කඳුකර මල්

කඳුකර මල් අතීතයේ සොඳුරු මතක, සම්භාව්‍ය කතා සහ කාලයෙන් වැසී ගිය රසවත් සිදුවීම් අකුරු අතරින් යළි ජීවමාන කරන සොඳුරු අවකාශයක්. 📜🍂✨

- ඉසුරුනිමා කුලරත්න 🤎

🥐 ස්ට්‍රොබෙරි ජෑම් සහ බටර් ක්‍රොසොන්පුංචි ගම්මානයක ජීවත් වූ පැට්‍රිෂියා හැමදාමත් බේකරිය ළඟින් යන්න හරිම ආස කළා.ස්ටැන්ලි ...
21/08/2026

🥐 ස්ට්‍රොබෙරි ජෑම් සහ බටර් ක්‍රොසොන්

පුංචි ගම්මානයක ජීවත් වූ පැට්‍රිෂියා හැමදාමත් බේකරිය ළඟින් යන්න හරිම ආස කළා.
ස්ටැන්ලි මාමාට අයිති මේ බේකරියේ වීදුරු රාක්ක පුරවා තිබුනේ ගමේ කවුරුත් ඉතාම අගය කල අනර්ඝතම පාන් වර්ග.

"මේ ස්ට්‍රෝබෙරි ස්ටැන්ලිට දෙන්න" එක් උදෑසනක අම්මා පැට්‍රිෂියාගේ කූඩය පුරවා ,ඇය අලුතින්ම ගෙතූ රේන්ද ලේන්සුවෙන් වැසුවා.

ගග ලග පාරෙන් ඇවිදන් යන ඇය ගග දිය පිස හමා එන සුලගට ආසා කලා. ගං ඉවුරට ගිහින් බැලුවාම පයික් මාලු පැටවුන් රංචු ගැහෙනවා බලන්න පුලුවන්. මේ මාලු පැටවුන්ට දාන්න හැමදාම අම්මාගෙන් ඉල්ලන් පාන් කැල්ලක් කූඩෙට දාගෙන යන්න ඇය අමතක කරන්නේ නෑ.

ඇය තම පුංචි කූඩයත් අරගෙන බේකරිය ළං වෙන්නත් කලින්ම, උණුසුම් බටර් ක්‍රොසොන්වල සුවඳ සුළඟත් එක්ක ඇගේ නහයට දැනුණා.

“ම්ම්ම්…!” පැට්‍රිෂියා සතුටින් හුස්මක් ගත්තා.

වීදුරු රාක්කෙට නහය ඔබාගෙන බලන ඇයට හුස්ම ගන්නත් අමතක වුනා. ඒ තරම් කෑම ජාති ගොඩක්.

කරේලියානු පේස්ට්‍රි, රයි පාන්, බෙරි සහ කස්ටඩ් පේස්ට්‍රි සහ එකී මෙකී නොකී තවත් කෑම වර්ග......

ඒ අතරින් තවත් අපූරු සුවඳක් ඇයට දැනුණා අලුතින් උඳුනෙන් එළියට ගත් පුංචි බෑගට් පාන්!

ඒත් පැට්‍රිෂියාගේ ප්‍රියතමය නම් හැමදාමත් බටර් ක්‍රොසොන්.

"පොඩි නෝනාට අද මොනවද ඕනේ.." ස්ටැන්ලි මාමා ඇහුවේ සිනාසෙමින්. ඔහු ඇත්තටම ඩෝනට් එකක් වගේම හරිම ආදරණීයයි. ඇයට ඔහු දකින හැමවෙලෙම හිතුනේ එහෙමයි .

" ක්‍රොසොන් එකක් සත දහයි දෙකක් ගත්තොත් සත විස්සයි..." ඇය ගනන් හැදුවේ අම්මාගේ ගනන් පාඩම මතක් කරගෙනයි.

" සල්ලි ඔයා තියා ගන්නකෝ ... මට මේ ස්ට්‍රෝබෙරි කූඩය හොදටෝම ඇති..." ස්ටැන්ලි මාමා කවුන්ටරයෙන් එළියට එබිලා කූඩය බාර ගත්තා.

