05/08/2026
#රිදෙනාතරම්බැදෙමි
එදා හෝටලයෙන් පස්සේ සාමකාමී කාලය ගෙවිලා ගියේ අපේ හිත්වල වුණු තුවාල හොඳ වෙලා කැලැලුම් විතරක් ඉතුරු වෙද්දී... ඒ කැලැල් අතීතයේ මතක පාඩම් විදිහටම තියන් අපිට හිනාවෙන්න පටන් ගත්තා...
මේ ටිකේම කන්වෙන්ට් එකේ ළමයි එක්කම ගෙවුණේ මට චුට්ටක් විතර ගෙදර මඟහැරෙද්දී වුණත්, මගේ වටේ ඉන්න මිනිස්සු ඒක තේරුම් අරන් වෙනදාට වඩා හයියට මට උදව් කළා. ඉතින් ඒ උදව් එක්කම කන්වෙන්ට් එකේ අවුරුදු උත්සවයත් ඊයේ ඉවර වුණේ ළමයි හැමෝම සතුටු වෙද්දී... අද ඉඳන් මගේ නිවාඩු දවස්. මහන්සියටත් එක්ක මට නින්ද ගිහින් නැගිට්ටේ දැන් ටිකකට කලින්...
ජීවිතේ ගෙවෙන, ගෙවුණු හැම දවසක්ම එක වගේ නොවී දුක, සතුට එක්ක යනකොට උදා නොවූණු දවස්වලට හයියෙන් මුහුණ දෙන්න පුළුවන් විදිහට අපේ ජීවිත හැඩගැහෙනවා...
ඉනෝකා නැන්දාට කියලා හදාගත්ත තේ එක බොන ගමන් සෙරප්පු දෙකත් ගලවලා තණකොළ උඩ ඇවිද්දේ ඒක හරි සනීප ෆීලින්ග් එකක් හින්දා... මං ආසම මගේ වටේ තියෙන ස්වභාවදහමේ දේවල් විඳින්න... මලක් කඩලා අතට අරන් සුවඳ බලනවාට වඩා ගහක තියෙද්දී ලස්සනයි. මාළු පැටව් ගෙදර ඇති කරනවාට වඩා ඇළක දොළක ඉද්දී තියෙන ලස්සන, උදේ පායන ඉරේ පළමු එළිය, හවසට එක එක පාටින් බැහැලා යන ඉර... හැමදේම එක වෙලාවක ආශ්චර්යයක්...
"නැන්දේ, මං අද දවල්ට උයන්නම්..."
තේ බීපු කෝප්පය හෝදන ගමන් ඉනෝකා නැන්දාට කිව්වේ එයා දවල්ට උයන්න ලෑස්ති වෙනකොට මාත් වේද්ව බලන්න ඔෆිස් එකට ගියොත් හොඳයි කියලා හිතුණ නිසා...
තවම නවය පහු වුණා විතරක් නිසා කොළ මිටියක් අරන් එකින් එක තෝරද්දී අම්මාව මතක් වුණේ...
"සුදු මැණිකේ... මේක තෝරලා දෙන්න..."
"මට බෑ, අයියාට කියන්න..."
"අනේ දෙක දීලා කියා දෙන නැන්දම්මා කෙනෙක් හම්බ වුණොත් තේරෙයි... ගෙදර මෙලෝ වැඩක් බෑ, සේරම අර අහිංසකයා පිට දාලා ගහක් ගලක් උඩ නටන්න විතරයි දන්නේ..."
හිනාවක් එක්කම කඳුළු පිරුණේ... ඉස්සර අම්මා මොන වැඩක් කිව්වත් අයියාට පටවලා නිදහස් වුණු හැටි මතක් වෙද්දී, ජීවිතේ ඒ කාලේ කොච්චර නම් සැහැල්ලුද...
"මොකෝ මැණිකේ හිනාවෙන්නේ තනියම? අපිටත් කිව්වා නම් තිබ්බා ඕන් දෙන්නටම හිනාවෙන්න..."
