N Media

N Media Education and Hot News, Gossps, Entertainment

Hi
25/11/2024

Hi

https://youtu.be/yQk6B2EYCb4
31/10/2024

https://youtu.be/yQk6B2EYCb4

Hambanthota harbor China mark Aruna Namal YouTube Channel එක සමග එකතු වන ඔබට දැනුම, විනෝදය, තාක්‌ෂණය, අධ්‍යාපණික වීඩියෝ එකම තැනකින් නැරඹීමට හැකියි. තා.....

විශිෂ්ඨතම පාපන්දු ක්‍රීඩක ක්‍රීඩිකාවන් සම්මානයට පාත්‍රවන 68 වැනි FIFA බ්ලැන්ඩි ඕර් සම්මාන රාත්‍රිය ප්‍රංශයේ පැරිස් නුවරද...
30/10/2024

විශිෂ්ඨතම පාපන්දු ක්‍රීඩක ක්‍රීඩිකාවන් සම්මානයට පාත්‍රවන 68 වැනි FIFA බ්ලැන්ඩි ඕර් සම්මාන රාත්‍රිය ප්‍රංශයේ පැරිස් නුවරදී අති උත්කර්ෂවත් අයුරින් පැවැත් වුණා.

මෙහිදි මෙම වසරේ ජාත්‍යන්තර මෙන්ම ක්‍රීඩා සමාජ පාපන්දු පිටියේදී ක්‍රීඩක ක්‍රීඩිකාවන් දැක් වූ දස්කම් ඇගයීමට ලක් කරමින් සම්මාන පිරිනැමීමට කටයුතු කළා.

ඒ අනුව වසරේ නැඟී එන පාපන්දු ක්‍රීඩකයාට හිමි සම්මානය දිනා ගන්නට ස්පාඤ්ඤයේ 17 හැවිරිදි ලැමයින් යමල් සමත් වුණා.

වසරේ විශිෂ්ඨතම පාපන්දු ක්‍රීඩිකාවට හිමි සම්මානය අඛණ්ඩව දෙවැනි වරටත් දිනා ගත්තේ ස්පාඤ්ඤයේ අයිටානා බොන්මති.

මෙහිදී වසරේ විශිෂ්ඨතම පාපන්දු ක්‍රීඩකයාට හිමි බ්ලැන්ඩි ඕර් සම්මානය ස්පාඤ්ඤ මෙන්ම එංගලන්තයේ මැන්චෙස්ටර් සිටි ක්‍රීඩා සමාජය නියෝජනය කරන රොඩ්‍රි දිනා ගන්නට සමත් වීමත් කැපී පෙනුණා.

ඒ බ්‍රසීල පාපන්දු ක්‍රීඩක මෙන්ම ස්පාඤ්ඤයේ රියාල් මැඩ්රිඩ් ක්‍රීඩා සමාජය නියෝජනය කරන විනිසියස් ජූනියර් අභිබවා යමින්.

රොඩ්‍රි බ්ලැන්ඩි ඕර් සම්මානය දිනාගත් පළමු අවස්ථාව මෙය වන අතර මෙහිදි විනිසියස් ජූනියර්ට මෙම සම්මානය හිමි නොවීමට විරෝධය පළකරමින් ඔහු නියෝජනය කරන රියාල් මැඩ්රිඩ් ක්‍රීඩා සමාජය සහ එහි ක්‍රීඩකයින් මෙවර සම්මාන උළෙල වර්ජනය කිරීමත් සුවිශේෂී සිදුවීමක් වනවා.

එමෙන්ම 8 වරක් බ්ලැන්ඩි ඕර් සම්මානය දිනූ ලියොනල් මෙසී සහ පස්වරක් මෙම සම්මානය දිනූ ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ මෙවර විශිෂ්ටතම පාපන්දු ක්‍රීඩකයාගේ සම්මානය සඳහා වසර 21කට පසු නිර්දේශ නොවීමත් කැපී පෙනෙනවා.

