Meili

Meili Never say good bye 🥰
(8)

25/09/2026
තාමත් ලියමින් පවතින කතාවක්
24/09/2026

තාමත් ලියමින් පවතින කතාවක්

24/09/2026

කටුසටහනක් නැතිවම ලියවෙන එකම දෙය නම් ආදරේම පමණයි..!

24/09/2026

✨️එක කොටසක කෙටි කතාවකි✨️

මට ශෙහාන්ව මතක ඇති කාලෙක ඉඳන්ම ඔහු මගේ ජීවිතේ හිටියේ ඒ විදිහටමයි......මගේ කරදරකාරයා...මගේ පාසල් කාලේ පටන් මගේ හිතට රහසේම ඇවිත් නතර වුණු...පස්සේ මගේ මුළු ජීවිතේම අයිති කරගත්ත මගේම ශෙහාන්....මගේ හස්බන්.....අවුරුදු විසිපහක් වයස වුණත්....ඔහුගේ දඟකාරකම්වල නම් කිසිම වයසක් තිබුණේ නෑ.....ලොකු කම්පැනි එකක් බලාගෙන....කාර්යාලයක සිය ගණනක් මිනිස්සු එක්ක වැඩ කරන ඔහු....ගෙදර ගේට්ටුවෙන් ඇතුළට ආවට පස්සේ මං ඉස්සරහ හරියට පුංචි දරුවෙක් වගේ.....දඟවැඩ...දඩබ්බර වැඩ එමටයි.....හිතුවක්කාරකමත් අඩු නෑ.....ඒකනෙ ඉතින් එයා මගේ කරදරකාරයා වුණේ.....

කන්න දෙයක් තිබුණොත් මම කවන්න ඕනේ.....

"අනේ සුදු නෝනා....මගෙ ඇඟිල්ල දැවිල්ලයි....."

"බොරු කියන්න එපා...."

"බොරු නෙමෙයි....මේ....."

"කෝ මුකුත් වෙලා නෑනේ....."

මට කියල කවා ගන්න ඕනි නිසා බොරු කියනවා කියලා දැන දැනත් මං බොරුවට අහනවා.....

"අනේ යන්න මං තරහයි....තමන්ගෙ හස්බන්ට බත් ටිකක් කවන්න ඔච්චර ප්‍රශ්න අහන්න ඕනිද....."

ඔය ඉතින් එයාගෙ බොරු තරහ....මං අහුවෙයි ඕවට....පව්නේ ඉතින් ඒත් ආසාවනේ....

"හරි හරි මෙහේ එනවා මගෙ කරදරකාරයෝ....."

මම අනල කවන බත් කටවල් කන්නේ පොඩි එකෙක් වගේ.....ලෝබයි දෙයියනේ මගෙ සත්තරන් කොටේට මං......

තේ එකක් බොන්න ඕනි වුණොත් හදල අතටම දීලා ඒක බීලා ඉවර වෙනකම් ළඟටම වෙලා ඉන්න ඕනි.....

"කොහෙද ඉතින් යන්නේ...."

"මට වැඩ සුද්දෝ...."

"අනේ වැඩ පස්සේ කරගන්න...මෙන්න මෙහේ මං ගාවට වෙලා ඉන්න...."

"අනේ අනේ....ගෙදර වැඩ ඉබේ වෙනවද මං ඔයා ගාවට වෙලා හිටියම....."

"නැ....ඒත් ඔයා ඇහැට පේන්න නැති වුණාම මට පාළුයි...."

ඇහැක් ගහලා එයා කිව්වම මං කරන්නේ ආදරෙන් එයාගෙ කොණ්ඩෙ ටිකක් අව්ල් කරලා දාන එක.....

ඇඳුමක් මාරු කරගන්න ඕනේ වුණත් ඒකත් මට ළඟට ගෙනත් දෙන්න කියනවා......

"සුදු නෝනා....කෝ මගෙ නිල් පාට ෂර්ට් එක...."

"අනේ ඔය පුටුව උඩ ඇති බලන්නකෝ...."

"මොන පුටුව උඩද....."

"අයියෝ කාමරේ අනේ...."

"මට හොයන්න බෑ අනේ චුට්ටක් ඇවිත් හොයලා දීලා යන්න....."

අනේ අම්මපා ඔය වෙලාවට තමා මට යක්ෂාරූඩ වෙන්නේ......ඒකත් මම නැතුව හොයා ගන්න බෑ......වෙලාවකට හිතෙනවා ඇත්තටම හොයා ගන්න බැරි නිසාද කම්මැලි කමටද මට කියන්නේ කියලා.....

"ඔයා නම් බබා මගෙ වැඩ සේරම පාඩු කරනවා....මගේ කරවල බැදුම ලිපේ.....ඔහේට ආවොත් දැන් ඒක කරවෙලා යයි....."

"නෑ නෑ....එහෙම වෙන්නෑ....."

ඔය ඉතින් ගැලවෙන්න වෙන්නෙම නෑ.....ලිපේ ගින්දර අඩු කරලා දාලා ගියා කාමරේට.....

"අනේ අම්මපා අර තියෙන්නේ ෂර්ට් එක...."

