Watha

Watha හදවතින් එහා ��

A හෙලෝ...A  වැඩකද... busy දB නෑ කියනවා...A නිකන් මතක් උනාB නෑ.. නෑ.. අවුලක් නෑ කියනවා...A සීරා.. නිකන් ගත්තෙ වැඩකට නෙමේ....
23/12/2023

A හෙලෝ...
A වැඩකද... busy ද
B නෑ කියනවා...
A නිකන් මතක් උනා
B නෑ.. නෑ.. අවුලක් නෑ කියනවා...
A සීරා.. නිකන් ගත්තෙ වැඩකට නෙමේ..
අවු 5 කට පස්සෙ ආපු call එකක්. සිරාවට A ට ඕන වෙලා තිබ්බෙ කතාකරන්න විතරයි. දුක සැප අහන්න හැබැයි මම පුරුදු වෙලා හිටියේ මොන මරාලයක් ද දන්නෑ කියල හිතන්න. එහෙම හිතන පුරුද්ද මට ඉබේ ආපු දෙයක් නම් නෙමේ. වටේ හිටපු ගොඩක් අය දුන්න පරිප්පු වල ප්‍රතිඵලයක් තමයි ඒක. සමහර පාරිශුද්දයි කියලා හූ කියන අයගෙ "යූස්, කේස්" එකක් උන සහ උනා කියලා දැනගත්තාම හිතන්න ගත්ත විදිහ. පාට පෙට්ටි තොග මුදලාලි ලා පාට ගානවා සමාජෙටම පේන්න දැක්කාම "බුදු අම්බෝ ලස්සන" කියලා හිතෙන්න. පාට මුදලාලි බංකොලොත් උන දවසට පාට කෑලි, කෑලි ගැලවිලා සැබෑ පාට මතුවෙනවා. එදාට..එදා... වහල් උන පාට අමතක කරලා ඇත්ත පිලිගන්න දෙපාරක් නොහිතා. මොකද මිනිස්සුන් ගෙ ජාන ගත පුරුදු වෙනස් වෙන්නෑ මැරෙනකල් ම...

I have reached 700 followers! Thank you for your continued support. I could not have done it without each of you. Thanks...
02/07/2023

I have reached 700 followers! Thank you for your continued support. I could not have done it without each of you. Thanks again 🙏🤗🎉

Watha 🌻💚

අන්ධ විශ්වාස 👇👇👇ලියන්න කලින්ම මේ වගේ  topic  එකක් උඩින්ම දාගත්තේ මගේ  ලියමනේ මූලිකම පරමාර්ථය අන්ධ විශ්වාසය ගැන පැහැදිලි ...
09/02/2023

අන්ධ විශ්වාස 👇👇👇

ලියන්න කලින්ම මේ වගේ topic එකක් උඩින්ම දාගත්තේ මගේ ලියමනේ මූලිකම පරමාර්ථය අන්ධ විශ්වාසය ගැන පැහැදිලි කරලිම නිසාමයි..

ඒ වචනේ වචනාර්ථයෙන්ම ඔනිම කෙනෙක්ට හරිම ලේසියෙන් තේරුම් ගන්න පුළුවන් මං මේ පැහැදිලි කරන්න හදන්නේ ඇස් පෙන්නේ නැති පුද්ගලයෙක් ලෝකය විශ්වාස කරන ආකාරයට ඇස් පෙනෙන අපිත් කරන විශ්වාසයන් ගැන කියන වග...ඇස් නොපෙන පුද්ගලයන් යමක් ස්පර්ශයෙන් ආග්‍රාහණයෙන් හදුනා ගන්නා බව සැබැවක්...නමුත් මුල් අවදියේදී මලක් අතට දී මේ කොළයක් ලෙස ඔහුට එය හදුන්වා දුන්නේ නම් මලක් මොනවගේදැයි නොදත් ඔහු දිගින් දිගටම මුලින් හදුනාගත් පරිද්දෙන් එය කොලයක් ලෙස හදුනා ගන්නවා නිසැකය...නමුත් ඒ දැස නොපෙනෙන්නෙකු නිසාවෙන් ඒ පිළිබඳ මහත් සේ තැවිමට අවශ්‍ය නොවේ.. එහෙත් දැස පෙනෙන පුද්ගලයෙකු අතින් එවැනි වරදක් දිගින් දිගටම සිදුවන්නේ නම් එය තැවිමට අවැසිම කාරණයක් බවට පත්වේ..

75 වසරක පුහු නිදහසක් සමරමින් පිල් බෙදෙමින් අපි මේ කරනුයේ එයම නොවේද ??..සියල්ල දැක දැක අන්ධයන් සේ බලාහිදිමම නොවේද ? අන්ධයන් සේ දේශපාළුවන්ගේ එකායන පරමාර්ථයන් මුදුන්පමුනවා ගැනිමට රුකුල් සැපයිමම නොවේද.?.එදා ජර්මනිය තුල එකාධිපති පාලනයක් ගෙන ගිය ඇඩොල්ෆ් හිට්ලර්ගේ දකුණු අත ජොසප් ගොබෙල්ස් ...ඔහු නොසිටින්නට 1932 ජනාධිපති මැතිවරණයේදි හිට්ලර්ට අන්ත පරාජයක් වූවද හිමි වීමට ඉඩ තිබුනා...නමුත් ගොබෙල්ස් න්‍යාය නොසිතු විරු ලෙස සියල්ල කනපිට පෙරලු දැමුවා..

ඒ තමයි ඒ ශක්තිමත් ගොබෙල්ස් න්‍යාය

1. බොරුව හිතන්නවත් බැරි තරමටම විශාලවන වූ විට එය සත්‍යය යයි ඔප්පු කිරීම පහසුය. ඊට හේතුව විශාල බොරුවක් ප්‍රචාරය කිරීමට කවුරුත් උත්සහ නොකරන නිසා එය ඇත්ත විය යුතුයි කියලා මිනිස්සු විශ්වාස කිරීමට පෙළඹීමයි. දිගින් දිගටම එකම බොරුව ප්‍රචාරය කිරිමේදි මිනිසුන් එය විශ්වාස කරන්නට පෙලබෙන ප්‍රමාණය වැඩි..

