13/11/2025
--------------------------------------
තේමාව: පිරිමියෙක්ට මල් ලැබෙන්නෙ එකපාරයිලු
--------------------------------------
පිරිමියෙක්ට මල් ලැබෙන්නෙ ජීවිතෙ එක පාරයි
ලැබුණත් ඒ තමගෙම මළගම දා එදාටයි
ගැහැණුන් අප ජීවිත පිරවූයේ හරි අතලොස්සයි
මල් දුන්නත් දුන් පලවෙනි වෙන්නේ එකපාරයි
-
අතලොස්සෙන් කෙනෙකි ඇය මට ආදරෙ දුන්න
සකුරාවකි මා ආදරයෙන් ඇයවත් උපමා කරන
මට ලැබෙනා පලවෙනි මලේ හිමිකාරිය ඈ වන්න
ලියන්නම් ඔබ වෙනුවෙන් හැමදාමත් කවි මෙන්න