මම කාමරේට ගිය ගමන් දැක්කා ෂර්ට් එක පුටුව උඩ තියෙනවා.....ඔන්න ඉතින් දත් තිස් දෙකම පෙන්නලා හිනා වෙනවා....මම ඉතින් හොඳටම රැව්වා....

"අනේ ඉතින් ඔහොම රවන්න එපා...දැක්කේ නැනේ...."

හුරතල් වෙවී කියද්දි මම ෂර්ට් එක අරන් එයාගෙ ඇගටම විසික් කරලා දාලා කාමරෙන් ආවා....දෙයියන්ගෙ පිහිටින් බැදුමට මුකුත් වෙලා නෑ..........

ඒ හැම දෙයක්ම කියන කියන වෙලාවට කරමින් මම කී වතාවක් නම් ඔහුට බැණලා ඇද්ද කියලා මටවත් මතක නෑ.....ඒත් මගේ බැණුම්වලට වඩා ඔහුගේ හිනාව ලොකුයි......මම කොච්චර බැන්නත් කෑ ගැහුවත් එයා දන්නවා මං ඒ කෑ ගහන්නේ එයාගෙ දඩබ්බර කමම්වලට කියලා.....එයා ඒ හැම වෙලාවකම හා පැටියෙක් වගේ හිනාවෙන කොට මටත් ඉතින් තරහ අමතක වෙනවා....මම කේන්තියෙන් ඔහු දිහා බලද්දී....කිසිම දෙයක් නොවුණා වගේ මගේ පස්සෙන්ම ඇවිත් කරදර කරන එක ඔහුගේ පුරුද්දක්.......

අපි විවාහ වුණ දවසේ ශෙහාන්ගේ අම්මා මගේ අත අල්ලගෙන කියපු දේ මට අදටත් මතකයි....

"දුව......"

"අම්මේ....."

"වෙන අම්මල දුක් වෙන්නේ...තමන්ගෙ දුවව පිටට දෙන කොට....ඒත් අද මට මගෙ ශේන් ගෙදරින් යනවා කියලා හිතන කොට ලෝබයි....එයා ඔයාගෙ හස්බන් වුණාට එයා පොඩි දරුවෙක් වගේ දුවේ...."

"මම දන්නවා අම්මෙ ඒක....මම ශෙහාන්ව මගේ පණ වගේ බලා ගන්නම්...."

"මට මගේ දුවව විශ්වාසයි....."

ඇයගේ පුතා ලෝකෙට කොච්චර ලොකු මිනිහෙක් වුණත්.....මගේ ළඟදී ඔහු තාමත් පොඩි දරුවෙක් වගේ කියලා ඇය හොඳින්ම දැනගෙන හිටියා......ඒ නිසාම ඔහුව මට භාර දුන්නේ සැමියෙක් විදිහට විතරක් නෙවෙයි.....ඇය බලාගත්ත විදිහටම ඔහුව ආදරෙන් බලාගන්න කියන වගකීමත් මට දීලා.....මමත් ඒ වගකීම ආදරෙන් භාරගත්තා.....

එයා කොච්චර දඩබ්බරයෙක් වුණත් එයාගෙ තාත්තගෙන් එයාට ලැබුණු බිස්නස් එක අකුරටම කළා.....ඒක ඇතුළෙ කිසි හිස්තැනක් හිටින්න එයා කවදාවත් ඉඩ දුන්නේ නෑ......

ඒ වගේම එයා ගෙදර ඉද්දිත් ගෙදර වැඩවලට උදව් කරනවා.....

"සුදු නෝනා ඔයා කුස්සිය අස් කරන්න....මම ගේ අතු ගාන්නම්...."

"නෑ නෑ ඔයාට බෑ....ඉන්න මම කරගන්නම්....."

"අනේ ඉතින්....ඔයා තනියම හැම වැඩක්ම කරන්නේ....මමත් කරන්නම්කෝ....."

හැබැයි ඔය කොච්චර කිව්වත් ශෙහාන් ගෙදර වැඩකට උදව් කරනවා කියන්නේ මගේ වැඩ අඩු වෙනවා කියන එක නෙවෙයි.....ඒක මගේ වැඩ දෙක වෙනවා කියන එක.......

"අයියෝ ⁣බබෝ මොනවද අනේ මේ කරල තියෙන්නේ....බලන්න අර වෙඩින් පොටෝ එක පැත්තට ගිහින්...."

"ආ ඒ හරියෙ මකුළු දැල් වගයක් තිබිලා කැඩුවා...."

"අනේ ඉතින් බලන්න පොටෝ එක ඇද වෙලා තියෙනවා දැක්කේ නැද්ද...."

"අයියෝ නෑනේ....." ය

"ඒකනෙ කිව්වේ මමම කරගන්නම් කියලා...."

"අයියෝ හරි අනේ...ඉන්න මම හදන්නම්...."

"නෑ නෑ එපා මම කරන්නම්...."

ගේ අස් කරන්න ගිහින් බිත්තියේ එල්ලලා තියෙන පින්තූරයක් ඇද කරනවා.....නැත්තම් මගේ මල් පෝචිචියක් බිදල දානවා....මමම ඉතින් පුටවක් උඩට නැගල පින්තූරෙ කෙලින් කරා.....

