25/08/2026
අපේ Clothing Business එක කරන අතරතුර, මගේ හිතට ලැබුණු ලොකුම ජයග්රහණයක් වගේම පට්ටම සතුටක් ගැන ඔයාලා එක්ක බෙදාගන්න ඕනේ!❤️✨
අපි මේ Business එක පටන් ගත්ත දවසේ ඉඳන් මගේ එකම එක අරමුණක් තිබුණා…
අපේ Customer කෙනෙක්ට Shirt එකක් දුන්නම, “මේක නම් Quality” කියලා හිතෙන තරමට හොඳම දේ දෙන්න තියෙන ආසාව.
ඒ නිසාම පිටපතින් ලස්සනට පේන එක විතරක් නෙවෙයි, Shirt එකේ Quality එකත් උපරිමයෙන් තියන්න අපි 280 GSM Premium Cotton Fabric එකම පාවිච්චි කළේ ඒ විශ්වාසය නිසා. 👕✨
ඔන්න ඉතින්… කලින් Online Order කරපු අපේ ආදරණීය Customer කෙනෙක්, ඊයේ දවසේ එයාගේ ගෑණු ළමයාගේ උපන්දිනේට තෑග්ගක් දෙන්න Shirt එකක් ගන්න අපේ ගෙදරටම ආවා. 🥹❤️
ඇත්තටම ඒ මොහොත මට වචනවලින් කියන්න බැරි තරම් සතුටක් දැනුණු මොහොතක්. 🥹
දුර ඈත ඉඳන්, අපේ Quality එක ගැන විශ්වාසය තියලා, Online Order එකකින් පටන් ගත්ත Customer කෙනෙක් මේ විදියට අපිව හොයාගෙනම එන එක…
ඒක මට සල්ලිවලට වඩා වටින දෙයක්. ❤️
අපේ Quality එකයි, ඔයාලගේ විශ්වාසයයි එක්ක මේ ගමන තවත් දුර යන්න මම ලෑස්තියි. අපේ පවුලේ කොටසක් වුණ හැමෝටම ගොඩක් ස්තූතියි! 👕✨