25/05/2026
🧠 මෙනින්ජයිටිස් (Meningitis) – මොකද්ද මෙ මේ දින වල සීග්‍රයෙන් පැතිරෙන උණ🚨
🧠 මෙනින්ජයිටිස් (Meningitis) යනු කුමක්ද?
🛑 මෙනින්ජයිටිස් කියන්නේ මොළය සහ සුෂුම්නාව (spinal cord) වටා ඇති පටල (meninges) ආසාදනය වීමෙන් ඇතිවන තත්වයක්.
මෙම තත්ත්වය ඇති වන්නේ කොහොමද ?
❗️බැක්ටීරියා (Bacteria) –වඩාත් භයානකයි. ප්‍රතිකාර නොකළහොත් බොහෝ අවස්ථාවල මරණය සිදුවේ.
❗️වෛරස් (Viruses) – බොහෝ විට සාපේක්ෂව සැහැල්ලුයි, ඉක්මනින් සුවවිය හැක.
❗️දිලීර / පරපෝෂිත – දුර්ලභයි, නමුත් ප්‍රතිශක්තිය අඩු අයට අනතුරුදායකයි.
නමුත් මේ දිනවල මෙය වෛරස් ආසාදනයක් නිසා සිතුවන අතර එම නිසා සීග්‍රයෙන් පැතිරීමෙ අවදාන්මක් තියෙනවා.
මෙය සාමාන්‍ය උණක් නොවේ. බැක්ටීරියා මෙනින්ජයිටිස් ඇති වී ප්‍රතිකාර නොකළොත් දින කියපයක් ඇතුළත මරණය සිදුවිය හැකියි.
🚨 ප්‍රධාන රෝග ලක්ෂණ (Symptoms)
පොදු රෝග ලක්ෂණ (වැඩිහිටියන් / වයස අවු. 3 ට වැඩි දරුවන්)
1. උණ (Fever) – හදිසි ඉහළ උණ
2. දැඩි හිසරදය
3. ගෙල තද බව / බෙල්ල නමාගත නොහැකි වීම (Neck stiffness)
4. ආලෝකයට ඇස් රිදීම (Photophobia)
5. ඔක්කාරය, වමනය
6. ව්‍යාකූලත්වය / සිහිය වෙනස් වීම (උදා: නොසන්සුන් බව, දිගටම නිදිමත)
7. වලිපුව (Seizures) – (20–30% ක් තුළ)
👶 ළදරුවන් / වයස අවු. 3 ට අඩු ළමුන් තුළ (හදිසියේ හඳුනාගත යුතු ලක්ෂණ)
1. හිසෙහි සිනිඳු තැන(තෙල් වල) (fontanelle) ඉදිමීම/ තද වීම
2. අසාමාන්‍ය කෑගැසීම් (නොනවත්වා හැඩීම, දුර්වලව හයියෙන් කෑගැසීම)
3. ඉක්මනිම කෝපයට පත් වීම (Irritability)
4. කිරි බීම ප්‍රතික්ෂේප කිරීම
5. අඩු ක්‍රියාකාරීකම/ අධික නිදිමත
කුඩා දරුවන් තුළ ගෙල තද බව(neck stiffness) නොතිබීමටද පුළුවන. එමනිසා උඩ සඳහන් අනෙකුත් ලක්ෂණ කෙරෙහි වැඩි සැලකිල්ලක් දක්වන්න.
📈 හදිසි අනතුරු ඇඟවීම්: ක්ෂණිකව රෝහලට එන්න.
❗️දිගින් දිගටම නිදිමත / පිබිදීමට අපහසු වීම
❗️හුස්ම ගැනීමේ අපහසුව / අධික වේගයෙන් හුස්ම ගැනීම
❗️මෙනින්ගොකොකල් කුෂ්ඨ: ගොඩක් රතු පැහැයෙන් යුත්, වීදුරු බඳුනකින් තද කළත් නොමැකෙන කුෂ්ඨ (Non‑blanching petechial / purpuric rash)
මෙම කුෂ්ඨය ඉක්මනින් පැතිරීමට පුළුවන. එය දුටුවහොත් ප්‍රතිකාර ප්‍රමාද නොකරන්න.
🦠 මෙනින්ජයිටිස් බෝවන ආකාරය (Transmission)
- රෝගියා කෙළින්ම බෝ කරන්නේ කලාතුරකිනි.
