Sanka Padma Agalawatta

Sanka Padma Agalawatta

හොරුන් හොරුන් යැයි ලේබල් ගැසූවන්එතරම්ම හොරු නොවිය හැකි බවද...තමුන් සුදනන් යැයි කියූ වුන් "රට කා වතුර බිව්" කම්බා හොරුන් ...
18/04/2026

හොරුන් හොරුන් යැයි ලේබල් ගැසූවන්
එතරම්ම හොරු නොවිය හැකි බවද...
තමුන් සුදනන් යැයි කියූ වුන් "රට කා වතුර බිව්" කම්බා හොරුන් වියහැකි බවද...

හොරුන් අල්ලනවා යැයි කියූ උන්ව හොරුන් විසින් පවන් ගසමින් කර තබන් දුවනා බැව්ද
ක්‍රම ක්‍රමයෙන් රට වැසියා තේරුම් ගනිමින් සිටී......

සමාවෙන්න.... සහෝදර-?වරුනි (?හොරුනි... ?හොර-බොරුනි...) මේ ප්‍රථම හා අවසාන අවස්ථාවය....නැවත නුඹලාට අවස්තාවක් නැත.
සමහරවිට මෑත කාලීන ලංකා ඉතිහාසය පුරාවට ප්‍රභාකරන් හැරුණු විට ලංකාවට වැඩිම හානියක් සිදු කළේ නුඹලාගේ සහෝදර පරම්පරාව විය හැක....!!! 😪

- Sanka Padma Agalawatta

(වැස්සකටවත් ගණන් ක්ලාස් එකකට නොගිය අය පෝස්ටර් හැදුවම වෙන වැඩේ පේන්න තමා යට පින්තූරය දැම්මෙ...😅)

පෞද්ගලිකව අපි කවදාවත් මනුස්සයෙක් දියුණුවෙන දිහාව බලලා ඊර්ෂ්‍යා කරපු මිනිස්සු නෙවෙයි. අපේ දෙමව්පියන්වත්, අපේ ගුරුවරුන්වත්...
05/04/2026

පෞද්ගලිකව අපි කවදාවත් මනුස්සයෙක් දියුණුවෙන දිහාව බලලා ඊර්ෂ්‍යා කරපු මිනිස්සු නෙවෙයි. අපේ දෙමව්පියන්වත්, අපේ ගුරුවරුන්වත් අපිට එහෙම උගන්වලා නැහැ. මේ ලෝකය ගත්තාම එහෙම තමයි. සමහරු දුප්පත්, සමහරු පොහොසත්, සමහරු අතිශය දුගී, සමහරු අතිශය ධනවත්......එක එක රටවලට සාපේක්ෂව ඔය කරුණුවල cutoff එක වෙනස්. ඕනෑම දියුණු රටක වුණත් ඒ රටේ ආර්ථිකය එක්ක ජීවන වියදම කළමනාකාරණය කරගන්න බැරි පිරිස් ඉන්නවා. ඒක සාමාන්‍ය දෙයක්.

නමුත් එහෙමයි කියලා ඒ කරුණු ඔස්සේ අනවශ්‍ය සමාජ වෛරයක් ඇතිකරන්න, සමාජ ඝට්ටනයක් ඇතිකරන්න සහ ඒ මතින් තම බලය පවත්වාගන්න යම් දේශපාලන කඳවුරක් කටයුතු කරනවානම් සියළුම පුරවැසියන් එක්ව එය පරාජය කිරීමට කටයුතු කළ යුතුයි.
මම පෞද්ගලිකව විශ්වාස කරන දෙයක් තමයි ලංකාවේ ඕනෑම සමාජ තරාතිරමක කෙනෙක්ට අවශ්‍යතාවය තියෙනවානම් දියුණුවෙන්න ක්‍රම තියෙනවා. ඒ නිසා කවුරුහරි හිතනවානම් අනේ අපි දුප්පත් කියලා ඒක තමතමුන්ගෙත් වැරැද්දක්. විශේෂයෙන්ම නිදහස් අධ්‍යාපනයක්, නිදහස් සෞඛ්‍ය සේවයක් එක්ක.....ඔව්....ඒවා ලංකාවේ මිනිස්සුන්ට ලැබෙන අමතර බෝනස්. ඒවා නිසි පරිදි භාවිතා කළයුතු කාලයේ ප්‍රයෝජනයට ගන්න, පස්සෙ කාලෙක පසුතැවෙන්න ඉඩ නොතියා....!

පහත චායාරූපයේ පෙන්වන ගෙවල් දෙක කාල දෙකකට අයිති ආන්දෝලනාත්මක සේයාරූ දෙකක්...වමේ එක ටිකක් පැරණි එකක්, දකුණේ එක බ්‍රෑන්ඩ් නිව්. මුළු රටේම ජනතාව මේ ගෙවල් දෙක පිළිබඳව දැන් දන්නවා....😅
මට මේ ගෙවල් දෙක පිළිබඳවම විශේෂ උනන්දුවක් නෑ. නමුත් මට හිතාගන්න බැරි මේකයි.........අනේ වංචා දූෂණ කරලා අයථා ඉපැයීම් කරනවෝ කියලා පශ්චාත් භාගය පොළොවේ ගසාගත් අවධියක ඉඳලා, ඒක මැඬළන්න අපිට බලය දීපියව් කියලා වේදිකා ගානෙ කෑ මොර දීලා, ගෙදරදොරේ වියදමටත් මුදල් නෑ ඒ තරම් කැපවෙලා කියලා මීට වසර එකහමාරකට දෙකකට කලියෙන් ජනාධිපතිවරණ වේදිකාවල හූමිටි තියලා.....අද වෙනකොට කෝල් දීලා ලක්ෂ 5-6 ගානෙ මුදල් සීයකගෙන් ගන්න පුළුවන් කියන තැනට වර්ධනය වෙන්නත් මිනිහෙක්ට පුළුවන්වෙන්නෙ කොහොමද කියන එක....!!!
ඊටත් වඩා විහිළුවක් තමයි වමේ එක නරකයි කියන සන්දර්භයේ ඉඳලා දකුණේ එක ගැටළුවක් නෑ හොඳයි කියලා අනෙක් අතට කියන එක....😅