ඒ වෙනුවට කුඩයට ක්‍රොසොන් වගේම බැගට් පාන් ගෙඩියකුත් දානවා ඇය බලාගෙනයි හිටියේ.

හනික කූඩය ගත්ත ඇය ගෙදර ස්ටැන්ලි මාමාට සුබ පතා යන්න පිටත් වුනා.

ඇයට උණුසුම් ක්‍රොසොන් එකක් අරගෙන ගෙදර ගිහින්, අම්මා හදන ස්ට්‍රෝබෙරි ජෑම් ටිකක් ඒ තුළට දමාගෙන කන්න හරිම නොඉවසිල්ලයි..

අම්මාගේ ජෑම් එක සාමාන්‍ය ජෑම් එකක් නෙවෙයි.

ගෙවත්තේ ඇයම ආදරයෙන් වගා කරන හොඳම ස්ට්‍රෝබෙරි පැළවලින් තෝරාගත් ඉදුණු ස්ට්‍රෝබෙරිවලින් තමයි ඒක හදන්නේ. ජෑම් එකේ පුංචි ස්ට්‍රෝබෙරි කැබලිත් තිබුණා.

බටර්වල ක්‍රීම් වගේ මෘදු රසයත්, ස්ට්‍රෝබෙරිවල මිහිරි පලතුරු රසයත් එකට එකතු වුණාම…

ඒක පැට්‍රිෂියාගේ ලෝකයේ රසවත්ම උදෑසන ආහාරය වුණා.

ඉතින්, බේකරිය ළඟින් යන හැම උදෑසනකම පැට්‍රිෂියාට දැනුණේ එකම දෙයක්.

බටර් ක්‍රොසොන් සුවඳ කියන්නේ ගෙදර ගෙන යන්න බලාගෙන ඉන්න පුංචි සතුටක සුවඳක් කියලයි.

උත්තර ධ්‍රැවයේ සිට ලියමි…

එලෙනෝරා සහ අහසේ තිරවනාන්තරය කෙළවල පුංචි ලී ගෙදරක එලෙනෝරා නම් දැරියක් ජීවත් වුණා.කවුරුත් ඇයට කතා කලේ නෝරා කියලයි.ඇගේ ගෙදර...
19/08/2026

එලෙනෝරා සහ අහසේ තිර

වනාන්තරය කෙළවල පුංචි ලී ගෙදරක එලෙනෝරා නම් දැරියක් ජීවත් වුණා.කවුරුත් ඇයට කතා කලේ නෝරා කියලයි.

ඇගේ ගෙදර තිබුණේ පුංචි කන්දක් පාමුල. නිදන කාමරයේ කවුළුවෙන් ඇය රාත්‍රියේ අහස දෙස බැලුවාම, උතුරු එළි හරිම ලස්සනට පෙනුණා.

ඒත් එලෙනෝරාට හැමදාම තිබුණේ එකම ප්‍රශ්නයක්.

“මේ එළි අහසට එන්නේ කොහොමද?” පහන් ආලෝකයෙන් රාත්‍රිය ආලෝකමත් උන මේ ගෙදර හිටිය ඇයට මෙහෙම හිතුන එක පුදුමයක් නෙමෙයි.

සමහර රාත්‍රීවල ඒවා දීප්තිමත් කොළ පාටයි. තවත් වෙලාවක ඒ කොළ පැහැය අතරට පුංචි රෝස පැහැති ආලෝක රේඛා එක් වෙනවා.

ඒවා හරියට අහසෙන් එල්ලා ඇති විශාල සේද තිර වගේ. සුළඟක් නොතිබුණත්, ඒ තිර සෙමින් සෙමින් නැටුවා.

එක් ගිම්හාන ශීත රාත්‍රියක තමන්ගේ රාත්‍රි නිදන ඇදුම් ඇදගෙන පොරෝනාව තුල ගුලිවෙන්න කලින්, එලෙනෝරා තීරණය කළා මේ අරුම පුදුම එළි තව ළඟින් බලන්න.

ඇය උණුසුම්ම කබාය ඇඳගත්තා. පුංචි බූට් සපත්තු දෙක දාගත්තා. අතට ඇගේ පරණ පහන් කූඩුවත් ගත්තා.

