Book View Productions

  • Home
  • Book View Productions

Book View Productions To Look Good One Must Feel Good..!

ධර්ම දානය සදහා අවශ්‍ය සියලුම පොත් අපෙන් අඩුම මිලට... 🙏Cash on delivery ඇත.ඔබත් අදම ඇණවුම් කරන්න.
14/11/2025

ධර්ම දානය සදහා අවශ්‍ය සියලුම පොත් අපෙන් අඩුම මිලට... 🙏

Cash on delivery ඇත.

ඔබත් අදම ඇණවුම් කරන්න.

ඔයාගේ ආදරණීයන්ට තෑගි දෙන්න වගේම ඔයාටත් කියවන්න හොද පොත් පොළක් ගෙනාවා. 🥰☺️පොත් 5කට වඩා ගන්නවා නම් විශේෂිත වට්ටම් දෙනවා අප...
13/11/2025

ඔයාගේ ආදරණීයන්ට තෑගි දෙන්න වගේම ඔයාටත් කියවන්න හොද පොත් පොළක් ගෙනාවා. 🥰☺️

පොත් 5කට වඩා ගන්නවා නම් විශේෂිත වට්ටම් දෙනවා අපි... 🤗

එකක් ගත්තත් වට්ටම් තියෙනවා 🥰👻

අදම order කරන්න...

👉ඔබත් අනිවාර්යෙන්ම කියවිය යුතුම පොතකිසත්‍යය කතා ඇසුරින් ලියැවුණු පරිවර්තන කෘතියකි.📚කැරොලිනාගේ දිනපොත - අන්ධකාරයේ දරුවාසු...
12/09/2025

👉ඔබත් අනිවාර්යෙන්ම කියවිය යුතුම පොතකි
සත්‍යය කතා ඇසුරින් ලියැවුණු පරිවර්තන කෘතියකි.

📚කැරොලිනාගේ දිනපොත - අන්ධකාරයේ දරුවා
සුනිල් මාධව ප්‍රේමතිලක

📖බඩගින්න මෙතරම්ම හඬකින් විලාප නැංවුයේ කොතැනකද?
🔹සාහිත්‍ය ලෝකය හෙල්ලු මුඩුක්කුවේ ගැහැනිය
🔹බ්‍රසීලයේ ඉතිහාසයේ වැඩියෙන්ම අලෙවි වු පොත
🔹මාස 6 කදී භාෂා 26 කටපරිවර්තනය වු පොත

"ජීවිතයත් හරියටම පොතක් වගෙයි. අවසන් වෙන්නෙ කොහොමද කියලා දැන ගන්නෙ පොත කියවලා ඉවර වුණාට පස්සෙයි. අපේ ජීවිතයේ කෙළවරට පැමිණි පසුවයි.
මේ මොහොත වෙන තෙක්ම මගේ ජීවිතය නම් කළුයි. මගේ හමේ පාට වගේම කළුයි. මම ජීවත් වෙන කුණු ගොඩ වගේම කළුයි. "

"ගමේ ජීවිතයේ මුල් කාලය ඇය කඳු`ඵ සලමින් ගතකළ නමුත් කෙමෙන් ඇය සොබාදහමට ඇලුම්කරන්නට පටන් ගත්තාය. ගහකොළ, කුරුල්ලන්, සිහින් නාද සහ නිහඬතාවය ඇයට ගෙනදුන්නේ ආශ්වාදයකි."

☎ Hotline 075 45 35 125
Whatsapp - 075 731 2731
Main Branch : Maladeniya Rd, Mirigama.

📚කන්‍යාව සහ ජිප්සි මිනිසාපරිවර්තනය - මධුක වික්‍රමාරච්චි👉මෙම කෙටි නවකථාවේ ප්‍රධාන කථානායිකාව වන ඉවට්, සිය පියා සහ මිත්තණි...
12/09/2025

📚කන්‍යාව සහ ජිප්සි මිනිසා
පරිවර්තනය - මධුක වික්‍රමාරච්චි

👉මෙම කෙටි නවකථාවේ ප්‍රධාන කථානායිකාව වන ඉවට්, සිය පියා සහ මිත්තණිය නියෝජනය කරන්නාවූ සාම්ප්‍රදායික සමාජයට එරෙහිවන අතරම ජිප්සි මිනිසා අත්විඳින්නාවූ නිදහසට ආකර්ෂණය වෙයි. ඇය මෙම ගැටුමින් කෙසේ ජයගනිද? සම්ප්‍රදාය ඇය අබිබවා හිස ඔසවයිද? ඇය සම්ප්‍රදායේ කොටු බැමි බිඳ ජිප්සියා වෙත ළං වෙයිද?

