November

November 🖤. NOVEMBER...
"the stories of once upon a November..."

🖤. NOVEMBER...chapter. 03මැයි මාර 💮එකම එක මැයි මලක, තරම නම් මෙච්චරක්.....සමිධගේ අප්‍රකාශිත පෙම, වේද කොච්චරක් ..... #මැයි...
11/06/2025

🖤. NOVEMBER...

chapter. 03

මැයි මාර 💮

එකම එක මැයි මලක, තරම නම් මෙච්චරක්.....
සමිධගේ අප්‍රකාශිත පෙම, වේද කොච්චරක් .....

#මැයිමාර #මැයිමාරප්‍රසංගය

✒️: KMD.🌻

🖤. November...Chapter. 02සංචරණියට...🌼පරණ ජෑම් බෝතල්, තුත්තිරි මල් මිටි, කුරුඳු - සාදික්කා - එනසාල් - ගම්මිරිස් - කරාඹු න...
02/12/2024

🖤. November...

Chapter. 02

සංචරණියට...🌼

පරණ ජෑම් බෝතල්, තුත්තිරි මල් මිටි, කුරුඳු - සාදික්කා - එනසාල් - ගම්මිරිස් - කරාඹු නැටි - ඉඟුරු වගේ කුළුබඩු සුවඳවල්, රතු පාට රෙදි කෑලි, සුදෝසුදු මීදුම් සේල, රේල් ගැටේ, කෝච්චි සළඹ, ලස්සනට සරසපු පුංචි අඩි පාරවල්, සුදු වැලි අතුරපු නැරඹුම් මැදිරි, ලස්සනම ලස්සන පොත්...

තව තියනවා,

ප්‍රසංග පවත්වන රතුම රතුවට පිරුණු ලස්සන මැයි මාර මල් පොකුරු...

ආදරයේ විශ්වීය පණිවිඩය අරගෙන කන්දෙන් කන්දට ගමන් කරන ඉඟුරු මලක් වගේ ලස්සන ලා පැහැති ගැහැණු සිහිනය...

ජීවිතයම, විෂ්වය තූල ගලායන රිද්මයානුකූල ආදරයක් වෙනුවෙන්ම කැපකල පරාර්ථකාමී සමිධ අයියෙගේ අප්‍රකාශිත ප්‍රේමය...

තව,

එතන හිටපු ලෝකෙ ලස්සනම ආදර කතා ලියන තුන්වෙනි පාර්ශවීය තෙලිතුඩුවා...

ඇත්ත...

"අපි ඒ ගහ ගැන කියන්නම තමයි ඒ පොත ඇතුලට ගියේ"

ඉතින්...
මස්ඉඹුල මහත්තයා හරි,

සියල්ල දත් ඔවුන්, කොපමණ ඇති ද...
ඔවුන්ගේ මිහිරි බස්, කොතරම් මිහිරි ද...
නමක් නොදන්නා ඔබ, වැනි අය කොපමන ඇති ද...
සහ
ඔබේ නොදන්නා කම නිසාම, කිසිවක්ම නොදන්නා ඔබලා කොපමනක් ද ?

ආදරය, ආදරයේ තරම... දැනගන්න ට විඳගන්නට හෝ දරාගන්නට නොහැකිව සමහර විට "ඔබ නොදන්නා දේ" නිසා...

ඔබට මෙලොවදී ලැබෙන්නට නියමිතව තිබූ අසීමාන්තික වූ විශ්වීය සංධ්වනීන් සහිත ඒ ආදරය, සංචරණිට මෙන්ම ඔබට මගහැරෙන්නට ඇත.

එහෙයින් සංචරණියට ලියමි,

ගහකොළ ට, සොබාදහම ට, පොත් වලට, මල් වලට, සංගීතයට, කලාවන්ට, සරළ බවට, මනුෂ්‍යත්වයට මෙන්ම විශ්වයටම ආදරය පතුරුවා හරින සමිධ වැනි ආදරණීය සම්භාව්‍ය පිරිමින් මගහැරගන්න එපා..!