ඊට පස්සේ ගිම්හානයේ වැස්සට තෙත බරිත වෙලා තිබ්බ කන්ද නගින්න පටන් ගත්තා.

අවසානයේ ඇය කන්දේ මුදුනටම ළඟා වුණා.

ඊළඟ මොහොතේ ඇය අහස දෙස බැලුවා.

ඇය දැකපු දේට ඇගේ පුංචි ඇස් දෙක පුදුමයෙන් විශාල වුණා.

අහස පුරාම කොළ පැහැති ආලෝක රේඛා සෙමින් සෙමින් නැටුවා. ඒ අතරින් පුංචි රෝස පැහැති එළි මතුවෙලා නැවතත් අතුරුදන් වුණා.

ඒවා හරියට ස්වර්ගයෙන් එල්ලා ඇති විශාල සේද තිර, නොපෙනෙන සුළඟකට සෙමින් ලෙළදෙනවා වගේ.

එලෙනෝරා කිසිම වචනයක් නොකියා ඒ දිහා බලාගෙන හිටියා.

ඇගේ පුංචි ගෙදර කවුළුවෙන් බලන විට මේ එළි හැමදාමත් ඈත අහසේ තිබුණා.

නමුත් අද, කන්ද මුදුනේ සිට බලන විට ඒවා ඇයට හරිම ළඟයි වගේ දැනුණා.

ඇය තම පුංචි පහන් කූඩුව අතට ගෙන සෙමින් කොඳුරුවා.

“සමහරවිට… අහසටත් තමන්ගේම එළි උත්සවයක් ඇති. අද රෑ මටත් ඒකට ආරාධනා කරලා ඇති.”

උතුරු එළි සෙමින් සෙමින් අඳුර තුළ මැකී යන තුරුම එලෙනෝරා කන්ද මුදුනේ සිටියා.

ආපසු ගෙදර යන අතරේ, ඇගේ හිතේ තවත් අලුත් ප්‍රශ්නයක් උපන්නා.

“උතුරු අහසට මේ වගේ තව කොයිතතරම් රහස් තියෙනවා ඇතිද?"

උත්තර ධ්‍රැවයේ සිට ලියමි…

ගිම්හානයේ වයලීන වාදකයාඑය ගිම්හානයේ සීතල වැසි සන්ධ්‍යාවක්. නගරයේ වීදි ලාම්පු වැහි බිඳු අතරින් රන් පැහැති ආලෝකයක් විසුරුවද...
16/08/2026

ගිම්හානයේ වයලීන වාදකයා

එය ගිම්හානයේ සීතල වැසි සන්ධ්‍යාවක්.

නගරයේ වීදි ලාම්පු වැහි බිඳු අතරින් රන් පැහැති ආලෝකයක් විසුරුවද්දී, මිනිසුන් තම තමන්ගේ වැහිකබා තුල සැගවී ගමන්වල ඉක්මනින් යමින් සිටියා.

එක් වීදි කොනක, පැරණි කබායකින් සැරසුණු වයලීන වාදකයෙක් තනිවම සිටියා. ඔහුගේ වයලීනයෙන් පිටවුණේ හරිම දුක්බර, මෘදු තනුවක්. එය Schindler's List Theme හි එන දුක්බර තනුවක්

ඒ සංගීතයේ තිබුණේ වචනවලින් කියාගත නොහැකි තනිකමක්.

ඒ මොහොතේ, වැහි කබායත් අමතක වී නිවස බලා යමින් සිටි තරුණියක් ඔහු පසුකර ගියා.

ඒත් තවත් පියවර කිහිපයක් ගිය පසු ඇය නතර වුණා. ඒ තනුව ඇයව නතර කලා කීවොත් නිවැරදි.

ඇය ආපසු හැරී, වර්ෂාව අතරින් ඔහුගේ සංගීතයට කණ්ඩයට සවන් දෙන්නට වුණා.

ඔහුට වැස්සෙන් ආරක්ෂාවක් නොතිබුණා.වීදි ලාම්පුව විතරයි හිසට සෙවනට සිටියේ.