වර්තමානය දේශපාලන තුලත් මෙවැනි ගොබෙල්ස්ලා, හිට්ලර්ලා අදටත් සැරිසරන නිසාවෙන් සමාජය දෙස විමසිලිවන්ත දැසින් බැලිම ඔබ සතු වගකිමක් බවට පත්වී හමාරයි.. සියල්ල දැක දැක නැවත් නැවතත් එයම සිදුවීමට ඉඩ හැර අන්ධ විශ්වාසයෙන් කටයුතු කිරිමෙක් වැළකෙන්න..නිසි තැනදි නිසි ක්‍රියාමාර්ග ගැනිමට තරම් දැඩි වන්න ...දේශපාලනය තුලදීම පමනක් නොවේ මෙය ජිවිතානුබද්ධ සිදුවිමක් ලෙසද යම් යම් අවස්ථානූකූකව හදුනා ගත හැකී.. එකි නෙකාගේ ජයග්‍රහණයන් උදෙසා අදටත් ගොබෙල්ස් න්‍යායන් ක්‍රියාවට නංවන පුද්ගලයන් නිසා ඔබේ අනාගතය වූවද අන්ධකාරයේ ගිල්වා තැබිමට හැකියාව පවති...

ඒ නිසාවෙන් සමාජයය තුල ජිවත්වීමේදි, තම ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන මතිමතාන්තර දැරිමේදි හා තම පෞද්ගලික ජිවිතයේදිත් ගොබෙල්ස් න්‍යාය ගිලගත් ගොදුරක් බවට පත්නොවී සෘජු තීරණය ඇති පුද්ගලයෙක් බවට පත් වන්න...අන්ධ විශ්වාසය අදහන බැතිමතෙකු නොවන්න.

ඔබට ජය...

භාෂි 🌻💚

දම්මි උබ කියන්නෙ දැන් මට ජූලියට් එක්ක cht කරන්නද ?🚸මdu🚸
06/10/2021

දම්මි උබ කියන්නෙ දැන් මට ජූලියට් එක්ක cht කරන්නද ?
🚸මdu🚸

අබරා තද දෙදරා හදරදවා නෙත කලබා..පදවා කල විකුමා නුබහෙලුවා බිම, අත දා...හිතුනා මට හිතුනා මිසනෑ..  හිමි, කම් සැමදා....🚸මdu🚸
24/09/2021

අබරා තද දෙදරා හද
රදවා නෙත කලබා..
පදවා කල විකුමා නුබ
හෙලුවා බිම, අත දා...
හිතුනා මට හිතුනා මිස
නෑ.. හිමි, කම් සැමදා....
🚸මdu🚸

"ගනිකාවක් සමඟ පැය දෙක හමාරක්" මේ "සිංහල අකුරු චිත්‍රපටිය" වැඩිහිටියන්ට පමණක් බව කරුණාවෙන් සලකන්න.***********************...
20/11/2020

"ගනිකාවක් සමඟ පැය දෙක හමාරක්"

මේ "සිංහල අකුරු චිත්‍රපටිය" වැඩිහිටියන්ට පමණක් බව කරුණාවෙන් සලකන්න.
*******************************

"මහත්තයා ගිහින් වොෂ් එකක් දාගෙන එන්න"

"එපා ! මම ආවේ එහෙම දෙයකට නෙවෙයි. මට ඔයා එක්ක ටිකක් කතාකරන්න ඕනි. මම පැය දෙක හමාරකටම ගෙවලයි තියෙන්නේ"

"අපොයි ! මහත්තයා.. ඒ ඇයි.. මාත් එක්ක මොනවද මහත්තයට තියෙන කතාව.."

"ඔයාට මතකද පහුගිය ඉරිදා රෑ, බලංගොඩ බස් එකේ ඔයා මගේ ලඟම වාඩිවෙලා ගියා. ඒ වෙලාවේ ඔයාට හොඳටම නින්ද ගිහින් හිටියේ. කොහොම හරි ඔයා බහිනකම්ම නිදාගෙන ගියේ මගේ ට්‍රැවලින් බෑග් එක උඩ ඔලුව තියාගෙන"

"මට මතක නැහැ මහත්තයා ඕවා. සතියක් තිස්සේ දවසකට එක එක මිනිස්සුන්ගේ බරට යටවෙලා දුක් විඳලා, ඉරිදා රෑට ගෙදර යනකොට බස් එකේ නිදාගෙන යනවා මිසක්, කාගේ කරේද නිදාගන්නේ කියලා නම් මට නිච්චියක් නැහැ"

"එදා ඔයා ඕපනායක ටවුන් එකෙන් බැහැලා ගියාට පස්සේ, ඔයා වාඩිවෙලා හිටිය සීට් එක උඩ තිබිලා මට ලියුමක් හමු උනා. මම ඒක කියෙව්වා. ඒක ඔයා ලියලා තිබුණේ මොනිකා කියලා ඔයාගේ යෙහෙළියකට. එයත් ඔයාලා එක්ක ඉඳලා ගිය කෙනෙක් බවයි මට තේරුණේ.. ඒකේ තවත් ලස්සන කතාවක් තිබුණා. මට හිතුනා ඔයාව මුණ ගැහිලා, ඒ විස්තරය හරියටම දැනගන්න.."

"මහත්තයා මොකටද අනුන්ගේ ලියුම කියෙව්වේ.. ගුලිකරලා ජනේලෙන් එළියට විසි කරන්නේ නැතිව.. මට ඕවට උත්තර දෙන්න බැහැ මහත්තයා"

"මම දන්නවා.. ඒ ලියුමට අනුව නම් ඔයාගේ නම කුමුදු.. ඉතිං.. කුමුදු මට කියන්න.. ඔයාගේ කතාව... ඇත්තටම මම පොතක් ලියන්න මාතෘකාවක් හොයමින් ඉන්නකොට තමයි.. අහම්බෙන් වගේ ඔයාගේ ලියුම මට ලැබුණේ. ඇත්තටම මට ඒ කරුණු වලින් කතාවක් නිර්මාණය කරන්නත් පුළුවන්කම තිබුණා. ඒත් මට හිතුනා ඔයා එක්ක කතා කරලා ඉවරවෙලා ඒ ඇත්ත කතාව දැනගෙනම ලියන්න ඕනි කියලා.."

"අනේ එපා ! මහත්තයා.. එහෙම කරන්න එපා.. එහෙම උනොත් තවත් මම වගේ ගැහැණු හත් අට දෙනෙක් පාරට විසි වෙන්න පුළුවන්.. ඒ නිසා එහෙම කරන්න එපා.. මහත්තයාට හිතෙන විදියට කැමති කතාවක් ලියන්න.. ඒත් ඒ ලියුමේ තියෙන දේ මගෙන් අහන්න එපා..."