කුස්සියට ඇවිත් උදව් කරන්න ගිහින් මම හදන්න හිටපු කෑම ටික හදන්න නෑ....වැඩ වැඩි කරනවා.....සමහර දවසක මම උයන්න පටන් ගත්තම ඔහුත් ඇවිත් මට උදව් කරනවා.....උදව් කරලා ඉවර වෙද්දී කුස්සිය අස්කරන්න මට තව පැයක් යනවා.....

"අනේ පැටියො උදව් කරන්නනෙ ආවෙ රවන්න එපා...."

"රවන්න නෙවේ හම ගහන්න ඕන....බලන්න කැරට් ටික කපන්නම් කියලා ගත්තේ.....ඒකෙන් බාගයක් බිමනේ......අර ළූණු ටික සුද්ද කරා පොතු ටික තැන තැන.....පොල් ටික ගාලා බාගයක් බිම.....ඒකනෙ මං කර ගන්නම් කියන්නේ....."

"හරි හරි සොරි....."

මම ඒ ගැන කේන්තියෙන් බලද්දී ඔහුගේ මුහුණේ තියෙන්නේ හරිම අහිංසක හිනාවක්.....ඒ හිනාවට මගේ කේන්තියත් වැඩි වෙලාවක් තියෙන්නේ නෑ......මොකද මම ඔහුට ආදරේ කළා.....ඔහුගේ දඟකාරකම්වලටත් ආදරේ කළා.....ඔහු මට කරදර කරන විදිහටත් ආදරේ කළා.....

ඒ නිසාම එක දවසක් ඔහු ගෙදර නැති වුණාම....මට මුළු ගෙදරම අමුතු නිශ්ශබ්දතාවකින් පිරුණා වගේ දැනුණා.....හැමදාම මට කරදර කරන කෙනා නැති වෙද්දී...ඒ කරදරේම මට මතක් වුණා.....ඔහුගේ හඬ නැතිවුණාම පාලුයි.....මගේ නම කියලා මට කරදර කරන්න කෙනෙක් නැති වුණාම ඊටත් වඩා පාලුයි......එතකොටයි මට තේරුණේ...මම හැමදාම කරදරයක් කියලා කියපු මගේ කරදරකාරයා.....මගේ ජීවිතේ කොච්චර ලොකු කොටසක් වෙලාද කියලා.......

කාලය ගෙවිලා ගියා......අපේ ආදරේත් ඒ එක්කම තව තවත් ගැඹුරු වුණා.......

ඒ අතරේ දවසක මගේ ජීවිතේට තවත් පුංචි හුස්මක් එන්න යන බව මට දැනගන්න ලැබුණා.....මම අම්මා කෙනෙක් වෙන්න යනවා......

"ශෙහාන් අහන්නකො පණ...."

"කියන්න සුදු නෝනා....."

"මං...මං අම්මා කෙනෙක් වෙන්න යනවා...."

ඒ පුවත ශෙහාන්ට කියපු මොහොතේ ඔහුගේ මුහුණේ තිබුණු හැඟීම මට අදටත් අමතක කරන්න බෑ.....කලින් හැම දෙයක්ම සෙල්ලමක් වගේ ගත්ත ඔහු...එදා පළවෙනි වතාවට නිහඬ වුණා....මගේ කුස දිහා බැලුවා.....ආයෙත් මගේ මුහුණ දිහා බැලුවා.......එක පාරටම මාව බදා ගත්තා.....

"රත්තරං ඔය ඇත්තමද....මං මං තාත්තෙක් වෙන්න යනවද......"

"ඔව්ව්....."

මම එයාගෙ අතක් අරන් මගේ කුස උඩින් තියා ගත්තා....මම දැක්කා ඒ ඇස්වල කඳුළු.....ඒ මොහොතේ මට හිතුණා...මගේ කරදරකාරයාගේ හිත ඇතුළේ ඉන්න පොඩි දරුවා ටිකෙන් ටික පරිණත වෙන්න පටන් අරගෙන කියලා......

ඊට පස්සේ මට නොදැනෙන්නම ඔහු වෙනස් වෙන්න පටන් ගත්තා......මම බර දෙයක් අල්ලන්න යනකොට ඔහු ඉස්සර වෙනවා.....

"ඒයි පණ්ඩිත ආච්චි....ඕක ඔහොම තියන්න....ඔයාට බෑ ඕවා එහා මෙහා කරන්න....ඉන්න මම කරන්නම්...."

මම වැඩ කරන්න පටන් ගත්තොත් ඒක මගෙන් අරගෙන ඔහු කරනවා.....

"කෝ දෙන්න ඔය කොස්ස...අන්න අරෙහෙන් ඉඳගෙන මට අණ දෙන්න....මම කරන්නම් ඒ විදියට....."

මම කෑම කන්නේ නැත්නම් කෑම අරගෙන මගේ ළඟට එනවා......මෙච්චර කල් මම එයාට කැව්වා වගේ දැන් එයා මට කවනවා....

"අනේ මට කන්න බෑ බබා...."

"අනේ මේ මං කවන්නේ ඔයාට නෙවේ අපේ බබාට....කෝ කෝ කන්න...."

"බෑ...."

"ඇයි බැරි ඉන්නවකො බබා ආවම අම්මිගෙ වැරදි සේරම කියන්න මම...."