බ්‍රිතාන්‍ය ලේඛක ඩී එච් ලෝරන්ස් සිය සමකාලීන සමාජයේ මනෝභාවයන් වෙත හෙලූ නිර්දය විචාරයකි මෙහිදී ලෝරන්ස් සමාජයේ විවිධ ස්ථරයන්හි ජීවත්වන පුද්ගලයන් අතර ඇතිවන සම්බන්ධතා ගවේෂණයෙන් එම සමාජ සබඳතාවන් පිළිබඳ නව පදනමක් ඉදිරිපත් කරයි

☎ Hotline 075 45 35 125
Whatsapp - 075 731 2731
Main Branch : Maladeniya Rd, Mirigama.

ඇඹුල් ඇඹිල්ල (කෙටිකතා සංග්‍රහය)චතුරිකා මද්දුමාගේ☎ Hotline 075 45 35 125Whatsapp - 075 731 2731Main Branch : Maladeniya R...
12/09/2025

ඇඹුල් ඇඹිල්ල (කෙටිකතා සංග්‍රහය)
චතුරිකා මද්දුමාගේ

☎ Hotline 075 45 35 125
Whatsapp - 075 731 2731
Main Branch : Maladeniya Rd, Mirigama.

📚ලොතරැයිය සහ තවත් කෙටිකතාපරිවර්තනය - රශ්මික මණ්ඩාවල🔹කෙටිකතා කියු සැනින් කියවිය යුතු නැති එකක් යැයි පාඨක අදහස වේ.කෙටිකතාව...
12/09/2025

📚ලොතරැයිය සහ තවත් කෙටිකතා
පරිවර්තනය - රශ්මික මණ්ඩාවල

🔹කෙටිකතා කියු සැනින් කියවිය යුතු නැති එකක් යැයි පාඨක අදහස වේ.
කෙටිකතාවකට අපේ ජීවිතයට බලපෑම් කළ හැකිය. කෙටිකතාවකට බොහෝ විට වස්තු විෂය වන කාරණා වන්නේ, මනුෂ්‍යයා මුහුණදෙන සියුම් තත්වයන්ය. ඒ නිසාම කෙටිකතාව අපේ ජීවිතවලට සමීප වෙයි. එතුළින් මෙතෙක් යම් දේවල් දිහා අප දුටු දෘෂ්ටිකෝණයෙන් වෙනස්ව වෙනත් මානයකින් බලන්නට හොඳ කෙටිකතාවක් මඟ පෙන්වයි.

🔹නුතනයේ පවතින සමාජ ගැටළු වර්තමාන සමාජ දේශපාලනයන් ද චිත්ත සන්තානයන් මිනිස් හැගීම්ය. මෙම කෙටිකතා සියල්ලම ඔබ තුළ යම් වෙනසක් ඇති කරනු ඇත.

🔰විශ්ව සාහිත්‍යයේ විශිෂ්ටතම කෙටි කතා ලැයිස්තුවේ නිතැතින්ම ඉහළින් රැඳෙන නාමයක් වන ෂර්ලි ජැක්සන්ගෙ The Lottery නම් මෙම කෙටි කතාව ද තවත් කෙටිකතා කිහිපයකින් ඇතුළත් වී ඇති මෙම කෙටිකතා සංග්‍රහ පොත
කියවා අවසන් කරන ඔබගේ ගෙල දිගේ කොඳු ඇට පෙළ හරහා සියුම් විදුලියක් ගමන් කරන්නේ නම් එහි ඇති සීතල ත්‍රාසය ඔබ හඳුනාගත් බවට සාධකයකි.මෙම කෙටිකතාව අවසානයේ ඔබ ඉතා දැඩි තිගැස්මකට පත්වනු ඇත. එනිසා කියවීමට පෙර නැවත සිතා බලන්න. කියවූ පසු මෙහි දේශපාලනය සහ මිනිස් සබඳතා ගැන සෙමෙන් සිතා බලන්න..

☎ Hotline 075 45 35 125
Whatsapp - 075 731 2731
Main Branch : Maladeniya Rd, Mirigama.