"එහෙම කරන්න එපා කුමුදු. සමහරවිට ඒ කතාව නිසා, මම ලියන පොත ඔයා වගේ කාන්තාවන් දහස් ගණනකට හොඳ පාඩමක් වේවි.. ඒ නිසා මට ඒ පිළිබදව විස්තරයක් දෙන්න.."

"අනේ දැන් වෙලාවත් හරි මහත්තයා.. මහත්තයා දැන් යන්න ලෑස්ති වෙන්න.. දැන් සුජාතා නෝනා ඇවිත් දොරට තට්⁣ටු කරාවි.."

" හරි කුමුදු... මම තව පැය දෙකකට ගෙවන්නම්.. මට කතාව කියන්නකෝ.."

"මහත්තයාට පිස්සුද ... තව පැය දෙකක් හිටියොත්.. අපි දෙන්නවම සැක කරයි.. මහත්තයා පැය දෙක හමාරකටම ගෙව්වා කියලා සුජාතා නෝනා මට කිව්වා..

එහෙම ගෙව්ව නිසා සුජාතා නෝනා මට කිව්වා මහත්තයා අසහනකාරයෙක් වගෙයි පේන්නේ කියලා.. මාව හපලා තුවාල කරන්න එහෙම හැදුවොත් මල් පෝච්චියෙන් ඔලුවට ගහන්න කියලත් මට කිව්වා..."

" ඒ ඇයි ! ඉතිං මම පැය දෙක හමාරකට ගෙව්ව එක වරදක් වෙන්නේ කොහොමද.."

"මහත්තයට මේවා තේරෙන්නේ නැහැ. මිනිස්සු පැයකට වඩා මෙතන ඉන්නේ නැහැ.. උන් මේවයේ රිංගන්නේ ⁣ගෙදරට හොරෙන්. උන්ගේ කසාඳ ගැහැණුන්ට අසූ කෙලක් බොරු බේගල් කෙලලා තමයි මේවට එන්නේ.. හවසට ක්ලබ් යනවා කියලා ගෙදරට කියලා යන හුඟක් අය රෑට අපි වගේ වේසියෝ හොයාගෙන තමයි එන්නේ...."

"එක්කෝ ඕවර් ටයිම් කරනවා කියයි.. නැත්නම් මළ ගෙදරක ගියා කියයි.. පරණ යහළුවෙක් හමුවෙලා පොඩි අඩියක් ගැහැව්වා කියයි.. වාහනය කැඩුනා කියයි.. ඔය වගේ ගෙදර ගෑණිව රවට්ටන වෙනමම උත්තර සීයක් දෙසීයක් මේවායේ රිංගන හැම මිනිහටම තියෙනවා මහත්තයා.."

"ඒ නිසා මේ වගේ තැනක උන් පැයකට වඩා ඉන්නේ නැහැ.. එහෙමත් කෙනෙක් තමයි පැයක් උනත් ඉන්නේ.. සමහර නාකියෝ ඉන්නවා.. විනාඩි දහයෙන් පහලොවෙන් වෙව්ලනවා.. මට මේවා මහත්තයට කියන්නත් ලැජ්ජයි..."

"ඒ කතා මට වැඩක් නැහැ කුමුදු.. ඒ උනාට මට ඔයාගේ කතාව දැනගන්න ඕනි කුමුදු .. හරි අද බැරිනම් මම හෙටත් එන්නම්.."

"අය්යෝ එපා මහත්තයා.. එහෙම කරන්න එපා..මහත්තයා හදන්නේ මගේ රස්සාවත් මට නැතිකරවන්නයි..."

"ඒත් මට ඒ විස්තරය දැනගන්නම ඕනි කුමුදු.."

"අනේ මන්දා මහත්තයා.... එහෙනම් මෙහෙම කරමු.. මේ ඉරිදා මහත්තයා මම ගෙදර යනකොට බලංගොඩ බස් එකට නඟින්න.. එතකොට අපි කතා කරමු... දැන් මහත්තයා යන්න.. සුජාතා නෝනා ආවොත් අපිව සැකකරයි"

*********************************
[ඉරිදා රෑට බලංගොඩ බස් එකේදි හමුවන පොරොන්දුව මත මම කුමුදුගෙන් සමුගත්තෙමි. මම කුමුදුට වූ එම පොරොන්දුව මත රාත්‍රී 7.30 වන විට පිටකොටුවේ බස් නැවතුම් පොළට ගොස් සිටියෙමි. 7.45 ට පමණ කුමුදු එතැනට පැමිණියා.]
*********************

"මහත්තයා ගොඩක් වෙලාද ඇවිල්ලා.."

" නැහැ කුමුදු විනාඩි 10 ක් විතර ඇති.. දැනුයි බස් එකක් ගියේ.. අපි මේකේ නගිමු..."

"හා.. මේකට නගිමු මහත්තයා"

"කුමුදු"

"ඇයි මහත්තයා"

"ඔයා මට හැම තිස්සෙම මහත්තයා.... මහත්තයා...ගාන්න එපා කුමුදු... මට කපිල කියලා කතාකරන්න.. එතකොට මිනිස්සු උනත් වැඩිය අපි ගැන විශේෂයක් හිතන එකක් නැහැ.."

"අනේ මන්දා ඉතිං.."

"මහත්තයා... අනේ සොරි... සොරි.. එතකොට කපිල මහත්තයා, බලංගොඩටම යනවද.."

"ඔව්.. මම බලංගොඩින් බැහැලා වැලිඟෙපොලට යන්න ඕනි.."

" ඉතිං.. මෙච්චරටම රෑ වෙලා බලංගොඩ ඉඳලා ගෙදරට කොහොමද යන්නේ.."

"මම යන්නේ මගේ බයික් එකේ.. මම කොළඹ එනකොට.. මගේ බයික් එක මගේ යහළුවෙක්ගේ ගෙදර දමලයි එන්නේ.."

"හා ඉතිං.. මට කියන්න මගෙන් මහත්තයාට මොනවද දැනගන්න ඕනි කියලා.."

"මට ඔයා ගැන සම්පූර්ණ විස්තරය කියන්න කුමුදු.... විශේෂයෙන්ම ඔයා කොහොමද මේ වගේ තත්වයකට වැටුනේ කියලා.."

