Memories

Memories 𝑾𝒆 𝒅𝒐 𝒏𝒐𝒕 𝒓𝒆𝒎𝒆𝒎𝒃𝒆𝒓 𝒅𝒂𝒚𝒔, 𝒘𝒆 𝒓𝒆𝒎𝒆𝒎𝒃𝒆𝒓 𝒎𝒐𝒎𝒆𝒏𝒕𝒔🌙✨️
(32)

It's you Vs you ✨️ඔයාට ඔයාගේ ජීවිතයේ වැඩි කාලයක්ම සටන් කරන්න වෙන්නෙ ඔයත් එක්ක.............ඔයාගේ සිතුවිලි තමයි ඔයාව දුර්ව...
01/11/2025

It's you Vs you ✨️

ඔයාට ඔයාගේ ජීවිතයේ වැඩි කාලයක්ම සටන් කරන්න වෙන්නෙ ඔයත් එක්ක.............

ඔයාගේ සිතුවිලි තමයි ඔයාව දුර්වලයෙක් කරන ප්‍රධානම ආයුධය. ඔයාට විතරයි පුලුවන් ඒ ආයුධයම ඔයාගේ ශක්තිය බවට පෙරලාගන්න.....

මතක තියාගන්න ඔයාගේ සිතුවිලි වලට පුලුවන් ඔයාව ජීවිතයේ ලස්සනම තැන්වලට අරන් යන්න වගේම ඔයාගේ ජීවිතයේ හැම දෙයක්ම අහිමි කරන්නත්.........

උත්සාහ කරන්න,
වෙන කාත් එක්කවත් නෙවෙයි
ඔයත් එක්කම තියෙන සටනින් දිනන්න..........

❤️✨️

- Adi -

Cheers to new chapter 💐
26/05/2025

Cheers to new chapter 💐

💛✨️ජීවිතේ වැටෙන හැම තැනකදීමජීවිතය ඔයාට කියලා දෙන පාඩම් හැමදාටම මතක තියාගන්න.............ඔයාට විතරමයි පුලුවන් ඔයාව ආයෙමත්...
26/10/2024

💛✨️

ජීවිතේ වැටෙන හැම තැනකදීම
ජීවිතය ඔයාට කියලා දෙන පාඩම් හැමදාටම මතක තියාගන්න.............

ඔයාට විතරමයි පුලුවන්
ඔයාව ආයෙමත් අලුත් මනුස්සයෙක් විදිහට නැගිට්ටවන්න...................

_𝒜𝒹𝒾 _

❤️‍🩹🥺
17/06/2024

❤️‍🩹🥺

🤍💫ජීවිතයේ සමහර දේවල් වලදීඅපි ගොඩාක් කලබල වෙනවා.අපි මොනවද කරන්න ඕන කියලා හිතාගන්න බැරි වෙලාවල් එනවා.ලොකු තනිකමක්, අසරණකමක...
07/04/2024

🤍💫

ජීවිතයේ සමහර දේවල් වලදී
අපි ගොඩාක් කලබල වෙනවා.
අපි මොනවද කරන්න ඕන කියලා හිතාගන්න බැරි වෙලාවල් එනවා.
ලොකු තනිකමක්, අසරණකමක් දැනෙන්න ගන්නවා 🥀

දන්නවද,
ඔයා, මම අපි හැමෝම ඒ වගේ දවස්වලට මුහුණ දෙනවා.
ප්‍රශ්නය මොකක් වුණත්, අපි එකිනෙකා ඒ වගේ දවස් ඇතුලේ ලොකු අරගලයක නිරත වෙනවා 🥀

