DILU boy

DILU boy ��ලස්සන ස්ටේටස් බලන්න කට්ටිය එකතුවෙන්න���

කැඩි කැඩී හදවතේ කොටස් එක එකානාඳුනන ගාන්ට හැසිරෙන්නෙ ඇයි..මැකි මැකී දේදුනු යුකැලිප්ටස් ගහකපාට නොපෙනී යන්නෙ ඇයි..දැක දැක ආ...
23/10/2024

කැඩි කැඩී හදවතේ කොටස් එක එකා
නාඳුනන ගාන්ට හැසිරෙන්නෙ ඇයි..
මැකි මැකී දේදුනු යුකැලිප්ටස් ගහක
පාට නොපෙනී යන්නෙ ඇයි..

දැක දැක ආකර්ශනීය මිනිස්සු
මට ආකර්ශනීය නැත්තෙ ඇයි..

පෙනි පෙනී පිච්චෙන ඉරක
සිනිඳුවට වැනි වැනි තිබ්බ ඇකේශියා හිතක් වැද්දුවේ ඇයි..
දුර දිග ගෙනියන්න බැරිනම්, ඉතින් මේක
දිග් ගැස්සුවේ ඇයි..?

"මම රිකවරි වෙන්න අමාරු මනුස්සයෙක්"
දැන දැන,
දැන දැන ඔයා රිද්දුවේ ඇයි..?

22/10/2024

😇🥺

12/10/2024

ජීවිතේ මට වෙච්ච දරුණු සිත් රිදවීම් වලට පස්සෙත් මම මිනිස්සුන්ට සමාව දෙන්න තීරණය කරන්නේ

ඒ අයවලුන්ට සමාව දීමට සුදුසු බවටත් වඩා
මට නිදහස් වෙන්න ඕනෙ නිසා..

සමාව නොදී මනුස්සයෙක්ව ජීවිතේ ඉතුරු කරහම
ඒ පුද්ගලයා නිසා දැනුන දරුණුතම වේදනාවල්
තරහක් විදිහට අපි එක්කම පවතිනවා..

සමහර වෙලාවට මරාගන්න හිතෙන තැන් වලදිත්
මම මුකුත් නොවුනගානට ඔහේ ඉන්න try කරනවා..

දැන් මම ඉන්නේ පොල් ගහක් පෙන්නලා මේක අඹ ගහක්
කිව්වත් "ඔව් නේද බන්" කියන මයින්ඩ් එකේ

අන්තිමට මම හිතාගත්තා මනුස්සයෙක් 0 වෙලා ඉන්න තරමට
එ කියන්නේ ප්‍රතිචාර අවම වන තරමට ජීවිතේ නිදහසේ ඉන්න පුළුවන් කියලා .✍️

හෙට කෙලෙස වෙද නොසිතමමා තනි වේද නොපතමගහක් නැති කල මලක් මළ බව දැක දැකදමා අත් හැරපු හිතක් මංකළුවරදා හීනයකට....ණයගැති විය යු...
12/10/2024

හෙට කෙලෙස වෙද නොසිතම
මා තනි වේද නොපතම
ගහක් නැති කල මලක් මළ බව දැක දැක

දමා අත් හැරපු හිතක් මං
කළුවරදා හීනයකට....
ණයගැති විය යුතුද..?

තුති පිදිය යුතුද..?
නොඑසේනම් දෙස් දිය යුතුද ... නොදනිමි.

නුඹව හැර අන් සියල්ලම
මට දීපු ජීවිතයට.... 🖤

🌍🥰

ඔයා පුංචි කණාමැදිරියෙක් වෙන්න ! 🌿✨ඔයා වටේ ඉන්න මිනිස්සුන්ට ආලෝකයක් වෙන්න !  දුකින් තෙත් වුණ හදවතකට සතුටක් වෙන්න ! කවුරුත...
11/10/2024

ඔයා පුංචි කණාමැදිරියෙක් වෙන්න ! 🌿✨

ඔයා වටේ ඉන්න මිනිස්සුන්ට ආලෝකයක් වෙන්න !