පොල් ගාන ගමන් මගේ දිහා බලන් අහද්දී ඉනෝකා නැන්දාට අම්මා කියපු කතාව කිව්වේ එයත් හිනාවෙද්දී...
"අනේ අප්පේ සුදු මැණිකේට ඉතින්... දැන් කියලත් වෙනසක් නෑ නොවැ..."
එක අතකට දැන් කියලත් මගේ වෙනස් වුණේ මොනවාද... සමහර විට මං ආදරේ කරන මනුස්සයා මගේ ඇතුලතින් ඉන්න පොඩි එකාව නොමරා ජීවත් කරවන නිසා වෙන්න ඇති...
"ඉනෝකා නැන්දා අවුරුද්දට ගෙදර යනවද?"
"යන්න කියලා මැණිකේ... තව ටික දවසයිනේ, නංගිගේ පොඩි එවුන් එක්ක ඉන්න ඕනේ..."
"ඉනෝකා නැන්දාට දරුවෝ නැද්ද?"
"මං බැන්ඳා වුණාට ලස්සන ජීවිතයක් තිබ්බේ නෑ මැණිකේ... එකා ගෑනු පෙරේතයා... හදාගන්න කරපු දෙයක් නැති තරම්, ඒත් මගේ කරුමෙට මට දරු සම්පතක් ආවේ නෑ... ඒක ප්‍රයෝජනයට අරන් මං වඳයි කියලා යන්න ගියා..."
"ඉතින් ඉනෝකා නැන්දාට තිබ්බේ ආයේ බඳින්නනේ..."
"එහෙම කොහොමද මැණිකේ? පපුව පළලා එක මිනිහෙක්ට ආදරේ කරලා, ඒ මිනිහා වෙනුවෙන් ජීවිතේ කැප කරලා හති වැටිලා නතර වුණාම තව මිනිහෙක් එක්ක යන්න හයියක් කෝ... මේ ජීවිතේ හොඳයි. අනික මං තැනැන් වැටුණ දාක නංගිගේ දරුවෝ, මේ ගෙදර දරුවෝ නොබලා ඉන්නේ නෑ මැණිකේ..."
ඉනෝකා නැන්දා එහෙම කියලා උරහිසෙන් ඇස් අගට ආපු කඳුළු පිස දැම්මේ තාම මතක් කරද්දී කඳුළු එන්න තරම් කොච්චර ආදරේ කරලාද කියලා තේරුණ නිසා. ඒ කොහොම වුණත් දවසක එයාට අපි හැමෝම බලනවා, මේ ගෙදර වැඩ කළාට එයත් අපේම කොටසක්...
කතාවෙන් කතාව සුදු බත් හදලා, මුකුණුවැන්න මැලවුම, පරිප්පු එක්ක බෝරෙට හදපු මස් හොද්දයි, රතු අල මාළුවයි එක්ක පපඩම්, මිරිස් කරල් බැදලා සරල මෙනූ එකක් හැදුවේ එයා ආස වෙයි කියලා...
සේරම ඉවර නිසා ඉනෝකා නැන්දාට බත් හතරක් බඳින්න කියලා මං උඩට ආවේ ඇඳුමක් ඇඳන් ලෑස්ති වෙන්නම් කියලා...
මැණික් කටුව ගාවටම දිග ලොකු අත් තියෙන රෝස පාට දිග ගවුමක් ඇඳලා, කොණ්ඩේ කඩලා දාලා, නෝමල් අඩි උස දෙකක් දැම්මා... මේ ගවුම අයියා මට ගෙනත් දීපු එකක්... ඒක ලස්සනයි, එයායි වේද්යි මට තෝරලා ගේන ගවුම් මාරම ලස්සනයි...