"මහත්තයා.. මම උපාධිධාරිණියක්. මම රස්සාව කලේ පුද්ගලික බැංකුවක. මගේ අම්මයි තාත්තයි දෙන්නම ගුරුවරු.. මම නිදහසේ කාටවත් කරදරයක් නැතිව රස්සාව කරගෙන, අම්මවයි තාත්තවයි බලාගෙන හිටියේ.. මගේ නංගි කසාඳ බැඳලා දරුවෙකුත් ඉන්නවා. මම නිසා, එයාටත් එයාගේ පවුල් ජීවිතය නැතිවෙලා ඉන්නේ. අක්කා විදියට එයා වෙනුවෙන් කතාකරන්නවත් බැරි තත්වයකට මාව පත්වෙලා ඉන්නේ... පව් ඒකි...."

රස්සාවට යන්න පටන්ගත්තට පස්සේ තමයි මට සුරේන්ව හමු උනේ.. සුරේන් කියන්නේ මගේ හස්බන්ඩ්.... අපි දෙන්නා හුඟක් ආදරයෙන් හිටියේ... එයා මම වැඩකරපු බැංකුවේම ඇසිස්ටන්ට් මැනේජර් කෙනෙක්.."

"එයා ⁣කඩුවෙල පැත්තේ කෙනෙක්. අක්කලම නව දෙනෙක් ඉන්න පවුලේ බලයා.. අක්කලා නව දෙනාම කසාඳ බැඳලා.. ඉතිං.. අපේ මඟුලත් දෙපැත්තෙන්ම තීන්දු කරලයි තිබුණේ..."

"එයාගේ අක්කලා ටික එක විදියක්... එයාලා කැමති උනේ නැහැ.. මම වගේ කෙනෙක් එයාලගේ මල්ලිව කසාඳ බඳිනවට..."

"කොහොම හරි අපි කසාඳේ රෙජිස්ටර් කලා. අපි පදිංචි උනේ සුරේන්ගේ මහගෙදර.."

"හැම සති අන්තයේම අක්කලා දෙන්නෙක් තුන්දෙනෙක් පවුල් පිටින් මහගෙදරට එන්න පුරුද්දක්කර ගත්තා.. ඇත්තටම මට ඒක හරි කරදරයක් උනා... එයාලට කෑම හදන්නයි.. එයාලගේ දඟ දරුවන්ගේ අවශ්‍යතාවයන් ඉටුකරන්නයි.. මට වැඩ ඉවරයක් නැති උනා.."

"ඔන්න දවසක් සුරේන්ගේ උපන්දිනය වෙනුවෙන් ගෙදර පොඩි පාටි එකක් සූදානම් කලා.. අක්කලා නව දෙනයි.. ඒ අය්යලයි.. දරුවොයි.. තව සුරේන්ගේ ගමේ හිතවත් දෙතුන් දෙනෙකුයි සාදයට ආවා.."

"සුරේන්ලා.. ඩ්‍රින්ක්ස් අරගත්තා... අක්කලත් බියර් බිව්වා... මම සොෆ්ට් ඩ්‍රින්ක් එකක් බිව්වා.. අපි සිංදු කිව්වා, නැටුවා.. කෑවා.. බිව්වා.. හිනාහුනා... ඊට පස්සේ රෑ වෙනකොට කට්ටිය වැටුනු වැටුනු තැන නිදි.. මටත් නින්ද ගියා"

"උදේ මම නැගිටිනකොට ලොකු අක්කගේ මහත්තයා මාවත් තුරුළු කරගෙන හොඳටම නිදි.. අපි දෙන්නගෙම ඇඟේ නූල් පොටක්වත් තිබුණේ නැහැ ."

"මම හොඳටම බය උනා.. මම ඇඳෙන් බැස්සා නෙවෙයි පැන්නා.. මට ඇඬෙනවා... අක්කගේ මහත්තයා හොඳටම ගොරොව ගොරොව නිදි.."

"මම වොෂ් රූම් එකට ගිහින් හොඳට නාගත්තා.. මට තවමත් ඇඬෙනවා.. ඔලුවේ කැක්කුම අඩුවකුත් නැහැ.."

"පැයකට විතර පස්සේ කට්ටියම නැගිට්ටා.. කාගෙවත් වෙනසක් පේන්න නැහැ.. සාමාන්‍ය විදියට හිනාවෙනවා.. කතාකරනවා.. ඇත්තටම රෑ මට මොනවද උනේ කියලවත් මට මතක නැහැ.. ඒත් මම දන්නවා.. ලොකු අක්කගේ හස්බන්ඩ් අතින් මට කරදරයක් වෙලා තියෙනවා කියලා.."

"කවුරුවත් වෙනසක් නැතිව හැසිරෙන නිසා.. මමත් ඒ,සිදුවීම රහසක් විදියට තියාගන්නවා කියලා මම හිතාගත්තා.."

"දවස් දෙකක් ගියේ නැහැ.. පොඩිම අක්කගේ හස්බන්ඩ් ඒ කියන්නේ කසුන් අය්යා, මාව හමුවෙන්න මගේ ඔෆිස් එකට ආවා.. නංගිව මට මීට් වෙන්න ඕනි කියලා ඔහු මට කිව්වා..මගේ හිතට චකිතයක් ආවත්, මම ඒක ඒ,වෙලාවේ ඔහුට පෙන්නුවේ නැහැ..."

"එදා සුරේන් ඔෆිස් වැඩ වගයකට කොළඹින් පිට ගිහිල්ලයි හිටියේ.. කසුන් අය්යා කිව්වා.. මම ඕෆ් වෙන වෙලාවට මාව ගන්න එන්නම් කියලා.."

"පස්සේ ඕෆ් වෙන වේලාව වෙනකොට කසුන් අය්යා ඇවිත් හිටියා.. ඔහු මට කිව්වා.. නංගි අපේ ගෙදර ගිහින් අක්කවත් එක්කරගෙනම ඔයාලගේ ගෙදර යමු කියලා.. ඉතිං මම එයා එක්ක අක්කලගේ ගෙදරට ගියා.. "

"ගෙදරට ගිහිල්ලා මම වාඩි උනා.. අය්යා කිව්වා.. ඉන්න මම අක්කට කියලා එන්නම් නංගි ඇවිත් ඉන්න බව කියලා. එහෙම කියමින් එයා ගේ ඇතුලට ගියා.. විනාඩි පහකින් විතර අය්යා යළි ඇවිත් මගේ ඉස්සරහින් වාඩි උනා.."