මෙච්චර කල් එයාට මම කරපු ආදරණීය තරවටු අද එයා මට කරනවා.....අනේ ඉතින් මගෙ හා පැටියගෙ ආදරේ.....

මට මහන්සි වුණොත් කිසිම දෙයක් නොකියා මාව විවේක ගන්න යවනවා.....කලින් මම ඔහුට කවපු කෑම....දැන් ඔහු මට කවන්න පටන් අරගෙන....මට ඒක හරිම අමුතු හැඟීමක් වුණා.....මොකද මගේ ජීවිතේ මෙච්චර කාලයක් බබෙක් වගේ මං බලා ගත්ත කෙනා දැන් මාව බලාගන්න පටන් අරගෙන.....ඒත් ඒ වෙනසට හේතුව මම විතරක් නෙවෙයි කියලා මම දැනගෙන හිටියා.....ඔහුගේ හිත ඇතුළේ තවත් පුංචි ජීවිතයක් වෙනුවෙන් ආදරයක් ඉපදිලා තිබුණා......ඒ පුංචි ජීවිතය තාමත් මගේ කුස ඇතුළේ වුණත්.....ඒක ශෙහාන්ව ටිකෙන් ටික වගකීම් සහිත පිරිමියෙක් බවට පත් කරමින් තිබුණා.......

මගේ කුස ටිකෙන් ටික ලොකු වෙද්දී,....ශෙහාන්ගේ හිතත් ඒ එක්කම ටිකෙන් ටික වෙනස් වෙන්න පටන් ගත්තා....කලින් ඔහුට හෙටක් ගැන ලොකුවට හිතන්න ඕනෑ වුණේ නෑ....අද සතුටින් නම් අද ඇති.
මාව හිනස්සන්න පුළුවන් නම් ඒ ඇති.....මට කරදර කරලා මගේ කේන්තිය බලන්න පුළුවන් නම් ඒත් ඇති....ඒත් මගේ කුස ඇතුළේ අපේ පුංචි දරුවා වැඩෙන්න පටන් ගත්තට පස්සේ....ඔහුගේ හිත ඇතුළෙත් වෙනම ලෝකයක් හැදෙන්න පටන් ගත්තා......

"සුදු නෝනා...."

"ම්ම්මි...."

"මම ලෝන් එකකට ඉල්ලුවා...."

"ඒ ඇයි බබා...."

"මේ ගේ තව ටිකක් ලොකු කරන්න ඕනි...."

"ඒ ඇයි...."

"අපේ චූටි පැටියට දුවල පැනල සෙල්ලම් කරන්න සාලෙ තව ටිකක් ලොකු වුණා නම් හොඳයි....."

අනේ එයා අනාගතේ ගැන ලස්සනට හිතන්න පටන් අරන් තිබුණා.....එයා හිතපු විදියටම ගේ හැදුණා......මට මගේ කරදරකාරයා ගැන දැනුණේ අසීමිත ආදරයක්....

"සුදු නෝනා...."

"ම්ම්ම්...."

"අද මම කාර් එක⁣ වෙනස් කරනවා...."

"අනේ එ් මොකෝ....දැන් බබා ලැබුණම සැපට පහසුවට යන්න තියෙන්න එපැයි...."

"එහෙම ඕනි නෑ ශෙහාන්...."

"අනේ මේ මං මෙවිව කරන්නේ අපේ පැටියා වෙනුවෙන්....."

ඒ පිය සෙනෙහස ගැන නිර්වචන නැ මට කියන්න.....

මම උදේ නැගිට්ට වෙලාවේ ඉඳන් ඔහුගේ අවධානය මගේ වටේම තිබුණා.....මම කුස්සියට යනකොට ඔහුත් එනවා.....මම පඩිපෙළ බැහැගෙන යනකොට ඔහු මගේ පස්සෙන්......

"අපි චූටියා එනකම් පහළ කාමරේක ඉමු මැණික.....දැන් ඔයාගෙ බණ්ඩිය ලොකු නිසා උඩහට පල්ලහොට යන්න අමාරුයි....."

"හ්ම්ම්ම්.....ඒක නම් හොදයි......"

දැනුණු අපහසුතා නිසාම මමත් එ්කට කැමති වුණා......

මේ මගේ ශෙහාන්මයි.....මගේ අතින් කවාගත්ත ශෙහාන්මයි....මගේ අතින් ඇඳුම් ළඟට ගෙන්වාගත්ත ශෙහාන්මයි....ගෙදර වැඩක් කරන්න ගිහින් මගේ වැඩ දෙක කරපු ශෙහාන්මයි.....අද ඒ කරදරකාර මගෙ මහත්තයා මගේ පස්සෙන් ඇවිත් මාව බලාගන්නවා.....සමහර වෙලාවට මට ඔහු ගැන දුකත් හිතෙනවා.....ඔහුගේ ජීවිතේ මෙච්චර වෙනස් වෙන්න ඕනේ නෑ කියලා මට හිතෙනවා......මම මොන තරම් ආදරෙන් හිටියත්....ඔහුට හැම දෙයක්ම කරන්න ඉඩ දීලා මම බලාගෙන ඉන්න කැමති නෑ.....ඒත් මම ඔහුට ඒ ගැන කියන්න යන හැම වෙලාවකම ඔහුගේ ඇස්වලින් පෙනුණේ එකම දෙයක්......

