Manu's diary "

Manu's diary  " ඉතින් හිතවතුනි , මා නිවෙමි , නුඹ නිවමි . 🖤

හීනයක් වෙනවා  නම් හිතාගෙන ජිවිතේ මඟ බැලුවා මං හුඟක් හැමදාම කළුවරේ නැති නිසා කොතනවත් මං හෙව්ව ආදරේ තනිකමට මං හුඟක් ලෝබවෙ...
16/05/2026

හීනයක් වෙනවා නම්
හිතාගෙන ජිවිතේ
මඟ බැලුවා මං හුඟක්
හැමදාම කළුවරේ

නැති නිසා කොතනවත්
මං හෙව්ව ආදරේ
තනිකමට මං හුඟක්
ලෝබවෙමි හැමවෙලේ ...

ඇත්තමයි රැවටුමක්
නොවුණා නම් ආදරේ
අදත් අපි අපි ගාව
මේ ගෙවෙන තප්පරේ

කමක් නෑ මම නැතත්
හමු වුණොත් ජීවිතේ
සොඳුර නුඹ පිළිගන්න
එක හිතින් එක සැරේ

මට දැනෙන විදිහටම
දැනුණොතින් එන බවේ
මගේ විතරයි කියලා
ඉඩ දෙන්න පපුතුරේ.....

ප.ලි - " පින්සිද්ධ වෙයි , එයාට ආදරෙයි කියන්න ආදරේ කරන්න අනේ ඒත් මගෙ ඇස් ඉස්සරහට එන්න හිතන්නවත් එපා ... 🥺💔 "

හි රු ✍️💐💜

සමහරක් දවස්වලට මං මාවම දරාගන්න විදිහ මට පුදුමයි "❤️‍🩹         අර කතාවටත් කියන්නෙ ඇත්තටම අපි ඒ කාලෙ කොහොම ගෙවා ගත්තද මන්ද...
16/05/2026

සමහරක් දවස්වලට මං මාවම දරාගන්න විදිහ මට පුදුමයි "❤️‍🩹

අර කතාවටත් කියන්නෙ ඇත්තටම අපි ඒ කාලෙ කොහොම ගෙවා ගත්තද මන්දා කියලා , අන්න ඒ වගේ අපි නැතත් මං මේ කාර්තුවෙ දවස් ගෙවන විදිහ මට පුදුමයි . මට ම මාව පාලනය කරගන්න බැරි තැන් වල දි ඇයි මෙහෙම වෙන්නෙ කියන උත්තර නැති ප්‍රශ්න ඉස්සරහ දි , කවදාවත් මිනිස්සු ඉස්සරහ අඬන්න කැමති නොවුණ මං , නැවතිල්ලක් නැතුව කඳුළු වැටෙන්න ඇරලා ඔහේ බලාන ඉන්නවා . " අනේ , මට මහන්සි " කිව්වාම බදාගෙන ඔළුව අතගාන්න , ඔයාට මං ඉන්නවානෙ කියන්න මනුස්සයෙක් නැති වෙද්දි . " මට මෙහෙම ඉන්න අමාරුයි " කිව්වා ම එන්න අපි ටිකක් කතා කරමු , අපි චුට්ටක් ඇවිදන්න යමු කියන්න කෙනෙක් නැති වෙද්දි . උදේ ඉඳලා රෑ වෙනකම් පොර බැඳලත් අවසානෙට මට දැනෙන්නෙ මහ මූසල හැඟිමක් . මගේ කියන මිනිස්සු කවුරුත් ම නැතුව , මං මේ මොනවද හොයන්නෙ කියලාවත් මට ඒ වෙලාවට තේරුමක් නෑ .

