හදවතේ සටහන් - Mashi's Notes

හදවතේ සටහන් - Mashi's Notes be � happy �

සද නිවී ගිය පසු...03
30/06/2026

සද නිවී ගිය පසු...03

25/06/2026

❤️❤️❤️සෙංගුලි 2

25/06/2026

සෙංගුලි..02

මහා කුණාටුවකින් පසු දින ඉන්දු දුවගෙන ගියේ සෙංගුලි ටත් කලියෙනි.
අනේ....යැයි මුවින් පිටවුනේ සෙංගුටත් නොදැනිමය..
හිසට හෙවනක් වූ අපේ පුංචි පැල්පත බිමටම සමතලා වී ඇති අයුරු දැස් ඉදිරිපිට පෙනෙන්න්ට විය.කුඩා උනත් ,විශාල වුනත්,පැලක් වුනත්,මාලිගාවක් උනත් තමගේ නිවසට මෙවන් විපතක් සිදු වීම කෙසේ නම් දරා ගන්න ද..
අනේ විජේ...බලන්නකො...සෙංගු අඩා වැටෙන්න වුනා..
හරි..හරි දැන් අඩලා වැඩක් තියෙනවද සෙංගු.අපි මේක හදන්න පටන් ගමුකෝ.ඔයා මගේ දරුවගේ අම්මානේ.ඔයාට දුක් විදින්න මම ඉඩ තියන්නේ නෑ.මම කොහොම හරි ඔයාට ගඩොල් ගෙයක් හදලා දෙනවා මගේ සෙංගු.හරි ද...ම්ම්ම්.

ලොකු ලොකු මිනිස්සුන්ගේ හයිකාරකම් බලන අපි කොහොම මේ ජිවිතේ වෙනස් කර ගන්නද..විජේ ගේ හිතේ දහසක් සිතුවිලි මැවුනත් ඒ හැගිම් හිතේ සගවා ගත්තේ සෙංගුට තියෙන අප්‍රමාණ ආදරේ නිසාම ඇගේ හිත රිදවන්න නොහැකි නිසායි.
වරුවක් දෙකක් ගත්වෙද්දි පැල යතා තත්වයට පිළිසකර කර ගන්න විජේ ඇතුලු පිරිසට පුලුවන් වුනා.
විජේ....විජේ....
කෝ බන් විජේ.....කුට්ටි කෑ ගසමින් පැමිණියා.
මේ හිටියා සෙංගු කියා නිමවීමට පෙරම විජේ එතැනට පැමිනියා...
ඇයි බන් කෑ ගහන්නේ...මොකෝ.
නෑ නෑ බන්..රාජිනි නෝනාගේ ගෙදර කලබලයක් ඉක්මනට එන්න කීවා
සර්පයෙක් ඇවිල්ලා කියලා ආරංචිය.කුට්ටි කලබලෙන් කියගෙන ගියා ය.
විජේ අවශ්‍ය කළමණා රැගෙන කඩුල්ලෙන් පැන්නේ යමං ඉතින් සුනංගු නොවී නෝනා බලාගෙන ඇති.
සෙංගු මම යනවෝ....
කෑ ගසමින් විජේ නොපෙනි ගියා ය.තමන්ගේ ජිවිතේ උඩු යටිකුරු කරන ගමනක් මේ යන්නේ කියලා ඔහු කවමදාවත් නොසිතන්නට ඇති.
නගරයට ටිකක් ආසන්නයේ තියෙන මාලිගාවක් වගේ නිවසක් ඉදිරිපිට විජේ නැවතුනා.මුරකරු පැමින, ඇයි මොකද...
යැයි ඇසුවේ කිසිදු තැකිමක් නොකරමය.
මම මේ සර්පයා අල්ලන්න ආවේ...විජේ යටහත්ව ප්‍රතිපිළිතුරු දුන්නා.
ආ...එනවා එනවා...
මේ විජේ එනවා අයිසේ.... ඒ ප්‍රතාප් සිංගේ හඩය.
අපේ නොනා ලොකර් එක ලග ඉන්නකොට සර්පයෙක් ඒ අස්සේ ඉදලා.අන්න ඌව අලලා දෙනවා අයිසේ...
තමුසේ විස්වාස වන්ත එකා නිසා තමුසෙව ගෙන්නුවේ...
මේන්..මේ කාමරේ.....
විජේ කාමරේට ඇතුලු වුනා..
කාමරේ ඇතුලේ ලොකර් එක ඇරලා තිබුනා.ඒ උඩ රත්තරන් බඩු තොගයක් තිබෙනු විජේ දැක්කා.නමුත් ඔහුගේ අවදානය තිබුනේ සර්පයා ඒ යට ඉන්නවාද කියා යි.බිම වැටි තිබු විශාල කරාබු යුගලක් විජේ ඇහුලා ප්‍රතාප් අත තැබුවා ය.
සර්පයා ඒ කාමරයේ නොසිටි නිසා මුලු නිවසම සෝදිසි කර අවසානයේ විජේ සර්පයා අල්ලා කවරයකට දමා ගත්තා ය.
දැන් බය වෙන්න දෙයක් නෑ සර්..
ආ....තමුසේ වැඩ කාරයා කියලා මම දන්නවා..මේන් මේක තියා ගන්නවා.ප්‍රතාප් මුදල් නොට්ටුවක් විජේ අතේ තැබුවා ය.
නමුත් එය ප්‍රතික්ෂේප කල විජේ,
අනේ එපා එපා මහත්තයා.මම සල්ලි බලාගෙන මේ වැඩේට ආවා නෙමෙ.
කොහොමත් නෝනා අපේ ගමේ නේ...

