Agni-Tec-Trolls

Agni-Tec-Trolls It’s all about Memes

ඉතිං නවවන විධායක ජනපතිතුමනි, මම ඔබට සුබපැතුම් එක්කරමි. එමෙන්ම මේ ඔබ ලබන "අවසන් ජයග්‍රහණය" වනු ඇති බව කණගාටුවෙන් යුතුව වු...
22/09/2024

ඉතිං නවවන විධායක ජනපතිතුමනි,
මම ඔබට සුබපැතුම් එක්කරමි. එමෙන්ම මේ ඔබ ලබන "අවසන් ජයග්‍රහණය" වනු ඇති බව කණගාටුවෙන් යුතුව වුවත් මතක් කළ යුතුව ඇත්තේය. ඔබ සහ ඔබේ කණ්ඩායම ඉතාම සතුටුවන මොහොතක එසේ කීම ගැන සමාවෙන්න... ඇත්තටම මේක ඒ සතුටු මොහොතට පැය කිහිපයකට පෙරත්, චන්දයෙන් පසුවත් ලියන්නේ ඒ නිසාමය...

ගරු නවවන ජනාධිපතිතුමනි,
මෙතැන් සිට ඔබතුමන්ට මුහුණ දීමට ඇත්තේ පරාජයන්ටම පමණකි. කැඩී බිඳී ගිය රටක "ජයග්‍රහණ" යනු පෙනෙන මානයකවත් නැති දේය. ඔබට නොකැඩුණ, නොබිඳුන කිසිවක් ලැබෙන්නේ නැත. හෑම දෙයක්ම ඔබ අළුතින් ගොඩනැගිය යුතුය. ඒ හෑම ගොඩනැංවීමකම අවසන ඔබට උරුම වන්නේ පරාජයකි. හේතුව හැම ගොඩනැංවීමක් වෙනුවෙන්ම ඔබ තවත් යමක් බිඳිය යුතු නිසාය. ඔබ යමක් බිඳින හෑම විටකම සැලකියයුතු පිරිසකගේ විශ්වාසයත් ඒ එක්කම බිඳෙන අතර ඒ සියල්ල එක්වන්නේ ඔබගේ "පරාජයන්" ගොන්නටය. මෙතැන් සිට ඔබ ලබන ඕනෑම "ජයග්‍රහණයක්" යනු දේශපාලන උප්පරවැට්ටියක් ලෙස අර්ථදැක්වෙන අතර ඔබ ලබන සෑම "පරාජයක්ම" ඔබේ සැබෑව ලෙසට අර්ථදැක්වෙයි....

එබැවින් පත්වීමට බලාසිටින ගරු නවවන විධායක ජනාධිපතිතුමනි,
හෙට දහවල් සිට ඇරඹෙන ඉදිරි වසර පහ ඔබට ගෙවන්නට වන්නේ මෙහෙමය. ඔබව මුලින්ම අතහරින්නේ මේ මොහොතේ ඔබව ඉහලින්ම ඔසවා තබන්නන්ය. ඒ ඔබේ පළමු "පරාජයයි"... ඔබේ මුල්ම "පරාජය" හොඳින්ම කළමණාකරණය කරගන්නට හැකිවුණොත් ඉදිරි "පරාජයන්ට" ඉතා සාර්ථකව මුහුණ දීමේ හැකියාවක් ඔබට ලැබේයයි අපට උපකල්පනය කළ හැක...

නවවන විධායක ජනාධිපතිතුමනි,
ජනතාව වන අපගේ ගමන් මඟ වැටී ඇත්තේද ඔබේ "පරාජයන්" ඔස්සේමය. ඔබ සමඟම අපද පරදිමු. එබැවින් අද මැතිවරණයේ "ජයග්‍රාහී" පාර්ශවයේද, "පරාජිත" පාර්ශවයේද සියලු මහජනතාවට හෙට සිට එක්ව ඔබ හා "පරාජයන්ට" මුහුණදෙන්නට සිදුවනු ඇත....

ඉතින් නවවන විධායක ජනාධිපතිතුමනි,
අමාරුම මොහොතක පරාජයන් පෙළක් පෙනි පෙනී රටේ සුක්කානම අතට ගන්නා ඔබට මට සුබපැතිය හැක්කේ ඒ "පරාජයන්" හමුවේ නොසැලී, නොබිඳී, නොබෙදී, නොවැටී ඉන්නටය... එහෙම ඉන්නට ඔබ ඇතුළු ඔබේ කණ්ඩායමටත්, ඔබ පිටුපසින් සෙමෙන් ඇවිද එන ජනතාවටත් හැකිවුණොත් එළඹෙන වසර පහ අවසන් අපට බොහෝවිට "ජයග්‍රහණයන්" පෙනෙන දුරකදී නැවත හමුවිය හැකිය...

අද දිනතෙක් ඉතා සාමකාමීව "වාචිකව පමණක්" ගැටුණු සියළු පක්ෂවල මිතුරණි,ජනතාවනි..,

ඔබේ සියළු දේශපාලන බෙදීම්වලට කෙටි විරාමයක් දී හෙට උදෑසන වනවිට තේරීපත්වන "නවවන විධායක ජනාධිපතිතුමා" සමඟ අප ඉදිරියෙන් වැටී ඇති "පරාජිත" මාවත දිගේ 'විවෙචනයන්ද සහිතව' නමුත් එක්ව යන්නට ස්ථීර අධිෂ්ඨානයෙන් එක්වන්නට ඔබට හැකිනම් මේ "පරාජිත" මාවත ඔස්සේ වැටී ඇති කුඩා කුඩා "ජයග්‍රහණ" අපිට හොයාගන්නටත්, අහුලාගන්නටත් හැකිවේවි.....

කවරාකරායේ බෙදීම් සහ විවේචනයන් යටතේ හෝ ඉදිරි වසර පහ සියළුදෙනාම එක්ව ගමන්කළොත් අපගේ අත්වලට එකතුකරගන්නා ඒ කුඩා කුඩා ජයග්‍රහණ අපට "මහා ජයග්‍රහණයකින්" කෙලවරකරගන්නටත් හැකිවේවියයි හෙට දවසට පැය කිහිපයකට පෙර බලාපොරොත්තු සහගතව මම ප්‍රාර්ථනා කරමි...

ඉතින් පත්වන්නට නියමිත නවවන විධායක ජනාධිපතිතුමනි,

"පරාජිත" මගක් ඔස්සේ අරඹන්නට ඇති දීර්ඝ දුෂ්කර ගමනක් වෙනුවෙන් හෙට "ජයග්‍රහණය" කරන ඔබට පක්ෂ පාට භේදයකින් තොරව මම සුබපතමි....

හසංක පෙරේරා - දොම්පේ ආසනය ❤️💪🏻

06/03/2024
රියල් duc. :
29/02/2024

රියල් duc. :

Address

Perera, Pugoda
Gampaha
11870

Website

Alerts

Be the first to know and let us send you an email when Agni-Tec-Trolls posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category