පොඩි කාලේ ඉඳන්ම කලිසන්වලට වඩා ගවුම් ඇන්දේ ඒක අපේ අයියාගේ ආසාව නිසා... එයාට තේරෙන කාලේ ඉඳන් අම්මා එක්ක ඇඳුම් ගන්න ගියත් මට ගවුම් තෝරලා ගෙනැල්ලා අන්දලා හැඩ බලන එක පුරුද්දක්. ඉතින් ඇඳුම ඇඳලා ෆොටෝ එකක් ගහලා යැව්වේ එයාගේ සතුටට...
සයිඩ් බෑග් එකත් අරන් පහළට එද්දී ඉනෝකා නැන්දා කෑම හතර මේසේ උඩට ගෙනැත් තියලා. ඒකත් අරන් මහසේන අංකල් එක්ක කාර් එකේ එළියට ආවේ අයියලා සේරම දාලා හදලා තියෙන WhatsApp group එකට අනුහස් අයියාට හරි ශාන් අයියාට හරි ගේට් එක ගාවට එන්න කියලා මැසේජ් එකක් දාලා...
එයාලගේ වැඩත් එක්ක ගෙදරින් කනවා ගොඩක් අඩු නිසා මං පුළුවන් හැම වෙලාවෙම කෑම හදලා ගෙනිහින් දෙනවා..
"ආ... ශාන් අයියාටත් දෙන්න, හොඳේ..."
අපි හොස්පිටල් එක ගාවට එද්දී අනුහස් අයියා විතරක් එළියට ඇවිත් හිටියේ ශාන් අයියා වැඩ නිසා වෙන්න ඇති...
"හරි පරිස්සමට, සුදු මැණිකේ..."
වීදුරුවෙන් අත දාලා ඔළුව අතගාන ගමන් එහෙම කියලා ගියේ වැඩ වැඩි කියලා...
"මැඩම්, මාත් එන්නද?"
"එපා අංකල්, මං යන්නම්..."
මහසේන අංකල් අහද්දී එපා කිව්ව නිසා මාව ඔෆිස් එක ගාවින් දාද්දී, මං සයිඩ් බෑග් එක බෙල්ලේ එල්ලන්, බත් මුල් දෙක දාපු බෑග් එක අතකින් එල්ලන්, ගවුම අනෙක් අතින් අල්ලන් ඇතුළට ගියේ පෑගිලා වැටෙයි කියලා බයට... මං ගවුම් ඇන්දට දිග ගවුම් මට හරියන්නේ නැත...
"ආ.. මේ ඉන්නේ මැඩම්ලා දෙන්නා, දැන් නම් දකිනකොටත් ඔළුව පාත් වෙනවා..."
මුලින් මං මෙහෙ ආපු දාම වලි දාපු ජෝඩුව දැන් ඉන්න හැටි දැකලා මටම හිනා...
"ඉනෝකා කෑල්ල බත් කියලා ගල්වත් දාලා දුන්නද යකෝ, මෙච්චර බර..."
තනියම කියවන මාව දැක්කම මිනිස්සු පිස්සු කියලා හිතනවා ඇති... අනේ නූර්වී, වැදගත් විදිහට ඉන්න බලපන් යකෝ... මොන වැදගත්ද, මේ යන්නෙත් වට්ටි අම්මා වගේ...
"සුදු මැණිකේ..."
ආ, මහී පුතාගේ හඬ කොයි දිශාවෙන්ද සවන් වැටෙන්නේ... ආ, මේ ඉන්නේ...
"වදේ..."
"කොහෙද හලෝ විමලා වගේ යන්නේ?"
"බොරලුව හොයන්න..."
"උඹ එක්ක කවද්ද කතා කරලා දිනන්න පුළුවන් වුණේ..."
"හරි හරි... එහෙම තමා මහී පුතා... මෙන්න මේ දොර අරින්න, මගේ අතේ බඩු..."
මඟදී හමුවූ මහී කොලුවා සමඟ රාක්ෂතුමාගේ කුටිය ඇතුළට යද්දී, එතුමා නම් ඔළුව උස්සලාවත් බලන්නේ නෑ ඒ තරම් වැඩ...