මං මේ හොයන්නෙ මාව බලාගත්තු මිනිස්සුන්ගෙ සතුට , එයාලගෙ නිදහස , එයාලව සැනසීමෙන් තියන්න ඕන කරන වටපිටාව . මං මේ හොයන්නෙ මං වෙනුවෙන් ඕනවටත් වඩා කැපවුණ මිනිස්සුන්ට යුතුකම් කරන්න ඕන කරන හැමදේම . ඒත් එතකොට මම . මම මාව අතඇරලා දාලා අනිත් හැමදේම හොයන්න පටන් ගද්දි , මට මාව ටිකෙක් ටික මිස් වෙලා යන හැටි දරාගන්න මං දන්නෑ . මගේ ඇතුළාන්තය මාත් එක්ක ම කරන ආරවුල් දරාගන්න තරම් මට හයියක් නෑ . මට මාව ලිහලා දාන්න පුළුවන් කිසිම comfortable තැනක් නෑ කියලා දැනෙන හැඟිම , සැරෙන් සැරේ මේ හැමදේම අතඇරලා දාලා හැමෝගෙන්ම හැංඟිලා යන්න හිතෙන හැඟිම , තව කොච්චර කාලෙකට මට මාව අල්ලන් ඉන්න පුළුවන් වෙයිද කියන්න මට තේරෙන්නෑ . එකකට එකක් ගළප ගත්තාම , මිනිස්සු දාහක් මැද්දෙ වුණත් හුදකලා වෙනවා කියන එක මනුස්සයෙක් ට දරාගන්න හරි අමාරුයි .

මං හැමදාම කියනවා දැන දැනම තනිවෙන මිනිස්සු වගේ නෙවෙයි , තමන් තනිවෙනවා කියන හැඟිමටත් බය , නොදැනුවත්වම තනිවෙන මිනිස්සු හරි පව් . තමන් තනිවෙලා කියලා දැනෙන හැඟිම නැති කරගන්න ඕනවටත් වඩා බිසී වෙන්න හදන මිනිස්සු ඊටත් වඩා පව් . ලස්සනට ජිවිතේ විඳින මිනිස්සු දිහා බලාන ඇස් දෙකේ කඳුළු පුරවගන්න , මට කොතනද මඟ ඇරුණෙ කියන එක හැමදාමත් ප්‍රශ්න කර කර හිතින් විඳවන මිනිස්සු හරි පව් . අපිට කියන්න පුළුවන් තනිවෙන එක මිනිස්සුන්ගෙ කැමැත්ත කියලා , ඒත් මං මේ කතා කරන්නෙ නොදැනුවත්වම තනිවෙන මිනිස්සු ගැන . තමන් තනිවෙලා නේද කියන හැඟිම එක්ක , තමන්ගෙම ආත්මෙ සැරෙන් සැරේ නොමරා මරන මිනිස්සු ගැන .
අපිට පුළුවන් මෝටිවේශන් දෙන්න , තමන්ට ආදරේ කරන්න කියන්න , තව ඇති තරම් කයිවාරු ගහන්න . ඒත් අපිට බෑ ඒ මිනිස්සුන්ගෙ හිත් වල හිඩැස් මකන්න .

ඔයාට , මට , එයාට කියලා නෑ අපි කිසිම කෙනෙක්ට දැනෙන්න හොඳ නෑ මේ හැඟිම . " ඇයි මට ම මෙහෙම වෙන්නෙ " කියන එක . ආදරේ හෝ වේවා ජීවිතේ හෝ වේවා කිසිම බැඳිමක් ඇතුළෙ මනුස්සයෙක් මෙච්චර තනිවෙන්න හොඳ නෑ . මං ​මේ තප්පරෙත් ඉන්නෙ කෑගහලා අඬන්න හිතෙන හැබැයි පුංචි ඉකියක්වත් එළියට ​නොයෙන හරි අමුතු තැනක . මං හිස්වෙලාද නැත්තම් මට මාව මිස් ​වෙලාද කියන්න මං දන්නෑ . හැබැයි හරි මහන්සියි . ❤️‍🩹

ප.ලි - " ආදරේ කරන මිනිස්සු තනි කරන්න එපා , දෙනෝ දාහක් මැද්දෙ මම තනිවෙලා නේද කියන හැඟිම වුන්ට දැනෙන්න දෙන්න එපා .... එහෙම වුණාම හුස්ම ගත්තත් මිනිස්සු පණපිටින්ම මළමිනි වෙනවා . වුන්ට අමතක වෙනවා වුන් මැශින් ​නෙවේ , රොබෝලා නෙවේ , හැඟිම් දැනිම් තියෙන හුස්ම ගන්න කොටසක් කියලා .... හදවත් මැරිලා මොළේ ජීවත් වෙන්න කියන තැන ට මිනිස්සුන්ව අසරණ කරන්න එපා .... 🙂💔 "