- Sanka Padma Agalawatta

(ප.ලි. - නිවසෙහි ප්‍රමාණය නොව, හුදෙක් දේශපාලන මතවාදයෙහි පුස්බව පෙන්වීමට පමණක් ලියන ලද්දක් බව පමණක් ප්‍රකාශ කරමි. සියළුම සත්වයෝ තම තමන්ට හැකි පමණින් හිසට වහලක් තනා ගනිත්වා...🙏)

අපි ලෝකය දිහා බලන්න ඕනි යථාර්ථවාදීව. කෙනෙක් තමන්ට තාවකාලිකව ලැබුණු බලයකින් මත් වෙලා කටයුතු කරනවානම් ඒක රටකට/සමාජයකට හානි...
05/04/2026

අපි ලෝකය දිහා බලන්න ඕනි යථාර්ථවාදීව. කෙනෙක් තමන්ට තාවකාලිකව ලැබුණු බලයකින් මත් වෙලා කටයුතු කරනවානම් ඒක රටකට/සමාජයකට හානියක්. එහෙම අනීතික ලෙස බලයෙන් මත්වෙලා තර්ජන ගර්ජන එක්ක කටයුතු කරපු පාලකයින් අතීතයේදීත් හිටියා, වර්තමානයේදීත් ඉන්නවා. ඒක වෙනස් කරන්න බෑ. නමුත් ඒ මඟින් ගම්‍ය වෙන්නෙ පරිහානිය.....ගේ අතුළේ විසඳගන්න තියෙන ප්‍රශ්න තමුන්ගේ මහන්තත්කම නිසා පාරට අරන් යනවානම් ඒක ‍යහපතක් නෙවෙයි, අයහපතක්......දූෂණ, වංචා, අක්‍රමිකතා, නොහැකියාව මදිවට තර්ජන ගර්ජන...!!!

වෛද්‍යවරුන්ගේ ස්ථානමාරු පිළිබඳව වේවා, පුරප්පාඩු සම්බන්ධයෙන් වේවා මේ දක්වා වාර්ෂිකව ර.වෛ.නි.සං. විසින් මැදිහත්වීම් කරපු බව නොරහසක්. ඒක විනාශකාරී එකකට වඩා සෞඛ්‍ය ක්ෂේත්‍රයේ උන්නතියට හේතුවූ කරුණක් බව තමා පෞද්ගලිකව අපගේ මතය. අති දුෂ්කර රෝහල්/සේවා ස්ථාන හඳුනා ගැනීම, ඒ ප්‍රදේශවල ජනතාවට අඛණ්ඩ සේවයක් සපයන අතරම එම සේවා ස්ථානවල සේවයට සපැමිණෙන වෛද්‍යවරුන්ගේ සුභසාධනයද ඊට සමගාමීව සැළැස්වීම තමයි මූලිකම අරමුණ.
සෞඛ්‍ය සේවයේ මූලික කෙනා තමයි රෝගියා........නමුත් සෞඛ්‍ය සේවකයන්ගේ සුභසාධනය නිසි පරිදි නොසළසා කවුරුහරි රෝගී සුභසාධනය පමණක් ඉලක්ක කරනවා නම් ඒ සෞඛ්‍ය පද්ධතියේ බිඳවැටීම නොවැළැක්විය හැකියි.

අති දුෂ්කර වේවා ස්ථාන පිළිබඳව සැකසුණු නිර්ණායක තියෙනවා. හිටි අඩියේ ඒවා කිසිවක් නොසළකා ඒ අති දුෂ්කර ස්ථාන ලිස්ට් එකෙන් අතුරුදහන් වෙලා දුෂ්කර නොවන ස්ථාන ගොඩට වැටෙනවා නම් ඒක මේ අවුරුදු එකහමාරට දෙකට කරපු මැජික් එකක් වෙන්න ඕනෑ....😅
ඇත්තටම මේ රජයේ රස්සා රස්සා කියලා මිනිස්සු බයවුණේ ඉස්සර(අපි). දැන් තරුණ පරම්පරාව එහෙම නෑ. ඔවුන් තමන්ට නිසි ඇගයීමක් නොලැබෙනවානම් මේක අතහැරලා යන්න දෙපාරක් හිතන්නෙ නෑ (නමුත් මේ කාරණයට මම පෞද්ගලිකව කැමති නැහැ). අපි කැමති අකමැති වුණත් අති දුෂ්කර අධ්‍යාපනයක් නිමා කරලා, තවදුරටත් අති දුෂ්කර සේවා ස්ථානයක තමුන්ගේ තරුණ ජීවිතයේ අවුරුදු 4-5ක් ගෙවා දමන්න ඔවුන් සූදානම් නොවෙන්න පුළුවන්. කලින් අනේ අවුරුද්දයි, දෙකයිනෙ කියලා කවුරුහරි අල්ලගෙන හිටියානම් දැන් ඒක එහෙම නෑ(වසර 4-5)......ඒක නිසා ක්‍රමිකව ඔවුන් සේවය හැරයාමේ ප්‍රවණතාව වැඩිවෙන්න පුළුවන්. මේකෙන් වෙන්නෙ හිටි අඩියේ වෛද්‍යවරු රට හැරයාම නිසා ඒ ප්‍රදේශවල ජනතාව දීර්ඝකාලීනව අපහසුතාවට පත්වීම.....මේක ඒ දුෂ්කර ප්‍රදේශවල ජනතාවට මරු පහරක්. ඔය දුෂ්කර සේවා ස්ථානයක වෛද්‍යවරයෙක් නැතිවීමේ පාඩුව ඔය කොළඹ ඉන්න කුලී ලියන්නන්ගෙන් නෙවෙයි.......ඒ ප්‍රදේශවල මිනිස්සුන්ගෙන් අහන්න ඕනි.

