NP glory

NP glory නිදහසේ ලස්සනම ලස්සන කතා කියවන්න, ලොකයේ අලුත් වෙන දේවල් ගැන දැනගන්න අපිත් එක්ක එකතු වෙන්න 💝

27/08/2026

අද බලමුද ගෑවුනත් කන්න පුළුවන් ගානට මීට්බෝල්ස් කරි එකක් හදාගන්නෙ කොහොමද කියලා.
මේක පාං බත් රොටි ඕනම දෙයක් එක්ක රසයි.

ඔයා කැමති වර්ගයක මීට්බෝල්ස් පැකට් එකක් ගන්න
ඒක රත් උන තෙල් ටිකකට දාලා සාමාන්‍ය ප්‍රමානයට බැදෙන්න දෙන්න. ඒකටම කුඩාවට කපපු සුදු ලූනු, ලූනු, තක්කාලි ගෙඩියක්, අමු මිරිස් කරල් දෙකක් , කරපිංචා එකතු කරලා ඒවාත් මදක් බැදෙන්න හරින්න. ඊට පස්සෙ ඒකටම
තුනපහ මේ හැන්දක් හෝ එකහමාරක්
මිරිස් කුඩු තේ හැන්දක්
ගම්මිරිස් තේ හැදි භාගයක්
කුරුදු කැබැල්ලක්,
උලු හාල් ස්වල්පයක්
රස අනුව ලුනු

එකතු කරගෙන ඒවාත් තෙලෙන් බැදෙන්න දෙන්න

ඉන් පස්සේ ඒකටම උකු පොල් කිරි පොඩි ප්‍රමාණයක් මුලින් එකතු කර ගොරකා පේස්ට් තේ හැන්දකින් භාගයක් පමණ එකතු කරන්න.

දැන් මේක තරමක් හිදෙනකොට ඔයාට ඇති වෙන ප්‍රමාණයට තව උකු පොල්කිරි එකතු කරන්න පුලුවන් . මේ වෙලාවේ මේකට සෝයා සෝස් හෝ ෆිශ් සෝස් ටිකක් එකතු කරගන්න .

පොල්කිරි එකතු කිරීමෙන් පසුව හොදින් උතුරන තෙක් තියාගෙන ලිප ඔෆ් කරගන්න පුලුවන්

පහල වීඩියෝ එකේ ඔයාට බලන්න පුලුවන් කොහොමද මම හදාගත්තේ කියලා.
ඒ එක්ක කන්න පරිප්පුත් හැදුවා ඉතින් 🤗

මේක රසම රස කරි එකක්. ඔයා හදන විදියත් කමෙන්ට් එකක් දාන්න 🤗

බයෙන් මෙන්ම සැකෙන් සරසි වාසලගේ කැබින් එක පිය නැග ඊට ඇතුල් වූයේ වෙව්ලන කටහඩින් " ස්සර්... මට එන්න කිව්වේ .. " කියා අසමිනි...
26/08/2026

බයෙන් මෙන්ම සැකෙන් සරසි වාසලගේ කැබින් එක පිය නැග ඊට ඇතුල් වූයේ වෙව්ලන කටහඩින් " ස්සර්... මට එන්න කිව්වේ .. " කියා අසමිනි. මේ එයානම් වෙන්න එපා දෙවියනේ... සරසි හිතින් යදිමින් සිටියේ වාසල ඊලග මොහොතේ වාසලගේ මුවෙන් කුමක් පිටවේ ද යන්න සිතා ගැනීමට නොහැකිවයි.

දෙවියනේ මේ... ඒ රූපෙමයි .. අනේ එහෙමනම් වෙන්න එපා... සරසි සෙමින් සෙමින් වාසල පෙන්වූ ඔහු ඉදිරියේ වූ පුටුවේ අසුන් ගන්නා ගමන් සිතන්නට විය.

" මම එන්න කිව්වේ සරසි වැදගත් දෙයක් කතා කරන්න, මොකද මේ බය වෙලා වගේ ඉන්නෙ , ඔයාට අසනීපයක්වත්ද? වාසල ඇසුවේ තරමක් නොසන්සුන් හඩකිනි.
" අහ්හ් නෑ නෑ සර් මේ පොඩි හිසරදයක් තිබුනා දැන්නම් හරි... " සරසි එසේ කියා එය මගහැර දැම්මේය .

ඕකේ, මම එන්න කිව්වෙ සරසි දැනට රිසෙප්ශන් එකෙන් ඉන්න අයගෙන් හොදම පෆෝමන්ස් ඔයාගෙ කියලයි ෆයිල්ස් වල තියෙන්නෙ කියලා මගෙ ඇසිස්ටන් කිව්වා, ඉතින් ඒකේ හදෙන්න ඕන අඩු පාඩු ඉක්මනින් අපි හදාගන්න ඕනෙ. මම හිතනවා සරසිට ඒ ගැන හොද අවබෝධයක් ඇති කියලා. මට හෙට උදේම ඒ ගැන විස්තර ඕනෙ සරසි. අපි එතන ඉදලම මේ හොටෙල් එකේ අඩුපාඩු ටික හදන්න කියලයි බැලුවේ . ඔයාට පේන හැදෙන්න ඕන කියලා තියන සේරම දේවල් මට හෙට ඩොකියුමන්ට් එකකට දාලා බාරදෙන්න ඕනේ.

සරසිගේ වේගයෙන් ගැහෙන හිත මේ මොහොතේ තරමක් සන්සුන් වන්නට වූයේ ඔහු සාමාන්‍ය ලෙස රාජකාරි මට්ටමෙන් පමණක් කතා කරන්නට වූ නිසායි.

නමුත් සරසිට ඔහුගේ දෙස බලන විට, ඔහුව බොහෝ සෙයින් හුරුපුරුදු බවක් හැඟවෙන්නට විය.
සරසී දෙගිඩියාවෙන් මෙන් පුටුවෙන් නැගිට, නැවත ඇගේ රාජකාරී ස්ථානයට ගොස් ඇගේ පුටුවට බරවූයේ ය.
සරසිගෙ මුහුණේ වූ වෙනස දුටු දසුනි, ඇයි මොකද වුනේ? බැන්නද? කියා ඇසුවේය.

අහ් නෑ නෑ මේ මට වැඩ ගොඩක් පැවරුනානේ. ඒකයි කියා සරසි එය මගහැරියේය.

එදින දවස පුරාම සරසි සිටියේ නොසන්සුන්වයි. ඈ වැඩ ඇරී සවස නිවසට ගිය අතර ඇඳුම් මාරු කරන්නෙවත් නැතිව ඈගේ ඇඳ මතට වැටී සිවිලිම දෙස බලාගෙන ඔහේ කල්පනා කරන්නට විය.ඈගේ සිත අතීතයට සෙමින් දිව යන්නට ඌවේ නිරායාසයෙනි .

