Bimali Abeywickrama

Bimali Abeywickrama ''Echoes of my heart-Every memory has a voice''

-onasi-

09/12/2025

මිනිසුනේ!
අහස දවසක් දා අකුණු ගගහා වහින්න පටන් ගත්තා,
පොළොව පවා උත්සහ දැරුවෙම අන්තිම වතුර බින්දුවත් පොළොවම දරාන ඉන්න,
ඒත් අහසත් පොළොවත් තරගෙදි,පොළොවට දරන්නම බැරි තැන ගංගා උතුරා දෙගොඩ තලා යන්න ගත්තා,
පුංචි පුංචි අතු ගංගා පවා මුහුදක් වගේ ගම් දනව් සිසාරා ගලා ගෙන ගියේ සුනාමිය මේ රටේ මුහුදු සීමාව අල්ලගත්තටත් වඩා වේගයකින්,
කිසි දින ගං වතුරක් නාය යෑමක් අත්නොවිදි මිනිසුන් පවා හුස්ම වැටෙන වේගයටත් වඩා වේගයෙන් මිහිදන් විය,
අවසන් මොහොතත් නොදැනම,
පස් කදු අතර මිය ගිය මිනිසුන්ගේ අදෝනාවත් පස් අතරම මිහිදන් විය,
වසර ගණනක් හරි හම්බ කල දේපල පස් කදු බවට පත් වී,
ඇදි වත පමණක්ම මිනිසුන්ට ඉතිරි කලේය,
වසර ගණනක් කැපකිරිම් කරමින් එකතු කල සහතිකපත් විනාශ වී ගියේය,
හුදෙක් මිනිසුන් යනු ,
සොබාවදහමේ නිර්මාණයැක්ම බැව් ලෝකයට පසක් කලේය,

අවසන මෙසේ සටහන් කරමි,

"අචින්ති තම්පි භවති-චින්ති තම්පි විනස්සති"
කිසිදා නොසිතන ලද දේ සිදුවේ-සිතන දේ සිදු නොවේ

ඔනාසි 🍁
12/9/2025

රිවර්ස්ටන් ගිය දිනෙක මතක එකතු කර සෑදුවෙමි,

23/11/2025

වැවක් වාන් දාලා තිබ්බා,දවස් ගානක මහා වැස්ස,අක්කර ගානක් යට වෙලා,මනුස්සයන්ගේ හීනත් එක්කලම , එත් එක බලාපොරොත්තුවක් විතරක් පණ ගැහෙනවා!
සුන් බුන් අතර බලාපොරොත්තුව විතරක් පන ගැහෙනවා ඇහුණා,ඒත් ඒ බලාපොරොත්තුවට පන දෙන්න තිබ්බනම්,
සමහරක් බලාපොරොත්තු වැස්සෙම ගහන් යනවා සහෝදරයා,සමහරක් ඒවා සාගතේට අහුවෙනවා,තවත් ඒවා පස් අස්සේ හැංගෙනවා,කොහොම උනත් මිනිස්සු එක්කලම බලාපොරොත්තු මැරිලා යනවා කියලයි මං හිතන්නේ!ඔයා මොකද කියන්නේ?????

ඔනාසි 🎙️🍁🍂

14/11/2025

මං හිතන්නේ අපි ඉවසනවා වැඩියි!

දරුණු ලෙස පිහි ඇණුම් සහිතව සිතක් රෝහල්ගත කෙරුණි,එහි රෝග සටහනේ බොහො පිලිස්සුනු තැන් මෙන්ම තැලි පොඩිව ගිය තැන්ද ඉරි ගිය තැන්ද ,සටහන්ව තිඹුණි,මේ හිත ගොඩ ගන්න පුලුවන් වෙයිද?
දිනෙක දෙකක ශල්‍යකර්මයන් කිහිපයකට පසුව මාස ගනන් ගොස් තුවාල සනීප වුවද,හිත රෝගිව මිය ගියේය 🥹🥹



ඔනාසි 🍁

02/10/2025

"පුපුරලා කුඩුපට්ටම් වෙලා ගියපු හිරෝෂිමාවෙත් සකුරා මල් පිපුණා"

-මුද්දරස්පලම් කෘතියෙන්-

මම
ඔනාසි 💟🪬🌻

゚viralシfypシ゚

02/08/2025

අහස යායට නිල් පාටට පේන්න තිබුණා , මීදුම එක පාරම කොළ පාට යායම වහගෙන කදු පන්ති අතර ආදරය විතරක්ම මිමිණුවා...ලී වලිං හදපු පුංචි දුම දාන ගෙයක සීතල හවස් වරුවක ඇල්කොහොල් මද වශයෙන් තැවරුණු වයින් බෝතලයක මූඩියක් හිමීට ඇරුණා. ඉතින් මේ ජිවිතයේ සාදමය දිනයක් ඔහුගේ උපන්දිනය ...

