T D Academy

T D Academy Technoly Dancing Academy - Kurunegala Talent Dancing Aacdemy

12/12/2023
28/12/2022
28/12/2022

වීරයෙක් ❤️

27/12/2022
27/12/2022

රුධිර පරීක්ෂණ වාර්තාවක්‌ හරියට කියවන හැටි..❤️🚑
___________________________________

ඔයාලා හැමෝම වගේ කවදා හරි රුධිර පරීක්ෂණයක් කරලා ඇති නේ?
මේ පරීක්ෂණයෙන් පසු ලැබුණු වාර්තාව කියවා තිබෙනවාද?

ඕනෑම රසායනාගාර වාර්ථාවක් ගත්තහම එහි පළමුව කර ඇති පරීක්ෂණයේ නම ද (Test),

ඉන්පසු එම පරීක්ෂණයේ ප්‍රතිඵලයද (Result),

එම ප්‍රතිඵලයට අදාළ ඒකකය (Units)

හා එම රසායනාගාරයේ එම පරීක්ෂාව සඳහා දෙන සාමාන්‍ය අගයයන්ගේ පරාසය (Normal Range) සඳහන් කෙරෙනවා.

මෙම සාමාන්‍යය අගයයන්ගේ පරාසය රටින් රටට වෙනස් වීමට පුළුවන. අපි දැන් රුධිර පරීක්ෂණ වාර්තාවක ඇති විවිධ කරුණු පිලිබඳ කතා කරමු.

👉Hb: හිමොග්ලොබීන්

රුධිරයේ ඇති හිමොග්ලොබින් (Hemoglobin) ප්‍රමාණය මෙයින් දැක්වේ. පිරිමි අය තුල සාමාන්‍යයෙන් ඉහල හිමොග්ලොබින් ප්‍රමාණයක් ඇති නිසා මෙය පුරුෂ හා ස්ත්‍රී යන අගයයන් දෙකකින් සඳහන් කරනු ලබයි.

මෙහි අගය ඩෙසිලීටරයකට ඇති ග්රෑම් ප්‍රමාණය (g/dL) ලෙස ගණනය කෙරේ. සාමාන්‍ය වැඩිහිටි පුරුෂයකු සඳහා අගය 13 – 16 g/dL වන අතර වැඩිහිටි ස්ත්‍රියක අගය 12 – 15 g/dL වේ. මෙම පරාසයට වඩා අඩු ප්‍රමාණයක් හිමොග්ලොබින් ඇත්නම් එය රක්තහීනතාවය (Anemia) නිසා වීමට පුළුවන.

👉WBC: සුදු රුධිරානු

ලේ වල ඇති මුළු සුදු රුධිරාණු ප්‍රමාණය (White Blood Count) මෙයින් දැක්වේ. මෙය මයික්‍රෝලීටරයට ඇති සෛල ප්‍රමාණය ලෙස දක්වනු ලබයි. සාමාන්‍යය අගයය 4000 – 11000 වේ. බොහොමයක් බැක්ටීරීය ආසාදන වලදී මෙය ඉහල අගයයක් ගනු ලබයි.

👉Platelets: ප්ලේට්ලට්

ලේ වල මයික්‍රෝලීටරයට ඇති රුධිර පට්ටිකා අගයය මෙයින් දෙනු ලැබේ. එහි සාමාන්‍යය අගයය මයික්‍රෝලීටරයට 150000 – 450000 පමණඅ වේ. ඩෙංගු රෝගීන් ගේ රෝග තත්වය නිර්ණය කිරීම සඳහා නිතරම කරනු ලබන පරීක්ෂාව මෙයයි.

👉DLC:

මෙයින් විශේෂක සුදු රුධිරාණු ප්‍රමාණය (Differential Leukocyte Count) යන්න අදහස් කෙරේ. කලින් ලිපියක සඳහන් කල විවිධ සුදු රුධිරානු වර්ග වල අගයයන් මෙයින් මනිණු ලබයි. එම අගයයන් ආශ්‍රයෙන් වෛද්‍යවරුන් හට ඇතිවී ඇති රෝග තත්වය පිලිබඳ අනුමානයන් කිරීමටත්, දැනට තීරණය කර ඇති රෝග විනිශ්චය තහවුරු කර ගැනීමටත් ඉඩ ලැබේ. උදාහරණයක් ලෙස බැක්ටීරීය ආසාදනයකදී සාමාන්‍යයෙන් නියුට්‍රොෆිල ප්‍රමාණය ඉහල යන අතර, වෛරස ආසාදනයකදී වසා සෛල ප්‍රමාණය ඉහල අගයයක් ගනී.

උ.ගැ

27/12/2022

🙏😓

29/10/2022
26/10/2022
දරුවන් කියන්නේ ලෝකයේ සියලු සෞන්දර්යයන් එකට එක් කරපු සොබා දහම නිමැවූ සොදුරුතම දායාදයකි. රටේ අනාගත වත්කම අපේ දරු පරපුරයි. ...
01/10/2022

දරුවන් කියන්නේ ලෝකයේ සියලු සෞන්දර්යයන් එකට එක් කරපු සොබා දහම නිමැවූ සොදුරුතම දායාදයකි.

රටේ අනාගත වත්කම අපේ දරු පරපුරයි. ඔවුන්ව දැනුමෙන් පෝෂණය කිරීම වගේම කුසලතා වර්ධනය සඳහා අවස්ථාව සලසා දීම අප හැමගේම යුතුකමකට එහා ගිය වගකීමක් වෙනවා.

අනාගතය බාරගනිමින් පිපෙන්නට වෙර දරන පු‍ංචි මල් කැකු‍ඵ වලට තම යහපත් ප්‍රාර්ථනා ඉටු කරගැනීමට අදට යෙදී ඇති ජාත්‍යන්තර ලෝක ළමා දිනය ආශිර්වාදයක්ම වේවා..

මේ සුභ පැතු
T D Academy වෙතින්

Address


Opening Hours

09:00 - 17:00

Alerts

Be the first to know and let us send you an email when T D Academy posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

  • Want your establishment to be the top-listed Arts & Entertainment?

Share