හි රු ✍️🌼❤️‍🩹

#වචන

පැහෙනකොට රත් පාට පපු මැද්දෙ ලාවා මැරෙන්නම මට හිතෙන දවස් තව ආවා රත්තරං නොකිව්ව​ට හිත පුරා ගාවා නුඹ ඉන්න හීනෙකත් මං හුස්ම ...
16/05/2026

පැහෙනකොට රත් පාට
පපු මැද්දෙ ලාවා
මැරෙන්නම මට හිතෙන
දවස් තව ආවා
රත්තරං නොකිව්ව​ට
හිත පුරා ගාවා
නුඹ ඉන්න හීනෙකත්
මං හුස්ම හෙව්වා

වැඳ වැඳත් අවසාන
කෙළවරට ආවා
වෙන නමක් නුඹෙ නමට
ගාවලා ලීවා
මං ආදරේ කෙරුව
එකා මං මැරුවා
එදා ඒ තප්පරෙත්
මයෙ පපුව දෑවා

පුංචි හරි ඉඩක් ඇති
ඒත් හිත කිව්වා
අපිට අපි දුරයි මං
නිතරෝම හිතුවා
එදා දුර දැක්කාම
බලන්නම ඇහුවා

ඔයා දන්නැතුව ඇති ,
මං එදා ඔයා ළඟ
ජීවිතේ හෙව්වා .....❤️‍🩹🥺

ප.ලි - " ආදරේ ජීවිතේම කරගත්තු මිනිස්සුන්ව මරන්න එපා , අතරමං කරන්න එපා . වුන්ව ආයෙ තිබුණ විදිහට ගොඩනඟන්න ආදරේටවත් බැරිවෙන තැන් තියෙනවා ... " 🥺❤️‍🩹

හි රු💐💜✍️

#වචන

තරහ වෙන්නෑ නේද , මං මෙහෙම ලියනවට නිතර ආදරේ වඟ කොඳුරලා කියනවට අපිට අපි මුණගැහුණ තැන ඉඳලා බලනවට අපෙ මතක පණ වගෙ මේ දැනුත් ර...
10/05/2026

තරහ වෙන්නෑ නේද ,
මං මෙහෙම ලියනවට
නිතර ආදරේ වඟ
කොඳුරලා කියනවට

අපිට අපි මුණගැහුණ
තැන ඉඳලා බලනවට
අපෙ මතක පණ වගෙ
මේ දැනුත් රකිනවට ...

තරහ වෙන්නෑ නේද ,
මං මෙහෙම අහනව​ට
ඇත්තටම එයාවම ,
ඕනෙම ද හිතනවට ...

ඔය පපුවෙ උණුහුමට
හැංඟෙන්න හිතනවට ,
අයිති නැති බව දැනත්
තවත් මඟ බලනවට ...

රත්තරං ,
තරහ වෙන්නෑ නේද ?
ආද​රේ කරනවට ...

හි රු 💜🌻✍️

කාලෙකට ඉස්සරින් මට මුණගැහුණ එක මනුස්සයෙක් කිව්වා , " අපි ආදරේ කරන්නෝන , අපිට වඩා අපි ගැන හිතන අපිට ආදරේ කරන මනුස්සයෙක්...
07/04/2026

කාලෙකට ඉස්සරින් මට මුණගැහුණ එක මනුස්සයෙක් කිව්වා , " අපි ආදරේ කරන්නෝන , අපිට වඩා අපි ගැන හිතන අපිට ආදරේ කරන මනුස්සයෙක් ට කියලා .. " . ඒ විදිහට ම ඒ මනුස්සයම මට ආයෙම දවසකදි කියනවා , " ඔයා මට ආදරෙයි කියන්න මං දන්නවා , හැබැයි මට ඔයාට ආදරේ කරන්න බෑ කියලා . " ඒ දවස්වල මට එයා කියපු , ඒ බර කතන්දර නොතේරුණා වුණත් , මට දැන් තේරෙනවා . ඒ කාලෙ වුණත් එයා මට කියලා තියෙන්නෙ එයාගෙ ආදරේ ලබන්න මං සුදුසු නෑ කියන එක නේද කියලා . ඊටත් වඩා මට දැන් තේරෙනවා එදා එයා නොකියා කිව්වෙ තව දුරටත් එයාට ආදරේ කරන්න එපා කියන එක නේද කියලා .