මීට වසර හයකට පමණ පෙර සරසි පෞද්ගලික විශ්වවිද්‍යාලයක අධ්‍යාපනය හැදෑරුවාය. එහිදී ඇයට හමුවූ විශේෂ මිතුරෙකු වූයේ සාලියයි.

සාලිය තරමක් සෙල්ලක්කාර තරුණයෙකු වූ අතර කිසිම වෙලාවක අධ්‍යාපන කටයුතු වලට මහන්සි වූ කෙනෙක් නොවුන නිසා සරසී ඔහුට වැඩි විශේෂත්වයක් නොදැක්වුවත් සාලිය සරසී පිළිබඳව අදහසක් හිතේ තියාගෙන හිටියා.
සාලිය කියන්නේ විශ්ව විද්‍යාලයේ තියෙන ඕනෑම වලියක කොණක ඉඳපු කෙනෙක්. ඒ වගේම හැම විභාගයක්ම එකක් නෑර ෆේල් වුණ කෙනෙක්. ඉතින් සරසී කිසිම වෙලාවක සාලියට කැමති වුණේ නැහැ.

දවසක් සරසි නොහිතපු වෙලාවක සරසිගේ යාළුවෝ ඉස්සරහම
සාලිය සරසිගෙන් ඔහුට කැමතිද කියලා ඇහුවා.

ඒ වෙනාවේ ගොඩක් කලබල වුන සරසි, සාලියට ගොඩාක් බැන්නා. ඒත් සරසි හිතුවේ නැහැ සාලිය ඒ දේවල් ඒ තරම් ගණන් ගනීවි කියලා.
සරසි එදා සාලියට කිව්ව දේවල් අතටත් සරසිට හන් දෙක අස්සේ දෝංකාර දෙනවා වගේ.

මේ අහන්න සාලිය. ඔයාට පුළුවන්ද තව කෙනෙකුගේ වගකීමක් ගන්න, තව කෙනෙක්ට ආදරය කරන්න. අඩුම තරමේ ඔයාට ඔයා ගැනවත් වගකීමක් තියෙනවද? බලන්නකෝ ඔයා කිසිම පිළිවෙලක් නැහැ. විභාගයක් පාස් වෙලා නැහැ. ජීවිතය ගැන කිසිම උනන්දුවක් නැහැ. එහෙම කිය ඔයා කවුද මගෙන් එහෙම අහන්න.

ඔයා කරන්නේ ඔයාගේ දෙමව්පියන්ගේ සල්ලි විනාශ කරන එක විතරයි. ඔයා වගේ කෙනෙක්ට කැමති වෙලා මගේ ජීවිතයත් අමාරුවේ දාගෙන මුළු ජීවිත කාලෙම දුක් විඳින්න මට නම් ඕන නැහැ සාලිය.

ඒක නිසා ඔයාගේ ඔය මෝඩ අදහස හිතෙන් අතහැරගෙන මට මගේ පාඩුවේ ඉන්න ඉඩ දෙන්න.

" හරි සරසි, මට සමාවෙන්න. හැබැයි මම කවුද කියලා ඔයා දවසක දැනගනීවි." සාලිය කිව්වේ එච්චරයි එයා මොහොතක්වත් එතන නොඉද යන්න ගියා.

එදා ඒ මොහොතේ සිද්ධ වුණු ලැජ්ජාවට සාලිය කොයිතරම් මානසිකව වැටුනාද කියනවා නම් ඊට පස්සේ සරසිට කවදාවත් සාලියව විශ්වවිද්‍යාලයේ දකින්න හම්බ වුණේවත් නැහැ. සරසි යාළුවෙක්ගෙන් ඇහුවට පස්සේ සරසිට දැනගන්න ලැබුණේ එයා විශ්වවිද්‍යාලයෙන් අස්වෙලා කියලා. ඉන්පස්සේ එයා ගැන කිසිම දෙයක් සරසිට දැනගන්න හම්බ වුණේ නැහැ.

එදා කලබල වෙලා එයාට බැනලා සරසිකරේ එයාට ලොකු වැරැද්දක්ද කියන වැරදිකාර හැඟීම සරසිගේ හිතට අද වෙනකන් හැමදාම වද දුන්නා. මොකද සාලියව එදායින් පස්සේ සරසිට දකින්න ලැබුණේ නැහැ. සාලිය මොනවා කරනවද කියලා හොයන්නත් සරසිට හැකියාවක් තිබුණෙත් නැහැ. ඉතින් සරසිට සමහර යාළුවෝ පවා මේ ගැන දොස් කිව්වා.

කාලය වේගයෙන් ගෙවිලා යද්දී මේ වාසල කියන්නේ කවුද? සාලියගේ රූපයටම සමාන ඒ කටහඬට සමාන කටහඬක් තියෙන මේ වාසල කවුද කියන එක සරසිට ලොකු ප්‍රහේලිකාවක් වුණේ මෙන්න මේක නිසා.

ඒත් ඉතින් එයා සාලියනේ, මෙයාගේ නම් වාසල. ඒ කියන්නේ ඉතින් අර එක වගේ හත් දෙනෙක් ඉන්නවා කියන කතාව ඇත්ත වෙන්න ඇති. එහෙම හිතලා සරසී හිත ටිකක් සනසා ගත්තා.

පහුවදා උදේම සරසි වැඩට ගියේ. වාසල ඉල්ලපු ඩොකියුමන්ට් ටිකත් හරියටම හදාගෙන. මොකද සරසි ටිකක් බයෙන් හිටියේ. වාසල කියන්නේ සැර කෙනෙක් කියලා ආරංචි වෙලා තිබුණ නිසා.

සරසි ටිකක් මට කතා කරන්න පුළුවන්ද? වාසලගේ කැබින් එකට ගිය වෙලාවේ වාසල එකපාරම සරසිගෙන් එහෙම ඇහුවා. මෙන්න මේ වෙලාවේ සරසි ටිකක් ගැස්සිලා ගියා.

බය වෙන්න එපා සරසි. මම දන්නවා ඔයා මොනවද හිතන්නේ කියලා. ඔයා හිතන දේ හරියටම හරි. ඒ මම තමයි.

මේ වෙලාවේ සරසිට හීන් දාඩිය දාන්න ගත්තා. මොකද සරසි සාලියට බැන්නට පස්සේ ගොඩාක් බයෙන් හිටියේ. සාලිය සරසි ගැන ලොකු වෛරයකින් ඇති කියලා. දවසක සාලියව සරසිට හම්බ වුනොත් සාලිය සරසිට මොන වගේ ප්‍රතිචාරයක් දක්වයිද කියන එක ගැන සරසි ගොඩාක් බයෙනුයි හිටියේ.