මාව බලාගන්න ඔහුට දැන් ඕනේ.....මාව විතරක් නෙවෙයි...අපේ දරුවාවත්......

ඒ නිසා මමත් ඔහුගේ ඒ වෙනස නිහඬව බලාගෙන හිටියා.....මාස ගෙවිලා ගියා.....අවසානයේ අපේ පුංචි දුව මේ ලෝකෙට ආවා.....ඇයව පළවෙනි වතාවට මගේ ළඟින් අරගෙන ශෙහාන්ගේ අතට දුන්න මොහොත මට අදටත් හිතාගන්න බෑ......ඔහු ඇයව අතට ගත්තේ හරිම පරිස්සමෙන්......ඒ අතේ හිටියේ ඔහුගේ පුංචි දුව....රෝස පාට පුංචි මුහුණක්....පුංචි ඇඟිලි.....ඇස් දෙකත් හරියට ඇරලා නැති ඒ පුංචි ජීවිතය ඔහුගේ පපුවට තුරුළු වෙලා හිටියා.......මම ඔහු දිහා බලාගෙන හිටියා......ඔහුගේ ඇස්වල තිබුණේ මම කවදාවත් දැකලා නැති හැඟීමක්......

"සුදු නෝනා මං දැන් තාත්තා කෙනෙක්......"

ඒ චූටි කොපුලක් ඉඹලා අඬ අඬම එයා මට කිවිවා.....ඒ ඇස්වල අපේ දරුවා වෙනුවෙන් පිරිලා තිබ්බ ආදරේ මම දැක්කා.....

"ඔව් ශෙහාන් අපි දෙන්න⁣ගෙ චූටි පැටියා...."

"අපේ රෝස මල...."

එයා එහෙම කිව්වේ මගෙ නළල මත එයාගෙ උණුසුම් දෙතොල් තද කරන ගමන්.....

එදා ඔහුගේ මුළු ලෝකයම ඒ පුංචි රෝස මල වෙලා තිබුණා.....ඔහුගේ අතේ....ඔහුගේ පපුවට තුරුළු වෙලා.....චූටි රෝස මලත් හරිම උණසුමට ගුලි වෙලා හිටියා.....

මට එදා හිතුණේ.....මගේ කරදරකාරයා වගකීම් සහිත තාත්තා කෙනෙක් වෙලා කියලා.....ඒ දවසෙන් පස්සේ ඔහු තවත් ටිකෙන් ටික වෙනස් වුණා.....

"සුදු නෝනා කෝ පැංචි නිදි ද...."

"අනේ අනේ ඉස්සර මාව හොයන් ආපු එක්කෙනා දැන් පැංචිව හොයා ගෙනමයි ගෙට ගොඩ වෙන්නේ...."

"අනේ මැණික ඉතින්....ආසාවටනේ....."

"ඒ වුණාට ඔයා මට වඩා එයාට ආදරෙයි...."

"පිස්සුද අනේ....එයාට කලින්නේ ඔයාව හම්බුණේ....මම එයාටයි ඔයාටයි දෙන්නටම එක වගේ ආදරෙයි....."

කලින් ගෙදර ආවම මුලින්ම මාව හොයපු ඔහු.... දැන් ගෙදර ඇතුළට එනකොට මුලින්ම දුවගේ හඬ හොයනවා.....ඇය නිදි නම් ඇයව ඇහැරවන්නේ නැතුව ළඟට ගිහින් බලනවා.....

"ම්ම්....මං දන්නවා.....එයා දැන් තමයි දොයිය ගත්තේ.....දැන් ඉතින් මට වැඩ ගොඩ ගැහිලා....."

"අනේ ඉන්නකො මම එයාව බලල එන්නම්....වොෂ් එකකුත් දාගෙන....."

එන්නම් කියලා ගියාට මං ආයෙ හොයා ගෙන යනකම් එයාට එන්න මතක් වෙන්නෑ....නිදාගෙන ඉන්න චූටි පැටියා දිහා බලාගෙන තනියම හිනාවෙනවා.....එයාට සතුටු ඇති එයාගෙ ලේ වලින් ඉපදුණු වස්තුව දකින කොට.....

රෑට පැංචි ඇහැරිලා අඬනකොට මට කලින් නැගිටිනවා.......මට මහන්සි නම් ඇයව තමන්ගේ අතට අරගෙන මට විවේකයක් දෙනවා......ද

"ඔයා නිදා ගන්න සුදු නෝනා....මම එයාව නිදි කරන්නම්....."

"ඒත්....."

"ඒත් නෙවේ....ඔයා දවසම එයත් එක්ක ඔට්ටු වෙනවානේ.....දැන් මගේ වාරේ....."

ඔහු කියද්දි මම ඔහු දිහා බලාගෙන හිටියේ හරිම ආදරෙන්.....ඔහුගේ දඟකාරකම් සම්පූර්ණයෙන්ම නැති වෙලා තිබුණේ නෑ.....දඩබ්බරයි තාමත්....කිව්වොත් කිව්වා....තාමත් මට විහිළු කරනවා....තාමත් මාව අවුස්සනවා.....තාමත් මගේ කේන්තිය දැකලා හිනාවෙනවා......