මං දන්නෑ අපිට කවදාවත්ම අයිති වෙන්නෑ කියලා දන්න මනුස්සයෙක් ගැන ඒ විදිහ​ට ආදරේ හිතෙන එක ඩ කොච්චර මිනිස්සු ඉස්සරහ වුණත් ඒ එක මනුස්සයා මගේ ළඟ නැති අඩුව දැනෙන එක කොයි තරම් අසාධාරණයක් ද කියලා . ඒ විදිහට ම මට අදටත් තේරෙන්නෑ , එහෙම කිව්ව පලියට මනුස්සයෙක් ව හිතින් අතඇරලා දාන්න පුළුවන් ද කියන එක . මොකද ඒ මනුස්සයව මට මඟ ඇරිලා , එයා මාව මඟ ඇරලා අවුරුදු ගාණක​ට පස්සෙත් එයාගෙ උපන්දිනේ , එයා ආස කෑම , එයාගෙ හැම පුංචි ස්පෙෂල් දෙයක්ම එදා වගේම මට මතකයි . සමහර දේවල් පුරුද්දට හුරුව​ට වගේ වුණත් , සමහර දේවල් අනේ එයා මගේ ම වුණ දවසක එයාව සතුටින් තියන්න හිතලා නෝට් කරගෙන , reminder දාගෙන මතක තියාගත්තු දේවල් . දැන් එයා මං ගාව නැතුවත් ඒ reminders වෙනස් වෙලා නෑ . මගේ හිතේ එයා ගැන තිබ්බ ආදරේ වෙනස් වෙලා නෑ .

ඉතින් අදටත් එයාවම මතක් කරන , එයාවම අහන මගේ ආදරේ ගැන මට ම වුණත් පුදුම හිතෙන තැන් තියෙනවා . අර කතාවටත් කියන්නෙ , " කොහේ වුන්නත් කම් නැතී , එක් වරක් දුටුවොත් මට ඇතී " ... කියලා . අන්න ඒ නිසා , එයා ආදරේ කරන , එයාට ආදරේ කරන ඒ වාසනාවන්ත ගෑණු ළමයා ගාවට වෙලා , එයා හිනාවෙන දිහා , එයා සතුටින් ඉන්න දිහා මං හරි සැනසීමකින් බලාන ඉන්නවා . මගේ ජීවිත කතාව ලියන්න , අනේ එයා මගෙ එහා පැත්තෙ හිටියා නම් කියලා හිතෙන හැම තනි තප්පරේකම , එයා හුඟක්ම ලස්සන හිනාවෙලා ඉද්දිය , එයා හිනාවෙලා ඉන්නෙ අරයා ගාව ඉද්දිය කියලා මං හිත හදාගන්නවා . ඒක කොච්චර අමාරු වුණත් , මං දැන් ඒක​ට පුරුදු වෙලා ඉවරයි . ඒ දේවල් කොහොම වුණත් මට එයාට කියන්න බැරි වුණා​ට , මට එයාට කියන්න තිබ්බා නම් කියලා හිතෙන එකම එක දෙයක් මං ගාව තියෙනවා .

" අපි ආදරේ කරන්නෝන ඩ අපිට වැඩිපුර ම දැනෙන මනුස්සයට . ඒ වගේම අපි එයාට ආදරේ කරන්නෝන , අපි එයාට ආදරේ නිසාම විතරයි . එයාගෙන් ආපිටට ලැබුණත් නොලැබුණත් අපිට දරාගන්න පුළුවන් නම් විතරයි . ඉතින් ඒ ආදරේ ඔයා එපා කිව්වත් , ඔයාට ඉඟියක්වත් දැනෙන්න නොදී ඔයා වෙනුවෙන් ප්‍රාර්ථනා කරන මනුස්සයෙක්ගෙ ආදරේ හරි හයියයි .... "

ඉතිං මගේ සඳ !!!!

මේ ආත්මෙට විතරක්ම ,
ඔයා ආසම විදිහට ,
රටා සාරි අන්ඳලා ,
පිච්ච මල් කොණ්ඩෙ ගොතලා ,
එයා ව පරිස්සමෙන් බලාගන්න .

හැබැයි ,
සංසාරෙ කොයි ගමනක හරි ,
මට ඔයාගෙ පපුව ,
කොච්චරක් රස්නෙද බලන්න ,
ඉඩ තියාගන්න . 🖤🥺

හි රු 💜✍️🌻

#ආදරේ #හිරු

Address

Kandy

Website

Alerts

Be the first to know and let us send you an email when Manu's diary " posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category