ඔයා පුදුම වෙන්න එපා. මට සාලිය සාලිය කියලා කිව්වේ කැම්පස් එකේ මගේ යාළුවෝ. මගේ ඇත්තනම වාසල. ඉතින් ඔයාට මාව අඳුර ගන්න පුළුවන් වුනාට නම ලොකු ප්‍රශ්නයක් වෙන්නේ ඇති නේද?

ආහ්..හ් නැහැ ම්ම්මේ වාසල..සර්

සරසි බියෙන් ගොත ගහන්න වුණා.

නෑ නෑ සරසි ඔයා බය වෙන්න එපා. ඔයාට කතා කරන්න මම මේ අවස්ථාව එනකන් ලොකු කාලයක් බලාගෙන හිටියා. ඔයාට මම ගැන ලොකුවට ආරංචි නොවුනට මම ඔයා ගැන සෙවිල්ලෙනුයි හිටියේ. මම දන්නවා ඔයා හරිම හොඳ ගෑණු ළමයෙක්. ඒ ගතිගුණ නිසාම තමයි එදා මම ඔයාගෙන් ඒ වගේ දෙයක් ඇහුවේ. ඒත් ඔයා දන්නවද ඔයා මාව ප්‍රතික්ෂේප කරපු වෙලාවේ ඒකම තමයි හේතුවක් වුනේ අද මම මේ ඉන්න තැනට එන්න. එදා තරහෙන් වුනත් ඔයා ඒ කියපු දේවල් ඇත්ත නේද කියලා මට කල්පනා කරනකොට තේරුණා සරසි.

මම මෝඩයෙක් පිස්සෙක් වගෙයි ඒ කාලේ හසිරුනේ. ඇත්තටම මම හැමදාම ඒ වගෙ ඉදියනම් මම අද මෙතන නෑ. එහෙනම් මම මේ ලෝකෙන්ම ප්‍රතික්ෂේප උන කෙනෙක්. මට හරියට අවවාදයක් දෙන්න කෙනෙක් ඉදියෙ නෑ සරසි. සල්ලිනම් ඕනවට වඩා තිබුණා. ඒකයි මම පිස්සෙක් වගේ හසිරුනේ. ඒත් ඔයාගෙ ඒ වචන තමයි මගේ ජීවිතේම වෙනස් කලේ.

මම දන්නෙ නෑ ඔයත් මේ හොටෙල් එකේම වැඩ කියලා. එදා ඔයා මාව පිලිගන්න ඉස්සරහට එද්දී ඇත්තටම මට ඉන්න තැන පවා අමතක උනා. බොහොම අමාරුවෙන් මම පාලනය වෙලා ඉදියේ.
ඉන් පස්සෙ ඔයාට කතා කල මුල් අවස්තාවෙම මේ මුකුත් කියාගන්න මට බැරි උනා. දැන් මගේ හිතට සතුටුයි මොකද මම ඔයාට හැම දේම කිව්වනෙ.

සරසිගෙ ඇස් වලින් මේ මොහොතේ කදුලු කැට කඩාගෙන වැටෙන්න උනේ වාසලගේ වචන ඇගේ හිත පසාරු කරන්න්ට වූ නිසා. " ආහ්නේ මට සමාවෙන්න වාසල, මම හිතුවෙ නෑ ඔයාට රිද්දන්න , මට ඕනෙ උනේ ඔයාට ඒ ටික කියන්න. ඒත් මම ඒක හැමෝම ඉස්සරහ නොකියා ඉන්නයි තිබුනෙ.. මට සමාවෙන්න වාසල..."

නෑ නෑ සරසි. ඔයා එහෙම නොකලනම් මේ හැමදේම මීට වඩා වෙනස් වෙනවා. ඔයාට මම අදටත් එදා වගෙම ආදරෙයි සරසි. ඒත් මම ඔයාට බල කරන්නෙ නෑ. ඔයා අකමැතිනම් කියන්න. මම වෙන හොටෙල් එකකට යන්නම් ඒක ගැටලුවක් නෑ සරසි.

සරසි ගල් ගැසී වාසල දෙස බලා සිටියේ ඔහු කියන්නේ කුමක්ද කියා සිතාගත නොහැකිවයි.

" නෑ වාසල ඔයා යන්න ඕනෙ නෑ.. සරසි ඔහුගේ මුහුණ දෙස බලා කීවේ සෙනහස පිරුණු දෑසිනි.

එතැන් පටන් වාසල සහ සරසිගේ ජීවන සටහන් අලුතෙන් ඇරඹුණේ මහත් සෙනහසකිනි.

නිමි.

කතාව ලස්සනයිනම් comment එකක් දාන්න 😇💝

26/08/2026

cook diary Part 2

26/08/2026

ඔයත් මෙහෙමද වම්බටු හදන්නෙ 😊

සාරා..... නැකිටින්න ළමයෝ වෙලාව බලන්න දැන් අදත් පරක්කු වේවි.. මටනම් දොස් කියන්නෙපා ඔන්න. එහෙම කියාගෙන සරසිගේ කාමරේට එබිලා...
25/08/2026

සාරා..... නැකිටින්න ළමයෝ වෙලාව බලන්න දැන් අදත් පරක්කු වේවි.. මටනම් දොස් කියන්නෙපා ඔන්න. එහෙම කියාගෙන සරසිගේ කාමරේට එබිලා කිව්වේ සරසිගේ අම්මා, සරසි ඉතිරි නිදි ගැට කඩමින් හෙමින් අවදි උනා. සරසි මේ උදේම නැකිටලා ලෑස්ති උනේ මාසෙකට කලින් හාහාපුරා කියලා යන්න පටන් ගත්ත ජොබ් එකට යන්න. සරසි ආසම උනේ ගුරුවරියක් වෙන්න. ඒ ක්ශේස්ත්‍රයෙන් ඉදිරියට යන්න ඇයට වරම් නොලැබුනත් මේ ලැබුනු රස්සාව සරසි සතුටෙන් කරන් ගියා. සරසිට ඕන උනේ ආයතනය මොකක් උනත් කරන රැකියාව අවංකව හොදින් කරන්න.
උදේම අවදිවෙලා ලස්සනට සාරියත් ඇදගෙන සරසි අම්මටත් කියලම ගෙදරින් පිටත් වෙලා ඉක්මන් ගමනෙන් හන්දිය පැත්තට ගියේ රැකියා ස්තානයෙන් ඇයට ලැබුන ට්‍රාන්ස්පෝට් එක මගහැර ගන්න බැරි නිසා. ඇය සේවය කලේ ඉහල පෙලේ හෝටලයක පිලිගැනීමේ නිලධාරීනියක් විදියට. මේ රස්සාවට ආසාවෙන් යන්න තව එක හේතුවක් උනේ සරසිට මේ ලැබෙන ට්‍රාන්ස්පෝට් එක. මොලද බස් එකේ කරදර වෙවී යන්න දෙයක් නොතිබුනු නිසා .