කොහොමටත් ඔනෑම ලිස්ට් එකක වෛද්‍යවරු ප්‍රතිශතයක් පශ්චාත් සීමාවාසික පත්වීම්වලට ඉල්ලන්නෙ නෑ....මෑත කාලීනව ඒක වැඩියි....එහෙම බලපුවාම මේ පෝස්ට් එක හදපු පුද්ගලයාගෙ අදහස අනුව GMOA එකට 0% වෙන්න ඕනි.
පහුගිය අවුරුදු 20-30 ඇතුළත ආපු හැම ආණ්ඩුවම බැලුවා GMOA එක හොල්ලන්න....මීට වඩා බලවත් ආණ්ඩුත් බැලුවා. ඒත් කාටවත් ඒක කරන්න බැරි වුණා.
ලංකාවෙ සෞඛ්‍ය ක්ෂේත්‍රය මේ විදිහට රැඳිලා තියෙන්න ඒ බිඳ නොවැටීම හේතුවක් කියලා හිතෙනවා. මොකද ආණ්ඩුවට වඩා වෛද්‍යවරු GMOA එක විශ්වාස කරනවා. (නරක නොහොඳ නැතුවාම නෙවෙයි, හැබැයි ඔය ආණ්ඩුවල අයියලාට වඩා සාපේක්ෂව හොඳයි.)

පාර්ලිමේන්තුවට යවපු දොස්තර බුරුත්තත් ඇටි කෙහෙල් කාපු උගුඩුවො සෙට් එකක් වාගෙ ඉන්නවා පේනවා....🍌

අවසානයට මේකත් කියන්න ඕනි මහත්වරුනි.....ජ.වි.පෙ.ට ස්ථාවර පදනම තියෙන්නෙ 3%යි. මගේ මතය ඒක අදටත් එහෙමමයි. අනෙක් සියල්ල ඇලවුණු පැළැස්තර......GMOA එකේ percentage එක බලන සහෝදරවරුන්ට ඊළඟ මැතිවරණයෙන් තමන්ගේ percentage එක නැවත පැහැදිළිවේවා කියලා ප්‍රාර්ථනා කරනවා...!!!

- Sanka Padma Agalawatta

සමහරවෙලාවට හිතෙන දෙයක් තමයි මේ තීන්දු තීරණ කලින් සමහර පාලකයන් අරන් තිබුණානම් මේ රට මීට වඩා ඉහළ තැනක කියලා. මොකද සමහර දේශ...
23/03/2026

සමහරවෙලාවට හිතෙන දෙයක් තමයි මේ තීන්දු තීරණ කලින් සමහර පාලකයන් අරන් තිබුණානම් මේ රට මීට වඩා ඉහළ තැනක කියලා. මොකද සමහර දේශපාලන කඳවුරු කියලා තියෙන බොරු වල හැටියට, මහජනතාව මුලා කරලා තියෙන හැටියට ඉතාම ලැජ්ජාසහගත වෙන්න ඕනි ඔවුන්. ඒත් සමහරුන්ට එහෙම ලැජ්ජාවක් නෑ. ලැජ්ජාවක් නෑ වගේම හැකියාවකුත් නෑ කියලා තමයි පේන්නෙ.

සමාජමාධ්‍ය තුළ තියෙන්නෙ 100%ක් නිවැරදි තොරතුරු නෙවෙයි. කලින් ආණ්ඩු බොහොමයක් ඕවා පස්සෙ පන්නන්න ගියේ නෑ. ඒකෙ ප්‍රතිවිපාක අපිට අතීතය දිහා බැලුවාම ඇස්පනාපිට පෙනෙන්න තියෙනවා. නමුත් මමත් පෞද්ගලිකව දරන අදහසක් තමයි සමාජ මාධ්‍ය නියාමනය විය යුතුයි. ඒක කොතනින්හරි ක්‍රියාත්මක වෙන්න පටන්ගන්න ඕනි. නමුත් වැරදි තොරතුරු කියන්නේ ආණ්ඩුවට විරුද්ධ මතිමතාන්තර කියලා පාලක පක්ෂය හිතනවානම් ඒක භයානක පෙරනිමිත්තක්...!!!

මේක හොඳ තීරණයක්. මේක ඊළඟට ලංකාවෙ බලයට පත්වන ආණ්ඩු ආදර්ශයට ගතයුතු ප්‍රවණතාවයක්.
ඇත්ත බොරුව කරන පුද්ගලයාට බොරුව ඇත්ත කරන්නත් පුළුවන්.
බොරුවට ඉඩ නොදෙන්න...!!! මොකද බොරුවට පුළුවන් රටක් කණපිට පෙරළන්න...!!! අවසානයට කියන්න තියෙන්නෙ බොරුවෙන්ම ජීවත්වෙන පුදගලයාට නොකළ හැකි වරදක්ද නැත....!!!

(අනෙක් අතට මෙහෙම වෙන්නත් පුළුවන්....සමාජ මාධ්‍ය තුළ අසත්‍ය තොරතුරු සමාජගතවීම වැළැක්වීම අතීතයටත් බලපාන විදිහට සිදුකළොත් සමහරුන්ගෙ එකවුන්ට්වල අතීත පෝස්ට් සියල්ලම ගලවා දමන්න වෙන්නත් පුළුවන්....මොකද කියපු හරියක් කියලා තියෙන්නෙ බොරු....!!!! 😅)

- Sanka Padma Agalawatta

සමහර දේශපාලකයන්ට/දේශපාලන කඳවුරුවල ඈයන්ට පොලිටිකල් එතික්ස් කියන ඒවා මතක් වෙන්න තමන් බලයට ඇවිත්, තමන්ටම දූෂණ වංචා එල්ල වෙන...
19/03/2026

සමහර දේශපාලකයන්ට/දේශපාලන කඳවුරුවල ඈයන්ට පොලිටිකල් එතික්ස් කියන ඒවා මතක් වෙන්න තමන් බලයට ඇවිත්, තමන්ටම දූෂණ වංචා එල්ල වෙන්න ඕනි....!!!

