Her life trail by onasi

Her life trail by onasi ''Echoes of my heart-Every memory has a voice''

-onasi-

25/06/2026

සදේ 🌝

゚viralシ

19/06/2026

ආදරේ ✍💋

゚viralシ

තවදුරටත් කාගෙවත් පෙම්වතියක් වීමට හෝ කෙනෙක්ව අයිති කර ගැනීමට මට ලොකු අවශ්‍යතාවයක් දැනෙන්නෙ නැහැ.... ආදරේ කියල කියන්නේ විව...
13/02/2026

තවදුරටත් කාගෙවත් පෙම්වතියක් වීමට හෝ කෙනෙක්ව අයිති කර ගැනීමට මට ලොකු අවශ්‍යතාවයක් දැනෙන්නෙ නැහැ....

ආදරේ කියල කියන්නේ විවාහ වෙලා අයිතිකර ගැනීම කියලා මට වෙනදා වගේ දැනෙන්නෙ නැහැ....

තවත් කෙනෙක්ගෙන් පණිවිඩයක් එනකල් මම මගේ ඇස් වෙනදා වගේ මහන්සි කරන්නේ නැහැ...

මාත් එක්ක එක මිනිත්තු පහක් හරි කතා කරන්න, මගේ දවස ගැන අහන්න කෙනෙක් නෑ කියලා හිත හිතා තවදුරටත් දුක් වෙන්නෙ නැහැ...

මට දැන් හැමදේටම වඩා මගේ නිදහස වටිනවා...

මං හැමදේටම වඩා මගේ මානසික සුවය ගැන හිතනවා...

අයිති කර ගැනීම පසෙකලා හිතට දැනුණු මිනිස්සු වෙනුවෙන් දුරින් හෝ හිඳ එයාලා වෙනුවෙන් උදව් කරනවා...

දැඩි අල්ලා ගැනීමක් නැතුව මගේ ජීවිතය ගෙවනවා....

කවදා හෝ දවසක තනිවන බව දැනගෙන මං මේ ගමන යනවා...

පුළුවන් විදියට හැමෝටම ලස්සන මතකයක් විදියට මං මාව ඉතුරු කරනවා....

ඉතිං ,

මේ විදිය මට නිදහස්....🤍

-Gumiho's Diary-

09/12/2025

මිනිසුනේ!
අහස දවසක් දා අකුණු ගගහා වහින්න පටන් ගත්තා,
පොළොව පවා උත්සහ දැරුවෙම අන්තිම වතුර බින්දුවත් පොළොවම දරාන ඉන්න,
ඒත් අහසත් පොළොවත් තරගෙදි,පොළොවට දරන්නම බැරි තැන ගංගා උතුරා දෙගොඩ තලා යන්න ගත්තා,
පුංචි පුංචි අතු ගංගා පවා මුහුදක් වගේ ගම් දනව් සිසාරා ගලා ගෙන ගියේ සුනාමිය මේ රටේ මුහුදු සීමාව අල්ලගත්තටත් වඩා වේගයකින්,
කිසි දින ගං වතුරක් නාය යෑමක් අත්නොවිදි මිනිසුන් පවා හුස්ම වැටෙන වේගයටත් වඩා වේගයෙන් මිහිදන් විය,
අවසන් මොහොතත් නොදැනම,
පස් කදු අතර මිය ගිය මිනිසුන්ගේ අදෝනාවත් පස් අතරම මිහිදන් විය,
වසර ගණනක් හරි හම්බ කල දේපල පස් කදු බවට පත් වී,
ඇදි වත පමණක්ම මිනිසුන්ට ඉතිරි කලේය,
වසර ගණනක් කැපකිරිම් කරමින් එකතු කල සහතිකපත් විනාශ වී ගියේය,
හුදෙක් මිනිසුන් යනු ,
සොබාවදහමේ නිර්මාණයැක්ම බැව් ලෝකයට පසක් කලේය,

අවසන මෙසේ සටහන් කරමි,

"අචින්ති තම්පි භවති-චින්ති තම්පි විනස්සති"
කිසිදා නොසිතන ලද දේ සිදුවේ-සිතන දේ සිදු නොවේ

ඔනාසි 🍁
12/9/2025

රිවර්ස්ටන් ගිය දිනෙක මතක එකතු කර සෑදුවෙමි,

Address

RIVERSTON
Matale
21000

Website

Alerts

Be the first to know and let us send you an email when Her life trail by onasi posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Establishment

Send a message to Her life trail by onasi:

Shortcuts

Share