ඈ බොල ඒ මොන ඇදුනුම් කමක් ද...තෝ කියයි මගේ නෑයෝ කියලත්..ආ කාරනේ ඉවරයි නම් පල....රාජිනි මොර දෙන්න උනේ පහත් මිනිහෙකුගේ කටින් තමන් ගැන කීම මදි පුංචි කමක් නිසාම ය.

නිවසට එන මග දිගට විජේ දහසක් සිතුවිලි සමග පොරබදිමින් සිටියා ය.මගේ ගෑනි කවදාවත් මම වගේ අසරණ වෙන්න දෙන්න බෑ.කොහොම හරි මුදල් ටිකක් හොයාගන්න ඕන..පැල් කොටේ හදාගත්තම ප්‍රශ්න ටිකක් විසදෙයි...

ඇයි මෙච්චර වෙලා..

මම එන ගමන් මුදලාලි හම්බවෙන්න ගියා.එතන හෙට ඉදන් වැඩ කරන්න පුලුවන්.මම ඇඩ්වාන්ස් එකකු ත් ගත්තා...
විජේ දත් පෙන්නා සිනා සුනා ය.
සෙංගු ගේ හිත සතුටින් පිරි යන්න වුනා විජේ ගේ හිනා පිරුනු මුව දකිනකොට.

3 කොටසින් හමුවෙමු...

12/06/2026

සෙංගු ගේ මුලු ගතම🥺 දියෙන් ගොඩ ගත් මාලුවෙකු මෙන් ගැහෙන්නට වුනා.ඉහෙන් කනින් සිහින් දාඩිය දාන්න පටන් ගත්තා.නෑ නෑ මේක වෙන්න බෑ.මෙක....මහත්තයා මේක.....සෙංගු යටිගිරියෙන් කෑ ගසා අඩන්නට වුනා...🥺ඇගේ ජිවිතේ ගැහැනියක් ලෙස කල මහා අරගලයෙන් දැන් වැඩක් නෑති ය...ඇගේ කදුලු මුලු ලොවක් බලා සිටියා.... ඉතින් මේ ඒ කතාවයි.

ජිවිතේ කියන්නෙම හිමාල කදුවැටිය වගේ.නිමක් නෑ.කෙලවරක් නෑ.උගත් කම ,බුද්දිමත්කම ,හික්මීම ගැන කවි කතන්දර කොච්චර කිවුවත් මේ ලෝකේ ඇත්තටම එහෙමද,කියලා ඔයාලරම හිතෙයි මම අද ඉදන් කියන්න යන මේ කතාව ඔයා අහගෙන හිටියොත්,
මේ කතාව මම අහපු මොහොත,මම බලපු මොහොත,මගේ හදවත මොහොතකට නතර උනා.ඉතින් මේක ඔයා කියවන්නම ඕන.කවමදාකවත් ඔයාගේ ඇතුලාන්තයේ ජිවත් වෙන අමුනුස්‍යාව එලියට ඇදලා දාන්න එපා.මනුශ්‍යත්වයේ අගය වපුරන්න...

