Kavi Art

Kavi Art Thank you All Followers

දාගැබෙහි ප්‍රධාන කොටස්
18/02/2024

දාගැබෙහි ප්‍රධාන කොටස්

17/02/2024
පැරණි ලක්දිව ගොඩනැගිලි කර්මාන්ත අශ්‍රයෙන් විකාශනයට පත් විවිධ ශිලාමය කැටයම් අංග හැරුණු විට ස්වාධීන වශයෙන් අගය කළ හැකි කලා...
17/02/2024

පැරණි ලක්දිව ගොඩනැගිලි කර්මාන්ත අශ්‍රයෙන් විකාශනයට පත් විවිධ ශිලාමය කැටයම් අංග හැරුණු විට ස්වාධීන වශයෙන් අගය කළ හැකි කලාත්මක හා ශිල්පීය වශයෙන් උසස් තත්වයෙහි ලා සැලකිය හැකි සුප්‍රසිද්ධ ගල් කැටයම් කීපයක් ද ලැබී ඇත. විශේෂයෙන් අනුරාධපුරයෙහි ඉසුරුමුණි විහාරය ආශ්‍රයෙන් මෙවැනි වැදගත් කැටයම් කීපයක් ලැබී ඇත.
1. ඉසුරු මුනි පෙම් යුවල
2. මිනිසා සහ අශ්ව හිස
3. දුටුගැමුණු රජ පවුල

ඉබ්බන්ගල විහාරය , සඳකඩපහණසඳකඩපහණ යනූ‍වෙන් හැදින්වෙනුයේ පඩිපෙළෙහි අවසාන පඩියයි. එය අටුවාවෙහි විස්තර කොට ඇත්තේ අඩ්ටචන්දපාස...
17/02/2024

ඉබ්බන්ගල විහාරය , සඳකඩපහණ

සඳකඩපහණ යනූ‍වෙන් හැදින්වෙනුයේ පඩිපෙළෙහි අවසාන පඩියයි. එය අටුවාවෙහි විස්තර කොට ඇත්තේ අඩ්ටචන්දපාසාන යනුවෙන්ය.එනම් පියගැට පාමුළෙහි ඇති අඩසඳක හැඩයේ ගල්පුවරුව යනුවෙනි. පසුව මෙය අලංකාර ලෙස නිර්මාණය කිරීම පුරුද්දක් ලෙස සඳකඩපහණ අනුරාධපුරයේ ගොඩනැගිළි තැනීම ඇරඹුන මුල් කාළයේදීම එනම් ක්‍රි.පු. 3 වන සියවසේදී ආරම්භ වු බව සිතිය හැක. සඳකඩපහණ හත්වන හා නවවන සියවස්වලට අයත් වේ. මුල් කාළයේ මෙය කැටයම් වලින් තොරව චාම් අන්දමින් නිමවා තිබුණි. පසු කාළයේදී කැටයම් වලින් සැරසු බව සිතිය හැක.පසු කාළයේ වුවද කැටයම් සහිත සඳකඩපහණ යොදන ලද්දේ පිළිම ගෙවල් වැනි වැදගත් ස්ථාන සදහාය.
අනුරාධපුර අභයගිරිවිහාරයේ බිසෝමාළිගාවේ ඇති සඳකඩපහණ කලාත්මක අතින් උසස්ම නිර්මාණයක් ලෙස සැළකේ. පැරණි විහාරයන්හි කැටයම් අලංකාර වැනි‍ දේ අගය නොකළ යුතු දේවල් ලෙස සැළකින. ඒ නිසා කැටයම් යොදන ලද්දේ පඩිපෙළවල් වැනි පාගාගෙන යන ස්ථානවලටය. මහාචාර්ය පරණවිතාන මහතාගේ මතය අනුව මෙම කැටයම් වලින් බෞද්ධ අදහස් පිළිමගෙවල්වලට ඇතුල්වන තැනැත්තාට සිහිපත් කරවයි. එතුමාගේ අදහස් වලට අනුව අඩකවයේ වටයේ ඇත්තේ කලාත්මක ලෙස නිරෑපණය කරන ලද ගිනි දැල්ලයි. එයින් අදහස් වන්නේ සාමාන්‍ය ලෝකය කරදර, දුක්ගැහැට, වලින් පිරී තිබෙන බවයි.

අනතුරුව දැක්වෙන සතුන් සතර දෙනාගෙන් ලෝකයෙහි ජීවත්වන අයට මුහුණදීමට සිදුවන ජාති, ජරා, ව්‍යාධි සහ මරණ යන සතර භයයි.අනතුරුව දැක්වෙන ඝන ලියවැල මෙම කරදරවලට මුල්වන තෘෂ්ණාව දක්වයි.ඊළඟට දැක්වෙන හංස පේළියෙන් කියවෙනුයේ බුද්ධිමත් පුද්ගලයන් ලෝකයේ පවතින නරක අතහැර යහපත් ධර්මය අනුගමනය කරන බවයි. එසේ තෝරාගත් විට ක්‍රමයෙන් තෘෂ්ණාව තුනීවන බව දැක්වීමට ඊළඟට තුනී වු ලියවැලක් දක්වා ඇත. අවසාන වශයෙන් නෙලුමෙන් දැක්වෙනුයේ මෙම ස්ථානයට ඇතුළුවීමෙන් පසුව සිතේ ඇතිවන පිරිසිදු බවත් එය නිර්වාණයට මාර්ගය බවත් ය.

