Ridmi

Ridmi Enjoy music 💗

11/10/2025

Exploring the world together 💗



ඔයාටත් ඉන්නවද painkiller එකක්... ?නෑ නෑ මම කීවේ pendol වගේ වේදනා නාශකයක් ගැන නෙවෙයි.Painkiller එකක් වගේ හොඳ ම යාලුවෙක්.එ...
07/09/2025

ඔයාටත් ඉන්නවද painkiller එකක්... ?

නෑ නෑ මම කීවේ pendol වගේ වේදනා නාශකයක් ගැන නෙවෙයි.
Painkiller එකක් වගේ හොඳ ම යාලුවෙක්.
එහෙම ඉන්නවා නම්, මම කියනවා ඔයාට ඔයා වාසනාවන්තයි කියලා.

ඇයි මම එහෙම කීවේ....?
ජීවිතේට ඉන්න ඕනේ හොඳ ම යාලුවෙක්.

මගේ painkiller එක මගේ ලගදී watch එකක් දාගෙන ඉන්නේ නෑ.
ඒ කියන්නේ එයාට පාන්දර 01 ද 02 ද කියලා අදාලම නෑ.
මට දුක හිතුණාම එයාට එයාගේ වැඩ මතකත් නෑ.
මගේ painkiller එකට මැජික් පුළුවන් කියලා මම කියනවා.
ඒ ඇයි දන්නවා ද ?
අඩන්න හේතු 1000 මම කීවත් එයා මට හිනාවෙන්න එක හේතුවක් හරි හොයලා දෙනවා.
ඉතින් මම කියනවා ඒ නිසාම එයාට මැජික් පුළුවන් කියලා.
එයාගේ උරහිස හරි ම ශක්තිමත් කියලා මම දන්නවා.
කොච්චර බර කදුළු මම ඒ උරහිස උඩ කඩා වැට්ටුවත් එයා ඒවා හරි හරියට දරාගන්නවා.
මං අඩද්දී එයා මං එක්ක අඩන්නේ නෑ.
හැබැයි මට එයාගේ හිනාවෙන් ටිකක් දීලා මාත් එක්ක හිනාවෙන එක එයා නිතරම කරනවා.
ඉතින් මම ආයෙම කියනවා.
ජීවිතේ ජීවත් වෙද්දී මේ වගේ painkiller එකක් ඕනේ ම වෙනවා.

සමහර යාළුකම් ලේ වලට වඩා ඝනයි.
නෑකම් වලට වඩා ප්‍රබලයි.
වැටුනාම හිනාවෙන.
ටිකකින් අත දෙන.
රිදුනාම සනසන.
රණ්ඩු කර කර වුනත් ලගම ඉන්න.
සතුට බෙදාගන්න.
දුකේ දී බදාගන්න.
හොඳ ම යාළුවෙක් ඉන්න ඕනේමයි,ජීවිතේ දරාගන්න.........👭🏻💗✨️

Copd

T R u S T Y

Celebrating my 1st year on Facebook. Thank you for your continuing support. I could never have made it without you. 🙏🤗🎉
02/11/2024

Celebrating my 1st year on Facebook. Thank you for your continuing support. I could never have made it without you. 🙏🤗🎉

02/11/2024

අහගෙන ඉන්න ආදරේට ... ❤✨️

21/10/2024

එයාලට ඉඩ දෙන්න 🌹

හුඟක් වෙලාවට මම කැමති තනියමඉන්න ඒකෙන් අදහස් වෙන්නෙ නෑ,මම මිනිස්සු ආශ්‍රය කරන්න කැමති නැති' යාලුවො කිසිම කෙනෙක් නැති බිඳු...
18/10/2024

හුඟක් වෙලාවට මම කැමති තනියම
ඉන්න ඒකෙන් අදහස් වෙන්නෙ නෑ,
මම මිනිස්සු ආශ්‍රය කරන්න කැමති නැති' යාලුවො කිසිම කෙනෙක් නැති බිඳුනු තනිවුන කෙනෙක් කියලා..

නැහැ..
මම මේ කියන තනිකම හරිම වෙනස්.
ඒක කාටවත් තේරුම් කරවන්න අමාරුයි.යාලුවො හිතවතුන් බොහෝ පිරිස හිටියත් මම ගොඩක්ම කැමති තනියම ඉන්න.
ඒ මගේ ලෝකය.මමම හදාගත් සුවපහසු කලාපයක් ඒක.
මගේ පාඩුවේ මගේ වැඩක් බලා ගෙන පොතක් පත්තරයක් කියවගෙන movie එකක් බලාගෙන ගහකොළ එක්ක ඉන්න එක නැත්නම් මගේම ෆැන්ටසියක මම විතරක් ඉන්න එක තරම් දෙයක් මට තව නෑ.

මම මිනිස්සු එක්ක කතා බහ කරන්නෙ නැත්තෙ නෑ.එහෙම වෙලාවට ඉවරයක් නැතිවම කතා කරනවා.
මම හරිම විනෝදකාමී කෙනෙක්.ඒත් මට ඕන ආයෙමත් තනි වීම.
ඒ තනි වීම පුදුම නිදහස් නිවීමක් තියෙන්නෙ.
ලෝකයා එක්ක දුවන එක සමහර වෙලාවට මහන්සියි.
ඒත් ඒ හැමදේම තුල මම මේ කියන තනිවීම කියන දේ තුලින් ලැබෙන්නෙ විවේකයක්.
එතන පාලුවක් දුකක් නෑ.
ඒ තමයි මගේ සුවපහසු කලාපය.

ඒක ඇතුලෙ ඇත්තෙ තනිකරම සැනසීමක්.මම ආස ඉතින් මගේ පාඩුවේ ඉන්න.
ඒක අමුතු නොවන අමුතු දෙයක්. 💛🌻💫

Excerpt - අයි-I Page

#අයි

Address

Hakmana

Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00
Saturday 09:00 - 17:00
Sunday 09:00 - 17:00

Website

Alerts

Be the first to know and let us send you an email when Ridmi posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Establishment

Send a message to Ridmi:

Share