09/02/2026
මතුගම සිට නුවරඑළිය දක්වා යන ගමන පුරාම කසුන් සහ සඳුනි සිටියේ අලුත් ජීවිතයක සිහින දකිමිනි. විවාහ වී දින දෙකක් ගතවන්නටත් පෙර ඔවුන් නුවරඑළියේ පිහිටි නිහඬ, සුන්දර හෝටලයකට පැමිණියේ මධුසමය ගත කිරීමටයි.
මීදුමෙන් වැසුණු කඳු පන්ති අතරින් එබී බලන හිරු රැස් දකිද්දී ඔවුන්ට සිතුණේ මුළු ලෝකයම ඔවුන්ට ආශීර්වාද කරන බවයි. දෙවැනි දවසේ උදෑසන, හෝටලයට යාබදව පිහිටි විශාල රක්ෂිත වනාන්තරය දෙස බලා සිටි කසුන් යෝජනාවක් කළේය.
"සඳූ, අපි අර කැලේ පැත්තේ පොඩ්ඩක් ඇවිදින්න යමුද? හරිම ලස්සන ඇති ඇතුළට ගියාම."
" අම්මේ ඔයාට පිස්සුද කසුන් , ඒක ලොකු කැලයක්නේ අපිට යන්න දෙන එකකුත් නෑ, අනික බලන්නකො පාරක් එහෙමත් නැතුව ඇති "
" බය වෙන්නෙපා සදූ මම ඉන්නවනේ, අපි ඉස්සර විරාජ්ලා එක්ක මේ වගේ තැන වල නෙමෙයි යන්නේ, ඔයා දන්නවනම් ඒ තැන් මේ මොන කැලයක්ද කියලා හිතෙයි.අනික මේ වගේ කැලේ ඇතුලේ හරිම ලස්සන තැන් තියෙනවා, ගියාම ඔයාටත් එන්න හිතෙන එක්ක් නෑ "
සඳුනි මුලින් මදක් පසුබෑවත්, කසුන්ගේ උනන්දුව නිසා ඇය එකඟ වූවාය. ඔවුන් දෙදෙනා වනාන්තරයට ඇතුළු වන විට පරිසරය ඉතා නිහඬය. කුරුල්ලන්ගේ නාදයත්, සරසර ගා ඇසෙන කොළ රොඩු වල හඬත් ඔවුන්ට අමුතුම අත්දැකීමක් විය.
ඔවුන් හෝටලයට පැවසුවේ ගම දෙසට යන බවයි, කැලයට යන බවක් කසුන් කිසිවෙකුටත් නොකීවේ එවිට ඔවුන් එය වලක්වාවියයි සිතායි.
තරමක් දුර ඇවිද ගිට ඔවුන්ට කැලයේ නිශ්ශබ්තාව බිදිමින් නුහුරු කුරුළු නාදයක් ඇසෙන්නට විය,
අනේ කසුන් ඒ සද්දේ මොකක්ද , හරිම වෙනස් කුරුල්ලෙක් වගේ, සදූ කීවේ ගස් දෙස බලමිනි,
ඔව් සදූ මාත් කලින් අහලා නෑ , හරිම ලස්සනයි නේද ඒ කුරුල්ලෙක්නම් එයත් ලස්සන ඇති. අපි ඉස්සරහට යමු සමහර වෙලාවට ගහක ඉන්නවා ඇති,
පැයක් පමණ ඇවිද ගිය ඔවුන්ට තමන් ආ මඟ අමතක වී ඇති බව වැටහුණේ එකවරමය. සෑම පැත්තක්ම එක හා සමාන විය. අහස උසට විහිදුණු යෝධ ගස් නිසා මඟ සලකුණු සොයා ගැනීම අපහසු විය.
"කසුන්, මට හිතෙනවා අපි වැරදි පැත්තකට ආවා කියලා. ආපහු යමු," සඳුනි බියෙන් පැවසුවාය.
' අයියෝ බය වෙන්න එපා සදූ අපි බලමුකෝ map එකෙන් අපි කොයි තරම් ඇවිත් ද කියලා'
කසුන් තම ජංගම දුරකථනය ගෙන බැලුවේය. "සිග්නල් නෑ සඳූ. මේක ගොඩක් ඝන කැලයක්."
කසුන් කීවේ තරමක් කලබල ස්වභාවයෙනි.
ඔවුන් කලබලයෙන් එහා මෙහා දිව ගියත් අවසානයේ පෙනී ගියේ ඔවුන් තව තවත් වනාන්තරය ඇතුළටම ගොස් ඇති බවයි.