- බැක්ටීරියා/ ජීවත් වන්නේ මිනිස් නාසය / උගුරේ.
⭕️ ඒවා බෝ වන්නේ:
1. කිවිසුම් / කැස්ම / සිපගැනීම(ශ්වසන බිඳිති මගින්)
2. රෝගියා සමඟ දිගු වේලාවක් සමීපව සිටීම (උදා: එකම නේවාසිකාගාරයේ, පවුල තුළ)
3. බැක්ටීරියා රැගෙන යන නිරෝගී පුද්ගලයන්ගෙන්ද (carriers) බෝවීමේ අවදානමක් ඇති අතර, එවැන්නන්ට රෝග ලක්ෂණ නොමැත.
🔬 රෝග විනිශ්චය (Diagnosis)
මෙනින්ජයිටිස් බැක්ටීරියාද / වෛරස්ද යන්න ක්‍රමය:
ලුම්බාර් පන්ක්චර් (Lumbar puncture) – පිටුපස කොඳු ඇට පෙදෙසින් කුඩා ඉඳිකටුවකින් මස්තිෂ්ක තරල (CSF) සාම්පලයක් ගැනීම.
මෙය රෝගියාට තරමක් අපහසු වුවද, ජීවිතය බේරාගැනීමට අත්‍යවශ්‍යයි. CSF පරීක්ෂාවෙන් බැක්ටීරියා / වෛරස් වෙන්කර හඳුනාගත හැකි අතර, නිසි ප්‍රතිජීවක තෝරා ගත හැකියි.
🛡️ වැළැක්වීම (Prevention)
වැළැක්වීම ඉතාම වැදගත් වේ.
1. 🏠 සනීපාරක්ෂාව සහ සමීපත්වය අඩු කිරීම
✅කිවිසුම් / කහින විට ලේන්සුවක් භාවිතා කරන්න
✅අත් නිතර සබන් හා වතුරෙන් සෝදන්න.
✅රෝරෝගියා සමඟ කෑම බඳුන්, දත්බුරුසු බෙදා නොගන්න.
✅සමීප ස්ථාන (උදා: නිදන කාමර) හොඳින් වාතාශ්‍රය සහිතව තබා ගන්න.
2. 💉 එන්නත් (Vaccines)
Meningococcal conjugate vaccine
Meningococcal B vaccine
Pneumococcal vaccine (PCV
Hib vaccine
එන්නත සාමාන්‍ය ජනතාව සඳහා අනිවාර්ය නොවේ. එය නිර්දේශ කරනු ලබන්නේ:
- සෞඛ්‍ය සේවා කාර්ය මණ්ඩලය (රසායනාගාර සේවකයන්)
- ඉහළ අවදානම් සහිත පුද්ගලයන් (ප්‍රතිශක්ති ඌනතා, HIV, ආදිය)
- වසංගත පැතිරෙන රටවලට සංචාරය කරන්නන් (උදා: උප-සහාරා අප්‍රිකානු “මෙනින්ජයිටිස් බෙල්ට්”)
- වසංගත හදිසි අවස්ථාවලදී
3. 💊 සමීප සබඳතා සඳහා රසායනික ප්‍රතිකාර (Chemoprophylaxis)
රෝගියා සමඟ පැය 7–10ක් සමීපව සිටි පුද්ගලයන්ට (පවුලේ සාමාජිකයන්, නේවාසිකාගාර සගයන්, පෙම්වතා/පෙම්වතිය.
මෙනින්ජයිටිස් පාලනය කළ හැකි රෝගයකි – නමුත් කාලය ඉතා වැදගත්. ඔබ හෝ ඔබේ දරුවා/සහකරු/මව්පියන් ඉහත සඳහන් එකම රෝග ලක්ෂණයක් පෙන්වුවහොත්, වහාම අවට සෞඛ්‍ය සේවාවක් අමතන්න.
මෙම පණිවිඩය ඔබේ පවුලේ WhatsApp group, Facebook Timeline තුළ Share කරන්න. ඔබේ Share එකකින් මෙනින්ජයිටිස් ගැන නොදන්නා කෙනෙකුගේ ජීවිතය බේරාගන්න පුළුවන්!
©️Dr.Lalith kumara