✒️: KMD 🌻

#මැයිමාරප්‍රසංගය

🖤. NOVEMBER...Chapter. 01කුඩේ...☂️මට තිබුනා ලස්සන කූඩයක්. ඒක මම කැමතිම විදියෙ තුනට නමන්න පුළුවං ලස්සනම ලස්සන හුරුබුහුටි ...
21/11/2024

🖤. NOVEMBER...

Chapter. 01

කුඩේ...☂️

මට තිබුනා ලස්සන කූඩයක්. ඒක මම කැමතිම විදියෙ තුනට නමන්න පුළුවං ලස්සනම ලස්සන හුරුබුහුටි කුඩයක්. ඒ කුඩේ පුරාම තිබුනෙ සුදු පාට චූටි චූටි මල් ජාතියක්. ඉතින් මට තිබුනෙ ඒ කුඩේ විතරයි. ඒ නිසා මගේ කුඩේට ගොඩක් ආදරේ කරා. ඒක හින්දම මම ඒක පරිස්සමින් බලා ගත්තා, පරිස්සම් කරා කියන්නේ මාරම විදියට පරිස්සම් කරා.

"මම වැස්සේ තෙමෙන්න ගොඩාක් බයයි" !

ඒක නිසා මම යන හැම තැනම මගෙ කුඩේ ළඟින්ම තියා ගත්තා. අව්ව වෙලාවටයි, හයියෙන්ම වහින වෙලාවල් වලටයි, සමහර වෙලාවට පොඩි පින්නක් ගියත් මම මගෙ කුඩේ ඉහලුවා. මම වැස්සේ තෙමෙන්න කොච්චර බය උනත් සමහර වෙලාවට හයියෙන් කුණාටු එනකොට කුඩේ අකුලගෙන මම වැස්සේ තෙමි තෙමී යනවා, මගෙ හුරුබුහුටි පුංචි කුඩේට ඒ කුණාටු දරාගන්න බැරුව කැඩිලා යයි කියලා හිතිලා. මම මගෙ කුඩේට ගොඩක් ආදරේ කරපු හින්දා ජීවිතේ හැම වෙලාවකම වගේ ළඟින්ම තියාගත්තා.

සමහර වෙලාවට කුඩේ වතුර තිබුනත් මම අතේම තියාගත්තා සීරෙයි කියලා බයට, නැත්තම් කවුරු හරි මගෙ කුඩේ අරන් ගියොත්...

ඔන්න දවසක් හයියෙන්ම වහින්න පටන් ගත්තා ඒක නිකම්ම නිකං වැස්සක් නෙවෙයි. අකුණු ගගහ වහින මහ මොර සූරන වැස්සක්.

"ඒක හිටි හැටියෙමයි පටන් ගත්තේ,
වැස්සක සේයාවක් වත් තිබුනෙ නෑ පේන්න."

මං හිටියෙ, මුවා වෙන්න කිසිම තැනක් නැති පාළු පාරක් මැද. කුඩෙත් ඉහලන් ඉක්මනට යන්න හදනකොටම මහා හුළඟක් ආවා.

"ඒක මහා නපුරුම නපුරු හුළඟක්."

හයියෙන්ම ආපු හුළඟ නිසා කුඩේ පැත්තකට ඇදිලා ගියා. මං අතේ තිබුණ බෑග් එකත් බිම දාලා අත් දෙකෙන්ම කුඩේ අල්ල ගත්තා මට පුළුවං තරම් හයියෙන්. ඒත් හුළඟත් එන්න එන්නම වැඩි උනා. කුඩේ අකුල ගන්නවත් බැරි තරමට ඒ නපුරු හුළඟ තවත් වැඩි උනා. කුඩේ ඉරෙන්න ඔන්න මෙන්න වගේ.

ඒ වෙලාවෙ මට හිතුනා,
"අනේ මගේ හුරුබුහුටි පුංචිම පුංචි කුඩේ"

මට ඒ වෙලාවෙ මොකද්ද කරන්න ඕනි කියලා හිතා ගන්න බැරිවුනා. මම හයියෙන් කෑ ගැහුවා, හයියෙන් ඇඬුවා. කොච්චර හයියෙන් කෑගැහුවත්, කොච්චර හයියෙන් ඇඬුවත් මාව ඇහෙන කවුරුත් වත් මට උදව් කරන්න පුළුවං කවුරුත් වත් එතන හිටියේ නෑ.