"එයා.. එයාගේ ෆෝන් එක අරගෙන මට දීලා කිව්වා.. සුරේන්ගේ වීඩියෝවක් තියෙනවා ඒක පරිස්සමින් බලන්න කියලා.. මගේ පපුව ගැහෙන්න ගත්තා.."

"මම වීඩියෝව බලනකොටයි මාව ගිණිගන්න පටන්ගත්තේ.. දෙවියනේ ලොකු අක්කගේ මහත්තයා.. මා එක්ක ඉන්න අවස්ථාව තමයි ඒ වීඩියෝ එකේ තිබුණේ... මාව ගැහෙන්න පටන්ගත්තා.. ඇඟට පණ නැහැ වගේ... අය්යා හෙමින් ඇවිත් මගේ ලඟින්ම වාඩි උනා..."

"ඔයා බයවෙන්න එපා නංගි... මම මේක කාටවත් පෙන්නන්නේ නැහැ.. එදා ඔයාගේ ඩ්‍රින්ක් එකට කට්ටියම එකතුවෙලා විහිළුවක් කරන්න හිතාගෙන මත් පෙති දාලයි ඔයාට බොන්න දුන්නේ.."

"පාටි එකෙන් පස්සේ කට්ටියම බීලා තැන් තැන්වල වැටිලා හිටියා.. ඔයාත් හොඳටම මත්වෙලා හිටියේ.. පස්සේ ලොකු අක්කගේ හස්බන්ඩ් ඔයාව වත්තන් කරගෙන ඔයාලගේ රූම් එකට එක්ක යනවා මම දැක්කා..."

"මිනිහා ඔයාව ඔයාගේ ඇඳෙන් තියලා ඔයාගේ ඇඳුම් ඔක්කොම ගැලෙව්වා.. ඒ ඔක්කොම මම වීඩියෝ කලා.. ඒක තමයි මම දැන් ඔයාට බලන්න දුන්නේ.."

"අනේ අය්යේ.. මම අසරණ කමකින් ඔහු දෙස බැලුවා... මට ඇඬුනා... ඒත් ඒ ඇස්වල අනුකම්පාවකට වඩා තිබුණේ ආශාවක්..."

"ඔයා බයවෙන්න එපා.. ඕවා සාමාන්‍ය දේවල්.. එහෙම කියලා එයත් මාව තදින් තුරුළු කරගෙන ඉඹින්න පටන්ගත්තා.. මම එයාව ඉවතට තල්ලු කරලා නැගිට්ටම එයා මට තර්ජනය කලා... එයාට අකැමති උනොත්.. වීඩියෝ එක ලීක් කරනවා කියලා..."

"අනේ මම හොඳටම බය උනා... අය්යට වැඳලා ඉල්ලුවා මගේ ජීවිතය විනාශ කරන්න එපා කියලා... ඒත් එයා එයාගේ තර්ජනය නතර කලේ නැහැ. කසුන් අය්යගේ දැඩි බලපෑම මත මට සිද්ධ උනා එයා කියන විදියට ඉන්න. ඔක්කෝම ඉවර උනාට පස්සේ, එයා මාව ගෙදරට ඇරලෙව්වා.."

"පස්සේ.... පස්සේ.. කසුන් අය්යා මගෙන් සල්ලි ඉල්ලගන්නත් පටන්ගත්තා... මගේ ඇඟත් ගන්නවා..ඒ මදිවට කප්පමුත් ගන්න මේ මිනිහා පටන්ගත්තා... පස්සේ පස්සේ මට මේක මහ හිසරදයක් උනා... වෙන දෙයක් වෙද්දෙන් කියලා මම ඒ දෙකම ප්‍රතික්ශේප කලා..."

"ඒකෙන් උනේ අක්කලා ඉදිරියේ මම වේසියෙක් උන එක විතරයි.. උන් උන්.. හොඳ උනා.. මම වේසියෙක් උනා... අන්තිමට සුරේන් මාව අතහැරියා... ඇත්තම කිව්වොත් මමයි සුරේන්ව අතහැරියේ.."

"එදා තමයි මම හිතාගත්තේ තොපේ හැම පවුලක්ම විනාශ කරනවාමයි කියලා.."

"මම මුහුණ දුන්න මේ තත්වය ගැන මම මගේ පාසලේ එකට ඉඟෙනගත්ත හොඳම යහළුවාට කිව්වා... එයා මොනිකා. එයා තමයි මාව මේ සුජාතා මැඩම්ව මුනගැස්සුවේ...."

"එයා සුජාතා මැඩම්ට කිව්වා මට වෙලා තියෙන අසාධාරණය ගැන අකුරක් නෑර. ඒකට සාධාරණයක් අරන්දෙන්න තමයි එයා මාව සුජාත මැඩම්ව මී⁣ට් කලේ. සුජාතා මැඩම් එයාගේ නැන්දා කෙනෙක් කියලයි මොනිකා මට කිව්වේ.."

"සුජාතා මැඩම් එයා මුලු දිවයිනටම සාමවිනිසුරුවරියක්. ඒත් එයාගේ නැන්දා ගනිකා මඩමක් පවත්වාගෙන යනවා කියලා මොනිකා මට කවදාවත් කියලා නැහැ. සමහරවිට එයා දන්නේ නැතුව ඇති.."

"සුජාතා මැඩම් මුලින් කිව්වේ.. එයාගේ හිතවතෙක්ගේ වෛද්‍ය මධ්‍යස්ථානයක් තියෙනවා.. ඒකේ වැඩට යන්න කියලා.."

"මොනවා කරන්නත් මේ වෙලාවේ ඔයා ජොබ් එකක් කරන එක හොඳයි කියලා තමයි මැඩම් මට අවවාද කලේ. බැංකුවේ රස්සාවට ආයුබෝවන් කියලා හිටපු මම දෙපාරක් හිතන්නේ නැතිවම සුජාත මැඩම් කියපු විදියට මෙතනට වැඩට ආවා..."

"මුල් මාස තුනම මම රිෂේප්ෂනිස්ට් විදිහටයි වැඩ කලේ. මට මේ හොස්පිටල් එක ඇතුලට යන්න අවස්ථාවක් ලැබුණේ නැහැ.. අවශ්‍යතාවයක් තිබුණෙත් නැති නිසා, මම ඒ ගැන වැඩිය හිතුවෙත් නැහැ.."