සරසිට ගෙදර අය විතරක් නෙමෙයි දැන් හොටෙල් එකේ අයත් කතා කරන්නේ සාරා කියලා. සරසි කොහොමත් ඒ නමට තමයි ආස උනෙත්. විනාඩි 45කට පස්සේ සරසි හෝටලය තුලට ආවේ වැඩ මුරය අවසන් කරලා යන ඇගේ යෙහෙලියටත් අත වනාගෙනම. ඇය යනකොට සරසි සමග අද දවසේ වැඩට ඉන්න අනික් සහයිකාව වේලසනින්ම ඇවිත් තිබුනා. " අහ්හ්.. දසූ අද ඔයාද මට ඒක අමතක උනානෙ, ම්ං හිතුවේ සිතුමිණී කියලා " සරසි එසේ පවසා ඇගේ අත් බෑගය ලොකර් එකට දමන්නට වූයේ ය. " ඔව් සාරා අද එයානේ එන්න ඉදියේ ඒත් එයාට හදිසියෙන් අසනීප වෙලා, මට කෝල් කලා මේ ශිෆ්ට් එකත් ඉදලා යන්න කියලා , ඉතින් කරන්න දේකුත් නෑනෙ මම නැවතුනා " දසුනි කීවේ සිනාසෙමිනි .

" හැබැයි අද ඉන්න එකෙත් වාසියක් තියෙනවා හොදේ..." දසුනි ඇසක් වසා ඉගි කරමින් සරසිට පැවසුවේය. " ම්ම්ම් මොකක්ද දසූ මට මුකුත් විශේෂ දෙයක් ගැන මතක නෑනේ. සරසි ඇසුවේ මදක් කල්පනා කරමිනි. " ඇයි අනේ අදනේ මෙහේ අලුත් මැනේජර් එන්නේ..."
ආ... දසූ ඔව්මනෙ, මට ඒක අමතක උනා. කෝ දැන් ආවද උදේ.. සරසි ඇසුවේ වටපිට බලමිනි.
නෑ නෑ අනේ, අන්න රසිකලා ගියා මල් මාලයක් අරන් එන්න කේක් එකකුයි. නිකන්ම පිලිගන්න බෑ කිව්වේ. මෙයා ටික්ක් තද එක්කෙනෙක්ලු. දසුනි කීවේ ඉදිරි දොරටුව දෙස බලමිනි.
" අම්මේ එහෙමද එහෙනම් ඉතින් නීතියට වැඩ කරන්න වෙයිනෙ.." සරසි එසේ කියා සිනාසී ඇය වෙනුවෙන් වෙන් වූ අසුනට බර වූයේ දවසේ කටයුතු ආරම්භ කිරීම සදහායි. ............................................................................

මද වේලාවකට පසු කසුන් දිව ආවේ සාරා සහ දසුනි සිටි දෙසටයි. " මේ ආන්න ආවා...යමු යමූ..."
කසුන් ඔවුන් අසලට විත් හති හලන්නට විය. ඔහු දුටු සාරාට එකවර සිනාගිය අතර , " කවුද කසුන් ආවේ, ඔයාගෙ නැන්දම්මවත්ද මෙච්චර හති දාන් දුවන්නේ.." කියා දසුනිගේ පිටට තට්ටුවක් දමා දෙදෙනාම සිනාසෙන්නට විය.
" විහිළු නෙමේ බන් අන්න අලුත් මැනේජර් ආවා. තාම වාහනේ යමු පිළිගන්න.." ඒ විගස තිදෙනා ම හෝටලයේ ප්‍රධාන දොරටුව වෙත ඉක්මනින් ගිය අතර අලුත් මැනේජර් පිලිගත් පසු ඔවුන් නැවත තම රාජකාරි වලට යොමුවිය.
"" ම්මෙ සාරා මැනේජර් සැරයි වගේ උනාට හැන්ඩියානේ, " දසුනි කීවේ ඇසක් ඉගි මරමිනි. " මමනම් එයාගේ දිග පලල මනින්න ගියේ නෑ ඔන්න, සාරා සිනාසෙමින් කීවාය . ' අනේ අනේ මම දැක්කානේ මැනේජර් දාපු බැල්ම මෙයා මල් ටික දෙද්දී... "
" ඔයාලටනේ ඕනෙ උනේ මාව එයා ඉස්සරහට යවන්න... සාරා කීවේ දසුනිට ඇගිල්ලෙන් අනිමිනි.

අහ්හ් තව පැයකින් සර් එන්න කිව්වනේ මීටින් එකකට. අම්මේ මොනවා කියයිද දන්නෙ නෑ. දසුනි පැවසුවේ ඇගේ පුටුවට බර වෙමිනි.

උදෑසන 11 වන විට කාර්‍ය මණ්ඩලයේ තෝරාගත් පිරිසකට අලුත් මැනේජර් විසින් හමුවක් කැදවා තිබුණි . සරසි සහ දසුනි ගොස් රැස්වීම් කාමරයේ මැද කොටසෙන් අසුන් ගත්තේ මේක ඉක්මනින් ඉවර උනොත්නම් හොදයයි පවසමිනි.

අලුත් මැනේජර් ලෙස හෝටලයට පත්ව ආ ඔහු නමින් වාසල විය. ඔහු ඉතා හොද අත්දැකීම් සමූහයක් සහ ඉහළ මට්ටමේ ඉගෙනීමක් සහිත අයෙක් විය.

සරසි ඔහුට මල් පොකුර දෙන අවස්ටාවේ ඔහුගේ රුව හොදින් නොදුටුවත් දැන් ඇයට ඔහුගේ රූපය ඉතා පැහැදිලි ලෙස පෙනේ. ඇයට යමක් මතක් වන්නට වූයේ ඒ අවස්තාවෙයි. ' ඇත්තටම මේ මම හිතන කෙනාමද නැත්නම් මට ඒ වගේ පේනවද ? සරසි සිතිවිලි දහසක් අතර අතරමන්ව සිටියාය. ' නෑ නෑ වෙන්න බෑ මේ ලෝකේ එකවගේ අය කොච්චරනම් ඉන්නවද ? ' අනිත් එක එයානම් මේ වගේ තැනක කොහොමත් ඉන්න බෑ. "

සරසි සිතුවිලි දහසක් අතර හිරවී ඒවා සමග පොරබදමින් සිටියාය . රැස්වීමේ ඔහු පැවසූ කිසිවක් ඇයට මතක නැත. හිතට ආ එකම පැනයට සිතුවිලි රෑනක් සමග තර්ක කරමින් සරසි යුද්දයක නියැලී සිටියාය.

" මේ සරසි දැන් කිව්වා නේද මම එයාගෙ දිග පලල මැන්නෙ නෑ කියලා, දැන් දිග පලල මනිනවද බන් ඔහොම කන්න වගේ බලන් ඉන්නේ , සාමාන්‍ය විදියට ඉන්න" දසුනි සරසිගේ අත කොනකින් කොනිත්තා කී විටයි සරසි පියවි සිහියට පැමිණියේ.

