21/08/2026
දිනක් එක් පුද්ගලයෙක් නන්දා මාලිනී මහත්මිය ගැන මෙහෙම කියලා තිබුණා…
“අපි ප්‍රසංගයක් කරන්න යනවා නම් මාසයකට කලින්ම campaign එක පටන් ගන්නවා. Costume ගණනාවක් බලනවා. හොඳම sound system එකක්, ලස්සන lighting setup එකක්… මේ හැමදේම හරියට කළාම තමයි අපේ ප්‍රසංගයේ seats ටික පිරෙන්නේ.
හැබැයි ඇය…
සුදු සාරියක් ඇඳලා, කොණ්ඩය සරලව ගොතලා, කිසිම විශාල ප්‍රචාරණයක් නැතුව වේදිකාවට එනවා.
Campaign නෑ.
විශාල costumes නෑ.
අධික සැරසිලි නෑ.
ඒත් ඇය ගයන දවසට එක ආසනයක්වත් හිස් වෙන්නේ නෑ…”
ඒ ඇයගේ හඬට තිබුණු බලයයි.
අද බොහෝ දෙනා ගීතයක් අහන්නේ තාලයට, වාදනයට, රිද්මයට වෙන්න පුළුවන්.
නමුත් නන්දා මාලිනී ගායනා කළේ ජීවිතය ගැනයි. මිනිසා ගැනයි. සමාජය ගැනයි. සැබෑ ලෝකය ගැනයි.
ඇයගේ ගීතවල තිබුණේ විනෝදය පමණක් නොවෙයි.
හිතන්න දෙයක් තිබුණා.
දැනෙන්න දෙයක් තිබුණා.
ජීවිතය වෙනස් විදිහකට දකින්න දෙයක් තිබුණා.
සම්මානවලින් මනින්න බැරි කලාකරුවන් මේ ලෝකයේ ඉන්නවා.
නන්දා මාලිනී කියන්නේ ඒ වගේ නමක්.
අද ඔබතුමිය අපෙන් සමුගෙන ගියත්,
ඒ හඬ මිනිසුන් අතරින් කිසිදා නිහඬ නොවනු ඇත.
ඔබතුමිය ගැයූ ගීත සමඟ, ඔබ කියූ ජීවිත කතා සමඟ, පරම්පරා ගණනාවක මතක තුළ ඔබ සදා ජීවත් වනු ඇත.
සුබ ගමන්, හෙළයේ අමරණීය හඬ…
විශාරද ආචාර්ය නන්දා මාලිනී. 🤍🙏
#නන්දාමාලිනී