"කොලපාට යුනිෆෝම් එක ඇඳපු ලස්සන ලස්සන තරුණ ගැහැණු ළමයි දහයක් පහලොවක් විතර එතන වැඩකලා.. ලස්සනට වැඩට එනවා.. යුනිෆෝම් එක මාරුකරන් වැඩ කරනවා....නැවත ඇඳුම් මාරුකරගෙන හවසට වැඩ ඇරිලා ගෙවල්වල යනවා.. කීප දෙනෙක් නයිට් ෂිෆ්ට් එකත් කරනවා"

"ඔන්න දවසක් සුජාතා මැඩම් මට කිව්වා කුමුදු පේෂන්ට් කෙනෙක් ඇවිත් ඉන්නවා.. ඔයා ගිහින් එයාව බලාගන්න කියලා.. අදට කුමුදු ඒ වෝඩ් එක බාරගන්න කියලත් කිව්වා..."

"අනේ මැඩම් ඒවා ගැන මට තේරෙන්නේ නැහැනේ කියලා.. මම එයාට කිව්වම, එයා කිව්වා.. වැඩ පුරුදු වෙන්නත් එක්ක යුනිෆෝම් එකක් දාගෙන ගිහින් පේෂන්ට්ව තෙරපි කරන්න කියලා.."

"තෙරපි තමයි... අඬුවකට අහු උනා වගේ එදා මම ඒ මිනිහට යට උනා.. පස්සේ තමයි මෙතන තත්වයයි, මෙතනට එන ලෙඩ්ඩු ගැනයි හරි අවබෝධයක් මට ලැබුණේ.. "

"ඉතිං ඊට පස්සේ..මොකද උනේ"

"ඔන්න දවසක් රෑ මරු වැඩක් උනා... ලොකු අක්කගේ හස්බන්ඩ් අපේ මේ හොස්පිටල් එකට ආවා.. මිනිහා බීලා හිටිය නිසා, මාව හරියට දැක්කේ නැහැ.. මිනිහා සුජාත මැඩම්ට මිනිහගේ අවශ්‍යතාවය කිව්වා.. පස්සේ මැඩම් මිනිහව රූම් එකකට යව්වා.. ඊට පස්සේ මම මැඩම්ට කිව්වා මම යන්නම් කියලා.. ඉතිං මම ඒ කාමරයට ගියා... කාමරයේ ලයිට් ඩිම් කරලා තියෙන නිසා, මිනිහට මාව හරියටම අඳුනන්න බැරිවයි හිටියේ.."

" දැන් ඔන්න තොරතෝංචියක් නැතිව මිනිහා, මිනිහගේ ගෑණිගේ අඩුපාඩු කියෝනවා.. මම මිනිහට කිව්වා වොෂ් එකක් දාගන්න කියලා.. මිනිහා බාත්රූම් එක ඇතුලට ගිය වෙලාවේ, මම මගේ ෆෝන් එකේ කැමරාව ඔන් කරලා තිබ්බා.. මිනිහා ටවල් එක පිටින් ඇඳට වැටිලා මාව තුරුළුකර ගත්තා.."

"මිනිහා හෙන කුපාඩියා අනේ... මිනිහා හැසිරෙනකොට මට ඒක තේරුනා.. ඒ වෙනකොට මිනිහා මට අහුවෙලා ඉවරයි.. මිනිහා මිනිහගේ වැඩේ කරගෙන ආයිමත් දවසක එන පොරොන්දුව මත පිටත්වෙලා ගියා.."

"පස්සේ දවසක මිනිහා ආයිමත් ආවා.. එදත් එහෙම ඉන්නකොට.. මම මිනිහගෙන් මා ගැන ඇහැව්වා.. එතකොට මිනිහා බයවෙලා වගේ ඇඳෙන් නැගිට්ටා.. මිනිහා මගේ මුහුණ දිහා හොඳින් බැළුවා. පස්සේ මම ලයිට් එක දැම්මා... මිනිහට හිතාගන්න බැරි උනා... නංගි ඔයා මෙහේ... කියලා මිනිහට ඉබේම කිය උනා... "

"ඔව් මම තමයි... උඹලා විනාශ කරලා පාරට ඇදලා දාපු ඒ නංගි තමයි මම.. මම කේන්තියෙන් කියෙව්වා... ඊට පස්සේ මිනිහා කියපි, අනේ නංගි මට සමාවෙන්න.. මම හිතලා කරපු දෙයක් නෙවෙයි... එදා මට හොඳටෝම ඩෝප් වෙලා හිටියේ.. කසුන්... තමයි මට කිව්වේ නංගිව කාමර⁣යට එක්ක යන්න කියලා.. පස්සේ මම ඔයාව කාමරයේ ඇඳ උඩින් තියලා මම ආවා.... "

"ඊට ටික වෙලාවකට පස්සේ කසුන් ඇවිත් මාව ආයිමත් ඔයාගේ කාමරයට එක්ක ගියා.. එතකොට ඔයා ඇඳුම් නැතිවයි හිටියේ.. පස්සේ කසුන් මාව ඔයාගේ ඇඟට තල්ලු කරලා.. මිනිහා එලියට ගියා.. මම ඔයාව සීට් එකකින් පෙරෙව්වත් පසුව මට මාව පාලනය කරගන්න බැරි උනා..."

" අනේ මට සමාවෙන්න නංගි...කියලා මිනිහා අසරණයෙක් වගේ කියවන්න පටන්ගත්තා..."

"පස්සේ මම මිනිහව බ්ලැක්මේල් කරලා ලක්ෂ 50 ක් අරගත්තා..ඊට පස්සේ මිනිහට නොදැනෙන්න කසුන් ගත්ත වීඩියෝ එක මිනිහගේ ගෑණිගේ අතට පත්කලා.. ඒ පවුල එහෙම තමයි මම විනාශ කලේ. දැන් දෙන්නා වෙන්වෙලා ඉන්නේ.. අදටත් මිනිහා දන්නේ නැහැ... මමයි ඒක කලේ කියලා.."