මද වේලාවකින් රැස්වීම අවසන් විය. සරසි ඇගේ පුටුව මත ඉදගද්දීම අසල වූ ආයතනයේ දුරකථනය නාද විය. ඒ කතා කලේ වාසලයි. "අහ් සරසි නේද මේ , ටිකක් එන්න පුලුවන් ද මගේ කැබින් එකට " ' අහ්හ් හරි සර්.. මම එන්නම්" සරසි රිසීවරය නැවත තැබුවේ වෙව්ලන දෑතිනි. සිදු වන්නේ කුමක්ද කියා සිතා ගැනීමට අපහසු වූ ඈ බියෙන් ඔහුගේ කැබින් එක වෙත පිය නැගුවාය.
.........
කවුද මේ වාසල? ඇයි සරසි බය උනේ?

අවසන් කොටසෙන් ඉක්මනින් හමුවෙමු

කතාව ලස්සනනම් comment කරන්න 😊🌹

24/08/2026

මේ menu එකට ඔයත් ආසද 😍❤️
මේකත් බලලම කියන්නකො, රෑට ලස්සන කතාවකුත් අරන් එන්නම් ❤️

23/08/2026

මේ කේක් වර්ග ඔයා කාලා තියෙනවද?

* **පවුන්ඩ් කේක් (Pound Cake):** පිටි, බටර්, සීනි සහ බිත්තර සමාන ප්‍රමාණවලින් (1:1:1:1 අනුපාතයට) යොදා සාදන ඝන සහ රසවත් සාම්ප්‍රදායික බටර් කේක් වර්ගයකි.
* **ස්පොන්ජ් කේක් / ජෙනෝයිස් (Sponge Cake / Genoise):** සම්පූර්ණ බිත්තර සහ සීනි හොඳින් බීට් කර පිටි සහ දියකරගත් බටර් එකතු කර සාදන, ඉතා සැහැල්ලු සහ පිම්බුණු කේක් වර්ගයකි.
* **ෂිෆොන් කේක් (Chiffon Cake):** එළවළු තෙල් සහ හොඳින් බීට් කළ බිත්තර සුදුමද භාවිතයෙන් සාදන, බටර් කේක් එකක රසයත් ස්පොන්ජ් කේක් එකක සැහැල්ලු බවත් එකතු වූ තෙතමනය සහිත කේක් වර්ගයකි.
* **ඒන්ජල් ෆුඩ් කේක් (Angel Food Cake):** බටර් හෝ තෙල් නොමැතිව, බිත්තර සුදුමද, සීනි සහ පිටි පමණක් යොදා සාදන ඉතා සැහැල්ලු සුදු පැහැති කේක් වර්ගයකි.
* **බටර් කේක් (Butter Cake):** බටර් සහ සීනි එකට ක්‍රීම් වනතුරු බීට් කර සාදන, උපන්දින සාද සඳහා බහුලව භාවිත වන සම්භාව්‍ය කේක් වර්ගයකි.
* **රෙඩ් වෙල්වට් කේක් (Red Velvet Cake):** දීප්තිමත් රතු පැහැයෙන් යුතු, කොකෝවා කුඩු සහ බටර්මිල්ක් (buttermilk) යොදා සාදන, ක්‍රීම් චීස් ෆ්‍රොස්ටින් සමඟ පිළිගන්වන කේක් වර්ගයකි.
* **කැරට් කේක් (Carrot Cake):** ගාගත් කැරට්, කුරුඳු සහ සාදික්කා වැනි කුළුබඩු සහ තෙල් යොදා සාදන, අතිශය තෙතමනය සහිත කේක් වර්ගයකි.
* **චීස්කේක් (Cheesecake):** ක්‍රීම් චීස්, බිත්තර සහ සීනි යොදා බිස්කට් තට්ටුවක් (crust) මත සාදන, බේක් කළ හෝ ශීතකරණයේ තබා සකස් කරගන්නා අතුරුපස කේක් වර්ගයකි.
* **ෆ්ලවර්ලස් කේක් (Flourless Cake):** තිරිඟු පිටි නොමැතිව චොකලට් හෝ ආමන්ඩ් පිටි සහ බිත්තර පමණක් යොදා සාදන, ඝන සහ ෆජ් (fudge) වැනි මෘදු රසයක් ඇති කේක් වර්ගයකි.
* **ඔපෙරා කේක් (Opera Cake):** ආමන්ඩ් ස්පොන්ජ්, කෝපි සිරප්, කෝපි බටර්ක්‍රීම් සහ ඩාක් චොකලට් ගනාෂ් (ganache) තට්ටු කිහිපයකින් සාදන ප්‍රංශ කේක් වර්ගයකි.
* **බ්ලැක් ෆොරස්ට් කේක් (Black Forest Cake):** චොකලට් ස්පොන්ජ් තට්ටු අතරට විප්ඩ් ක්‍රීම්, චෙරි සහ චෙරි සිරප් යොදා සාදන සම්ප්‍රදායික ජර්මානු කේක් වර්ගයකි.
* **අප්සයිඩ්-ඩවුන් කේක් (Upside-Down Cake):** බේකින් තැටියේ යටටම පලතුරු (විශේෂයෙන් අන්නාසි පෙති සහ චෙරි) හා දුඹුරු සීනි දමා, බේක් කළ පසු උඩු යටිකුරු කර කැරමල් වූ පලතුරු තට්ටුව උඩට සිටින සේ පිළිගන්වන කේක් වර්ගයකි.
* **ට්‍රෙස් ලෙචෙස් කේක් (Tres Leches Cake):** බේක් කළ පසු එවැපරේටඩ් කිරි, උකු කිරි සහ හෙවි ක්‍රීම් යන කිරි වර්ග තුනේ මිශ්‍රණයක හොඳින් පොඟවා ගන්නා ලද සැහැල්ලු ස්පොන්ජ් කේක් වර්ගයකි.
* **ෆෘට් කේක් (Fruitcake):** වියළි පලතුරු, ඇට වර්ග (nuts) සහ කුළුබඩු විශාල ප්‍රමාණයක් යොදා සාදන, සාමාන්‍යයෙන් මත්පැන් (rum/brandy) ස්වල්පයක් දමා කල්තබා ගන්නා ඝන කේක් වර්ගයකි.
* **අයිස්බොක්ස් කේක් (Icebox Cake):** බේක් නොකර, ක්‍රිස්පි බිස්කට් හෝ වේෆර් තට්ටු අතරට විප්ඩ් ක්‍රීම් තවරා ශීතකරණයේ තබා මෘදු කරගන්නා කේක් වර්ගයකි.