"හිටියත් උදව් කරන්නේ කොහොමද ?"

කොච්චර හයියෙන් අල්ලන් හිටියත් ඒ නපුරු හුළඟෙ අඩුවක් උනේ නම් නෑ. කුඩේටත් ඕනෙ යන තැනක් නොදැන ඒ නපුරු හුළඟට ගහගෙන යන්නමයි. මම දැනගග්තා තවත්නම් අල්ලන් හිටියොත් කුඩේ කම්බි කැඩෙන වග හදන්නම බැරි විදියට ඉරෙන වග. කොච්චර ආදරේ උනත් මං කොහොමද එහෙම වෙනකල් බලන් ඉන්නේ. ඉතින් මං කුඩේ අතෑරියා. කුඩෙත් ඒ හුළඟත් එක්කම වේගෙන් ගහගෙන ගියා...

කුඩේ දන්නේ නෑ හුළඟ කොහෙ යයිද කියලා. සමහර විට හුළඟ දන්නෙත් නැතුව ඇති.

සමහර විට ඒ නපුරුම නපුරු හුළඟ නිසා කුඩේ කැඩෙන්නත් පුළුවං, ආයෙ හදන්නම බැරි වෙන විදිහට.

කමක් නෑ සමහර විට හුළඟෙන් අයින් වෙලා ඒ වගේ නපුරු කුණාටුවක් නැති තැනකට පාවෙලා යයිනෙ...

"එත් තාම මම හයියෙන් අඬනවා.
මගෙ කම්මුල් දිගේ කඳුළු බිංදු වැටෙනවා.
වැස්සේ අඩුවකුත් නෑ. තාම හයියෙන්ම වහිනවා.
වැස්ස නිසා කඳුළු බිංදු ඔක්කොම හේදෙනවා.
ඒක හින්දා මිනිස්සු හිතන එකක් නෑ මම අඬනවා කියලා."

මං තෙමි තෙමී මේ මොර සූරන වැස්සෙ යන්න යනකොට, ගලාගෙන යන වතුරෙ ගහගෙන ආවා තව කුඩයක්.

ඒකත් ටිකක් අබලන්, කම්බි දෙක තුනක් ඇදවෙලා,
මේ වැස්සට ලාවට ඉහල ගන්න නම් පුළුවං.

කලින් නම් මගෙ කුඩේ වගේම හැඩට තිබුණු පාටයි,
මේ කුඩෙත් නපුරු හුළඟකට අහු වෙලාද කොහෙදෝ.

ඉතින් මං වැස්සෙම තෙමි තෙමී ගෙදර ආවා. මගෙ යාළුවෝ සමහර අය දන්නවා මම මගේ කුඩේට කොච්චර ආදරේද කියලා. දැන් මං ළඟ ඒ කුඩේ නෑ. එයාලා ඇහුවා මොකද උනේ කියලා. ඉතින් මා ළඟ එයාලට කියන්න දෙයක් තිබුනෙ නෑ.

"මට ඒ කුඩේ නැතුව බැරි උනා. ඒත් කරන්න දෙයක් තිබුනෙ නෑ."

මම හුරු උනා කුඩයක් නැතුව අව්වෙ ගමන් යන්න.මම හුරු උනා මහ වැස්සේ තෙමෙන්න. දැන් මට පුළුවං කුඩයක් නැතුව ඉන්න.

මගෙ පුංචි කුඩේ අරන් ගියපු ඒ නපුරු හුළඟට මම වෛර කරන්නෙ නෑ...

ඒක තමයි, මට වැස්සේ නොදැකපු ලස්සන පෙන්නුවේ.

"දැන් මම බය ම කුඩ ඉහලන්න.
ඉතින් මම ආසයි වැස්සට."

ආ...

තව දෙයක්,

මම තාම ආදරෙයි..! ❤️

ඒ ඉහලපු මගෙ හුරුබුහුටි පුංචිම පුංචි,

කුඩේට.

✒️: KMD 🌻

Address

Sir Lanka
Kegalla

Website

Alerts

Be the first to know and let us send you an email when November posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share