"සමහරවිට ඔයාට හිතෙනවා ඇති මම මහ ජරා ගැහැණියෙක් කියලා... ඒත් උන් ඔක්කෝම එකතුවෙලා මටයි සුරේන්ටයි කරපු අසාධාරණයට මම එහෙම කලා"

"පස්සේ මගේ ඊලඟ ටාගට් එක උනේ.. කසුන්ව.. මම මිනිහව මෙතනට ගෙන්න ගත්තේ මොනිකා හරහා.. මම මිනිහට කලෙත් ඒකමයි.."

"මිනිහගෙනුත් මම මුදල් ගත්තා.. පස්සේ ඌයි මමයි එකට ඉන්න වීඩියෝවක් පොඩි අක්කට ඇරියා...මිනිහවත් පවුලෙන් අයින් කරලා... මම උන්ගේ පවුලත් විනාශ කලේ ඒ විදියට තමයි."

"එතකොට කුමුදු අර ඔයාගේ ලියුමේ තියෙන කතාව..."

"හරි මම ඒක ඔයාට කියන්නම්... මට ඕනි උනා මට ඒඩ්ස් හැදිලා ඉන්න බව උන්ට දන්වන්න.."

"ඉතිං ! එහෙම ලෙඩක් ඔයාට නැහැ නේද..."

"ඉතිං ! ඔයා මගේ කතාව අහගන්නකෝ කපිල මහත්තයා..."

"හරි හරි කියන්නකෝ... මම අහගෙන ඉන්නම්..."

"ඒක මම උන්ට ඇහෙන්න ප්‍රචාරය කලා. මගේ ඒ කතාව නිසා, උන් දෙන්නා තවමත් මැරි මැරි ජීවත්වෙනවා.. උන් වෛද්‍යවරයෙක් හමුවෙලා නැහැ ලැජ්ජාවට.. ඇත්තටම උන් දෙන්නම හිතින් විඳෝලම තව ටික දවසකින් මැරේවි.."

"උන්ගේ ගෑණු දෙන්නටත් ආරංචි වෙලා උන් දෙන්නට ඒඩ්ස් කියලා.. අද වෙනකොට ඒ මූසලියෝ දෙන්නත් බයෙන් ජීවත්වෙන්නේ.. උන්ටත් හැදිලා ඇති කියලා.. දරුවන්ට බලපායි කියලා උන් දෙන්නත් වෛද්‍යවරු හමුවෙන්න ගිහිල්ලා නැහැ.."

"තව ටික දවසකින් ඔවුන් හැමෝම විඳවලාම මැරෙයි... මාව මේ තත්වයට පත්කරපු හැම එකාටම ඒක වෙන්න ඕනි.. ඒ වෛරය හිතට ගත්තම මට දවසකට මිනිස්සු විස්සක් එක්ක උනත් බුදියන්න පුළුවන් කපිල මහත්තයා..."

"මාව මුදලට අරගෙන මඩම ඇතුලේ මාව දූෂණයට පත්කරන හැම එකාටම පස්සේ මම කියනවා මට ඒඩ්ස් කියලා.. උනුත් අද බයවෙලා විඳෝනවා.."

"සමහර මිනිස්සු මට කුණුහරුපයෙන් කෝල් කරලා බැන බැන අඬලා තියෙනවා.. මට ඒ වෙලාවට හරිම සන්තෝෂයි..වලත්තකමේ යන හැම එකාටම මම වගේ ගැහැණියක් විඳෝන සාපය වැදෙන්නම ඕනි.."

"ඒත් කුමුදු....."

"ඉන්න මහත්තයා... ඒ ටිකත් මම කියන්නම්.. මගේ සුරේන් දැන් බැඳලා ඉන්නේ මොනිකා. ඒකි මගේ යහළුවා උනාට ඒකි මාව පාවලා දුන්නා කියලා පස්සෙයි මම දැනගත්තේ.."

"මම කලින් කිව්වා නේද.. සුරේන් නෙවෙයි මමයි සුරේන්ගෙන් අයින් උනේ කියලා... සුරේන් දවසක් මොනිකට හමුවුනු කතාවක් මොනිකා මට කිව්වා. එයා තවමත් මා ගැන හිතනවා කියලා මොනිකා මට කිව්වා.. සුරේන් පව් කියලත් මොනිකා මට කිව්වා..."

" මේ හැමදෙයකම ඇත්ත දැනගෙන හිටපු මොනිකා උවමනාවෙන්ම තමයි මාව සුජාතා මැඩම්ට බාරදීලා තියෙන්නේ. මාව මෙතනට බාරදීලා... ඒකි ගිහින් සු⁣රේන්ට කිව්වා, මම ගනිකා මඩමක වේසියක් විදියට ජොබ් එක කරනවා කියලා. දවසක් මටත් හොරෙන් සුරේන්ව මෙතනට ගෙනල්ලා..ඒකි මාව සුරේන්ට පෙන්නලා තියෙනවා.. "

"මම කවදාවත් සුරේන් ලඟට යන්න හිටිය කෙනෙක් නෙවෙයි... ඒත් මට දරාගන්න බැරි උනා මොනිකා සුරේන්ගේ හිත ඇතුලේ මාව වේසියක් බවට පත්කරපු එක ගැන....."

"මොනිකටත් මගෙන් සමාවක් නැහැ... කපිල මහත්තයා එදා අහුලපු ලියුම මම ඒකිට ලිව්වෙත් ඒ නිසාම තමයි... ඒ ලියුම ඒකි බැලුවා නම් ඕකිටත් සහලෝලා උණ ගන්නවා...හොඳ වැඩේ ඒ මූසලීටත්... අඟේ ඉඳන් කණ කාපු හැතිරි... "

" ආ... අපි පැල්මඩුල්ලටත් ආවා... කපිල මහත්තයා තව ටිකනින් මම බහිනවා... දැන් ඕපනායකට හුඟක් ලඟයිනේ.. තව විනාඩි විස්සකින් විතර ඕපනායකට යන්න පුළුවන්... "

"හරි... කුමුදු... බොහොම ස්තූතියි... ඔයාට කියන්න බැරි උනා.. මම අද එන ගමන් ඒ ලියුම අලුත් කවරයකට දමලා.. ඇඩ්‍රස් එක ලියලා ලියුම් පෙට්ටියකට දැම්මා..."

"අනේ.. ඇත්තද කපිල.. ඔයාට ගොඩක් ස්තූතියි .. එහෙනම් හෙට උදේට ලියුම හම්බවේවි.."