"ආ.. බරයි මේක..."
ගෙනාපු බෑග් එක මහී කොල්ලට දුන්නේ... හරි ඉතින්, මඟදී දෙන්න තිබ්බා තමයි. ඒත් මට රාක්ෂ උතුමාණන්ට පෙන්නන්න අවැසි වුණා මේ එතුමාගේ ප්‍රියම්භිකාව ඉතා වෙහෙස මහන්සියෙන් ආහාර පිසගෙන ආ බවක්...
"මඟදී දෙන්න තිබ්බානේ සුදු මැණිකේ..." මේ මහියත් මාව කනවනේ වෙලාවකට... එකාට උත්තර නොදී ම,
තාම මගේ දිහා ඔළුව උස්සලා බලන්නේ නැතුව වැඩ කරන එයා ගාවට ගිහින් ඔඩොක්කුවට පැන්නේ කම්මුලක් හපන්...
"ආව්හ්..."
මං හපපු කම්මුල අතගාද්දී අනිත් කම්මුලත් හැපුවේ මාව ගණන් ගත්තේ නැති එකට...
"තෝපි ලව් කරපල්ලා, මං යනවා. මේ බලන්න, තනිකඩ අපි පව් කළානේ..."
මහී පුතා අපිට බැන බැන යද්දී, එයාගේ ඔඩොක්කුවේ ඉඳන් එයාටම රැව්වා...
"ඇයි දැන් මගේ සුදු නෝනා මට රවන්නේ?"
"ඇයි මාව දැක්කේ නෑ වගේ හිටියේ?"
" හිතලාමයි..."
"බොරු කියන්න එපා..."
"මේ බලනවා, මං දැක්කා කැමරා වලින් ඇවිදින බිම්මල ලාවට ඔෆිස් එකට පැත්තට එනවා... සැකේට වගේ මහසේනට කෝල් කරද්දී කිව්වා මැඩම් ආවා කියලා... ඉතින් මැඩම් මං ගාවට එනකම් මේ වගේ බලන් හිටියා..."
පව්, මං අහිංසකයාගේ මූණත් කෑවා... මොනවා වුණත් මාව තරහා ගැස්සුවානේ... ඒකට හොඳ වැඩේ...
"ඇයි උයන් ආවේ? මේ ටිකේම මහන්සි වුණා නේද? දවල් වෙනකම් නිදාගන්න තිබ්බානේ පණ..."
එයා මගේ අත් දෙක මාරුවෙන් මාරුවට ඉඹින ගමන් කියන්නේ... නපුරු පිරිමි ගාව තියෙන අප්‍රමාණ ආදරය කියන එක නම් ඇත්ත...
"කාලා ෂොපින් කරන්න යන්න ඕනේ..."
"මං ඒත් බැලුවා මොකක්ද ඉල්ලීම කියලා..."
"ඉල්ලීමක් නෙමෙයිනේ, අණක්! මං ඔයාගේ බොස්, ඒක මතක තියාගන්න..."
"හරි, මැඩම්ගේ ඉල්ලීම ඉටු කළාම මැඩම් මොනවාද මට දෙන්නේ?"
"මොනවාද ඕනේ?"
"දැනට ලොකු දේවල් එපා මැඩම්, මෙන්න මේ වගේ පොඩි දෙයක්..."
ජරා මිනිහා, කට කන්න පුදුම අමාරුවක් තියෙන්නේ... මරු පොඩි දේ! මගේ තොල් දෙක අල්ලගෙන, ඔඩොක්කුවේ හිටපු මාව මේසය උඩින් තියලා එයාගේ පොඩි කිස් එක විනාඩි කාලක් විතර ඇදුණා...
"ලේ පාට වෙලාද මංදා..." තොල් දෙකම දනවා වගේ නිසා එහෙම කියද්දී එයා හිනාවෙනවා...
