" හරි යයි " කියන්නවත් කවුරුත් නැති ,
ඒ අමාරුම දවස්
අඬ අඬා හරි ඔයා තනියම ගත්ත තීරණ , කරගත්ත පොඩි පොඩි දේවල්
ඒවට දුක් වෙන්න එපා
ලැජ්ජ වෙන්න එපා
කමක් නෑ
මොකද අන්න ඒ අමාරු දවස් නිසා තමයි ඔයා අද ඔය තරම් ශක්තිමත්
කවුරුත් උදව් නොකරපු නිසා ඔයාට ශක්තිමත් වෙන්න වුණා
කවුරුත් පාර නොපෙන්නපු නිසා ඔයාගෙම පාරක් හදාගන්න වුණා
කවුරුත් අත නොදුන්නු නිසා තනියම නැගිටින්න පුරුදු වුණා
ඒ පාඩම සල්ලිවලට ගන්න බෑ
කෙනෙක්ට උගන්නන්නත් බෑ
ඉතින් ආයෙත් අමාරු දවසක් ආවොත් බය වෙන්න එපා
මතක තියාගන්න
තනියම වැටුණා නම් තනියම නැගිටින්නත් ඔයාට පුළුවන්
කොච්චර රිදුනත් අල්ලගෙනම ඉන්න
මොකද ඔයා අල්ලගෙන ඉන්නේ හෙට දවසෙ කාටවත් පරද්දන්න බැරි ඔයාව
ඔයා ඒක කරන්නම ඕනා
මොකද ඔයා දැනටමත් අමාරුම හරිය දිනලා ඉවරයි
හැමදාමත් වගේ ආදරෙයි ❤️
Miracle Crafts