Rashmika Mandawala

✍️ ප්‍රවීණ ලේඛක ලක්ෂ්මන් කොරදොන් මහතා විසින් රචිත කොළඹ පන්සල කෙටිකතා සංග්‍රහය ,කාලීන සමාජයේ සිදුවීම් මනාව ගළපා ඇති වන්නා...
12/09/2025

✍️ ප්‍රවීණ ලේඛක ලක්ෂ්මන් කොරදොන් මහතා විසින් රචිත කොළඹ පන්සල කෙටිකතා සංග්‍රහය ,
කාලීන සමාජයේ සිදුවීම් මනාව ගළපා ඇති වන්නා වූ සිදුවීම් මාලාවක් අවස්ථානූරූපීව රචකයා නිර්මාණය කර ඇත. පින් කළ යුත්තේ සමාජයට පෙනෙන්නට නොවන බවද මනාව පසක් කරමින් මනාව විවරණයක්ද සමගින් අපූරුවට කරමිනි.

📚කොළඹ පන්සල
කෙටිකතා සංග්‍රහය (යන එන ගමන බිමනේ ඇසු දුටු කයි කතන්දර)

"මේ පොතේ ඉතින් සල්ලි තියෙන්නේ රුපියල් අටසියයයි. බැංකු පොතක අඩුම ගණනේ රුපියල් එක්දහස් පන්සීයයකට වැඩිය තැන්පත් කරලා තියෙන්න ඕන. ඒ වැඩිපුර මුදල තමයි ආපසු ගන්න පුලුවන්. ඒ නිසා මේ පොතට සල්ලි දෙන්න බැහැ.”

“එහෙනම් ගන්න බැරි ද නෝනා!” යැයි බැගෑපත් හඬකින් විමසා සිටි හරමානිස් මාමා ආපසු හැරුනේ අනේ දුප්පත් අහිංසක අපිට මොන බැංකු දැයි සිතින් දුක්වෙමිනි."

☎ Hotline 075 45 35 125
Whatsapp - 075 731 2731
Main Branch : Maladeniya Rd, Mirigama.

📚නිව්යෝර්ක් ආදරයපරිවර්තනය - දයා ඩී ෆොන්සේකා"මේ ලෝකයේ කොහේ හරි කෙළවරක...මගේ හුස්ම වැටෙනකන්.. මං ඔයාව අත්හරින්නේ නෑ වගේම, ...
12/09/2025

📚නිව්යෝර්ක් ආදරය
පරිවර්තනය - දයා ඩී ෆොන්සේකා

"මේ ලෝකයේ කොහේ හරි කෙළවරක...මගේ හුස්ම වැටෙනකන්.. මං ඔයාව අත්හරින්නේ නෑ වගේම, මගේ .මගේ හිතේ ඔයා වෙනුවෙන් ඉපදුණු ආදරේ මැරෙන්නෙත් නෑ......"
"ඉතින් ප්‍රේමිය මං කොහොමද, නුඹව අමතක කරන්නේ ?"

☎ Hotline 075 45 35 125
Whatsapp - 075 731 2731
Main Branch : Maladeniya Rd, Mirigama.

📚අනේ! අනේ ! විලියම්පරිවර්තනය - උපාලි රත්නායක🔰'විලියම් කුඩා දරුවෙකි. විලියම්ගේ ගෙදර සහ ඔහු දන්නා හඳුනන හැමදෙනාටම ඔහු නිසා...
12/09/2025

📚අනේ! අනේ ! විලියම්
පරිවර්තනය - උපාලි රත්නායක

🔰'විලියම් කුඩා දරුවෙකි. විලියම්ගේ ගෙදර සහ ඔහු දන්නා හඳුනන හැමදෙනාටම ඔහු නිසා විඳින්නට සිදුවන අපල උපද්‍රව ගැන කියැවෙන අපුරු පොතකි, අනේ !අනේ! විලියම්.'
පාසලට යාමට ඔන්න මෙන්න කියා තිබියදී ඔහුගේ බඩ තදින්ම රිදෙයි. එය අද්භූත ආකාරයට සුව වන්නේ පාසල ඇරඹෙන හෝරාව පැනගිය පසුවය. තමන් අකැමැති මඟුල් ගෙදරක යාමට සිදුවන විට ඔහුට හැදෙන අසනීප ඇදහිය නොහැකි තරම් විස්මයජනකය. මුලින් දරුණු හිසරදයකි. එය සුවවන විටම ඊළඟ විනාඩි පහකදී දරුණුම තාලේ බඩේ කැක්කුමකි. එයද නිවසේ අයගේ මැදිහත්වීම සහ තාත්තාගේ තර්ජනාත්මක බැලීම නිසා සුව වුවහොත් ඊළඟ විනාඩි දෙකකදී ඔහුගේ දකුණු කකුල උලුක් වෙයි. නිවැසියන්ගේ සිනා සහ උපහාසය මැද ඒ උලුක්කුව විනාඩි දෙකකින් සුවපත් වන විට, තවත් විනාඩි පහකින් උලුක්කු වී ඇත්තේ දකුණු කකුල නොව වම් කකුල බව විලියම්ට වහා සිහිපත් වී වේදනාවෙන් මොර දෙයි. විලියම් එවැනි කුඩා ළමයෙකි. ඉතින් එබඳු ළමයකුගේ දඟකාරකම් ගැන කියැවෙන පොතකට නමක් දැමීම පහසු වැඩක් යැයි සිතන කවුරු හරි වේ නම්, මේ පොතට මේ නම හැර වෙනත් නමක් යොදන ලෙස මම කියමි!