"පණ... මං තමුසේගේ හැමදේටම ඇබ්බැහි වෙලා ඉන්නේ සුදු නෝනා... කිසිම ලික්වර් එකකට බැරිවෙයි මෙතරම් මාව මත් කරන්න... ඒකට ලිමිට් එකක් නෑ, මං කෙලින්ම අවුට් ඔෆ් කන්ට්‍රෝල්, එක හුස්මකට පවා..."
එයා එහෙම කියලා බෙල්ලට බර වුණේ මෙයා මෙතනින් නවතින්නේ නෑ කියන්න වගේ... එයා ගවුමේ ෂිපර් එක අරිනකොට මං ෂර්ට් එකේ උඩ බොත්තම් ගැලෙව්වා.
"දේව්, මේක..."
දොරට තට්ටු කරන්නේ නැතුව එකපාරටම කවුරුහරි කැබින් එකට එද්දී එයා මාව ක්ෂණිකව පුටුව කරකවලා වහගත්තේ මගේ ඇඳුමේ උඩ හරියම එළියේ නිසා...
"Get out!"
කැබින් එක දෙදරන්න කෑගැහුවේ මාත් එක්ක ගැස්සිලා යද්දී...
"සොරි... දේව්..."
"සොරි මොනවාද? යනවා ඕයි යන්න! මැනර්ස් දන්නේ නැද්ද? අනික හරියට කතා කරන්න ඉගෙනගන්නවා!"
එයා කෑගහන බයට පිටිපස්සෙන් එයාව හයියෙන් බදාගත්තේ එයා මෙහෙම කෑගහනවා දැකපු පළවෙනි පාර හින්දා... එයාට කේන්ති යනවා කියලා දන්නවා වුණත් මේ තරම් වෙයි කියලා දන්නේ නෑ...
"මහී... උඹව ඔතන ජොබ් එක කරන්න දැම්මේ ඒක මං බලන්න නෙමෙයිනේ, අම්බලමක් වගේ එක එකාව මේකට එවන්නේ..."
එයා කෝල් එකක් අරන් මහී අයියාට කෑගහද්දීත් මං එයාව අතහැරියේ නැත්තේ එයාගේ කේන්තිය නිවිලා නෑ, දැන් යකෙක් වගේ වෙලා ඇති කියලා මං දන්නවා... ඒ ඇස් බලන්න බැරි තරම් ලේ පිරිලා ඇති...
"පණ..."
"කෝ බලන්න මගේ දිහා... සොරි පණ, මගේ වැරැද්ද..."
එයා මගේ පැත්ත හැරිලා මං දිහා බලන්න හැදුවත්, මට එකපාරටම දොර ඇරන් එද්දී අතීතය මතක් වෙද්දී, ඊටත් වඩා වේද් යකෙක් වගේ කේන්ති අරන් කෑගහපු එක...
"සොරි පණ... කෝ එන්නකෝ..."
එයා මාව එහෙම අරන් රෙස්ට් රූම් එකට එක්කන් ගිහින් ඇඳෙන් තියලා තුරුළු කරගත්තේ, බය වුණු පාර තාම පපුව ගැහෙනකොට ඒ වගේ පොඩි දෙකට මෙච්චර තරහා ගත්තේ ඇයි කියලා හිතුනත්, ඒක හාර හාර තවත් කේන්ති ගස්සන්නේ නැතුව ඉන්න එක හොඳයි කියලා හිතුනා...
"පණ..."
"හ්ම්ම්..."
"අද මාර ලස්සනයි පණ..."
"හ්ම්ම්..."
"ඇත්තමයි..."
"හා අනේ... ඒ වුණාට මෙච්චර දිගට අඳින්න බෑ අප්පා... බෙල්ල අතේ තමයි ගෙනියන්න වෙන්නේ..."
