Theatre Works Production

Theatre Works Production අපේ විෂය කියවගන්න

09/08/2026

ජීවිතය තේරුම් ගන්න කෝච්චියක් උනත් ඇති

Full Video: https://youtu.be/U4iOwjYh7iw

The Train Ride from Chennai to Gorakhpur

Happy Journey!

#ඇවිදිනරස්තියාදුකාරයා

TESTING PROJECT 02 — 07 FALL HIKE ✅ COMPLETEDEvery summit begins with a single step, but every great expedition is built...
04/08/2026

TESTING PROJECT 02 — 07 FALL HIKE ✅ COMPLETED

Every summit begins with a single step, but every great expedition is built through relentless preparation.

Testing Project 02 – 07 Fall Hike is now complete. This was more than a hike—it was a test of endurance, teamwork, navigation, resilience, and the mindset required for the greatest challenge ahead.

Every kilometer walked and every waterfall crossed brings us one step closer to our dream:

The Longest Walk — Cape Town to Magadan.

This is only the beginning. The mission continues.

ගිටාරයක ලේ තැවරුණු තත් සහ ඝාතකයෙකුගේ අවසානය----------------චිලී රාජ්‍යයේ ලොස් ලාගොස් හි දකුණුදිග අහස සැමවිටම අඳුරුය, සීත...
29/07/2026

ගිටාරයක ලේ තැවරුණු තත් සහ ඝාතකයෙකුගේ අවසානය
----------------

චිලී රාජ්‍යයේ ලොස් ලාගොස් හි දකුණුදිග අහස සැමවිටම අඳුරුය, සීතලය. විශේෂයෙන්ම, පූයේහුවේ ගම්මානයේ ඈත කෙළවරක පිහිටි ඒ නිහඬ ගොවිපළ වටා රාත්‍රිය උදාවන්නේ මරණීය නිශ්ශබ්දතාවයක්ද රැගෙනය. චිලී රහස් පොලිසියේ (PDI) විශේෂ කණ්ඩායමට මේ ශීතල අඳුරු නිශ්ශබ්දතාවය හුරුපුරුදුය. ඔවුහු වසර තුනක් තිස්සේ, සෙවනැල්ලක් මෙන් එක් මිනිසෙකු පසුපස ලුහුබඳිමින් සිටියහ. තෙත් බිම මත, වැසි කබා තුළට වී, මදුරුවන්ගේ ගීත අසමින්, ඔවුන් ගෙවා දැමූ නිදි නැති රාත්‍රීන් ගණන නිමාවක් නැත.

"නාකි මිනීමරුවෙක් අල්ලන්න අපිට මෙහෙම ලැගගෙන ඉන්න වෙයි කියලා කවුද හිතුවේ?"

එක් තරුණ නිලධාරියෙක් අනෙකාට රහසින් කොඳුරා, සීතලට ගැහෙමින් සිනාසුණේය.

ඉතිහාසයේ ලස්සනම පලිගැනීම එයයි! වයස අවුරුදු අසූවක් වූ ඒ මහලු මිනිසා, එදා තරුණ හමුදා කර්නල්වරයෙකුව සිටියදී තැබූ තීරණාත්මක පියවරවල් මෙදින ඔහුව ලෝකයෙන්ම හැංගුණු මීයෙකු බවට පත් කර තිබුණි....එම ගොවිපළේ කාමරයක් ඇතුළත, 'නෙල්සන් හාසේ මැසෙයි' දෑස් පියාගෙන සිටියේ නැත. නිදි නැති රාත්‍රීන් ඔහුට අලුත් දේවල් නොවේ. වසර 50 ක් පුරා නිදැල්ලේ සිටියද, 2023 වසරේදී ශ්‍රේෂ්ඨාධිකරණය තමාට වසර 25 ක සිරදඬුවමක් නියම කළ දින සිට ඔහුගේ ලෝකය මේ කුඩා කාමරයට සීමා විය. ඈතින් ඇසෙන සුළඟේ හඬ පවා ඔහුට ඇසුණේ තමා සොයා එන පොලිස් සපත්තු අඩිවල හඬ ලෙසය. ලෝකයෙන් සැඟවිය හැකි වුවද, තමන් කළ අපරාධයේ හෘද සාක්ෂියෙන් සැඟවිය නොහැකි බව මේ අවසන් මහලු ඝාතකයා හොඳින්ම දැන සිටියේය.