ඇය කිසිවක් නොකියා තම කුඩය ඔහුගේ හිසට ඉහළින් අල්ලාගෙන, ඔහුටත් එහි සෙවණ දුන්නා.

වයලීන වාදකයා ඇය දෙස බලා සිනහවක් පෑවා.

ඒ මොහොතේ, ඔහු වයනා කළ දුක්බර තනුව අතරට පුංචි උණුසුම් සංගීත ඛණ්ඩයක් එක් වුණා.

වීදි ලාම්පු යටින් වැහි බිඳු දිලිසෙද්දී, දෙදෙනාම එකම කුඩයක් යට නිහඬව සිටියා.
සීතල ගිම්හාන සුළං තනුවේ වේදනාවට අත්වැල් අල්ලමින් ඔවුන් දෙදෙනා වටකර හමාගියා.

උත්තර ධ්‍රැවයේ සිට ලියමි

කණාමැදිරි පහන් වැඩපල☘️ගැඹුරු වනාන්තරයේ, උස බර්ච් ගස්වලින් සැඟවුණු තැනක, කිසිම කෙනෙක් නොදන්නා පුංචි වැඩපළක් තිබුණා.ඒ තමයි...
15/08/2026

කණාමැදිරි පහන් වැඩපල☘️

ගැඹුරු වනාන්තරයේ, උස බර්ච් ගස්වලින් සැඟවුණු තැනක, කිසිම කෙනෙක් නොදන්නා පුංචි වැඩපළක් තිබුණා.

ඒ තමයි කණාමැදිරි පහන් වැඩපල!!

හැම සන්ධ්‍යාවකම, අඳුර වනාන්තරය පුරා පැතිරෙන්න පටන් ගත්තම, පුංචි කණාමැදිරියන් තමන්ගේ කුඩා පහන් කූඩු අරගෙන මේ වැඩපළට පියාඹගෙන එනවා.

කෙනෙකුගේ පහන් එළිය ටිකක් අඩුයි.
තවත් කෙනෙකුගේ එළිය මඳක් නිවී ගිහින්.
සමහර පහන්වලට නම් අලුත් එළියක්ම අවශ්‍යයි.

වැඩපළේ කුඩා අතු මත දීප්තිමත් සුදු පැහැයෙන් දිලෙන පහන් කූඩු එල්ලා තිබුනා.
මේ වැඩපලේ තමන්ට අවශ්‍ය පහන් තෝරාගන්න පුලුවන්. නිවුනු පහන් මෙහි එල්ලා ගිය පසු ඒවා නැවත සද එළියෙන් ආරෝපණය වුනා.

කණාමැදිරියන් තමන්ගේ පහන් එහි තබා, එහි ඇති අලුත් පහන් සවි කර ගන්නවා.

දීප්තිමත් පහන් සවිකර ගත් පසු නැවතත් කණාමැදිරියන් වනාන්තරයට පියාඹා යනවා.

කෙනෙක් මඟ වැරදුණු හාවෙකුට පාර පෙන්වනවා.
තවත් කෙනෙක් නිදාගන්න යන පුංචි මීයෙකුගේ නිවස ළඟ ආලෝකයක් දල්වනවා.

ඒ නිසා, කවදාහරි ගැඹුරු වනාන්තරයක රාත්‍රියක, එක තැනක කණාමැදිරි එළි සිය ගණනක් එකවර දිලිසෙනවා දැක්කොත්…

ඒ සාමාන්‍ය එළි රැළක් නොවෙයි.

ඔවුන් තමන්ගේ පුංචි පහන් නැවත ආලෝකයෙන් පුරවාගෙන, රාත්‍රිය ආලෝකමත් කරන්න පිටත්ව යන මොහොතයි.