කෙමෙන් කෙමෙන් රාත්‍රිය උදා විය. නුවරඑළියේ දැඩි සීතල ඔවුන්ගේ ඇටමිදුළු දක්වා විනිවිද ගියේය. වනාන්තරයේ වන සතුන්ගේ බිහිසුණු හඬවල් ඇසෙන්නට විය. දිවියන්ගේ ගෙරවුම් සහ අලි ඇතුන්ගේ කුංචනාදය රාත්‍රියේ නිහඬ බව බිඳ දැමීය. ඔවුන් දෙදෙනා ගසක් යට ගුලි වී එකිනෙකා අල්ලාගෙන මුළු රාත්‍රියම ගත කළේ මරණ බියෙනි. දුරකථන එකකවත් සිග්නල් බින්දුවක් හෝ නැත. කෑලි කැපිය හැකි ඝණ අදුරේ කැලයෙන් එලියට යාමට මගක් සෙවීමද කල නොහැක්කකි. මේ ඝණ කැලයේ රැදී සිටීමද මාරයාට අත වැනීමක් වැනිය,
කෙසේ හෝ ඔවුන් ගස යටට වී රැය පහන් කලේය. මදුරුවන්ගෙන් මිදෙන්නට රැය පුරා නොහැකි වූ නිසා සදූගේ අත් හා කකුල් පුරා රතු පැහැති බිබිලි දමා තිබුනි.
'අනේ කසුන් කොහොමහරි මේ කැලෙන් එලියට යමු මෙහෙම ඉන්න උනොත් අපිට උනේ මොකක්ද කියලා අපෙ ගෙවල් වල අම්මලාවත් දන්නෙ නැතුව මැරෙන්නයි වෙන්නෙ'
සදූ කිවේ හඩමිනි
පළමු දින දෙක ඔවුන් ගත කළේ කුසගින්න සහ පිපාසය සමඟ සටන් කරමිනි. කුඩා දිය පහරක් හමු වූ නිසා පිපාසය සංසිඳුවා ගත්තත්, ආහාර නොමැති වීමෙන් ඔවුන් බෙහෙවින් දුර්වල විය.
ඔවුන් විවිද මාවත් ඔස්සේ එහාමෙහා ඇවිද ගියත් කැලයෙන් එලියට ඒමට කිසිදු ආකාරයක මගක් ඔවුන්ට හමු උනේ නැත, සදූ සහ කසුන් බඩගින්න නිසා අඩපණව සිටියහ.
" අනේ මටනම් තව අඩියක්වත් යන්න බෑ කසුන් ඇගේ පනක් නෑ දැන්නම් , " එසේ කියමින් සදූ අසල වූ රූස්ස ගසක මුලක් උඩ වාඩිවූවේ කෙලින් ඉන්නටවත් පනක නැති නිසාය.
" අපි කොහොමහරි මෙතනින් එලියට යන්න ඕනෙ සදූ, බලන්න වැස්සකුත් එන්න වගේ, මේ වගේ කැලේකට වහින වැස්ස ලේසි නෑ සදූ, " කසුන් කීවේ කරගැනීමට කිසිවක් සිතාගත නොහැකි තැනයි.
එකවරම වැස්ස වැටෙන්නට විය. සීතල දරාගත නොහැකිව සඳුනිට උණ වැළඳුණි. කසුන් ඇයව ආරක්ෂා කර ගැනීමට උපරිම උත්සාහ කළේය. නමුත් සදුනි ඉතා දුර්වලව සිටියාය. ඇයට හුස්ම ගැනීමට පවා අපහසු බවක් දැනෙන්නට වූයේ සීතල දරාගැනීමට නොහැකිවයි.
මේ ආකාරයට දිගටම ඉන්නට සිදු උනොත් ඔවුන්ට කුමක් වේද කියා සිතීමටද බියවන තරම් තත්වය දරුනු වී තිබුණි. කසුන් අවසානයේ තීරණය කලේ කෙසේ හී ඉදිරියට ගොස් සදූට ආහාරයට යමක් සොයාගෙන ඒමයි, මේ තත්වයෙන් සදූට කැලයේ ගමන් කිරීම කෙසේවත් කල නොහැකි බව කසුන්ට වැටහුනේය.
සදූ ඔයා මේ ගහ යටම ඉන්න දැන් වැස්ස ටිකක් අඩු වෙලානෙ. මම ඉස්සරහට ගිහින් බලන්නම් කන්න පුලුවන් දෙයක් සොයාගන්න තියෙනවද කියලා .