උදාවෙමින් තිබුණේ නෙල්සන් හාසේ මැසෙයි ගේ සැඟවූණු ජීවිතයේ අවසාන හෝරාවය. මීදුමෙන් වැසුණු ගොවිපළ වටා රහස් පොලිස් නිලධාරීන් වට විය. ඔවුන්ගේ දෑත්වල තිබුණේ වික්ටර් හාරා නඩුව භාර විනිසුරු පාලෝවා ප්ලාසා මහත්මිය අත්සන් කළ වරෙන්තුවයි. තත්පර කිහිපයක නිශ්ශබ්දතාවයකට පසු කන් බිහිරි කරවන හඬකින් නිවසේ ප්‍රධාන දොර බිඳ වැටුණි. පොලිස් නිලධාරීන් කාමරය තුළට කඩා වදින විට, අසූ හැවිරිදි මහලු 'නෙල්සන් හාසේ' ගැහෙමින් සිටියේය. වසර පනහකට පෙර අසරණයන් ඉදිරියේ තුවක්කුවක් අතැතිව සිටි ඒ මහා බලවන්තයා, නීතිය ඉදිරියේ බෙලහීන මහල්ලෙකු පමණි.

“උඹේ දඩයම ඉවරයි, නෙල්සන් හාසේ! වරෙන් අපි එක්ක යන්න!“ නිලධාරියෙක් පැවසීය.

වික්ටර් හාරා ගේ අවසන් ඝාතකයාද එලෙස නීතියේ රැහැනට හසු වූයේ පසුගිය ජූලි 25 වැනිදා මධ්‍යම රාත්‍රියේදීය.

සැල්වදෝර් අයන්ඩේගේ බිඳ වැටීම සිදුවූයේ මෙම මහලු ඝාතකයා අල්ලා ගත් දිනට, වසර 53 කට පෙරය. එනම් 1973 සැප්තැම්බර් 11 වැනිදාය. ඒ චිලී රාජ්‍යයේ සමාජවාදී ආණ්ඩුවේ ඉරණම වෙනස් වූ දිනයයි. එදින, ලොව ප්‍රථම වරට ප්‍රජාතන්ත්‍රවාදීව මැතිවරණයකින් පත් වූ සමාජවාදී ජනාධිපති 'සැල්වදෝර් අයන්ඩේ' ගේ රජය, ජෙනරාල් 'ඔගස්ටෝ පිනොචේ'ගේ හමුදා කුමන්ත්‍රණයකින් බලයෙන් පහ කෙරුණි. ජනාධිපති මන්දිරයට බෝම්බ හෙලන විට, අයන්ඩේ සිය අවසාන ගුවන්විදුලි කතාවෙන් රට වැසියන්ට පැවසුවේ, "මා ඉතිහාසයට මුහුණ දීමට සූදානම්. ජනතාවගේ හෘද සාක්ෂිය කිසිදා විනාශ කළ නොහැක" යනුවෙනි. ඉන්පසු ඔහු මියගියේය. රට පුරා හමුදා භීෂණය පැතිර ගියේය. වාමාංශිකයන්, කම්කරුවන් සහ කලාකරුවන් දහස් ගණනින් අත්අඩංගුවට ගෙන සන්තියාගෝ ක්‍රීඩාංගනය වෙත ගාල් කරන ලදී.