උත්තර ධ්‍රැවයේ සිට ලියමි…

11/08/2026

සුබ උදෑසනක් 🌞

11/08/2026

චිත්‍රයේ කතාව 🤎

10/08/2026

සමහර රසයන් අවසන් වන්නේ අවසන් කැබැල්ලත් සමඟ නොවේ. ඒවා මතකයන් සමඟ දිගටම රැඳී පවතී. 🫐
සංග්‍රහයට බොහෝම ස්තූතියි !! Sudeshan GetamannaGumni Madara

හාවුන් හත්දෙනා සහ බ්ලූ බෙරි චීස් කේක්වසන්තයේ උණුසුම් දවසක, හාවුන් පවුල් දෙකක් බොහෝම දුර බැහැර ඉදන් ඔවුන්ගේ හොඳම මිතුරන් ...
10/08/2026

හාවුන් හත්දෙනා සහ බ්ලූ බෙරි චීස් කේක්

වසන්තයේ උණුසුම් දවසක, හාවුන් පවුල් දෙකක් බොහෝම දුර බැහැර ඉදන් ඔවුන්ගේ හොඳම මිතුරන් වූ හා පවුල බලන්න ගියා.

ඒ ගෙදර හිටියේ අම්මා හාවා, තාත්තා හාවා සහ පුංචි දුවක්. ඇයට මිතුරන් ගෙදර එන එක උත්සවයක් වගේ.

“අපි කාඩ් සෙල්ලම් කරමු!! "එක හාවෙක් කෑගැහුවා.
"හැබැයි හොර කරන්න බෑ! " තව හාවෙක් කෑගැහුවා.

ඉතින් හැමෝම කුඩා මේසයක් වටේ වාඩි වෙලා කාඩ් සෙල්ලම් කරන්න පටන් ගත්තා. කවුරු දිනුවත්, කවුරු පැරදුණත්, ගෙදර පුරාම තිබුණේ සිනා හඬ විතරයි.

ඒ අතරේ, හාවුන් හත්දෙනා එකිනෙකාට ඇස්වලින් ඉඟි කළා. අනිත් අයගේ කාඩ් බලන්න උත්සහ කරද්දි තව හාවෙක්ට අහු වෙලා හැමෝම හිනා වුනා.

කාඩ් සෙල්ලමට මැදිවෙලා වගේ පෙනුණත්, ඔවුන්ගේ සැබෑ සැලැස්ම තිබුණේ මුළුතැන්ගෙය ඇතුළේ!

ඔවුන් නිහඬවම බ්ලූබෙරි, ක්‍රීම් චීස්, බිස්කට් සහ නැවුම් වසන්තයේ බෙරි එකතු කරගෙන, බ්ලූ බෙරි චීස් කේක් එකක් හදන්න පටන් ගත්තා.

ලොකු හාවා තමා මේකේ නායකයා. එක්කෙනෙක් බිස්කට් කුඩු කලා.
එක්කෙනෙක් බ්ලූබෙරි පොඩි කළා.
තවත් කෙනෙක් ක්‍රීම් චීස් කලවම් කළා.
තවත් කෙනෙක් කේක් එක උඩින් බෙරි සැරසුවා.
පුංචි හා පැටියා නම් මේ හැම එකකටම එබෙමින් රස බලන එක තමා කලේ.

අවසානයේ, කේක් එක සූදානම් වුණා.

හාවුන් හත්දෙනා එය රහසේ මේසය මත තැබුවා.

පුංචි හා පැටියාගේ පුංචි ඇස් සතුටින් දිලිසුණා.

ඒ වසන්ත දවසේ රසවත්ම දේ චීස්කේක් එක නොවෙයි කියලා හාවුන් හත්දෙනා දැනගෙන හිටියා.

එය එකට හිනා වෙමින්, එකට සෙල්ලම් කරමින්, එකිනෙකා වෙනුවෙන් පුංචි පුදුමයක් සූදානම් කළ දවසක්.

උත්තර ධ්‍රැවයේ සිට ලියමි…

ඉතින් මේ ඉන්නේ ඒ කේක් කාපු හාවෝ හත්දෙනා...
Sudeshan Getamanna
Pamodya Wickramasinghe
Gumni Madara
Sachithra Madusanka
Lahiru Nadeemal

08/08/2026

ලා නිල් පාට… හිතේ නිහඬම තැනක පිපෙන පාට 🩵

Address

Lapland
Kandy
99600

Telephone

+94703067443

Website

Alerts

Be the first to know and let us send you an email when කඳුකර මල් posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category