අල්ලපනල්ලේ කිසිඳු පූර්ව සූදානමක් නොමැති සමාගමකට ටෙන්ඩර් ලබාදී, එමඟින් දිගින් දිගටම ඇස් පනාපිට බාල ගල් අඟුරු ගෙනවිත් එයින් බලාගාරවලට හානි සිදුවෙන්නට ඉඩහැර, එමෙන්ම අඩු විදුලි ජනන හැකියාව නිසා අධිකව රටට ගෙන්වන ඉන්ධන අමතර ලෙස බලශක්ති උත්පාදනයට යොදාගැනීමට සිදුකර, මුළුමහත් රටකට අඳුරක් ගෙන එන්නට සමත් වූ කූඨ ව්‍යාපාරික ගණුදෙනුවක් ලෙස පැහැදිළිව පෙනෙන අවනඩුවකට සුදු හුණු ගාන හැටිනම් බොහොම අගේය.
මේ පළමු අවනඩුවද නොවේ, එමෙන්ම අවසාන එකද නොවන බවනම් කිවහැක.
ඉදිරියේදී මේ හේතුව නිසාම විදුලි කප්පාදුවක් සිදුවීමට මෙන්ම මේ අතිරේක බිලියන ගණනක පාඩුවේ බර විදුලි පාරිභෝගිකයා මත වැටීමට නියමිතය....!!!

ලැම්බෝගිනි, රත්තරන් අශ්වයො, බල්ලට දාපු රත්තරන් මාල, මිනී කන මෝරු, හම්බන්තොට වරායෙ ගල, කොළඹ වරාය නගරයට අවශ්‍ය කළුගල් ප්‍රමාණය, උමාඔයේ හිල, උගන්ඩා සල්ලි ආදී දහසකුත් චෝදනාවල සත්‍ය අසත්‍යතාවය බුද්ධියක් ඇති මිනිසුන්ට නම් තේරුම් ගොස් ඇතැයි සිතමි.

වෙනත් අදාළ චෝදනාවන් ඇත්නම් ඒවා අධිකරණය මඟින් තහවුරු කළ යුතුය.
නිකම් වේදිකා ගානේ කියවාවත්(මෙය ජනපතිවරයාටත් අදාළය)/ මුදල් ගෙවා නඩත්තු කරන සමාජ මාධ්‍ය මඩ බලකා මඟින් නිව්ස් ප්ලාන්ට් කිරීමෙන්වත් වැඩක් නැත. නැතිනම් ඒ චෝදනා ඊළඟ මැතිවරණයකට නම් තවදුරටත් වලංගු කළ නොහැකි බව පමණක් අපි පාලක පක්ෂයට මතක් කර සිටින්නෙමු....👍

- Sanka Padma Agalawatta

එකම බොරුව "ගොබෙල්ස් න්‍යායෙන්" නැවත නැවත කියන්න  ගියාම සමහරු ඒක ඇත්ත කියලා හිතනවා. ඒත් තවත් සමහරු හිතනවා මෙහෙම....."මේ ම...
17/03/2026

එකම බොරුව "ගොබෙල්ස් න්‍යායෙන්" නැවත නැවත කියන්න ගියාම සමහරු ඒක ඇත්ත කියලා හිතනවා. ඒත් තවත් සමහරු හිතනවා මෙහෙම....."මේ මිනිස්සු කෙළින්නෙම පචනෙ" කියලා. තමන්ගේ නොහැකියාව වහගන්න හැම තිස්සෙම අතීතය ඈඳා ගන්න එපා. ඒ වගේම ඇත්ත බොරු කරලා බොරුව ඇත්ත කරලා ඉදිරිපත් කරන්නත් එපා.

ලංකාවේ තියෙන සමාජ ක්‍රමයම දූෂිත එකක්, ඒක දේශපාලකයාට පමණක් ආවේණික එකක් නෙවෙයි. පාරේ ඉන්න හිඟන්නාගේ ඉඳලා වෘත්තිකයන් ව්‍යාපාරිකයන්ගේ ඉඳලා දේශපාලකයන් දක්වාම දිවෙන දිගුවක්. කවුරුහරි ඒක අද වෙනකොට එහෙම නෑ කියලා කියනවානම් ඒක විහිළුවක්.
කන්ටේනර් වරායෙන් පැන්නීමේ ඉඳලා, ටෙන්ඩර් මගඩිවල ඉඳලා, ආනයන භාණ්ඩවල බදු එහා මෙහා කිරීම්වල ඉඳලා, ගල් අඟුරු ටෙන්ඩර් මගඩි දක්වා තවමත් මේ ක්‍රමය දුවනවා.....කිසිම අභියෝගයක් නැතිව...!!!

පාස්කු ප්‍රහාරයෙන් රටේ සංචාරක කර්මාන්තය බින්දුවටම වැටිලා තියෙන වෙලාවක, ඒකෙන් යන්තම් ඔළුව උස්සනවාත් එක්කම ආපු කොවිඩ් රැල්ලත් එක්ක නිෂ්පාදන ආර්ථිකයේ ඉඳලාම සියළුම රටේ ආර්ථිකය බිඳ වැටුණු වෙලාවක, විදේශ සම්ප්‍රේෂණ එවන්න එපා කියලා සමහර දේශපාලකයින් මිනිස්සු උසිගන්නපු වෙලාවක, එන්නත් සඳහා/නිරෝදායනය සඳහා රටේ මුදල් වැයවුණු වෙලාවක, රටේ හැම ගෙදරකටම ආහාර ද්‍රව්‍ය/මුදල් ලබාදුන් අවස්ථාවක, බහුතරයක් රජයේ සේවකයන් ගෙදර සිට පඩි ගත් අවස්ථාවක .....මේ කරුණු හා බැඳුණු රටේ පැවති අස්ථාවර ආර්ථික ක්‍රමය නිසාවෙන් රටක ආර්ථිකය එක මොහොතක පුපුරාගිය අවස්ථාවක.....ඔව් QR කෝඩ් එකක් හඳුන්වා දුන්නා තමයි....!!!

ඒකත් සිදුවුණේ මහජනතාවගෙන් සමහර පිරිසක් ජාවාරම්කාරී විදිහට මේ ඉන්ධන අර්බුධයෙන් වාසි ගන්නට තැත් කිරීමත්, කඩාකප්පකාරී වෘත්තීය සමිති මඟින් ඉන්ධන බෙදාහැරීම අඩාල කිරීමට කටයුතුකිරීම ආදී බොහෝ කරුණුවලත් අතුරු ඵලයක් ලෙස.

ඒක නිසා අර "අබරං ගොයියලට" කඩපිලේ කතා කරනවා වගේ....."එදා සුද්දෙට - අද යුද්දෙට" කියලා නිකම් ගජබින්නාලංකාර කියවන්න එපා ඇමතිතුමා. තවත් අර්බුධයක් එන්න කලින් ඒවාට සුදුසු පියවර ගන්න. ගැලරිය පිනවන්න වචන කීවා කියලා රටක් දුවවන්න බෑ, ඒකට හැකියාවක් තියෙන්න ඕනි. දැනට ඔය QR එකවත් හරියට කරගන්න බලන්න වෙයි.....ඒකත් නැතිව කොහොමද අනෙක් ඒවා කරන්නෙ...!!!
දැනටමත් රට වහගෙන යන්නෙ.....!!!

- Sanka Padma Agalawatta

මේ නිව්ස් එක දැකපුවාම මුලින්ම සන්තෝස වුණා, පස්සෙ ඇඬුනා. තවත් ටිකක් කල්පනා කරනකොට ආයෙ සන්තෝස හිතුණා, ආයෙ දුක හිතුණා....!!...
16/03/2026

මේ නිව්ස් එක දැකපුවාම මුලින්ම සන්තෝස වුණා, පස්සෙ ඇඬුනා. තවත් ටිකක් කල්පනා කරනකොට ආයෙ සන්තෝස හිතුණා, ආයෙ දුක හිතුණා....!!!
ඒ කිසිම දෙයක් රනිල්ගේ නඩුවට අදාළ දේවල් නෙවෙයි හැබැයි...

මුලින් සන්තෝස හිතුණේ මේ එන්නෙ මම දැන් සෞඛ්‍ය ක්ෂේත්‍රයේ සේවය සපයන රටට නේද මේ එන්නෙ කියන කාරණය නිසා, සිංගප්පූරුව කියන්නෙ සෞඛ්‍ය දර්ශක අනුව ගත්තහම ලෝකයේ ඉදිරියෙන්ම ඉන්න රටවල් අතලොස්සෙන් එකක්. ලෝකෙ පුරා මිනිස්සු මෙහෙට එනව සෞඛ්‍ය ක්ෂේත්‍රයේ සේවය ලබාගැනීම සඳහාම. ඒ ගමන්ම ඇඬුනා කීවෙ අනේ මේ අය දශක කිහිපයක් තිස්සේ දේශපාලනය කරලා, ඇමතිකම්, අගමැතිකම්, ජනාධිපතිකම් කරලාවත් ඒ වගේ සේවය සපයන්න පුළුවන් රෝහලක්, අඩුම තරමේ පෞද්ගලික රෝහලක්වත් ලංකාවේ ඇති කරලා නෑ නේද කියලා කල්පනා වෙලා...😪
ඔවුන්ම සෞඛ්‍ය පහසුකම් ලබාගන්න පිටරටකට යනවානම් ඒ තරම් ලැජ්ජාසහගත දෙයක් තවත් නෑ. (මේක එහෙම යන දේශපාලකයින් කාටත් අදාළයි.)

ආයෙ සන්තෝස හිතුණා කීවෙ, ඔය තියෙන පහසුකම් අතලොස්සෙනුත් අපේ සෞඛ්‍ය සේවකයන් දනි පනි ගාගෙන කොහොමහරි සැලකියයුතු සේවයක් අපේ මිනිස්සුන්ට දෙනවා නේද කියලා කල්පනා වෙලා. ආයෙ දුක හිතුණා කීවෙ, තව පහසුකම් සපයන්න පුළුවන්නම් මීට වඩා සේවයක් ඔය ඉන්න පිරිසටම වුණත් කරන්න පුළුවන්, ඒත් ඒ පහසුකම් නැති නිසාම සමහර දේවල් ඒ අහිංසක මිනිසුන් උදෙසා කරන්න බැරි වෙනවා නේද කියලා හිතුණු නිසා....😪

එතුමා නඩුවෙන් දිනන හෝ පරදින එක මට අදාළ නෑ, නමුත් තමන් දශක ගණනක් ක්‍රියාකාරීව දේශපාලනය කරපු රටේ සෞඛ්‍ය පද්ධතිය පිළිබඳව/එහි පහසුකම් පිළිබඳව සෑහීමක් නැතිව වෙන රටකට යන්න කිසියම් දේශපාලකයෙකුට හිතෙනවා නම්.....ඔහු තමන්ගේ හෘද සාක්ෂියට තට්ටු කරලා අහලා බලන්න ඕනි තමන් නිර්දෝෂීද නැත්ද කියලා....!!!