' අනේ කසුන් තනියම ඉන්නෙ කොහොමද අ..අනික ක්.කලුවරත් වේගෙන එනවා, ඔ..ඔයාට පාර සොයාගන්න බැරි වෙයිද දන්නෙත් නෑ .. මම මෙහෙම ඉන්නම් ඔයා ය්..යන්න එපා කසුන්.. ' සදූ කීවේ වෙව්ලන ස්වරයෙනි.
'බය වෙන්නෙපා මම ඉක්මනින් එනවා සදූ'
කෙසේ හෝ කසුන් සෙමින් සෙමින් වනාන්තරයේ ඉදිරියට ඇදෙන්නට විය, තරමක් දුර යද්දී ඔහුට දැක ගන්න ලැබුනේ විශාල කොස් ගසකි, වාසනාවකට මෙන් එහි කදේ පහලම කොටසේ තරමක් ඉදුනු වරකා ගෙඩියක් තිබෙනු දක්නට ලබුණි. එය කඩා ගැනීමට අත දිගු කලද ඔහුට වඩා අඩි කීපයක් දුරබව කසුන්ට වැටහුනේ එවිටයි. ඔහු කෙසේ හෝ ගසේ කුඩා ලෙස ඉදිරියට නෙරා ආ කොටස් වලට අඩි තබමින් ඉහලට ඇදෙන්නට විය , සෙමින් කොස් ගෙඩිය කරකවා කඩා බිමට දැමූ කසුන් ප්‍රවේසමෙන් බිමට බසින්නට විය, නමුත් ඔහුගේ පය ලිස්සා යාම නිසා ඔහු එකවර බිමට ඇදන් වැටුනේ නොසිතූ ලෙසයි. වැඩි උසකින් නොවුනත් ඔහුගේ හිස තද යමක ගැටීම නිසා කසුන් සිහිසුන් විය. ඔහු සිහිසුන් වන අවස්තාවේ ඔහුට සදූ සිහිපත් විය. නමුත් ඔහුට කිසිවක් කරගැනීමට නොහැකි තත්වයක් උදාවී තිබුනි. ........................................
යම් කිසි සීතල දෙයක් මුහුණේ ගැටෙන බව දැනී සිහිසුන්ව සිටි කසුන්ට සෙමින් යලිත් සිහිය ලැබෙන්නට විය. ඔහුගේ මුහුණ මතින් තරමක් දිග සර්පයෙක් ගමන් කර තිබුණි, සිහිය එද්දීම වාගේ කසුන් එය දැක්කත් ඔහු නොසෙල්වී සිටියේ එකවර කලබල උවහොත් සර්පයාද කලබල වී දශ්ඨ කිරීමට ඉඩ ඇති නිසායි. කසුන්ගේ පපුව වේගයෙන් ගැහෙන්නට විය. සර්පයා ඉවත් වූ විගස හැකි වෙර යොදා නැකිටගත් කසුන් සර්පයා ගිය දෙස විමසිල්ලෙන් බැලුවේය. ඒ නාගයෙකු බව වටහාගත් ඔහුගේ බිය තවත් වැඩි විය.
මේ අතර සදූ බියෙන් ගැහෙමින් වෙව්ලමින් කසුන් එන තෙක් ගස යටට වී බලා සිටින්නට විය. අදුර වැඩි වෙමින් පැවතුනි. සදූට තරමක් අසලින් සිහින් ගෙරවුමක් මෙන් ඇසෙන්නට වූවාය, ඇය වෙව්ලමින් ගසට මුවාවී හඩ ආ දෙස බලන්නට විය, දුටු දෙයින් ඇගේ මුලු සිරුරම දහඩියෙන් නෑවෙන්නට විය. කලු දිවියෙකු ඇය අසලම ඇති අනෙක් ගස අසල කැරකෙමින් සිටී , ඌට යමක ඉව වැටී ඇති බවක් පෙනන්නට තිබේ, අනිවාර්යයෙන්ම සත්වයාට මනුස්ස ඉව දැනී ඇති බවට සදූ සිතුවාය. ඇය සිතුවේ මේ ඇගේ ජීවිතයේ අවසන් මොහොත බවයි.
මද වේලාවක් එහි කැරකෙමින් සිටි දිවියා සෙමින් පදුරක් අසල වාඩී වී එතුලට කුරුමානම් අල්ලන්නට විය. එකවරම ඒ මතට පැන පදුර අස්සේ සිටි හාවෙකු ඩැහැගත් දිවියා කැලය තුලට ගමන් කලේය, ඉහලට ගත් හුස්ම පහල හෙලීමට අමතකව සිටි සදූට යන්තම් සැනසුමක් දැනුනේ එවිටයි,
ඒ සමගම ඇය වෙතට ආවේ කසුන් ය, සදූ සතුටෙන් ඔහුව වැලද ගත්තේ ඔහුගේ ප්‍රමාදය නිසා ද ඇය බියට පත්ව සිටි නිසාය.