ජිවිතයේ ලස්සන දවස් වල අපි අපේ ජිවිතේ ගැන කතා කලා....ඔව් ඒ හැම වචනයකම එකම හැගීමක් පමණක්ම තැවරිලා තිබ්බා..ඒ ආදරය .......ඉතින් ආදරණීය පිරිමි ළමයෝ ඔයාට සුභ උපන්දිනයක්...මේ ආදරණීය ජිවන ගමනේ අපි ලස්සන හෙටක් දකිවි .....ඉඩෝරයේ වියැලුණු පත් වසන්තයේ දළු දාවි එදාටත් අපි අද හිටියා වගේම හිනා වෙලා ඉමු...

ඔනාසි 🍁

🌻🍁

24/05/2025

සුවෙන් නිදන්න මාලනියේ!!!!!!

゚viralシ ゚viralシfypシ゚viralシalシ

24/05/2025

මේක මගේ රතු රෝස මල් ආදර කතාව 🥀
උණුසුම් වූ ආදරණීය ආත්මයක කතාව...
මට මේ මල හම්බෙච්චි මලක් අහම්බෙන් හිතුනා මේ මල් වේලලා මට වැඩිපුරම ජිවිතේ ආදරය කරන උණුසුම්ම ආත්මයට දෙන්න ඔනි කියලා....

ආදරය අහම්බයක් ආදරය සැමරීම අහම්බයක් ....
හාදු තැවරුණු ආදරණීය ආත්මයක් තමන් වෙනුවෙන් ඉන්නවා කියන එක අහම්බයක්.ඔයාලත් අහලා බලන්න ...



Yesha Fernando වචන යේශා ෆර්නැන්ඩෝ ලියපු පේපර්මින්ට් කෘතියෙන්!

10/05/2025

කව් ලියන්නට හැක නමුත් එළිසමය නුඹ නොමැතිව ගලපන්නට නොහැක,
ඉතින් බොහෝ කවි වල එලිසමය නුඹ නිසා උගත් බැව් ලියා තබමි!

මම
ඔනාසි 🌻

#තාත්තා

10/05/2025

කටුක අසීරු මාවත් පවා මට පහසුවක් කල ගැහැණිය!

එක දවසක් මට මතකයි අද වගේ ,අම්මට චූටි නංගිව හම්බෙන්න හිටියා මට සමස්ථ ලංකා නිවේදන තරගයක් , අම්මගේ අතේ පිච්චියක් හෝ නොමැතිව තිබියදී ඈ සතු අවසන් වස්තුව උනේ ඇගේ මගුල් මුදුව එයත් උකස් කොට මට සාරිය අරන් දීලා ඒ තරගයට යැව්වා!

ඉතින් ඇය වෙත මෙසේ ලියමි,සින්නක්කරවම මා වෙනුවෙන් ප්‍රේමයම ප්‍රාර්ථනා කල ආත්මිය සෑබැදිය ඔබයි,මා සසරෙත් නුඹට ණය ගැති බව පමණක්ම කියමි!

මම
ඔනාසි 🌻

#අම්මා

10/03/2025

🥀🤎📝

Bimali Abeywickrama

10/03/2025

පොතකින් පිටුවක් ඉරා ගතිමි,දන්නා පරිදි කියවූයෙමි!ඉතින් අහන්න මේ පේපර් මින්ට් .අධි මාත්‍රිකව ඩොර්පමින් ගන්නවුන්ට🫶🏿

මම
ඔනාසි📝
Bimali Abeywickrama
Bimali Abeywickrama

ඔල්වරසනක් ඇසුණි ,ඔව් ඒ ජයග්‍රහණයකි,ඇය ගැහැණියකි,මොකටද ඔල්වරසන් ,"ඔකී හිටපු හැටි දන්නේ අපිනේ,එකී ගිය උඩක්,ඔකුන් කන්නවත් න...
08/03/2025

ඔල්වරසනක් ඇසුණි ,
ඔව් ඒ ජයග්‍රහණයකි,
ඇය ගැහැණියකි,
මොකටද ඔල්වරසන් ,

"ඔකී හිටපු හැටි දන්නේ අපිනේ,
එකී ගිය උඩක්,
ඔකුන් කන්නවත් නැතුව ඉදපු උන්,
ඕකී මොනවද අමුතු රස්සාවක්ලුනේ කරන්නේ,
පිස්සුද බන් උන්ට අප්පුඩි ගහන්න,
මෙන්න මෙහෙ වරෙන් යන්න,
(තිරය පිටුපස)
අපේ උන්ට තමා බැරි ,
බලපන් අරුන්ට හැමෝම අප්පුඩි ගහනවා,
ඉරිසියාවේ බෑ,
උබලත් නැගිටලා ,
උන් වගේ වෙන්න මහන්සි වෙයල්ලා,
උන්ගේ උජාරු බලන් ඉන්න බැරි තැන මං ආවා,"

ඔව් මම කාන්ති ,
මමත් ගැහැණියක්............

Onasi📝

Bimali Abeywickrama

Address

RIVERSTON
Matale
21000

Website

Alerts

Be the first to know and let us send you an email when Bimali Abeywickrama posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Establishment

Send a message to Bimali Abeywickrama:

Share