පිනෝචෙට්ගේ ඒකාධිපති පාලනය යටතේ මිනිසුන් 20,000 කට වැඩි පිරිසක් මරා දැමුණි. අතුරුදහන් කරනු ලැබුණි. දශක ගණනාවක් පුරා ඒ අඳුරු සත්‍යය යටපත් කර තබන්නට ඔවුන් උත්සාහ කළහ. නමුත් ඉතිහාසය, කෙතරම් මන්දගාමී වුවද, කිසිදා අමතක නොවන යුක්තියක් පෙරළා එමින් තිබුණේය!

ගෙවුණු කාලයේ පිනෝචෙට්ලාගේ ආණ්ඩු සුනුවිසුනු වී ගියා පමණක් නොව, වික්ටර් හාරා ඇතුලු දහස් සංඛ්‍යාත වාමාංශිකයන් ගේ ඝාතන වලට වගකිවයුතු හමුදා නිලධාරීන්ට අධිකරණය හමුවට පමුණුවා සිරදඬුවම් ලබා දුන්හ. ඒ අතරේ වික්ටර් හාරා ඝාතනයට වගකිවයුතු හමුදා නිලධාරීන්ට වසර 25 ක සිරදඬුවම් හිමි විය. එදා පිනෝචෙට් ගේ දෙවන අණ දෙන නිලධාරියාව සිටි ජෙනරාල් එර්නාන් චාකොන් සියදිවි හානිකර ගත්තේය. රාවුල් ජොෆ්රේ, එඩ්වින් බියන්චි, අර්නස්ටෝ වුල්ෆ්, ජුවාන් හාරා, අර්නස්ටෝ බෙත්කේ සහ හර්නාන් කැචොන් යන ඉහල හමුදා නිලධාරීන් දැනටමත් සිටින්නේ සිරගෙදරය...
අසූ හැවිරිදි මෙම මහලු 'නෙල්සන් හාසේ' යනු පලා ගොස් සැඟව සිටි අවසන් ඝාතකයාය.

“ගිටාරය අවියක් වන්නේත්, එය වෙඩි උණ්ඩයක් වන්නේත්, එය වාදනය කරන්නා විප්ලවවාදියෙකු වන්නේ නම් පමණි“

වික්ටර් හාරා නිතරම පැවසූ මේ වදන් වැල, සන්තියාගෝ නුවර වීදි පුරා දෝංකාර දුන්නේ අනාවැකියක් මෙනි. ඔහුට සංගීතය යනු හුදෙක් ශාලාවල සිටින හිස් මිනිසුන් පිනවීමට කරන සෙල්ලමක් නොවීය. ඔහු විශ්වාස කළේ සැබෑ සාහිත්‍යය සහ කලාව උපදින්නේ පීඩිත ජනතාවගේ දහඩිය සහ කඳුළු කිරි ගැසෙන කුඹුරුවල සහ අඳුරු පතල් තුල බවයි. ඔහු චිලී දේශයේ සාම්ප්‍රදායික ජන සංගීතයට නව පණක් දෙමින් 'නුවෙවා කැන්සියොන්' ව්‍යාපාරය ආරම්භ කළේ ඒ නිසාය. ඔහු සිය ලී ගිටාරය සුසර කරන විට, ඉන් පිටවූයේ ප්‍රේමයේ මල් වැසි පමණක් නොවේ....