"කපිල මහත්තයා"

"ඇයි කුමුදු.."

" මහත්තයා පොත ලියනකොට දුවෙක් උනත්, සහෝදරියක් උනත්, පෙම්වතියක් උනත්, බිරිඳක් උනත් තමන්ගේ ලඟින්ම ඉන්න අයගෙන් පරිස්සම් විය යුතු බව අනිවාර්යයෙන්ම ලියන්න මහත්තයා.. ලඟින් ඉන්න එකා තමයි මුලින්ම අපේ ඔළුවට අත හෝදන්නේ..."

" අර කියමනක් තියෙන්නේ... එකට ඉඳන් පුකට කොටනවා... කියලා..ඒවා බොරු කතා නෙවෙයි මහත්තයා..."

" කුමුදු කවද්ද ආයිමත් වැඩට යන්නේ..."

" මම ආයිමත් යන්නේ නැහැ කපිල මහත්තයා.... මම හාඩ්වෙයාර් එකක් පටන්ගන්නවා ලබන මාසේ ඉඳන්... දැන් හුඟක් වැඩ ඉවරයි...මට මොනවා හරි උනොත් මගේ අම්මටයි, තාත්තටයි, ඒ වගේම මම වේසියෙක් උන නිසාම පවුල් ජීවිතය අහිමිවුනු මගේ අහිංසක නංගිටයි ඒකිගේ දරුවටයි ජීවිතයක් තියෙන්න ඕනි මහත්තයා. මේ මම ගෙවපු ජීවිතය මෙතනින්ම නතර කරන්න ඕනි..."

" කුමුදු.. "

"ඇයි.."

"අන්තිම දවස නිසා.. අපි බලංගොඩින් බහිමුද..."

"ඇයි ! ඒ"

"මමත් ආසයි කතාවේ ඉතිරි ටික ඔයා එක්ක තව දුරටත් කතාකරන්න.."

"හ්ම්ම්.."

*********************************
[උදේ නැඟිටින විට දහයත් පහුවෙලා.
මම නැඟිටින කොට කුමුදු කාමරයේ හිටියේ නැහැ. පව් අහිංසක කෙල්ල, උදෙන්ම යන්න ඇති. අද ඉඳලා ඒකි හොඳ ජීවිතයක් පටන්ගනීවි. මේ.... මොකක්ද... ආ.. ලියුමක්..
කුමුදු ලියුමක් ලියලා තියලයි ගිහින් තියෙන්නේ]
**********************************

දයාබර කපිල,

මම නැඟිටින විට ඔයා හොඳටෝම නිදි. මම ඔයාව ඇහැරෙව්වේ නැහැ. කොහෙද ඉතිං.. ඊයේ රෑ නිදාගන්නේ නැතිව දඟ කලානේ.

මම හිතුවා ඇත්තටම ඔයා හොඳ කොල්ලෙක් කියලා. ඒත් බලනකොට අර පාදඩයෝ ටික මගෙන් බලෙන් උදුරගත්ත දේ, ඔයා අද කපටිකමින් ලබාගත්තා.

අසරණ වෙච්ච ගැහැණියකට කරන එකම අවලං වැඩේ ඔය දෙගොල්ලෝම දෙවිදියකට කලා කියලා මම දන්නවා.

මම ඔයාට කලිනුත් කිව්වා මතකද, ගැහැණිය අවමානයට පත්කරන කිසිම මිනිහෙකුට මගෙන් සමාවක් නැහැ කියලා. ඇත්තටම ඔයාටත් ඒ දඬුවමම තමයි කපිල මහත්තයා මගෙන් ලැබෙන්නේ. ඒකේ වෙනසක් නැහැ. හෙටටත් මම එහෙමම තමයි.

ඇත්තටම කපිල මහත්තයා, මම සමාජ රෝගියෙක්. මට ඒඩ්ස් කියන රෝගය තියෙනවා. මම දන්නවා කාටත් කලින් මම මැරෙණවා කියලා.

ගෙදර ගෑණිව රවට්ටලා ගනිකා මඩමට ඇවිත් මට බොරු කියමින් මාව හුරතල් කරපු හැම එකාටම මම ඒ දඬුවම දුන්නා.

මට දුක අවසාන මොහොතේ ඔයත් ඒක ඉල්ලලාම ගත්ත එක ගැනයි. දැන් කරන්න දෙයක් නැහැ. ඔයා වැරදි නැත්නම් මට ඇඟිල්ල උස්සන්න. ඔයා වැරදි නම්, මම වැළලුවාට පසුව මගේ ලඟට එන්න.

අද වෙනකොට සුරේන්ටත් ඒඩ්ස් හැදිලා ඉන්නේ. ඒකයි මම මොනිකටත් ඒ බව ලිපියකින් දැන්නුවේ. ඒකිටත් හොඳ වැඩේ. දෙකොන ගිණි තියපු වල් පරට්ටී.

මට පිස්සු කියලා හිතන්න එපා කපිල මහත්තයා. මම කුමාරිකාවක් වගේ ජීවිතය ගෙවාගෙන යනකොට අවලං පිරිමින් සහ ගැහැණුන් නිසා සමාජ අසාධාරණයට ලක්වන අහිංසක ගැහැණු වෙනුවෙන් මොකුත්ම දෙයක් කරන්න බැරි උනා.

ඒත් ! අද දවසේ මම වේසියක් විදියට ඒ සමාජ සාධාරණය හොඳින් ඉටුකරමින් ඉන්නවා. ගෙදර ගෑණිට බොරු කියලා අවලමේ යන පිරිමියත්, ⁣ඒ වගේම, ගෙදර මිනිහට බොරු කියලා අවලමේ යන ගැහැණියත් මුන් දෙගොල්ලොම ඒඩ්ස් හැදිලා කුණුවෙලා මැරෙන්න ඕනි කියලා, මහත්තයාගේ කතාවේ අවසානයට ලියන්න මහත්තයා.

මම හෙට මැරුණත් මැරෙන්නේ සතුටින්. එච්චරයි මම දන්නේ.

මහත්තයාට බුදු සරණයි.
මම
කුමුදු

"වේසී....ඊ....ඊ....ඊ... තෝ මාව කෑවා..." මට ඉබේටම කෑ ගැසුනා

උපුටාගැනීමකී.

Address

Kegalle

Website

Alerts

Be the first to know and let us send you an email when Watha posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Establishment

Send a message to Watha:

Share