මෝටර් රථයේ තියුණු ආලෝක ධාරාව මැද සාලයේ බිත්තිය මත වැටෙද්දී කුසුමා අත තිබූ පොල්කටු හැන්ද පසෙක තබා ගැහෙන සිතින් ඉස්තෝප්පුව...
23/08/2026

මෝටර් රථයේ තියුණු ආලෝක ධාරාව මැද සාලයේ බිත්තිය මත වැටෙද්දී කුසුමා අත තිබූ පොල්කටු හැන්ද පසෙක තබා ගැහෙන සිතින් ඉස්තෝප්පුව දෙසට දිව ආවාය. අමරේ ද වේගයෙන් නැගිට ඉණේ තිබූ සරම තද කරගනිමින් මිදුල දෙස බැලුවේ නොසන්සුන්වය. දූවිලි අවුස්සමින් මිදුලේ නතර වූයේ ගමේ කාටත් හුරුපුරුදු ධනදාසගේ කළු පැහැති සුඛෝපභෝගී ජීප් රථයයි.

කුසුමාගේ පපුව ගැහෙන්නට වූයේ කඩා වැටෙන්නට මෙනි. "දෙයියනේ... ගුණයා කිව්ව කතාව අර මිනිහගේ කනට ගිහින්ද? මේ මහ රෑ අපේ ගෙදරට ඇවිත් මොන විනාශයක් කරන්නද මේ හදන්නේ?" ඇය බියෙන් නෙළුම්ගේ අත තදින් අල්ලා ගත්තාය. නෙළුම්ගේ මුහුණද සුදුමැලි වී ගොස් තිබූ අතර, ඈ බිම බලාගෙන දෙතොල් සපා ගත්තාය. ඒ දෑසේ වූයේ බියක්ද, නැතහොත් වරදකාරී හැඟීමක්දැයි කුසුමාට වටහාගත නොහැකි විය.

ජීප් රථයේ දොර අඩවල් වී ඇරුණි. ඉන් මුලින්ම බිමට බැස්සේ ගමේ කවුරුත් බියෙන් සලකන ධනදාස මුදලාලිය. සුදු ජාතික ඇඳුමෙන් සැරසී සිටි ඔහුගේ මුහුණ දැඩිව, අඳුරුව තිබිණි. ඔහු පිටුපසින් ඔහුගේ ආඩම්බරකාර බිරිඳ වූ මැණිකේ ද, ඒ පසුපසින් ඔවුන්ගේ පුත් සචිත්‍ර ද බිමට බැස්සෝය. සචිත්‍රගේ මුහුණේ වූයේ දැඩි ආතතියකි. ඔහු වරක් නෙළුම් දෙස බලා හිස පහත් කරගත්තේය.

"අමරේ උන්නැහේ... ගෙදරද ඉන්නේ?" ධනදාසගේ ගොරෝසු හඬ නිහඬ රැය දෙදරුම් කවමින් නැඟිණි.
අමරේ පියගැටපෙළ බැස මිදුලට ගියේ දෑත් එක්කොට ආචාර කරමිනි. "එන්න... මුදලාලි මහත්තයා... මේ... මේ මහ රෑ මොකෝ මේ හදිසියේම?" අමරේගේ හඬ වෙව්ලන්නට වූයේ නිරායාසයෙනි.

මැණිකේ ඉදිරියට ආවේ තම සාරි පොට තදින් අල්ලා ගනිමිනි. "මොකද අහන්නේ අමරේ? තමුසෙලාගේ දුව දන්නවා ඇතිනේ අපි ආපු කාරණාව! මුළු ගමම දැන් මේ ගැන කතා වෙනවා. අපේ නම්බුව නැති කරන්නද තමුසෙලා මේ ලෑස්ති වෙන්නේ?" ඇගේ රළු වචන කුසුමාගේ හදවත පසාරු කරගෙන ගියේය.

කුසුමා ඉදිරියට පැන දෑත් බැඳගත්තාය. "අනේ මැණිකේ , මහත්තයෝ... අපේ කෙල්ල අතින් වරදක් වුණා නම් අපිට සමාවෙන්න. අපි දිළිඳු මිනිස්සු තමයි, ඒත් අපි කවදාවත් තමුන්නාන්සේලාගේ නම්බුව කන්න හිතුවේ නෑ. කෙල්ල ආපු ගමන් මම කිව්වා මේ සේරම නවත්තන්න කියලා..." කුසුමාගේ දෑසින් කඳුළු කඩාහැළුණි.

නෙළුම් එකවරම මවගේ අත අල්ලා ගත්තාය. "අම්මේ... නවත්තන්න. ඔයාලා කාටවත් වැඳලා සමාව ගන්න ඕන නෑ," නෙළුම්ගේ හඬ ස්ථාවර විය.

"කට වහපිය කෙල්ලේ!" අමරේ කෝපයෙන් හා බියෙන් කෑගැසුවේය. "තෝ දන්නවද මේ මිනිස්සුන්ගේ හැටි? අපිට මේ ගමේ ඉන්න බැරි වෙයි!" අමරේ නෙළුම් අසලට ගොස් මිමිනුවේය.

එවර ඉදිරියට ආවේ සචිත්‍රය. "තාත්තේ... අම්මේ... ඇති දැන් ඔය රඟපෑම. ඇත්ත කියන්න!" ඔහු තම දෙමාපියන් දෙස බලමින් දැඩි හඬින් පැවසුවේය.

ධනදාස ගැඹුරු සුසුමක් හෙළා තම බිරිඳ දෙස බැලුවේය. මැණිකේගේ දැඩි මුහුණ මඳක් ලිහිල් වී, එහි ලැජ්ජාවක සේයාවක් මතු විය. ධනදාස තම සාක්කුවෙන් ලියුම් කවරයක් සහ සරසවි වෛද්‍ය පීඨයේ නිල ලාංඡනය සහිත ලිපියක් එළියට ගත්තේය.

"අමරේ... කුසුමා... කලබල වෙන්න එපා," ධනදාසගේ හඬ වෙනදාට වඩා බෙහෙවින් මෘදු වී තිබුණි. "අපි ආවේ රණ්ඩු වෙන්න නෙමෙයි. මගේ මේ නෝනා කතා කරපු විදිහට මම සමාව ඉල්ලනවා. ඒක එයාගේ හිතේ තිබ්බ කලබලේටයි, ආඩම්බරකමටයි ආපු එකක්." දන්නවනේ මේ බවලත් උදවිය ගැන.

