Happy Tears

Happy Tears "The Storyteller of Sri Lanka"
(3)

03/06/2026

එහෙම ප්‍රේමවන්තයො වගේම මෙහෙම ඇන්ටිලත් මෙහෙම ගෑණු ළමයිනුත් ඔයාටත් හම්බවෙලා ඇති.හම්බවෙලා තියෙනවා නම් කමෙන්ට් එකක් දාන්න!
. #හදවතටදැනෙනකතා #මනුස්සකම

චාන්දනී..අවුරුදු විසි හයේ කොල්ලෙක් අපේ අම්මගෙ අතින් අල්ලගෙන " ලබන ආත්මෙ මෙහෙම නොවෙන්න එකතුවෙමු " කියලා කියමින් හිටියා..ම...
24/05/2026

චාන්දනී..
අවුරුදු විසි හයේ කොල්ලෙක් අපේ අම්මගෙ අතින් අල්ලගෙන " ලබන ආත්මෙ මෙහෙම නොවෙන්න එකතුවෙමු " කියලා කියමින් හිටියා..
මටත් විසි පහයි.ඒ කොල්ලට විසි හයයි..

මම හිටියෙ කාමරේ දොරකඩ. අම්මා හිටියෙ ඇඳේ උඩුබැලි අතට නිදාගෙන.ඇඳෙන් එකක් වුණ මගේ අම්මට ගමේ සමහර මිනිස්සු කිව්වෙ " පතී" කියලා.ඒකෙ තේරුම පත ගෑණි කියන එක..

අම්මා අසාමාන්‍ය විදියට මහතයි..

ඔව්,එයා පත ගෑනියෙක්.මේ වෙලාවේ උනත් එයාව බලන්න ආව අය "ඇඳෙන් එකයි" කියලා කිව්වා..

" ෂුවර් එකටම පෙට්ටියකට නම් දාලා වහන්න ලේසි වෙන්නෑ"
එහෙම කිව්ව මිනිස්සුත් හිටියා. ඒවට මගේ හිත රිදුන්නෑ.මොකද ඒවා බොරු නෙමෙයි..අම්මා අසාමාන්‍ය විදියට මහතයි..

තාත්තට අම්මව එපාවෙලා තියෙන්නේම ඒකයි.

මාව හම්බවෙලා මාස තුනක් යනකොට අම්මා අසාමාන්‍ය සයිස් එකකට ඇවිල්ලා.ඒක බබෙක් හම්බුණ ගෑනියෙක් මහත් වෙන මහත් වීම ම නෙවෙයි.ඊට වඩා ටිකක් වෙනස් එකක්..

ඊට පස්සෙ ...

ඒ හින්දම තමයි තාත්තා වෙනස් උනේ කියලා අම්මට තේරෙන්න හුඟක් කල් ගිහින්..ඇත්තටම අම්මට ඒක තේරිලා තියෙන්නේ තාත්තා කටින්ම කිව්වම..

මාව බලාගෙන ගෙදරට වෙලා හිටපු අම්මට,තාත්තා ආසාවෙන් ගෙදර එන්නේ නෑ කියල තේරෙනකොට මට අවුරුද්දක් පිරිලා..

අම්මව යාළු කරගන්න ඉස්කෝලේ ඉස්සරහ අවුරුදු දෙකක් කට්ට කාපු හැටි තාත්තට අමතක වුණා..

තාත්තම්මටත් විරුද්ධ වෙලා අපේ චූටි මාමගෙන් ඒ කියන්නේ අම්මගේ බාල මල්ලිගෙන් ගු ටි ත් කාගෙන අම්මව බයික් එකක තියාගෙන මා රා න් ති ක රේස් එකක් පැදලා අවසානෙ තමයි අම්මව නීතියෙන් බැඳගත්තේ කියලා එයාට අමතක වුණා..

මාව හම්බවෙන්න ඉන්න දවස් වල හැම ඉරිදම හවස පන්සලට ගිහිල්ලා දුවෙක් හම්බවෙන්න ඕනි කියලා ප්‍රාර්ථනා කරපු බව තාත්තට අමතක වුණා.

ගෑනිගෙ ශරීර කූඩුව එකපාරටම ඇතෙක් වගේ මහත් උනාම තාත්තට ගෑනි විතරක් නෙවෙයි. දරුවත් එපා වුණා.

මට තේරෙන කාලෙ වෙනකොටත් අම්මයි තාත්තයි එකම ගෙදර වෙනම තමයි ජීවත් වුණේ.කතා බහ කළේ ගෙදර වියදම් ගැන වගේ
සීමිත කරුණු කාරණා ටිකක් ගැන විතරයි.හැබැයි ඒ කාලේ ඒ දෙන්නා අතරේ තරහක් තිබුණේ නෑ.

ඒ දෙන්නා තරහ උනේ මට වයස අවුරුදු නමයක් විතර කාලේ.තාත්තා කවුදෝ ඇන්ටි කෙනෙක් එක්ක දළදා මාලිගාවේ හිටියයි කියලා අම්මගේ යාළුවෙක් අම්මට කියලා තිබුණා..එතකොට තාත්තා කිව්වේ මං ඒ ගැන කතා කරන්නයි හිටියේ කියලා.

තාත්තා එදා කෙලින්ම අම්මට කියලා තිබුණා ