10/09/2025
කොළ පාට සෘතුවේ..
හමාගිය කහපාට හීනය..
සරසවියේ මට හිමිවුන හැම දේකම..
ලස්සනම වචන ටික මන් ලියන්නේ ඔයාට..
කළු පාට ලෝගුවේ බර එක්ක මුහුවෙච්ච..
වටිනාකම හිමිවෙන්න ඕනි ඔයාට..
"රෑ නිදිවරන් මන් වෙනුවෙන්..
එසයිමන්ට් ලීව ඔයාට"
අතරමඟ නවතින්න හිතෙන තැන්වල..
හයිය වචන වලින් කවි කීව ඔයාට..
"මන් වෙනුවෙන් නිදිවරපු ඔයාට"
ඇත්තටම අමාරු ගමනක් ඔයත් යන ගමන්..
මාවත් ඇදගෙන ගියාට..
මන් දන්නව ලේසි නොවුන වග..
ඉතින් හැම හීනයක්ම ඔයාට..
"ඇහැරුනාම ළඟ ඉන්න ඔයාට"
මේ ගිම්හාන සෘතුවේ ප්‍රේම කරපු..
ඉස්සරහ වස්සාන සෘතුවම ඔයාට..
❤️ The Story Poet by Ruwa