'මම බය උනා කසුන් ඔයා පරක්කු වෙද්දී, '
' දැන් හරි සදූ මම ආවනේ.. අපි මේකවත් ටිකක් කමු, හෙට උදේ වෙද්දීම ආයේ අපි යන්න පටන් ගමු '
' ඔව් කසුන් මේ දැන් දිවියෙන් මේ ලග කැරකිලා ඉදල ගියේ මම බය උනා ගොඩක්'
ඉදුනු වරකා වැඩිපුර ආහාරයට ගත් නිසා තරමක් බඩ රිදෙන බවක් තිබුනත් කසුන් සහ සදූට ඇවිද යාමට අවශ්‍ය ශක්තිය ඉන් ලැබී තිබුනි . ඔවුන් හවස් වන තෙක්ම ඉදිරියට ඇවිද යන්නට විය . නමුත්
ඔවුන්ට බලාපොරොත්තු අතහැරෙන්නට පටන් ගත්තේය.ඔවුන්ගේ සියලු ශක්තිය ඇවිදීමට වැයව තිබුනි. කෑමටද කිසිවක් යලි සොයාගත නිහැකි විය. දෙදෙනාම අතිශය දුර්වල වී සිටියහ. තවදුරටත් ඇවිදීමට පවා ශක්තියක් ඔවුන්ට නොවීය.
"අපි මෙහෙම මැරිලා යයිද කසුන්?" සඳුනි දුර්වල හඬින් ඇසුවාය. කසුන් ඇයගේ අත තදින් අල්ලා ගත්තේය. "නෑ සඳූ, කොහොම හරි අපි බේරෙමු."
කසුන් පැවසුවේ සදූගේ හිත සැනසීමේ අරමුනෙනි. කසුන් තුල වූ බලාපොරොත්තු ද කෙමෙන් බිදී යමින් තිබුනි .
අවසන් වශයෙන් ඔවුන් අසලින් ගලා ගිය කුඩා දිය පහර දිගේ පහළට යෑමට කසුන් තීරණය කළේය. "වතුර ගලාගෙන යන්නේ ගමකට වෙන්න පුලුවන් ," ඔහු සිතුවේය. සඳුනිව වාරු කරගෙන ඝණ කලුවරේම ඔහු මීටර් කිහිපයක් ඉදිරියට ගියේය.
එක්වරම ඔවුන්ට ඇසුණේ බල්ලෙකු බුරන හඬකි. එය වනාන්තරයේ සතෙකුගේ හඬක් නොව, ගෘහස්ථ බල්ලෙකුගේ හඬක් බව කසුන්ට වැටහුණි. ඔහු මුළු ශක්තියම යොදා කෑ ගැසුවේය.
ඈතින් පන්දම් එළියක් පෙනෙන්නට විය. ඒ ප්‍රදේශයේ අහිමි වූ ගවයෙකු සෙවීමට ආ වතු කම්කරුවන් පිරිසකි. ඔවුන් මේ අසරණ යුවළ දැක වහාම ඔවුන් වෙත දිව ආහ.
කසුන් සදුනි සමගම බිම වාඩිවූයේ සැනසුම් සුසුම් හෙලමිනි.
ගම්වැසියන්ගේ උදව්වෙන් ඔවුන් රෝහල් ගත කෙරුණි . නිවසට ඇමතූ කසුන් ඔවුන්ට සියල්ල පැවසීය . ඔවුන් සියල්ලන්ම බියවී ලංකාවේ සියලුම පොලිස් ස්තාන දැනුවත් කර කසුන් හා සදූ සොයන්නට පටන්ගෙන තිබුනි .
ඔවුන්ගේ මධුසමය ඔවුන් බලාපොරොත්තු වූවාට වඩා හාත්පසින්ම වෙනස් වූවකි. නමුත් ඒ දින ගනනාව තුළ ඔවුන් එකිනෙකා වෙනුවෙන් කළ කැපවීම සහ ආදරය, මුළු ජීවිත කාලයටම වඩා වටිනා පාඩමක් ඔවුන්ට කියා දී තිබුණි.
නිමි.
✍️pramodi
කතාව ලස්සනයිනම් comment එකක් දාන්න 😇💝 Share කරන්නත් අමතක කරන්න එපා 😊✋