" අපි හැමෝම මිනිස්සු "
ඉතින් අපිට එක පාරින්ම ඒ හැමදෙයක්ම අමතක කරලා හිනාවෙලා සැහැල්ලුවෙන් ඉන්න බෑ........
හැබැයි මතක තියාගන්න ජීවිතේ හැම දවසක්ම මේ වගේ ගෙවිලා යන්නේ නෑ !!
අනිවාර්යයෙන්ම ඔයා ප්‍රාර්ථනා කරන විදිහේ ලස්සන දවස් ඔයාගේ ජීවිතයට එනවා ✨️

ඉතින් කාලයට ඉඩ දෙන්න !!
ඔයාගේ ජීවිතයට හිමි දේවල් ඔයාට හිමිවෙයි......
අහිමි වෙන දේවල් ඔයාගේ ජීවිතයෙන් ඈත් වෙයි......
ඔයාගේ හැම ලස්සන ප්‍රර්ථනාවක්ම ඉෂ්ඨ වෙයි ❤️✨️

ℳℯ𝓂ℴ𝓇𝒾ℯ𝓈 ♡

🤍🥀අපි කවදාවත් වෙනස් වෙන්නේ නැතිවෙයි කියලා හිතපු මිනිස්සු,එහෙම කරයි කියලා හිතුවේ නැති මිනිස්සු පවා වෙනස් වුණා 🥀නොහිතපු දේ...
06/04/2024

🤍🥀

අපි කවදාවත් වෙනස් වෙන්නේ නැතිවෙයි
කියලා හිතපු මිනිස්සු,
එහෙම කරයි කියලා හිතුවේ නැති
මිනිස්සු පවා වෙනස් වුණා 🥀
නොහිතපු දේවල් කරා 🥀

ඉතින් ඉගෙනගන්න !!

"හැමෝම මිනිස්සු "

කවුරුවත් විශේෂ නෑ.
හැමෝම කාලයත් එක්ක වෙනස් වෙනවා.
මතකයන් විතරක් ඉතිරි වෙනවා 💌

ℳℯ𝓂ℴ𝓇𝒾ℯ𝓈 ♡ 🖊️

💌ජීවිතේ අමාරු දවස් එන්න පුලුවන්.....ඒත් ඒ දවස් ඉක්මනින්ම නැති වෙලා යාවී !!ඒ නිසා ඒ අමාරු දවස්වලදී ඔයා ඔයාව පරිස්සම් කරගන...
05/04/2024

💌
ජීවිතේ අමාරු දවස් එන්න පුලුවන්.....
ඒත් ඒ දවස් ඉක්මනින්ම නැති වෙලා යාවී !!
ඒ නිසා ඒ අමාරු දවස්වලදී ඔයා ඔයාව පරිස්සම් කරගන්න.
ඔයාගේ සිතුවිලි, ඔයාගේ වචන, ක්‍රියාවන් පාලනය කරගන්න !!

හැම වෙලාවෙම ඔයා වෙනුවෙන් ඔයා ජීවත් වෙන්න ඕනි කියන සිතුවිල්ල මතකයේ තියාගන්න ✨️
ඔයාට මේ ලෝකේ විශ්වාස කරන්න පුලුවන් එකම කෙනා ඔයා කියන එක මතකයේ තියාගන්න ✨️
මේක ජීවිතයට ආපු එක අභියෝගයක් විතරයි.
ඒ අභියෝගයට ඔයාව බිදලා දාන්න ඉඩ දෙන්න එපා !!
ශක්තිමත්ව ඉන්න ❤️

මතක තියාගන්න ,
"මේ හැමදෙයක්ම අනිවාර්යයෙන්ම දවසක විසදෙනවා,
ඔයා ප්‍රාර්ථනා කරනවටත් වඩා යහපත් විදිහට "✨️

ℳℯ𝓂ℴ𝓇𝒾ℯ𝓈 ♡

🤍🌻ජීවිතය එක කාලෙකදී ඔයාගේ comfortable zone එක ඔයාගෙන් ඈත් කරනවා.ඒ මනුස්සයෙක්, දෙයක් හෝ තැනක් වෙන්න පුලුවන්.ඔයාට ඒ දේ නැත...
04/04/2024