"මොකද චූටියා ලොකු වුණාම කියන්න ඕනි අම්මා ප/ස්/ස උඩ දාන් දොයිය ගත්තා...මම තමයි බලා ගත්⁣⁣තෙ කියලා....."

"අනේ ඇත්තද.....එව්ව හඳේ තමයි....."

"ඇයි බෑ කියල ද හිතන්නේ....ඉනිනවකො එයා ලොකු වෙනකම්....."

"යැයි යැයි තමයි...."

එයත් එක්ක කතා කරල දිනන්න බැරි නිසා මම නිහඬ වෙනවා....හැබැයි ඔහුගේ දඟකාරකම ඇතුළේ තිබුණු නොසැලකිල්ල නැති වෙලා තිබුණා.....ඔහු දැන් දන්නවා ඔහුට වඩා තවත් දෙන්නෙක් ඔහු මත විශ්වාසය තියාගෙන ඉන්නවා කියලා.....මමයි...අපේ පුංචි දුවයි...ඒ දෙන්නා වෙනුවෙන් ඔහු ශක්තිමත් වෙන්න ඕනේ කියලා ඔහු දන්නවා.....

මගේ කරදරකාරයා එක දවසකින් වෙනස් වුණේ නෑ....දවසින් දවස...පුංචි පුංචි දේවල්වලින්...ඔහු වගකීම් සහිත පිරිමියෙක් වෙමින් හිටියා.....මම ඔහු දිහා බලාගෙන නිහඬව හිනාවුණා.....

මගේ ආදරේට මම විතරක් නොවෙයි....අපේ පුංචි රෝස මලත් ශෙහාන්ව ටිකෙන් ටික ලොකු මිනිහෙක් කරමින් හිටියා.....

අපේ පුංචි දුව ටිකෙන් ටික ලොකු වෙද්දී, මගේ ශෙහානුත් ටිකෙන් ටික වෙනස් වෙන හැටි මම හැමදාම බලාගෙන හිටියා......

ඒ වෙනස එක දවසකින් සිද්ධ වුණේ නෑ....ඔහුගේ දඟකාරකම් එකපාරටම නැති වුණෙත් නෑ....තාමත් මම උදේ පාන්දර ඔහුගේ ඇඳුම් හොයලා දෙන්න ඕනේ දවස් තිබුණා.....

"අනේ සුදු දෝණි නිදි නම් මගෙ රතු පාට කමිසෙ හොයල දෙන්න....."

"සුදු නෝනා පැංචි නිදි නම් මේක චුට්ටක් අයන් කරන්න......"

කාලෙකින් එයා වෙනුවෙන් දෙයක් කරන්න බැරි වුණ නිසා මම ඒ දේවල් හරිම ආසාවෙන් කරා....

තාමත් මාව අවුස්සලා මගේ කේන්තිය බලලා හිනාවෙන දවසුත් තිබුණා.......හැබැයි ඒ හැම දෙයක්ම අතරින් මම දැක්කේ කලින් හිටපු ශෙහාන් නෙවෙයි......දැන් ඔහුට තමන්ට වඩා අපි වැදගත්....කලින් ඔහුගේ සල්ලි...ඔහුගේ ආයතන....යඔහුගේ වැඩ....ඔහුගේ විනෝදය කියන දේවල්වලට ලොකු තැනක් තිබුණා.....දැන් ඔහු වැඩ කරන හැම වෙලාවකම ඔහුගේ හිතේ තිබුණේ අපි.......

"ශෙහාන් ඔෆිස් යන්නැද්ද...."

"අද නිවාඩුවක් ගන්න හිතෙනවා...."

"ඒ ඇයි අසනීපයක්ද ඔයාට..."

"නෑ නෑ අනේ ඔෆිස් එකට ගිය වෙලාවෙ ඉදල ඔයාවයි මෙයාවයි මතක්ම වෙනවා...."

ඔහු කියද්දි මම හරි ආදරෙන් හිනාවුණා.....ඔහු දැන් මේ බැඳීමට හරිම ලෝබ වෙලා.....ඔහු වැඩට යන උදේවල දුව නිදි නම් ඇයගේ නළලට පුංචි සිපගැනීමක් දීලා තමයි පිටත් වෙන්නේ.....මං ගාවට ඇවිත් මම හොඳින්ද කියලා තහවුරු කරගන්නවා.....ඒක පොඩි දෙයක් වගේ පෙනුණත්....මට ඒ හැම පොඩි දෙයක්ම හරිම ලොකුයි.....

කලින් ඔහු ගෙදරින් පිටවෙද්දී මට පාලුයි කියලා මම කිව්වොත්...මට විහිළු කරලා යනවා.....දැන් ඔහුටත් අපි දෙන්නා දාලා යන්න අමාරුයි.....වැඩ ඉවර කරගන්න පුළුවන් තරම් ඉක්මනට වැඩ ඉවර කරගෙන ගෙදර එන්න ඔහු උත්සාහ කරනවා.......

"මැණික මම කන්න යන්නේ ඔයා කෑවද.....දෝණි කරදර කරාද....."

වැඩට ගියාම කෝල් කරලත් අහනවා....