නැත්නම් දිග ගවුම් ඇඳිල්ලක් තමයි තියෙන්නේ... අන්තිමට අලි බබාට මගේ අතින්ම බත් කවලා තුන විතර වෙනකොට ඇඳුම් ගන්න කියලා ගියාට මොකද, පුදුම සෙනඟක්...
"පස්සේ එමු සුදු නෝනා..."
ෂොපින් මෝල් එක දිහා බලන් එයා කෙඳිරි ගාද්දී ඇහුණේ නෑ වගේ ඉස්සරහට ගියේ ආයේ දවස් නැති නිසා, අවුරුද්දට ගෙදර යනකොට හිස් අතින් යන්න පුළුවන්ද...
"මේක ලස්සනයිද?"
"පාට හරි නෑ පණ... වෙන එකක් බලන්න..."
අන්තිමට මං එයා ඇඳුම් තෝරනකම්, ගෙදර අයට ගන්න ඕනේ දේවල් තෝරනකම් පස්සෙන් යන්න වුණේ, මොකද මගේ චොයිස් එකට වඩා එයාගේ චොයිස් එක සෙට්...
"පණ... මේක අඳින්න රෑට..."
"පිස්සුද? වදේ, මිනිස්සු දකියි..." එයා Victoria's Secret එකේ තද කළු පාට යටඇඳුම් සෙට් එකක් ගෙනැත් ගාණක් නැතුව පෙන්නද්දී මං ටක් ගාලා බෑග් එකට දාගත්තේ වස ලැජ්ජාවට...
අන්තිමට පවුල් දෙකේම හැමෝටමයි, අයියලා හැමෝටමයි ගත්තු බඩු කාර් එකට දාගත්තේ හෙට දවසම මගේ වැඩේ ඒවා පැක් කරන එක නිසා...
"මේ නෑනෝ..."
"පොඩි බඩුවක් කියන්න තියෙනවා..."
"මොකක්ද?"
මටත් දැන් ටික දවසක ඉඳන් වෙනසක් නම් තේරිලා තියෙන්නේ. ඒත් ඉතින් නංගි වුණත් කියනකම් අහන්න පුරුද්දක් මගේ නැති නිසා නුත්‍යා කියනකම් බලන් හිටියේ...
"මං කෙනෙක්ට කැමතියි..."
"මට හිතුණා ගිය ටිකේම ගුලි කාලා වගේ තැන් තැන්වල හිනාවෙවී ඉන්නකොට මොකක් හරි අඩව්වක් අල්ලලා කියලා..."
"ඌ දැන් කොහෙද? මොනවා කරන එකෙක්ද? කවදා
ඉඳන්මද ඕක පටන් ගත්තේ? අපේ පවුලට ගැලපෙනවාද?"
"අප්පෝ... නවත්තපන්කෝ... ලොකුට කිව්වා නම් සේරම , තමුසේට කියනවාට වඩා..."
"ෑ යකෝ, මට මහන්සියට නිදහසේ නිදාගන්න තිබ්බ වෙලාවේ ෆිල්ම් එකක් බලමු කියලා ඇඳන් ඇවිත් මඟුල් කියවලා මටම බනිනවාද?"
"අනේ නෑනෝ..."
ෂොපින් කරලා ගෙදර එද්දී හතටත් ලඟයි. මහන්සියට කාලා එහෙම ඉවර වෙලා කාමරේට යද්දී මාව ඇදන් ආවේ ෆිල්ම් එකක් බලන්න මේකිමයි...
"මං කැමතියි..."
"කාටද තමුන් කැමති චූටි?"
අපි දෙන්නාම ගැස්සිලා ගිහින් සිරුරෙන් හිටගත්තේ පිටිපස්සෙන් ඇහුණු රාක්ෂතුමාගේ සද්දෙට... කතාව කොච්චර දුරක් ඇහුණද කියලා හිතන් මං නුත්‍යා දිහා බලද්දී එකීට බාගෙට ඇඬිලා...
"කවුද?"
Azhere🪻 .....