සෙංගුලි ගේ මේ කතාව පටන් ගන්නේ කුඩා ගම්මානයකින්.ඉන්ඩියාවල එක්තරා දුශ්කර ප්‍රන්තයක ජිවත්වන අහින්සක මිනිසුන් කණ්ඩායමක් ගැනයි මේ කතාව.මේ මිනිසුන් ගෝත්‍රික පිරිසක්.ජිවනොපාය උනේ සමාජයේ ඉහල පැලැන්තියේ මිනිසුන්ගේ ආවතේව කම් කිරිම ,සර්පයන් ඇල්ලිම,මේ අයගේ ජිවනොපාය උනා.
මේ අය ජිවත් උනේ තැනින් තැන,කිසිදු අද්‍යාපනයක්,පහසුකමක් මේ අයට තිබුනේ නෑ.ඒ විතරක් නෙමේ ජිවත් වෙනවද කියලා අනයයතාවයක්,චන්ද ලැයිස්තුවේ නමක් වත් මේ අයගේ තිබුනේ නෑ.සෑම කෙනෙකුගේම කකුලට පැගෙන දුවිල්ලක් තරමටවත් මේ මිනිසුන්ගේ ජිවිතවලට වටිනාකමක් තිබුනේ නෑ.
මේ අතරේ ලොකුම බලපෑම උනේ පොලිස් නිලදාරින්ගේ නොමනා ක්‍රියාකලාපයයි.
බොහෝ දුශිත පොලිස් නිලදාරින් මේ අහිංසක මිනිසුන් නොකරන වැරදි වලට පබයන් කරන්න පුරුදු වෙලා හිටියා...
කංගා පුංචි ගමේ සෙංගුලි,විජේ ඇතුලු මේ පිරිස ජිවත් උනා....
සෙංගු.....සෙංගු....වහලේ පිදුරු එක්ක ඔට්ටු වෙන සෙංගු දැක්ක විජේගේ හිත වාවන්නේ නැති වුනා...ඔහු ඒ බවක් නොඅගවා..පිටිපසින් ගොස් ඇගේ බද වටා දෑත් යවන්නට විය.මොකද සෙංගු මේ වැස්ස වෙලාවේ කරන්නේ.ඔයගේ ස්වාමිපුරුෂයා ගේ ලගට එන්නේ නැද්ද....
අහකට යන්න.ලමයි ඇහැරෙයි...
ලමයි නිදි...තව බබෙක් ගෙමුද....විජේ සෙංගුව තවත් තද කර ගනිමින් මුමුණන්නට වුනා. .
මේ පැලේ තව ලමයෙක් බෑ.මේ තැනින් තැන තෙමෙනවා.වහලේ හදලා අපි තව කෙනෙක් හදමු...සෙංගු කියා අවසන් විමටත් පෙරම විජෙ ඇයව පෙරලා ගත්තා.
පානදර මහා වර්ශාව.සුලගට ගස් ඇතු ඇබරෙමින් පැවතුනා.මේ අයගේ කුඩා මැටි නිවෙස් වැවු බැම්ම මත හදලා තිබුනා
එකපාටම දඩාන් මහා සද්දයක්....
ස්ංගු,විජේ ගැස්සි ඇහැරුනා..
අනේ විජේ.....
පැලේ පැති බිත්තිය වැස්සට පෙගි කඩා වැටිලා.ගේ ඇතුලට වතුර ගලාගෙන එනු දුටු සෙංගුගේ දෑස් කදුලුන් පෙගි තිබුනා.
ඉක්මන් කරන්න.නංගිලා පැලට යමු.මම ඔයාට මැරෙන්න මොහොතක් තියා හරි ගඩොල් ගෙයක් හදලා දෙනවා මගේ සෙංගු...
යමු ...ඉක්මන් කරමු.....

02 කොටසින් හමුවෙමු..

11/06/2026

ඉස්සර වගේ දැන් තියෙන film හරි නෑ..."

ගොඩක් අය කියන කතාවක් තමයි ඒ.
මම ගොඩක්ම films එක්ක ඉන්න කෙනෙක්.මම බලපු ලස්සන ලස්සන film ටිකක් ඔයාලට කියන්නම්.review එක බලලා film එක බලන්න.

අද කියන film එක,
පූජා තරුණ ගැනු ලමයෙක්.එයා හරිම නිදහසේ ජිවිතේ ගෙවන කෙනෙක්.ඉතින් පුජා දවසක් එයාගේ හොදම යාලුවා කවිතාගේ bithday එක දවසේ කවිතාගේ ගෙදර එනවා.ඒත් කවිතා ගෙදර නෑ.එයා ඌට් ගිහිහිල්ලා.ඉතින් එදා ගෙදර ඉන්නේ කවිතාගේ husband ,ගෙදර සේවකයා විතරයි.ඉතින් තමන්ගේ හොදම යාලුවගේ ගෙදර පුජා එදා නවතිනවා.
පසු දින උදේ කවිතාගේ husband වැඩට යනවා.පුජා ඌට් යනවා....
හැබැයි...
පුජාගේ මිනිය පැය 2 කට පස්සේ කදු මුදුනකින් හම්බවෙනවා.
කවිතා පැයකට කලින් ගෙදර ඇවිල්ලා පඩිපෙලෙන් වැටිලා කෝමා එකක.
මිට වඩා කිවුවොත් film,එක බලලා වැඩක් නෑ.