- Sanka Padma Agalawatta

කවුරු කොහොම හිතුවත්, කිව්වත් මේ කතාව එක්ක නම් 100% ක් එකඟයි. අපේ රටේ මිනිස්සු වැඩ කරන්නේ තල් අත්තට බෙලි ගෙඩිය වැටුණම අහස...
16/03/2026

කවුරු කොහොම හිතුවත්, කිව්වත් මේ කතාව එක්ක නම් 100% ක් එකඟයි. අපේ රටේ මිනිස්සු වැඩ කරන්නේ තල් අත්තට බෙලි ගෙඩිය වැටුණම අහස කඩන් වැටුණෝ කියලා අර හාවා දිවුවා වගේ තමයි, ඔක්කොම දුවනවා ඒ පස්සෙන්. හාල් හිඟයක් නෑ කියලා රාවයක් ගියොත් කඩේක හාල් ඇටයක් හොයාගන්න නෑ. ගෑස් ගිඟයක් කියලා නිකමට කීවත් ගෑස් ගන්න ඉන්නෙ පොරකකා. තෙල් නෑ කිව්වොත් ඉතින් අර මාළුන්ට පොරි දැම්මා වගේ තමයි ෂෙඩ් වල සෙනඟ...😅

කිසිම හෙවිල්ලක් බැලිල්ලක් නෑ. රටක පුරවැසියන් විදිහට කිසිම වගකීමක් ඇත්තෙත් නෑ. ගෝඨාභය ජනාධිපතිතුමාගේ කාලයේ මූලික අවධියේ මහජනතාවගේ මේ අක්‍රමිකතාත් හේතුවක් වෙන්න ඇති අනවශ්‍ය ගැටළු පැනනඟින්න. එක්වරම ඉල්ලුම අසාමාන්‍ය ලෙස ඉහළ යාමෙන් සැපයුම් ජාලය කොහොමටත් බිඳවැටෙනවා. මේ ළඟදි මම දන්න මල්ලි කෙනෙක් කියනවා ඒ දවස්වල රුපියල් 300-400 ගණන්වලට ගත්තු පෙට්‍රල් රුපියල් 5000 ගණන්වලටත් ගත්තලු ඒකාලෙ එයා....🙃. තනිකර ජාවාරම්.

ඒ මට්ටමට යන්න කලින් QR ක්‍රමය දාපු එක හොඳයි. නැතිනම් රට ඉතාම ඉක්මණින් බිඳ වැටෙන්නට පුළුවන්.
රටේ මහජනතාවටත් වගකීමක් තියෙනවා මේ දවස්වල අනවශ්‍ය ගමන් බිමන්, විනෝද චාරිකා අදියෙන් වැළකිලා තමන්ගේ වගකීම ඉටු කරන්න. අනවශ්‍ය ලෙස ඉන්ධන රැස්කිරීමෙන් වැළකිලා ඉන්න. (සමහරුන්ට මේවා කිව්වට වැඩක් නෑ.)

කවුරු රට පාලනය කළත්, ඔවුන් මොන දේශපාලන පක්ෂයේ වුණත් මේ අපේ රට. රට අකර්මණ්‍ය වෙනවා කියන්නෙ ඒකෙ පාඩුව අපි හැමෝටම. ඒ අදාළ දේශපාලන පක්ෂයට හෝ බලයේ ඉන්න කණ්ඩායමට පමණක් නෙවෙයි.
රට අන්ත අඩියටම වැටුණු වෙලාවේ එදා සමහරු විදේශ ශ්‍රමිකයන්ට විදේශ විණිමය එවන්න එපා කිවා වගේ නොකර රටේ විපක්ෂයත් ආණ්ඩුවට සහයෝගය දිය යුතුයි මේ මොහොතේ. මොකද රටක් බිඳවට්ටලා බලය ඩැහැගන්නවාට වඩා බිඳ නොවැටුණු රටක් භාරගන්න තියෙනවානම් ඒක කාට කාටත් හොඳයි....!!! 🇱🇰❤

- Sanka Padma Agalawatta

කාංචන විජේසේකර කියන්නේ පෞද්ගලිකව මම ප්‍රිය කරන දේශපාලන චරිතයක්. කොරෝනා උවදුරින් පසුව ආර්ථික අර්බුධය එක්ක, විපක්ෂ වැඩ වර්...
16/03/2026

කාංචන විජේසේකර කියන්නේ පෞද්ගලිකව මම ප්‍රිය කරන දේශපාලන චරිතයක්. කොරෝනා උවදුරින් පසුව ආර්ථික අර්බුධය එක්ක, විපක්ෂ වැඩ වර්ජන ගර්ජන ඔක්කොම මැද්දේ, යුනියන්වල කලබල අස්සේ, අරගල සීමාවනුත් එක්ක ඒ මැද්දෙන් එතුමා බොහොම දක්ෂ ලෙස ඉන්ධන බෙදාහැරීමේ අභියෝගය ජයගත්තා. මේ QR කෝඩ් එක හඳුන්වා දුන්නෙත් එතුමාගේ කාලයේ.

මේ ඉන්ධන කලබල අස්සේ ආයෙත් QR කෝඩ් එක ඇදුණු නිසාත්, සමහරු කාන්චන හිටපු ඇමතිතුමාට ස්තූති කරපු නිසාත් එතුමා පෝස්ට් එකක් දාලා, ඒක මගේ වැඩක් නොවේය කියලා ඒක කරපු අය සඳහන් කරලා ස්තූති කරලා. ඒක බොහොම නිහතමානී ප්‍රකාශයක්.
අනුන්ගේ වැඩ පවා තමන්ගේ කරගෙන ලකුණු දාගන්න දඟලන දේශපාලන පොරපිටියක තමන්ගේ ධූර කාලයේ, තමන්ගේ අනුදැනුම මත ගොඩනැඟුණු දෙයක ඇගැයීම පවා අනුන්ට හරවන මිනිස්සු විරලයි.