පොළොන්නරු යුගයේදී එනම් දොළොස්වන සියවසේ දී හින්දු ආගමික බලපෑම තදින්ම ඇතිවීමත් සමඟ ගවරූපය ශිව දෙවියන්ගේ වාහනය ලෙස සළකන හෙයින් එය කැටයම් යලින් ඉවත් කරන ලදි.පසු කාළයේදී විවිධ හැඩයෙන් යුතු සඳකඩපහණ් දක්නට ලැබේ.සඳකඩ පහණ මැද ඇත්තෙ නෙලුම් මලක අර්දයක

වක දෙක යනු පුරාණ සිංහල චිත්‍ර සම්ප්‍රදායට අනුකූලව ශිල්පාචාර්යකු විසින් චිත්‍ර කලාව ඉගෙනුමට තමන් වෙතට පැමිණෙන ආධුනික සිසු...
17/02/2024

වක දෙක යනු පුරාණ සිංහල චිත්‍ර සම්ප්‍රදායට අනුකූලව ශිල්පාචාර්යකු විසින් චිත්‍ර කලාව ඉගෙනුමට තමන් වෙතට පැමිණෙන ආධුනික සිසුවා වෙත පළමුව ඇදිම සදහා ලබාදෙන සිංහල සැරසිලි මෝස්තරයයි.

මොනාලිසා (මෙය ලා ජියොකොන්ඩා ලෙස ද හැඳින්වේ) යනු 16 වන ශත වර්ෂයේ දී ලියනාඩෝ ඩා වින්සි විසින් අඳින ලද සිතුවමක් වන අතර ‍එය ...
17/02/2024

මොනාලිසා (මෙය ලා ජියොකොන්ඩා ලෙස ද හැඳින්වේ) යනු 16 වන ශත වර්ෂයේ දී ලියනාඩෝ ඩා වින්සි විසින් අඳින ලද සිතුවමක් වන අතර ‍එය පොප්ලර් දැව පුවරුවක් මත තෙල් සායම් භාවිතයෙන් නිර්මාණය කරන ලද්දකි. මෙම චිත්‍රය නිර්මාණය කරන ලද්දේ ඉතාලියානු පුනරුද සමයේ වේ. මෙම චිත්‍රයේ අයිතිය ප්‍රංශ රජය සතු වන අතර දැනට මෙය ෆ්‍රැන්සෙස්කෝ ඩෙල් ජියොකොන්ඩොගේ බිරිඳගේ චිත්‍රය වන ලීසා ජෙරඩීනි නම් චිත්‍රය සමඟ ප්‍රංශයේ පැරීසියේ මුසේ ඩි ලූවර් කෞතුකාගාරයේ ප්‍රදර්ශනයට තබා ඇත.

මෙම උඩුකය ආලේඛ්‍ය චිත්‍රයක් වන අතර එහි දැක්වෙන්නේ ගුප්ත හැඟීම් සහිත මුහුණුවරකින් යුත් කාන්තා රුවකි. චිත්‍රයේ දැක්වෙන කාන්තාවගේ මුහුණේ පවතින හැඟීමෙහි ඇති ගුප්ත බවත් ඇගේ රුව ඉතා ආකර්ශනීය ලෙස නිර්මාණය‍කොට ඇති ආකාරයත් සියුම් ලෙස චිත්‍රය තුළ විවිධ හැඩතල සහ අවකාශය නිර්මාණය කොට ඇති ආකාරයත් මෙම චිත්‍රය මෙතරම් සුප්‍රසිද්ධ සහ ආකර්ශනීය එකක් වීමට හේතු වී ඇත. මෙතරම් සියුම්ව අධ්‍යයනයට ලක් කරන ලද එමෙන්ම විවිධ පුරාණෝක්ති නිර්මාණයට හේතු වූ සහ එමෙන්ම හාස්‍යානුකරණයට ලක් වූ කලා කෘති ඇත්තේ ඉතා සුළු සංඛ්‍යාවකි.

ක්‍රිස්තු වර්ශ 1500 දී ෆ්ලොරන්ස් නුවරට පැමිනි ඩා වින්සි මොනාලිසා නම් තම ජීවිතයේ කල අසහාය කලා නිර්මානය වු මෙම මොනාලිසා ච්ත්‍රය බිහි කලේය.මිනිස් ඇසට ඉනාවක් බදු මෙම මහා කලා නිර්මානය නිම කිටරීම සදහා ඩා වින්සීට වසර 4ක් ගත වූ බව කියවේ.මොනාලිසා යනු ෆ්ලොරන්හී විසූ ෆ්‍රැන්සෙස්කෝ ඩෙල් ජියොකොන්ඩො නම් වෙලෙද වියාපාරිකයාගේ තෙවන බිරිදගේ උඩුකය රුවයි.ලාජියො කොන්ඩා යනුවෙන් හදුන්වන මෙය මොනාලිසා යනුවෙන් ප්‍රසිද්දය.ඇගේ ගුප්ත මද සිනහව හා පසුබිමේ මායා හුරු බව චිත්‍රයට අලන්කාරයක් එක් කරයි.තාත්වික ලක්ශන මතු වී පෙනෙන අයුරින් සිතුවම ගොඩ නැගීමට ශිල්පියා සමත් වී ඇත.සිතුවම තුලින් කාවයයමය බවක් පෙන්වයි.ඩා වින්සිගේ ප්‍රතිබාවේ හා තෙලිතුඩේ මහිමය පෙන්වන මෙම සිතුවම දැනට ප්‍රංශ රජය සතු වන අතර දැනට ප්‍රංශයේ පැරීසියේ මුසේ ඩි ලූවර් කෞතුකාගාරයේ ප්‍රදර්ශනයට තබා ඇත.

Address

No. 25 Wijarathna Watha Malwatha Rode Ugalbada Kaluthara Uthura
Kalutara

Telephone

+94741292042

Website

Alerts

Be the first to know and let us send you an email when Kavi Art posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Establishment

Send a message to Kavi Art:

Share

Category