🤍🌻

ජීවිතය එක කාලෙකදී ඔයාගේ comfortable zone එක ඔයාගෙන් ඈත් කරනවා.
ඒ මනුස්සයෙක්, දෙයක් හෝ තැනක් වෙන්න පුලුවන්.
ඔයාට ඒ දේ නැතුව ජීවත් වෙන්න වෙනවා කියන එක ජීවිතය ඔයාට පෙන්නලා දෙන්න පටන් ගන්නවා......
ඒක ටිකක් අමාරු වෙයි !!
ඒත් ඔයා අනිවාර්යයෙන්ම ඒක දරාගෙන ඉදිරියටම
යන්න ඕන ✨️
ඔයා ළග තියෙන කිසිම දෙයක් සදාකාලික නෑ,
කවදාහරි ඒ දේ නැතුව ජීවත් වෙන්න වෙනවා කියන දේ මතක තියාගෙන ඉස්සරහට යන්න පටන් ගන්න 🤍🌻

ℳℯ𝓂ℴ𝓇𝒾ℯ𝓈 ♡

✨️සමහර මිනිස්සු දන්නවා ,ඒ අය මොන වැරැද්ද කරත් ඔයා ඒ අයට සමාව දීලා ආයෙමත් ඔයාගේ ජීවිතයට ඒ අයව පිළිගන්නවා කියලා.......නවත්...
02/04/2024

✨️
සමහර මිනිස්සු දන්නවා ,ඒ අය මොන වැරැද්ද කරත්
ඔයා ඒ අයට සමාව දීලා ආයෙමත් ඔයාගේ ජීවිතයට
ඒ අයව පිළිගන්නවා කියලා.......

නවත්වන්න !!
එකම වැරැද්ද කරන මිනිස්සුන්ට සමාව දිදී ආයෙමත් ඔයාගේ ජීවිතයට ළං කරගන්න එපා !!
සමාව දීලා අතහරින්න !!
ඔයාගේ ජීවිතය, ඔයාගේ සතුට, ඔයාගේ සැනසීම,
ඔයාගේ හීන ඔයාට වටිනවා නේද ???
එහෙනම් ඔයා වෙනුවෙන්
ඒ මිනිස්සුන්ගෙන් ඈත්වෙන්න ✨️
ඔයාගේ ජීවිතය ලස්සනට හදාගන්න ✨️
සතුටින් ජීවත් වෙන්න පටන්ගන්න ❤️✨️

ℳℯ𝓂ℴ𝓇𝒾ℯ𝓈 ♡
_𝐴𝑑𝑖_

අලුත් ආරම්භයක් නවතින හැම තැනකදීම නිර්මාණය වෙනවා ✨️කිසිම දෙයක් හැමදාම පවතින්නේ නෑ......හැමදෙයක්ම තත්පරයෙන් තත්පරය වෙනස් ව...
30/03/2024

අලුත් ආරම්භයක්
නවතින හැම තැනකදීම නිර්මාණය වෙනවා ✨️
කිසිම දෙයක් හැමදාම පවතින්නේ නෑ......
හැමදෙයක්ම තත්පරයෙන් තත්පරය වෙනස් වෙනවා......
ඔයාට පුලුවන් නම් ඒ වෙනස් වීම් පිළිගන්න,
ඔයාව අලුත් මනුස්සයෙක් විදිහට නිර්මාණය කරගෙන ඉස්සරහට යන්න,
ඔයාට අලුත් ලෝකයක් මුණගැහේවී !!
ඔයාගේ ලෝකය ඇතුලේ සතුටින් ජීවත් වෙන්න ඔයාට පුලුවන් වේවී !!

ℳℯ𝓂ℴ𝓇𝒾ℯ𝓈 ♡

Address

Galle

Website

Alerts

Be the first to know and let us send you an email when Memories posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share