sl news update 24 hours

sl news update 24 hours 24 hours online

20/06/2026

වත්මන් රජයේ ප්‍රතිපත්ති ප්‍රායෝගිකව ක්‍රියාත්මක කරමින්, සීමාසහිත එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගමේ (ලේක්හවුස් ආයතනය) වසර ගණනාවක් පුරා ස්ථිර පත්වීම් නොලබා සේවය කළ සේවකයින් 66 දෙනෙකු ස්ථිර සේවයට ඇතුළත් කිරීමේ විශේෂ උත්සවය අද දින (17) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු ශ්‍රවණාගාරයේදී පැවැත් වුණා.

ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය කෞශල්‍යා ආරියරත්න මහත්මිය සහ ලේක්හවුස් ආයතනයේ සභාපති ගාමිණී වරුෂමාන මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම පත්වීම් ලිපි ප්‍රදානය කිරීම සිදු කෙරිණි. ලේක්හවුස් ආයතන ඉතිහාසය තුළ මෙතරම් වැඩි සේවකයින් සංඛ්‍යාවක් එකවර ස්ථිර සේවයට ඇතුළත් කරගත් ප්‍රථම අවස්ථාව මෙය වීම ද සුවිශේෂී කරුණක්.

මෙහි දී අදහස් දැක්වූ නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය කෞශල්‍යා ආරියරත්න සන්නිවේදන ක්ෂේත්‍රයේ නියුතු ශ්‍රමිකයින්ගේ රැකියා සුරක්ෂිතභාවය වෙනුවෙන් වත්මන් රජය දක්වන දැඩි කැපවීම අවධාරණය කළා ය. රටේ ජනමාධ්‍ය ක්ෂේත්‍රය ශක්තිමත් කිරීමට නම්, එහි කොඳු නාරටිය බඳු සේවක ප්‍රජාවගේ වෘත්තීය අයිතිවාසිකම් සහ මානසික නිදහස තහවුරු කළ යුතු බවත්, දිගු කලක් තිස්සේ පත්වීම් ස්ථිර නොවීම නිසා සේවකයින් මුහුණ දුන් වෘත්තීය අස්ථාවරත්වය නිම කිරීමට රජය වහා පියවර ගත් බවත් ඇය ප්‍රකාශ කළා.

මෙම විශේෂ අවස්ථාව සඳහා ලේක්හවුස් ආයතනයේ අධ්‍යක්ෂ මණ්ඩලය, කළමනාකාරිත්වයේ උසස් නිලධාරීන්, පුවත්පත්වල ප්‍රධාන කර්තෘවරුන් ඇතුළු පිරිසක් සහභාගී වුණා.

20/06/2026

Address

Hidurangala
Kiriella
70600

Alerts

Be the first to know and let us send you an email when sl news update 24 hours posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category