☎ Hotline 075 45 35 125
Whatsapp - 075 731 2731
Main Branch : Maladeniya Rd, Mirigama.

Happy Customer 🥰🙏 දෙවෙනි පාරටත් අපෙන් ලොකු පොත් ප්‍රමාණයක් මිලදී ගත් ඔබට ස්තූතිය..! 📚 fans
10/09/2025

Happy Customer 🥰🙏

දෙවෙනි පාරටත් අපෙන් ලොකු පොත් ප්‍රමාණයක් මිලදී ගත් ඔබට ස්තූතිය..! 📚

fans

සුවහසක් ජීවිත සුවපත් කළ රොබින් ෂර්මා විසින් රචිත ජනප්‍රිය ධනාත්මක චින්තන කෘති 📍මේ පොත වැදගත් වන්නේ ඇයි?🔹ගැඹුරු කරුණු වුව...
08/09/2025

සුවහසක් ජීවිත සුවපත් කළ රොබින් ෂර්මා විසින් රචිත ජනප්‍රිය ධනාත්මක චින්තන කෘති

📍මේ පොත වැදගත් වන්නේ ඇයි?

🔹ගැඹුරු කරුණු වුව ද, සරල, සුගම සැහැල්ලු ශෛලයකින් ඉදිරිපත් කර ඇති බවත් එම ඉදිරිපත් කරන කරුණු ප්‍රායෝගිකව භාවිතා කළ හැකි වීම විශේෂත්වයකි.
🔹නායකත්ව සංවර්ධනය පුද්ගල සංවර්ධනය ආදිය ගැන පොත් ගණනාවක් ලියු ලේඛකයෙක් වන අතර එම පොත් රටවල් 60ක භාෂා 70කට පරිවර්තනය වී පිටපත් මිලියන 6ක් අලෙවි වී තිබේ. එමෙන්ම රොබින් ෂර්මා ලොව පුරා ප්‍රකට දේශකයෙකි.
🥰මේ කියවන ඔබ සැමදෙනාම එහි ඇති කරුණු ඔබේ ජීවිතවලටත් අඩු වැඩි වශයෙන් එකතු කර ගැනීම අනිවාර්යයෙන්ම සිදු වන නිසාය.
📚රොබින් ෂර්මා - ඒ අපූරු මග
පරිවර්තනය - උපාලි රත්නායක
"ජීවිතයේ සැබෑ සතුට මෙයයි. දැවැන්ත ඉලක්කයක් ලෙසින් ඔබටම හැඟෙන කිසියම් අරමුණක් උදෙසා කැප වී වෙහෙසීමයි.ලෝකය විසින් ඔබට කිසිම හොඳ දෙයක් ලබා දෙන්නේ නැතැයි කන් කෙඳිරි නොගා සෝමාරියකු අලසයකු නොවී සොබාදහමේ සැබෑ බලවේගයක් බවට පත් වීමයි.මට නම් අවශ්‍යව ඇත්තේ මා මියයන මොහොත වන විට මගේ ජීවිතය මුළුමනින්ම ප්‍රයෝජනයට ගෙන තිබීමටය. මක්නිසාද යත් මා හොඳින්ම ජීවත් වන බව දැනෙන්නේ මා හොඳින්ම වෙහෙසෙන විට බැවිනි. මම ජීවිතය රස විඳිමි. මට අනුව නම් ජීවිතය යනු දැවී යන ඉටිපන්දම් කොටයකි. ජීවිතය යනු මේ මොහොතේ දී මා අතෙහි ඇති දීප්තිමත් විලක්කුවකි. එය අනාගත පරම්පරාව සඳහා භාර දීමට පෙර හැකි තාක් ආලෝකය උපදවන සේ බැබළවීම මගේ වුවමනාවය.
-ජෝර්ජ් බර්නාඩ් ෂෝ-
📚 ජීවිතයට පාඩම් සියයක්
පරිවර්තනය - උපාලි රත්නායක
'රොබින් ෂර්මාගේ පොත් ලොවපුරා ජනයාට උසස් දිවිපෙවෙතක් ගතකිරීමට මහත් උපකාරයක් වේ.' පාවුලෝ කොයියෝ-
👉මුල් කෘතිය පිටපත් මිලියන 6කට වැඩි අලෙවි වාර්තා තබා ඇත.
ලොකු කුඩා සැමට කියවිය හැකි මේ පොත කියවා බලා ඔබත් වෙනස් වී ලෝකය දෙස වඩාත් සුබවාදීව යහපත් සිතින් බලන්න
"ජීවිතයේ ඛේදවාචකය යනු මරණය නොවේ. සැබෑ ඛේදවාචකය නම් අප ජීවත් වෙමින් සිටියදීම අප අභ්‍යන්තරයේ ඇති දේවලට මිය යාමට ඉඩ දී සිටීමය.
අප මිය යන්නේ කවදාදැයි අප නොදන්නා හෙයින් ජීවිතය යනු අවසන් නොවී පවතින්නක් ලෙස සිතීමට අපි පෙලඹී සිටිමු. එහෙත් සෑම දෙයක්ම සිදු වන්නේ නිශ්චිත කාල ප්‍රමාණයක් පමණි. සැබැවින්ම ඒ ප්‍රමාණය ඉතා කුඩාය. ඔබේ ළමා වියේ සැඳෑ කාලයන් කීයක් ඔබට මතකද ? ඒ සමහර සැඳෑවන් කෙතරම් ගැඹුරු ලෙස ඔබේ ආත්මයේ සටහන් වී ඇත්ද යත්,
ඒවායින් තොරව ඔබට ඔබේ ජීවිතය ගැනවත් සිතිය නොහැකි තරම්ය. මෙබඳු වාර කීයක් ඔබේ ජීවිතයේ තිබේද? සමහර විට හතරක් හෝ පහක් විය හැකිය. ඇතැම් විට ඒ ප්‍රමාණයවත් නැති විය හැකිය. තව කොපමණ වාර ගණනක් ඔබට පුර හඳ නැඟෙන අන්දම දැකිය හැකිද? ඇතැම් විට විසි වාරයක් එසේ තිබියදීත් සියල්ල සදාකාලික යැයි ඔබ සිතයි....."