කුසුමාත් අමරේත් එකිනෙකාගේ මුහුණු බලාගත්තේ කිසිවක් සිතාගත නොහැකිවය.
"අමරේ... උඹලගේ දුව ගැන උඹලා ආඩම්බර වෙන්න ඕන," ධනදාස දිගටම කියාගෙන ගියේය. "මගේ කොල්ලා කොළඹ ගිහින් ඉගෙනීම පැත්තක දාලා, වැරදි ආශ්‍රය නිසා ලොකු අමාරුවක වැටිලා හිටියේ. සරසවියෙන් පවා එයාව අයින් කරන්න හදපු වෙලාවේ, මේ නෙළුම් දුව තමයි එයාව ඒ නරක මිතුරන්ගෙන් බේරගෙන, මහාචාර්යවරුන්ට කතා කරලා, එයාගේ විභාග ටික ගොඩදාන්න රෑ දවල් නැතුව උදව් කරලා තියෙන්නේ. මේ තියෙන්නේ සචිත්‍රගේ අවසන් වසරේ ප්‍රතිඵල... ඌ ඒක ඉහළින්ම පාස් වෙලා තියෙන්නේ මේ දරුවා නිසා."

මැණිකේ ඉදිරියට විත් නෙළුම්ගේ දෑතින් අල්ලා ගත්තාය. ඇගේ දෙනෙතේ කඳුළු පිරී තිබුණි. "අනේ දුවේ... මම අහංකාර ගෑනියෙක් තමයි. මගේ කොල්ලා මට සේරම විස්තරේ කිව්වේ අද හවස. එයා විභාග අසමත් වෙලා ජීවිතේ නැති කරගන්න ගිය වෙලාවේ උඹ තමයි මගේ දරුවට අම්මා කෙනෙක් වගේ පිහිට වෙලා තියෙන්නේ. අපිට තියෙන ධනයෙන්වත් කරන්න බැරි වුණු දේ උඹේ මේ උතුම් ගතිගුණවලින් කරලා තියෙනවා."
අමරේට සහ කුසුමාට අදහාගත නොහැකි විය. ගමේ පැතිර ගිය කටකතාව පිටුපස තිබී ඇත්තේ මෙවන් අහිංසක, උතුම් කැපකිරීමක් බව ඔවුනට වැටහුණි. නෙළුම් මවගේ උරහිසට හේත්තු වී සැනසුම් සුසුමක් හෙළුවාය.

"අමරේ උන්නැහේ... මේ දරුවෝ දෙන්නා අතරේ තියෙන්නේ පිරිසිදු යාළුකමක්. වැරදි සම්බන්ධයක් නෙමෙයි. හැබැයි ඉස්සරහට මේ දෙන්නා කැමති නම්, අපේ පවුල් දෙක එකතු වෙනවට මගෙයි නෝනගෙයි කිසිම අකමැත්තක් නෑ," ධනදාස සිනාසෙමින් අමරේගේ උරහිසට තට්ටු කළේය. "අපි ආවේ මේ දරුවට අපේ පවුලේ ගෞරවය පුද කරලා යන්න."
මිදුලේ නැගුණු මඳ සුළඟත් සමඟ, හේනේ මායිමෙන් ඇසුණු රාත්‍රී කුරුල්ලන්ගේ නාදය නිවස පුරා ගෙන ආවේ මහා සැනසිලිදායක බවකි. කුසුමා පපුවට අත තබාගෙන කඳුළු පිරි දෙනෙතින් අහස දෙස බැලුවේ, තම දියණියගේ පිරිසිදු සිතුවිලි නිසා ඇගේ ඉදිරි අනාගතය ගැන වූ බිය සිතෙන් පහ කරමිනි.

කාටත් හොරා නෙළුම්ගේ සහ සචිත්‍රගේ දෑස් එකිනෙක ගැටී තිබුණු අතර ඒ දෑස් වල වෙනදා නොවූ දීප්තිමත් බවක් තිබුණි .

නිමි.

අද්දර ගෙදර කුසුමා... කුසුමා..... අන්න හේනට අදත් අලි ඇවිල්ලලු මට කීවේ සිරිදේරිස් මාමා.. උන්දෑ දිව්වා  හේන පැත්තේ.. අපිත් ...
22/08/2026

අද්දර ගෙදර

කුසුමා... කුසුමා..... අන්න හේනට අදත් අලි ඇවිල්ලලු මට කීවේ සිරිදේරිස් මාමා.. උන්දෑ දිව්වා හේන පැත්තේ.. අපිත් යමුද

එසේ විමසමින් එකවරම කළුවර අතරින් මතු වූයේ සුමනා නැන්දායි. කාලයකට වරක් මෙලෙස හේනට එකදිගට අලි කඩාපැනීම දැන් වසර ගනනක් තිස්සේ සිදු වන්නකි. ගිනිමැල , පන්දම් ගසා උන් එලවා දැමීම සුමනා අමරේ පමණක් නොව අනික් හේන් කරන ගම්මුන්ගේ සිරිතයි. ඔවුන් කෙදිනකවත් අලි වෙඩි හෝ වෙනත් අනතුරු දායක කිසිවක් භාවිතා නොකලේ ඔවුන් මෙන්ම අලින්ටද මේ වනය මේ භූමිය අයිති බව දන්නා නිසායි.

කඩිනමින් නැකිටගත් කුසුමා ඉක්මන් ගමනින් සුමනා සමග හේන දෙසට පා නැගුවේ අමරේට තනිව අලි පන්නා දැමීමේ කාර්‍ය අපහසු බව දන්නා නිසායි.
ඔවුන් හේන වෙත ලගා වන විටත් අලි රංචුව හේනේ කැලෑ මායිම දෙසින් වැට ගලවා තිබුණි. කෙසේ හෝ කෑ ගසා ගිනි පන්දම් දල්වා අලි රංචුව පලවා හැරීමට ගම්මුන් සමත් විය. ....................................................................................

කුසුම් සුමනා සමග යලි නිවසට ආවේ තවත් පැයක් පමණ හේනේ රැදී සිටීමෙන් පසුවයි. පසු දින පාන්දර 5ට පමණ ඇය අවදි වන විට අමරේ ඈත ගුරු පාරෙන් නිවස දෙසට එනු ඇගේ ඇස ගැටුනි.
ගෙට ගොඩ වූ කුසුම් දුටුවේ අමරේගේ මුහුණ එතරම් හොද නැති බවකි. ' ඇයි අමරේ මේ මූණ එල්ලගෙන මොකද ?' කුසුම් ඇසුවේ දෙගිඩියාවෙනි.
" මේකනම් හරියන කාරියක් නෙමෙයි කුසුම් , අපේ ලොකු කෙලී, නෙළුම් අර එහා කෑල්ලේ ධනදාසගේ කොල්ලා එක්ක පැටළුන එක තාම තියෙනවා කියන්නේ, මට ඊයේ රාත්තිරියේ අලි එලවන්න ආව වෙලේ ගුණයා කිව්වේ , ඒකාට කම්මැළි හිතිලා ගෙදර යන්න මගේ හේන පැත්තට ආවා. ඒ වෙලෙයි කිව්වේ. ඌ දැකලා තියෙනවා නෙළුම් විශ්ශවිද්‍යාලෙට යන්න බස් එකේ නගින්න ඉන්නකොට ඒ කොලුවා ඇවිත් කතා කර කර ඉදලා . "