06/06/2026

එයාව හම්බවෙන්න ගියපු පලවෙනි දවස මතකද..😘
එදා එයා මගේ හොදම යාලුවා.
මතකද ඒ දවස,ලගින් ගැවි නොගැවි අපි එකටම ඇවිදන් ගියපු හැටි,😳
ආ මෙන්න ඔයාට කියලා එයා ගෙනාපු දේවල් ඔයාට දුන්න හැටි මතකද,😊
මුන දිහා කෙලින්ම බලන්න ලැජ්ජයි වගේ හිතුනා මතකද,😊
ගෙදරින් යන්න කලින් ටිකක් වැඩිපුර හැඩ උනා මතකද,🤩
මට නම් අද වගේ මතකයි.
හවසක තේ එකක් බොද්දි අපි ඒ ගැන කතා වෙනවා අදත්,ඒ තැන් වලින් යද්දි ආයෙම ඒ කතාවම කියනවා.
දන්නවද මගේ ජිවිතේ හමු වුන ප්‍රේමණියම
මනුස්සසා එයා.මගේ හොදම තේරිම එයා,මට ලැබුන වටිනම දේ එයා.
❤️❤️❤️❤️

30/05/2026

දන්නවද,​
අද... මමයි මගේ ආදරණීයයායි එකතු වෙලා, ටිකෙන් ටික අපේම කියලා ගොඩනගන සුන්දර ගෙදරක ඉන්නවා. අපේ ගෙදර පොඩි වෙන්න පුළුවන්, ඒත් මගේ හිතේ තියෙන්නේ මේ ගෙදර සුරංගනා ලෝකයක් කරගන්න. ඒ නිසාම මං අදටත් කොහේ හිටියත් මිදුලේ ලස්සන මල් පිපෙන ගස් හිටවනවාමයි.මල් වලින් පිරුනු ගෙදරකට මම හරි කැමති.ඒක පැලක් උනත්, 🌷🌼

​සමහර වෙලාවට ජීවිතේ මට ලැබෙන්න ඕනේ වුණු දේවල් නොලැබී යනකොට හිතට දැනෙන ඒ බර, ඒ දුක... මේ මල් පැලවල තියෙන දළු දාන අලුත් පැළයක්, පිපෙන අලුත් මලක් එක්ක දියවෙලා යනවා. මේ මල් තමයි මගේ ජීවිතේ මට නැති වුණ දේවල්වල වේදනාව තුනී කරලා, මට සතුට සහ ආදරේ උගන්වන මගේම හිතමිතුරෝ. 🌸💖✨

​ඔබේ මේ මල් වත්ත ඔබේ හිතේ සහ ඔබේ නිවසේ හැමදාමත් මේ වගේම ලස්සනට පිපේන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා.

29/05/2026

මගේ ජිවිතේ පවුලේ අයගෙන් පස්සේ ලැබුනු පළවෙනිම ආදරේ❤️ මෙයා තමයි.මේ පැටියාගෙත් පළවෙනි අම්මා මම තමයි.❤️🥰🥰අද වගේ මතකයි පොඩි පහන්තිර කෑල්ලක් අරන් මෙයාට මම කිරි පෙවුවා.😟මගේ පන එයාට කිවුවේ මුතු සංජීවනි කියලා.අදටත් මේ photo එක දකිද්දි කදුලු 🥺කොහෙදෝ ඉදන් එනවා.උදේම ඇදට ගොඩවෙන මගෙ මැණික එදා ආවේ නෑ.පැයක් ,දෙකක් බලලා හොයන්න ගත්තත්,එයා හම්බවුනේ නෑ.දවස් ගානක් බලන් හිටියා ඒත් එයා අවේ නෑ.ඉතින් අදටත් ඔයාව මතකෙ තියන් මේ ලියන්නේ මම තාම පසුතැවෙනවා තව ටිකක් එදා හොයන්න තිබුනා කියලා.🥺🥺
ආදරෙයි වස්තුවේ.මතු ආත්මෙක හරි මගේ ගාවට එන්න.❤️❤️🥺

Address

55/A/1, Diyawala , Kirindiwala
Gampaha
11730

Website

Alerts

Be the first to know and let us send you an email when හදවතේ සටහන් - Mashi's Notes posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category