☎ Hotline 075 45 35 125
Whatsapp - 075 731 2731
Main Branch : Maladeniya Rd, Mirigama.

කඳුළ නිම විය. 🙏පුෂ්ප කුමාර මහානාමඅද සමාජය දෙස විමසුම් ඇසින් බලන කළ අපට පෙනීයන්නේඅතීතයේ අප සමාජය තුළ පැවති සාරධර්ම, සමාජ ...
07/09/2025

කඳුළ නිම විය. 🙏

පුෂ්ප කුමාර මහානාම
අද සමාජය දෙස විමසුම් ඇසින් බලන කළ අපට පෙනීයන්නේ
අතීතයේ අප සමාජය තුළ පැවති සාරධර්ම, සමාජ සංස්කෘතිය,
ආගම ධර්මය මෙන් ම මිනිසත්කම යටපත් කරගෙන රුපියල් ශත
මුල් තැනට පැමිණ ඇති ආකාරය යි. ඒ අනුව අද සමාජය තුළ
ජීවත් වන සෑම සියලු දෙනාගේම අරමුණ වී ඇත්තේ තමා සතු මුදල්
ප්‍රමාණය වැඩි කරගැනීම යි. මෙම අරමුණ ඉටු කර ගැනීමට දරනු
ලබන උත්සාහයේ දී සමාජය තුළ පවත්නා ගුණධර්ම අබිබවා නීති
විරෝධී ක්‍රියාකාරකම් ඉස්මතු වීම වැළැක්විය නොහැක. නමුත් මෙම
නීති විරෝධී ක්‍රියාදාමයේ අවසානය බොහෝ දුරට ඛේදවාචකයක්
විය හැකි බව බොහෝ දෙනෙක් නොසිතති.

☎ Hotline - 075 45 35 125
Whatsapp - 075 731 2731
Main Branch : Maladeniya Rd, Mirigama.

Address

Maladeniya

11200

Opening Hours

Monday 08:00 - 19:00
Tuesday 08:00 - 19:00
Wednesday 08:00 - 19:00
Thursday 08:00 - 19:00
Friday 08:00 - 13:00
Saturday 08:00 - 19:00
Sunday 08:00 - 17:00

Website

Alerts

Be the first to know and let us send you an email when Book View Productions posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Establishment

Send a message to Book View Productions:

  • Want your establishment to be the top-listed Arts & Entertainment?

Share