දුකින් තෙත් වුණ හදවතකට සතුටක් වෙන්න !

කවුරුත් අහන්නේ නැති කාගෙහරි කතාවක ඇහුම්කන් දෙන්නෙක් වෙන්න !

✨🧚🌿❤✍️

හැමවෙලේම මම උඹ හරි කියලා හිතන් උඹ කියපු දේ පිළිගත්තෙ..ඒකෙන් මන් ගැන උඹෙ හිතෙ තිබ්බ ආදරේ තව වැඩි වෙයි කියලා හිතන්..මොන පි...
11/10/2024

හැමවෙලේම මම උඹ හරි කියලා හිතන් උඹ කියපු දේ පිළිගත්තෙ..

ඒකෙන් මන් ගැන උඹෙ හිතෙ තිබ්බ ආදරේ තව වැඩි වෙයි කියලා හිතන්..

මොන පිස්සුද,

වැඩි වුණ ලබ්බක් නෑ..

වුණේ තවත් මන් වැරදි කාරයෙක් වෙන එකයි,

හැම වෙලේම උඹව පිළිගත්ත මන් ගොනෙක් කියලා තේරුණ එකයි,

උඹට මගෙ ආදරේ දැනුන්නැති එකයි විතරයි .. 🙂❤️

✍️🥰

කොහේවත් යන ප්‍රබන්ධයකට,අරුත් නොදැනීම ලස්සනයි කීවට,අහේතුකවම අරුත් නගනකොට,මළානික හිත හරි මූසලයි.......!!                  ...
11/10/2024

කොහේවත් යන ප්‍රබන්ධයකට,
අරුත් නොදැනීම ලස්සනයි කීවට,
අහේතුකවම අරුත් නගනකොට,
මළානික හිත හරි මූසලයි.......!!

✍️🌍

අමාවක දවසක වුවත්,අහසෙ ලස්සන සොයන,අදුරටම නෙතු දැහැන්හුරු කරපු මිනිසුනේ...කවදා හෝ පායාවී:නුඹෙ විසල් අහසටත්,සුදු තිමිර රැස්...
10/10/2024

අමාවක දවසක වුවත්,
අහසෙ ලස්සන සොයන,
අදුරටම නෙතු දැහැන්
හුරු කරපු මිනිසුනේ...
කවදා හෝ පායාවී:
නුඹෙ විසල් අහසටත්,
සුදු තිමිර රැස් මැදින්
බබලනා පුන් සඳක්...

ඉදින්;
එතෙකින් ඉසුඹුලමු...

Dil🖤

ලෝක ලමා දිනේ දවසෙ තායිලන්තයේ විනෝද චාරිකාවක් යන අතරතුර බස් රථයක් ගිනි ගැනීමෙන් සුරංගනා ලෝකෙට පියඹලා ගිය පුංචි පැටව් ටිකට...
09/10/2024

ලෝක ලමා දිනේ දවසෙ තායිලන්තයේ විනෝද චාරිකාවක් යන අතරතුර බස් රථයක් ගිනි ගැනීමෙන් සුරංගනා ලෝකෙට පියඹලා ගිය පුංචි පැටව් ටිකටයි , මහ ගිනි ජාලා මැදත් තමන්ගෙ ආදරණීය පොඩිත්තො ටික රැක ගන්න වෙහෙසුනු එක පොකුරට පුංචි පැටව් තම ඇකයෙ තුරුල් කරන් මියැදුනු ආදරණීය ගුරුතුමියටත් අනෙකුත් මියගිය සියලු දෙනාටත් RIP 😔🙏💔... Remember her name: Teacher Kanokwan Sripong. She was one of the teachers who tragically lost their lives in the bus fire in Thailand, which was carrying kindergarten students returning from an excursion. Along with her, two other teachers and 22 children perished in the accident. Until her last breath, she was protecting her students. She was found holding a child in her arms. If your children are blessed with a teacher who truly cares for them as their own, you are fortunate. Rest in peace, Teacher Kanokwan, to her co-teachers and to all the little angels. 🪽

Address

Gampaha

Alerts

Be the first to know and let us send you an email when DILU boy posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share