" අනේ අම්මපා මේ කෙල්ලට කිව්වට අහන්නේ නැහැනේ, අපිට උන් එක්ක පෑහෙන්න බෑ කියලා, ඒ ධනදාස කියන්නේ මහ නාහෙට නාහන මිනිහෙක් ඒකාට ඔව්වා කන වැටුනොත් අපේ පව්ලටම විසුමක් වෙන්නේ නෑ. "
කුසුම් පැවසුවේ කම්බුලේ අතක් ගසාගෙනය.
"ආවදෙන්කෝ මේ නිවඩුවේ ලොකු එකී කියලා බලන්නේ නෑ මම මේ සැරේ කී වතාවක්නම් කිව්වාද ඕක නවත්තලා දාන්නය කියලා, කෝ කනකට ගත්ත්ද ? , මේ සැරෙන් ආවම මම ඕක ඇහුවම ඒක තමයි කිසිම සද්දයක් නොකර හිටියේ "
කුසුම් කීවේ තරහෙනි.

" නෑ නෑ කුසුමා, ඕවා ගහලා බැනලා කරන්න පුලුවන් ඒවා නෙමෙයි . ඊට පස්සේ හිතුවක්කාර වැඩක් එහෙම කරොත් අපි මේ ගමේ වසන්නද ?, ඒකි ආවම අපි දෙන්නම ආපහු මේ ගැන කතා කරලා තේරුම් කරමු"

" හ්ම්ම්ම් බලමුකෝ... " කුසුම් පැවසුවේ ඉහලට ගත් හුස්ම පහල හෙලමිනි.

ඔන්න මට කහට එකක් වක්කරලා ගනින් කුසුමා ඊයේ රෑ එළි වෙනකන් නින්ද නෑ මේක අහලා, අලි ආවට පස්සෙ කොහොමත් පොඩි සද්දෙටත් ගැස්සෙනවා.

කුසුම් විගසින් ගොස් කහට වත්කර දී උදෑසන ආහාරය සකස් කිරීමට බතක් ලිප තැබුවාය.

කුසුම්ගේ හිතේ නෙළුම් ගැන තිබුනේ මහා බරකි. කෙසේ හෝ ඉහලින්ම විභාග පාස් කර සරසවියට ඇතුළු වුවද ධනදාස වැනි ඉහල පැලැන්තිය සමග පෑහීම සිතීමත් කුසුමලාට සුදුසු නොවේ. ධනදාසගේ බිරිඳ කොතරම් ආඩම්බරකාරියක්ද කියා කුසුම් හොදටම දනී.
දිනක් පන්සලේ පැවති උත්සවයකට ඇය පැමිණ සිටියේ රත්‍රන් පෙරවාගෙනයි. ගම්මුන් අසලටවත් නොපැමිණි ඈ වෙනම අසුනක් ගෙන්වාගෙන වාඩි වී සිටි හැටිත් ඈ සමග කතා කල අයෙක් සමග කතා නොකර අහක බලා ගත් සැටිත් කුසුම්ට මතකය.
එවැනි චරිතයක් හිමි ඈ තම එකම පුතනුවන්ව නෙළුම් වැනි දිලිඳු පව්ලකින් පැවතෙන කෙනෙකුට බන්දා දීමට සිහිනෙකින්වත් කැමැති නොවනු ඇත.

දින දෙකකට පමණ පසු නෙළුම් සරසවි නිවාඩුවට ගෙදර ආවේ ය. "අම්මේ ලොකු දෙයක් මේ සැරේනම් සති දෙකක්ම නිවාඩු ඔන්න. මට අම්මගෙ රස බත් ටිකක් කන්න පුලුවන් මේ ටිකේ , " කියාගෙනම නෙළුම් ගෙට ගොඩ විය. එවෙලේම අමරේ කිව් කාරනාව ගැන ඇසීමට කිසිමාට හිතුනත් බොහෝ දුර ගෙවා මහන්සියෙන් පැමිණි නෙළුම් දෙස බැලූ කුසුමා එය පසුවට කල් දැමීය.

" ආ දූ ආවද ඇයි බන් කොළඹ තියෙන ජාති රහ නැතුවයැ ? "
කුසුමා ඇසුවේ සිනාසෙමිනි.
" එහේ තියෙන රස ඒවා කන්නනම් අපේ අප්පච්ච්ට තව හේනක්වත්කරලා මට සල්ලි එවන්න වෙනවා අම්මෙ, අපි ඉතින් යන්තම් පිරිමහලා තමයි බඩට මුකුත් දාගන්නේ"

එය ඇසූ සුමනාටනම් හිතේ පැත්තක යම් රිදුමක් දැනුනේ ඔවුන් මෙහි කෙසේ හෝ කා බී සිටියද නෙළුම් එහි දුක් විදිනවා කියා සිතීමෙනි.

" වරෙන් කෙල්ලේ මම උබ ආසා නිසාම හැලප තැම්බුවා කහට එකක් බොමු අපි"
එසේ පවසා කුසුම් කුස්සිය දෙසට ගියේ ඇහෙන් වැටුනු කදුලක් සගවමිනි.

මේ කෙල්ලට මේ සම්බන්දේ ගැන හරි හැටි තේරුම් කරලා දෙන්න ඕන නැත්තන් මොන දුකක් තව විදින්න වේවිද දන්නෙ නෑ. දොස්තර විභාග පාස් කරත් උන් මේ කෙල්ලව පිලිගන්නේ නෑ, ඒකනම් මම ඉරහද වගේ දන්නවා. කුසුමා කහට වත්කරන ගමන් කල්පනා කලේය

එදින රෑ වේගෙන එද්දී කුසුම් නෙළුම් සමග ඇගේ සරසවියේ තොරතුරු කතා කරමින් කුස්සියේ රාත්‍රි ආහාරය පිලියෙල කරමින් සිටියේය අමරේ ද එදින නෙළුම් ඉන්න නිසාම නිවසේ රැදුනි. දැන් හේනට අලි නොඑන නිසාත් කැලෑ සීමාවේ ඵලදාව හමාර කල නිසාත් ඒ ගැන බියක් නැත.

එකවරම අමරේගේ දෑස් නිලංකාර කරමින් මෝටර්‍රථයක ලයිට් එළියක් ඔවුන්ගේ මිදුල දෙසට වේගයෙන් විත් මෝටර් රතය මිදුලේ නතර විය...

මීලගට කුමක් වෙයිද ? දෙවනි කොටසින් ඉක්මනින් හමුවෙමු.
කතාව ලස්සනයිනම් comment එකක් දාන්න 😇💝

16/08/2026

කොලැජන් ලබාගන්න 💝

Address

Galle
Galle
80000

Website

Alerts

Be the first to know and let us send you an email when NP glory posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share