ඇත්තටම දේශපාලනයේ ක්ලැසික් මිනිස්සු. වේදිකා ගානෙ කෑමොර දෙන එක හෝ අනුන්ගේ ජයග්‍රහණ කොල්ලකන එකම නෙවෙයි දේශපාලනය කියන්නෙ, ඊට එහා ගිය දෙයක්. පසුගිය මහමැතිවරණයෙන් එතුමා පාර්ලිමේන්තු නොආ එකනම් සැබෑ පාඩුවක් කියලයි මට නම් හිතෙන්නෙ. බොහොම දක්ෂ, තරුණ නායකයෙක්. අභියෝග වලට එඩිතරව මුහුණදෙන්න හැකියාවක් තියෙන, දේශපාලනයේ නිරතවෙන්න කැපෑසිටි එකක් තියෙන නායකයෙක්.
ඉදිරි මැතිවරණයකදී එතුමා පාර්ලිමේන්තුවක දකින්න සහ ඔහුගේ දායකත්වය රටට ලබාගැනීමට හැකියාව ලැබේවායි ප්‍රාර්ථනා කරනවා...👍

(ප.ලි. - සමහරු ඒ කාලෙ කිව්වා වගේ ඉන්ධන වලින් එතුමාට ලැබුණු කොමිස් එක තවමත් ඔහුට ලැබෙනවාද කියන එක වෙනමම කාරණයක්...😅)

- Sanka Padma Agalawatta

දින කිහිපයකට ප්‍රථමයෙන් දුටුව ප්‍රවෘත්තියක්. බොහෝම දෙනෙක් අනේ අපේ ආණ්ඩුව කරන වැඩ කොහොමද? කවදා අහපු නිව්ස්ද මේවා කිය කිය ...
16/03/2026

දින කිහිපයකට ප්‍රථමයෙන් දුටුව ප්‍රවෘත්තියක්. බොහෝම දෙනෙක් අනේ අපේ ආණ්ඩුව කරන වැඩ කොහොමද? කවදා අහපු නිව්ස්ද මේවා කිය කිය පෝස්ට් ශෙයාර් කරනවා දැක්කා.
දේශපාලන කණ්ණාඩි කිටි කිටියේ හිරකරලා දාගත්තාම කොහොමටත් හොඳක් නරකක් අවබෝධ වෙන්නේම නැහැ. ඒක රටක් ලෙස අවාසනාවක්.

ලංකාව කියන්නේ තිබෙන සම්පත්, මානව වේවා භෞතික වේවා, බොහොම අරපරෙස්සමින් භාවිතා කළයුතු රටක්. ඕනෑම රටක් එහෙම විය යුතුයි.
ලංකාවේ උසස් පෙළ ඉහළින්ම සමත් වූ සිසුන් විසි තිස් දෙනෙකුට රුපියල් මිලියන හාරදාහක්, කෝටි හාරසියයක් වියදම් කිරීම මඟින් අධ්‍යාපන අමාත්‍යවරිය ලෙස අගමැතිතුමිය බලාපොරොත්තු වෙන්නේ කුමක්ද කියන එක පිළිබඳව නම් අපට නැඟෙන්නේ පැණයක්...!!!
එමඟින් රටට විශේෂයෙන් බලාපොරොත්තුවන ප්‍රතිලාභය කවරක්ද...???

මේ දරුවන්ට ඉගෙනීමට අපේ රටේ තිබෙන පහසුකම් ප්‍රමාණවත් මදිද??? අපේ රටේ විශ්වවිද්‍යාල සාධනීය මට්ටමක නැතිද???
අධ්‍යාපන ඇමතිවරු ඊට වගකිවයුතු නැතිද...??? සිසුන් විසි තිස් දෙනෙක් පිටරට පැටවීමෙන් ඊට විසඳුම් ලැබේද...???
කළයුතු ලංකාවේ විශ්ව විද්‍යාල පද්ධතිය දියුණු කිරීම නොවේද...?? මේ මුදල් මීට වඩා ප්‍රයෝජනවත්ව, දරුවන් දස දහස් ගණනක් උදෙසා යොදාගත නොහැකිද???

අනෙක වර්තමානයේ රටේ පවතින මානව සම්පතත් රට අතහැර යන වටපිටාවක, මෙම දරුවන් වසර 5-6කට පසුව නැවත ලංකාවට පැමිණේයැයි සහතිකයක් අගමැතිවරිය ඇතුළු මීට කැසකැවූ බලධාරින්ට දිය හැකිද...???
මහජනතාවගේ බදු මුදල් මෙසේ නාස්ති කිරීම කෙතරම් දුරට සාධාරණද...???
ගැලරිය පිනවීමට ගඟට ඉණි කපනවා වැනි සංදර්ශන දානවාට වඩා තවත් බොහෝ දෑ කරන්නට මේ රටේ ඇති බව හුදී මහජනතාව ලෙස අප ප්‍රකාශ කරන්නට කැමැත්තෙමු....🫡

පුළුවන්නම් අඩුම තරමේ රට තුළ නිදහස් අධ්‍යාපනයෙන් උපාධියක් ලබාගත් කෙනෙකුට අනිවාර්‍යයෙන් රටට වගකිවයුතු/සේවය කළයුතු විදියේ නීතිප්‍රකාර වගවීමක් ස්ථිර කෙරෙන වැඩපිළිවෙළක්වත් හදන්න....මේ විකාර කරලා ඉන්න කීප දෙනෙකුත් අතින් ඇනලා රට පටවන්නෙ නැතිව....!!!

- Sanka Padma Agalawatta

ඇත්තටම සමහරවිට දෛවය හරිම අමුතු දේවල් ඉස්මතු කරවනවා කියලා හිතෙනවා. තමන් බලයට එන්න කලියෙන් කියපු හැම දෙයක්ම ආපස්සට වැරදියි...
10/03/2026

ඇත්තටම සමහරවිට දෛවය හරිම අමුතු දේවල් ඉස්මතු කරවනවා කියලා හිතෙනවා. තමන් බලයට එන්න කලියෙන් කියපු හැම දෙයක්ම ආපස්සට වැරදියි කියලා පිලිගන්න වෙනවා නම් එතැන ලොකු ගැටළුවක් ඇතිවෙනවා. සමහර දේශපාලන පක්ෂ, එහෙම නැත්නම් සංධාන මුහුණ දීලා ඉන්නෙ ඒ වගේ තත්වයකට. බලයට එන්න කලින් කියපු දේවලට හාත්පසින්ම වෙනස් දේවල් දැන් කරන්නේ. ඒක එහෙම වෙනවා කියන්නේ එක්කො ඔවුන් ඒ දේවල් පිළිබඳව නිසියාකාරව දැනගෙන ඉඳලා නෑ, එහෙම නැත්නම් මහජනතාව සිතාමතා නොමඟ යවලා. ඒ දෙකෙන් කොයික වුණත් ඒක ඉතාමත් ගැඹුරෙන් සළකා බැලිය යුතු කාරණයක්.