ඉන් පිටවූයේ වසර ගණනාවක් තිස්සේ පාලකයන් විසින් පාගා දමා තිබූ මිනිසුන්ගේ සාධාරණ කෝපයයි. ඔහු කිසිදාක මැදිරි තුළට වී විප්ලවය ගැන ගීත ලිව්වේ නැත. ඔහු පතල් කම්කරුවන් සමඟ එකට වාඩි වී බත් පත බෙදාගත්තේය. ගොවියන් සමඟ වැසි දියෙන් තෙමුණේය. ජනාධිපති 'සැල්වදෝර් අයන්ඩේ' ගේ සමාජවාදී රජය බලයට පත් කිරීම සඳහා වික්ටර් කළ කැපවීම හමුදා නිලධාරීන්ට මහා හිසරදයක් විය. තුවක්කු ගත් හමුදාවකට මිනිසුන් බිය වන බව පිනොචේ සහ නෙල්සන් හාසේ වැනි කර්නල්වරු දැන සිටියහ. නමුත්, ගිටාරයක් ගත් වික්ටර් හාරා ඉදිරියේ මිනිසුන් බිය පසෙක ලා, එකිනෙකාගේ අත් අල්ලගෙන අපි ජයගන්නෙමු! යන විමුක්ති ගීතය ගයද්දී හමුදාව සැබවින්ම බිය විය. 'Venceremos' ස්පාඤ්ඤ භාෂාවෙන් අපි ජයගන්නෙමු යන අර්ථයයි. තුවක්කුවකට මරා දැමිය හැක්කේ එක මිනිසෙකු පමණි. නමුත් වික්ටර් හාරා ගේ එක ගීතයකට මිනිසුන් ලක්ෂ ගණනක් එකම අරමුණක් කරා ගෙන යන්නට හැකි විය.

1973 සැප්තැම්බර් 11 වැනිදා සොල්දාදුවන්ගේ ග්‍රහණයට හසු වීමෙන් පසු, ඔවුහු වික්ටර් හාරාගේ ලේ වැගිරෙන මුහුණට කෙළ ගසමින් සමච්චල් කළහ. නමුත් ඔවුන් නොදැන සිටි එකම දෙය නම්, වික්ටර් හාරා යනු තවදුරටත් මස් ලේවලින් සැදුණු මිනිසෙකු පමණක් නොවන බවයි. ඔහු චිලී දේශයේ පොදු මිනිසාගේ හෘද සාක්ෂිය බවට පත්ව සාරාංශ ගත වී තිබුණි. ඔහු තම කැඩුණු, වෙව්ලන දෑත් අහසට ඔසවා, තම අවසන් හුස්මෙන් සන්තියාගෝ ක්‍රීඩාංගනය දෙදරුම් කන සේ අවදි කළේය.

කැඩුණු දෑතින් ගැයූ අවසාන ගීතය සන්තියාගෝ ක්‍රීඩාංගනයේ අඳුරු බිම් මහලේදී වධකයින් ඔහුගේ ඇඟිලි එකින් එක තළා පොඩි කර දැමුවේ ඒ මහා බිය නිසාමය.

"දැන් ගයපන් වික්ටර්... දැන් උඹේ විප්ලවීය ගිටාරය වාදනය කරපන්!"

ඔහු නිදහසේ ගීතය ගායනා කළේය. කෝපයට පත් ඝාතකයෝ ඔහුගේ සිරුරට වෙත වෙඩි උණ්ඩ මුදා හරිමින් ඔහුව නිහඬ කළහ. 1973 සැප්තැම්බර් 16 අලුයම, මෙට්‍රොපොලිටන් සුසාන භූමිය අසල වෙඩි පහරවල් 44 කින් හිස් කර දැමූ, අත්පා බිඳ දැමූ වික්ටර් හාරාගේ සහ බන්ධනාගාර අධ්‍යක්ෂ ලිට්‍රේ ක්විරෝගාගේ සිරුරු වැටී තිබී හමුවිය.

ඔවුන් වික්ටර් හාරාගේ ශරීරය මරා දැමූ නමුත්, ඔහුගේ ගීතය මැරීමට ඔවුන්ට නොහැකි විය. වසර 53 ක් ගත වුවද, වික්ටර් හාරාගේ ගීත අදටත් ලෝකය පුරා නිදහස පතන මිනිසුන්ගේ මුවග රැඳී පවතී. චිලියේ ඈත ගම්මානයක සීතල ගොවිපළක 'නෙල්සන් හාසේ' ගේ දොර කඩාගෙන රහස් පොලිසිය ඇතුළු වූ ඒ මොහොතේ, මුළු ලෝකයටම වැටහුණේ එකම සත්‍යයකි.... ඝාතකයාගේ වෙඩි උණ්ඩය නිහඬ වී ගොස් ඇත. නමුත්, වික්ටර් හාරාගේ ගිටාරයෙන් පිටවූ ඒ විප්ලවීය වෙඩි උණ්ඩය අදටත් ලෝකය පුරා අසාධාරණයට එරෙහිව නැගෙන මිනිසුන්ගේ පපුව මැද නොනැවතී පත්තු වෙමින් පවතී.