රජය විසින් භාණ්ඩ වර්ග 5ක් සඳහා අළුතින් විශේෂ වෙළෙඳ භාණ්ඩ බදු පනවා ඇති බවට ප්‍රචාරය වන පුවත් අසත්‍ය බව මුදල්ල ආර්ථික සංවර...
18/10/2024

රජය විසින් භාණ්ඩ වර්ග 5ක් සඳහා අළුතින් විශේෂ වෙළෙඳ භාණ්ඩ බදු පනවා ඇති බවට ප්‍රචාරය වන පුවත් අසත්‍ය බව මුදල්ල ආර්ථික සංවර්ධනල ප්‍රතිපත්ති සම්පාදනල සැලසුම් සහ සංචාරක අමාත්‍යාංශය පවසනවා.

නිවේදනයක් නිකුත් කරමින් එම අමාත්‍යාංශය සඳහන් කළා.

ඒ, 2007 අංක 48 දරන විශේෂ වෙළඳ බාණ්ඩ බදු පනත යටතේ 2024 ඔක්තෝබර් මස 14 දිනැති අංක 2406/02 ගැසට් නිවේදනය මගින් භාණ්ඩ වර්ග 05ක් සඳහා බදු පනවා ඇති බවට පළවන මාධ්‍ය වාර්තා සම්බන්ධයෙන් පැහැදිලි කරමින්.

2007 අංක 48 දරන විශේෂ වෙළඳ භාණ්ඩ බදු පනතේ 2 වගන්තිය යටතේ පනවනු ලබන බදු පැනවීමේ නියමයන් හි ප්‍රධාන වශයෙන් අදාළ භාණ්ඩ නිශ්චිතව රේගු සංකේතාංක සමග අදාළ බදු අනුපාතයන් සමගින් දැක්වීමත් එම නියමය බලාත්මක වන නිශ්චිත කාල පරාසය, අදාළ නියමයේ සදහන් කිරීමත් ප්‍රධානම නීතමය අවශ්‍යතාවන් 03ක් බව එහි සඳහන් කර තිබෙනවා.

එම නීතිමය අවශ්‍යතාවය පදනම් කරගෙන, ආනයනික භාණ්ඩ 05ක් සඳහා විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද ක්‍රියාත්මක කර තිබු 2353/77 දරන ගැසට් නිවේදනයේ වසරක් වු වලංගු කාලය අවසන් වු බැවින් එය නැවත එලෙසම දීර්ඝ කර ඇති බවයි එමගින් පෙන්වා දී ඇත්තේ.

17/10/2024
https://youtu.be/Lv1FfiXIUfk
17/10/2024

https://youtu.be/Lv1FfiXIUfk

අනුර කුමාර දිසානායක ජනාධිපතිතුමා විසින් මාලිමාවේ ඉදිරි මැතිවරණ අපේක්ෂකයන් අමතා කල කථාවIf you have any issue please contact (only WhatsApp) 0714671925 ...

ලෝකවාසි බෞද්ධ ජනතාවට අතිශයින් වැදගත් පොහොය දිනයක් වන වප් පුර පසළොස්වක පොහොය දිනය අද (17)ට යෙදී තිබෙනවා.වප් මාසය සම්මා සම...
17/10/2024

ලෝකවාසි බෞද්ධ ජනතාවට අතිශයින් වැදගත් පොහොය දිනයක් වන වප් පුර පසළොස්වක පොහොය දිනය අද (17)ට යෙදී තිබෙනවා.

වප් මාසය සම්මා සම්බුද්ධ ශාසන ඉතිහාසයේ චීවර මාසය ලෙස ද හඳුන්වනු ලබයි.

වසරේ මාස දොළොස හේමන්ත – ගිම්හාන – වස්සාන යනුවෙන් ඍතු තුනකට බෙදනු අතර එයින් වස්සාන ඍතුවේ වැසි සාර මාසයෙන් මුල් තුන් මස භික්ෂූන් වහන්සේලා වස් වසා වැඩ සිටින කාලයයි.