ගෙදර ආවම ඔහුට ලෝකේ වෙන කිසිම දෙයක් ඕනේ නෑ....දුවගේ පුංචි අතක් තමන්ගේ ඇඟිල්ල වටා එතෙනවා දැකීම ඔහුට ඇති.....චූටි ඇස් බෝල කරන් එයා දිහා බැලුවත් ඇති.....මම ඔහු ළඟින් ඉන්නවා දැකීම ඔහුට ඇති.....

"බලන්න මැණික එයා මගේ අත තද කරල අල්ල ගෙන...."

"හ්ම්....තාත්ති දවල්ට නැති නිසා එයාටත් පාළු දැනෙනවා ඇති...."

"මටත් පාළුයි තමයි පැංචියේ...."

ඔහු චූටි බංඩියට සිපුමක් තියලා කියනවා....මට ඒ හැම දෙයක්ම බලාගෙන ඉද්දී හිතෙනවා...මගේ කරදරකාරයා කොහොමද මෙච්චර වෙනස් වුණේ කියලා....ඒත් ඇත්තටම ඔහු වෙනස් වුණේ නෑ.....ඔහුගේ ආදරේ වෙනස් වුණේ නෑ....වෙනස් වුණේ ඒ ආදරේ දරාගෙන හිටපු විදිහ....දැන් මටයි චූටි පැටියටයි දෙන්නටම ආදරේ කරන නිසා මගේ බර තමන්ගේ කරට ගන්න පටන් අරගෙන.....අදටත් එහෙමයි ඉතින්....කලින් මම ඔහු වෙනුවෙන් කැප වුණා.....දැන් ඔහු අපි වෙනුවෙන් කැප වෙනවා.....

දුවට උණක් හැදුණු එක දවසක් මට අදටත් මතකයි....මම බය වෙලා හිටියේ......මගේ අතේ හිටපු පුංචි දුව දිහා බලද්දී මට මොනවා කරන්නද කියලා හිතාගන්න බැරි වුණා......
ඒ වෙලාවේ ශෙහාන් කලබල වෙලා මාව තවත් බය කරන්නෙ නැතුව....කරන්න ඕන දේවල් එකින් එක කරගෙන ගියා.....

"ඉන්න අපි ඩොක්ටර්ට කතා කරමු....මගෙ මැණික බය වෙන්න එපා....."

"කෝ ගිහින් අර සිරප් එක අරගෙන එන්නකො එතකම්....."

අවශ්‍ය දේවල් සූදානම් කළා.....අපිව එක්කගෙන ගියා....දුවව බලාගත්තා....ඒ වෙලාවේ මම ඔහු දිහා බලාගෙන හිටියේ වෙනමම හැඟීමකින්.....කලින් පොඩි දෙයක් වුණත් මගේ පස්සෙන් දුවපු මගේ කරදරකාරයා.....එදා මගේ බය අඩු කරමින් මගේ ළඟ හිටියා.......

"අනේ මැණික....ඉන්න බෑ...ඔළුව රිදෙනවා....ඇස් ඇරන් ඉන්නත් බෑ වගේ....අනේ අත ගාන්නකෝ......"

ඒ ඉස්සර පුංචි ඔළුව කැක්කුමක් හැදුණත් එයා හැසිරූණු විදිය....කලබල කරලා මාව බය කරලා මට කියල ඔළුවට හොඳ මසාජ් එකක් දා ගත්තම ලෙඩේ හොඳයි.....එහෙම හිටපු මෙයානේ ඉතින් අද මේ......

එදා තමයි මට හරියටම තේරුණේ ඔහු කොච්චර දුරක් වෙනස් වෙලාද කියලා.....මට ඔහුගෙන් ඕනේ වුණේ පරිපූර්ණ පිරිමියෙක් නෙවෙයි......මට ඕනේ වුණේ මගේ ශෙහාන්.....මාව හිනස්සන...මාව අවුස්සන....මට කරදර කරන...සමහර වෙලාවට මගේ වැඩ දෙක කරන ඒ මගේම ශෙහාන්ව....ඉස්සරහ මට එක වෙලාවකට හරිම කරදරයක් වගේ පෙනුනට එයා ටික ටික වෙනස් වෙද්දි තමයි ඒ කරදරවල මං කොච්චර ආස වෙලා ද කියලා මට තේරුණේ......

හැබැයි දැන් ඒ අතීතයට ආයෙත් යන්න බෑ....ඔහුගෙි හිත ඇතුළේ ලොකු වගකීමක් තිබුණා.....අපි ගැන හිතන හිතක් තිබුණා.....මට රැකවරණයක් දෙන ශක්තියක් තිබුණා.....අපේ දුවට තාත්තා කෙනෙක් විතරක් නෙවෙයි...ඇයට ජීවිතේ විශ්වාස කරන්න පුළුවන් කෙනෙක් වෙන්න ඔහුට ඕනේ වෙලා තිබුණා.....

දවසක් හවස මම ජනේලය ළඟ ඉඳගෙන ඔහුත් දුවත් දිහා බලාගෙන හිටියා.....ශෙහාන් දුවව අතේ තියාගෙන ඇයත් එක්ක සෙල්ලම් කරමින් හිටියා.....ඒ දර්ශනය දිහා බලාගෙන මගේ හිතට ආවේ එකම එක සිතුවිල්ලක්.....