යුක්තිය ප්‍රමාද විය හැක, නමුත් එය වැළැක්විය නොහැක!

- ගාමිණී මුතුකුමාරණ

24/07/2026

කෝච්චියක් කියන්නේ ලෝකයක්. අපේ ජීවිත වල අර්ථ තේරුම් ගන්න පුළුවන් රේල් පීලි දෙකක් උඩ දුවන ජීවිත දහස් ගාණක්

The Train Ride from Chennai to Gorakhpur
Full Video: https://youtu.be/N2uI389UraU

#ඇවිදිනරස්තියාදුකාරයා

15/07/2026

වේදිකාව, රූපවාහිනිය, සිනමාව යන මාධ්‍ය තුන තුළම තම ප්‍රතිභාව පෙන් වූ ඔහු නමින් ජැක්සන් ඇන්තනීය. මේ ඔහුත් සමග ඔහුගේ ඉතිහාසය සහ වර්තමානය බෙදා ගැනීමකි.

Full Video: https://youtu.be/CJmycxmgqHE

He is Jackson Anthony, who demonstrated his brilliant talent across all three mediums: stage, television, and cinema. This is a sharing of his history and present with him.

மேடை, தொலைக்காட்சி, சினிமா ஆகிய மூன்று ஊடகங்களிலும் தனது சிறந்த திறமையை வெளிப்படுத்தியவர் தான் ஜேக்சன் அந்தனி. இது அவரோடு இணைந்து அவரது கடந்த காலத்தையும் நிகழ்காலத்தையும் பகிர்ந்துகொள்ளும் ஒரு தருணமாகும்.

04/07/2026

ළමා පත්තරයක් තුළට වී
ස්පර්ශක බිඳී තිබුණු
සමනලයෙක් බලා සිටී
උට රෝස මලට යන පාර සොයා දෙන තුරු මා

තුඩවල් මාරු කරනා පැන්සලේ තුඩ තියා
පාරෙන් ඇතුල් පැත්තේ
මිනිරන් රේඛාවක් ඇඳලා
හමා එන මල් පුසුඹ ඔස්සේ
උට රෝස මලට යන පාර සොයාදිය යුතුය මා
වහ වහා

මුද්‍රණාලයේදී
මුද්‍රණය වන අතරවාරයේදී විය හැකිය
උගේ ස්පර්ශක යුගල බිඳුණේ

ඇතැම්විට
පත්තර මිටි බඳිද්දීද විය හැකිය
උගේ ස්පර්ශක යුගල බිඳුණේ

ටවුමේදී
මා විසින් පත්තරය දෙකට නවා
බෑගය තුළට දමාගත් මොහොතේදී විය නොහැකිද
උගේ ස්පර්ශක යුගල බිඳුණේ

මා මෙසේ කල්පනා කරමින් සිටින අතර
වෙහෙසට පත් සමනලයා
පත්තර පිටුව හැරදා
වෙනත් ළමයෙක් කරා
පියාඹා ගොස් තිබිණි

රෝස මලට යන පාරේ දැන් සිටින්නේ මා පමණි ...!

රුවන් බන්දුජීව....♥️

දිනය ජුලි 13වෙලාව පස්වරු 6.00 ස්ථානය BMICH කමත එන්න!
04/07/2026

දිනය ජුලි 13
වෙලාව පස්වරු 6.00
ස්ථානය BMICH කමත
එන්න!

Address

No:31, Elhena Road
Maharagama

Alerts

Be the first to know and let us send you an email when Theatre Works Production posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Establishment

Send a message to Theatre Works Production:

Shortcuts

Share