එසේ වස් විසූ පැවිදි උතුමන් වහන්සේලා වස් පවාරණය කරනු ලබන්නේ වප් පුන් පොහෝ දිනකයි.

භාග්‍යවතුන් වහන්සේ අනුදැන වදාළ ආකාරයට, එක්ව වස් වැසූ සබ්‍රහ්මචාරීන් වහන්සේලා ඉදිරියේ පවාරණය සිදුකරනු ලබන්නේ මෙලෙස පවසමින්.

‘සංඝං භන්තේ පවාරේමි. දිට්ඨේන වා සුතේන වා පරිසංකාය වා. වදන්තු මං ආයස්මන්තෝ, පස්සන්තෝ පටිකරිස්සාමි. ‘ස්වාමීනී, සංඝයා වහන්සේට පවරමි. වස් වසා වැඩසිටි කාලය තුළ මාගේ වරදක් දැක්කා නම්, අසන්නට ලැබුනා නම්, සැකයක් ඉපදුනා නම් එය මට පවසන්න. මා අතින් එම වරද සිදු වූ බව දන්නේ නම් එය නිවැරදි කරගනිමි.“ යනු එහි තේරුමයි.

සම්බුදු සසුනක පමණක් දක්නට ලැබෙන එම උත්තම ආයති සංවරය තුළ පිහිටමින් මහා පවාරණය සිදුකරනා භික්ෂූන් උදෙසා ඊළඟ චීවර මාසය තුළ සැදැහැවත් උපාසක උපාසිකාවන් කඨින චීවර පූජා කර උතුම් පුණ්‍ය ධර්මයන් රැස්කර ගනියි.

පැවිදි උතුම්න් වහන්සේලා සිය ශාසනික ජීවිතය පිළිවෙතින් සරුකර ගන්නා වූ ද ගිහි පින්වතුන් බොහෝ පින් රැස්කර ගන්නා වූ ද පින්බර වස්සාන සමය නිමාවට පත්ව මහා පවාරණයන් සිදුකරනු ලබන්නේ වප් පුන් පොහෝ දින දී ය.

සැරියුත් හිමියන් ප්‍රඥාලාභී භික්‍ෂූන් අතර අග්‍රස්ථානය ලැබීම, කල්ප ලක්‍ෂයකින් මතුයෙහි බුදුවීමට සිටින මෛත්‍රී බෝසතාණන් ගෞතම බුදුරදුන්ගේ ශාසනයෙහි පැවිදි වීම, අනුලා දේවිය ඇතුළු කුල කතුන් සසුන්ගත කිරීමට සංඝමිත්තා තෙරණිය ඇතුළු භික්‍ෂුණී සංඝයාත්, ජය ශ්‍රී මහා බෝධියේ දක්‍ෂිණ ශාඛාවත් ලක්දිවට වැඩමවා ගැනීමට අනුබුදු මිහිඳු හිමියන්ගේ නියමයෙන් දෙවනපෑතිස් රජුගේ සංදේශයත් තුටු පඬුරුත් රැ‍ගෙන අරිට්ඨ කුමරු ප්‍රමුඛ රාජකීය දූත පිරිස දඹදිව සැලලුප් නුවර ධර්මාශෝක චක්‍රවර්තීන් හමුවීමට පිටත්කොට යවන ලද්දේ ද වප් පෝ දායි.

මහාරිෂ්ඨ මහ රහතන් වහන්සේ විසින් ලංකා ශාසන ඉතිහාසයේ අමරණීය සිද්ධියක් වන විනය පිටකය සංඝායනා කිරීම වැනි ඉතා වැදගත් සිදුවීම් රැසක් වප් පුර පසළොස්වක පෝය දින දී සිදු වී තිබෙනවා.

Address

No 91/B, Kalugala Watta
Katugastota
20000

Alerts

Be the first to know and let us send you an email when N Media posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Establishment

Send a message to N Media:

Share