මම පාසල් කාලේ ආදරේ කරපු ඒ දඟකාර කොල්ලා...මගේ කරදරකාරයා...අද මගේ සැමියා....අපේ දුවගේ තාත්තා.....අපේ පවුලේ ශක්තිය....ඔහුගේ දඟකාරකම් තාමත් තිබුණා....මාත් එක්ක රණ්ඩු කරා...කෑ ගැහුවා.....හැබැයි ඔහු එක දවසක්වත් මගේ ජීවිතේ හිස් වෙන්න දීලා නෑ.....ඒ නිසා මට අදටත් හිතෙන්නේ...මගේ ශෙහාන් කියන්නේ මගේ ආදරෙන්....අපේ දුවගෙ ආදරෙන්.... ජීවිතේ දුන් වගකීම්වලින් ටිකෙන් ටික පරිණත වුණු මගේ කරදරකාරයා කියලමයි....

මට ඔහු ගැන ආඩම්බරයි....මොකද ඔහුගේ අතේ හිටපු ඒ පුංචි රෝස මල ඔහුව තාත්තා කෙනෙක් කළා.....ඒ වගකීම ඔහුව පරිණත පිරිමියෙක් කළා.....

ඒත්.....මගේ ආදරේ ඇතුළෙ....මගේ හිත ඇතුළෙ ඔහුව තාමත් මගේ කරදරකාරයා කරලා මං තියන් ඉන්නවා.....ඒ තමයි මගේ ශෙහාන්....මගේ පාසල් කාලේ ආදරේ....මගේ සැමියා...මගේ දුවගේ තාත්තා....මගේ ජීවිතේ ලස්සනම කරදරකාරයා.....මගේ හුස්ම ටික තියෙනකම් මේ ආදරණීය කරදරකාරයාටයි අපේ පුංචි රෝස මලටයි හරි ආදරෙයි......අපේ පව්ලට ඉස්සරහට තව සාමාජිකයො එකතු වෙන කොට මගේ ශෙහාන් තව පරිණත වෙයි නේද.....මගේ කතාව කියවල ඉවර වෙන කොට ඔයාලගෙ ආදර කතාවත් මතක් වේවි.....හැමෝටම ලැබෙන්න ඕනි මගේ ශෙහාන් මට දෙනවා වගේ ලස්සනම ලස්සන ආදරයක්....කරදර දගවැඩ හුරතලේ ඒ සේරම එක්ක වගකීම් සහිත පිරිමියෙක්ව.....ආදරෙයි ජීවිතෙයි දෙකම ලස්සන කරන්න පුළුවන් එහෙව් කරදරකාරයෙක්ට සත්තකින්ම.....

✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️

සමාප්තයි....

වෙනස් විදියකට ලිව්වා බලන්න...මේ මගේ ලියන ශෛලිය නෙවෙයිනේ...අඩු පාඩු තිබුණොත් සමාවෙන්න මේ ආරෙට ලියල හුරුම නැ....ආසාවට ලිව්වේ..🥰❤️

පේජ් එක තාම follow කරල නැති බබීස්ලා follow කරන් යන්න හොදේ❤️

ඒක ලස්සන කතාවක් 😍
23/09/2026

ඒක ලස්සන කතාවක් 😍

කමෙන්ට් එක 😂🤭
23/09/2026

කමෙන්ට් එක 😂🤭

23/09/2026
සකූගේ අකුරු ගෙත්තම් පේජ් එකෙන් ලස්සන කතාවක් 😍
23/09/2026

සකූගේ අකුරු ගෙත්තම් පේජ් එකෙන් ලස්සන කතාවක් 😍

වලව් කතාවක්, තවත් ලස්සන කතාවක් ලින්ක් එක ක්මෙන්ටෙකෙ..
23/09/2026

වලව් කතාවක්, තවත් ලස්සන කතාවක් ලින්ක් එක ක්මෙන්ටෙකෙ..

23/09/2026

Shout out to my newest followers! Excited to have you onboard! Sulari Gamage, Indu Sulakshana, Hasara Wickramasinghe, Charitha Nawarathne, Nisansala Swarnamali, Sulani Dulanjale, Jinadari Gunathilaka, Thisari Dineesha, Apsara R Hindurangala, Harshamali Kanchana, Thilini Pinnagala, Gayan Anuruddha, Sithara Prabodhini, Devika Perera, Nalin Priyaranjana, Manosha Sumudu, Erandi Dilrukshi Konara, Ajith Priyantha, Lanka Ganga, Dumitha Meegahapala, Madurangi Dias, Nadee Jayasekara, Muzna Muzna, Maleesha Kavindi, ඉරේෂා ලක්මාලි, Priyanga Weragoda, Iresha Samanmali, Rasika Samanmali, Nayana Nandani, Vithanage Dewinda, Srimalee Priyangika, Buddika Mihirani, Madu Madu, Chamee Arukgoda, Poornika Rasangi, Aruna Suranga, Dinewmi Pushpakumara, Sujeewa Priyangani, Jayani Tharika, Samanthi Rasika, Nadee Daham, Inoka Samanthi, Bagya Sadamali, Madara Madara, Ruwan Peiris, Amali Supunsara, Inoka Nilmini, Rasika Pushpa Kumari, Senuri Nayanathara, Sandhya Jayathilaka

Address

Gampaha

Website

Alerts

Be the first to know and let us send you an email when Meili posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share