වත්මන් ජනපතිවරයා පවා එකල ප්‍රකාශ කළේ ලෝක වෙළඳපොලේ තෙල් මිල ඉහළ පහල යනකොට මිල වෙනස් කරන්නනම් මොකටද ආණ්ඩුවක්? ලෝක වෙළඳපොලේ මිල ඉහළ යනකොටම මෙහෙ තෙල් මිල ඉහළ යන්නෙ කොහොමද? කාගෙ සාක්කුවටද මේ අතිරේක කොමිස් මුදල් යන්නෙ? යනාදී ලෙස.....මේ ඊයේ පෙරේදා දිනෙකත් එතුමා කීවෙ අවම මාසයකට ඉන්ධන තියෙනවා කියලා..., ඉතින් මහජනතාව දැන් අහනවා ඇයි අඩු මිලට ගෙන්නපු ඉන්ධනවල මිල කඩිමුඩියේ වැඩි කළේ කියලා.....!!!

පහත තියෙන්නෙ කැබිනට් මාධ්‍ය ප්‍රකාශකතුමා ඒකට දීපු උත්තරය. මට හිතෙන්නෙ විවේච්නය කරනවාට වඩා ආණ්ඩු කිරිල්ල අමාරුයි කියලා. ඔයගොල්ලොන්ටත් එහෙම හිතෙනවද???
ආයෙ ආණ්ඩු පෙරළුණොත් ඔය උඩ බොරු සටන්පාඨ ආයෙ කියලා වර්ජන කරන්න ඔට්ටු නෑ හොඳේ...!!! 😶

- Sanka Padma Agalawatta

ඇත්තටම ලොකු කණගාටුවක් ජාත්‍යන්තරය ඉදිරියේ මේ විදිහට රටක් හෑල්ලුවට පත්වෙන්න ඉඩ දීලා බලන් ඉන්න එක. ඉංග්‍රීසි භාෂා දැනුම කි...
08/03/2026

ඇත්තටම ලොකු කණගාටුවක් ජාත්‍යන්තරය ඉදිරියේ මේ විදිහට රටක් හෑල්ලුවට පත්වෙන්න ඉඩ දීලා බලන් ඉන්න එක. ඉංග්‍රීසි භාෂා දැනුම කියන්නෙ රාජ්‍ය තාන්ත්‍රිකයෙක් වීමට තියෙන මූලික සුදුසුකමක්. ඒකත් නැත්නම් ඔය තනතුරු බදාගෙන ඉන්න එකේ තේරුමක් නෑ. රටට විතරක් නෙවෙයි, ලෝකයටම විහිළුවක් වෙනවා මේ විදිහට. මේ පළවෙනි වතාවවත්, දෙවනි වතාවවත් නෙවෙයි. දිගින් දිගටම සිද්ධවෙන දෙයක්.

මට මතක් වෙන්නෙම ලක්ෂ්මන් කදිරගාමර් ඇමතිතුමා. ලංකාවේ මෙතෙක් බිහිවුණු විශිෂ්ටතම විදේශ කටයුතු අමාත්‍යවරයා. ඉතා ප්‍රවීණ ලෙස භාෂාව හසුරුවමින් යුද්ධයක් මධ්‍යයේ රට ජාත්‍යන්තරය හමුවේ ඔසොවා තබන්න කටයුතු කළා. දමිළ ජාතිකයෙක් වුවත් ඔහු රට පළමු තැනෙහි තබා අභීතව කටයුතු කළා. ඔහුට එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදීන්ගේ උදහසට ලක්ව ජීවිතය පවා අහිමිව ගියේ ඒ නිසාමයි.
මේ විදේශ අමාත්‍යවරුන්ගේ විගඩම් දැක්කාම නම් හිතෙන්නේ, "පැසුණු උන් අකලට නැසුණු කල, අකලට පැසුණු උන් කටමැත දොඩනු ඇත" කියන උපහැරණය.

මේ ඉංග්‍රීසි භාෂාව පිළිබඳව ගැටළු එන හැම වෙලාවකම මතක් වෙන තව දෙයක් "ලී ක්වාන් යූ" මහත්මයාගෙ කතාවක ඔහු කියපු කරුණක්. ආරම්භයේදී ඔහුගේ PAP පක්ෂයේ නායකත්ව ඔහුට හිමිවුණේ (1960 දශකයේ) ඔහුගේ හසළ ඉංග්‍රීසි භාෂා හැසිරවීමේ කෞශල්‍යය නිසා කියලා. ඉතින් ඒවාගෙ ප්‍රතිඵල අපට ඇස් පනාපිට පේනවා නොවැ.

මේක ලියන්නෙ කාටවත් අපහාසයක් කරන්නවත්, ආණ්ඩු පෙරලන අදහසකින්වත් නෙවෙයි. නමුත් අවම සුදුසුකමක්වත් නොමැති මිනිසුන්ට තනතුරු තානාන්තර දීම නිසා රටේ දියුණුවක් ඇතිකරයි කියලා හිතනවානම් ඒක විහිළුවක්.
අනෙක් අතට කලාපීය බලවතුන් අහක බලන් ඉත්දී අපේ හමුදාවන් ඉතාම මානුෂීය මෙහෙයුමක් කරලා අර ඉරාන නාවික සෙබළුන් මුදවාගෙන හොඳට බැට් කරලා ලකුණු රැස්කරගන්න හැකියාවක් තියෙත්දී, අපේ රටේ හමුදාවන්හි මානුෂීය මැදිහත්වීම් පිළිබඳව ලෝකයටම කියන්න ලැබුණු ස්වර්ණමය අවස්ථාවක්ට පයින් ගහලා රටේ අභිමානය විහිළුවක් කළා කියලා තමයි කියන්න තියෙන්නෙ.

- Sanka Padma Agalawatta

Address

Kandy

Website

Alerts

Be the first to know and let us send you an email when Sanka Padma Agalawatta posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category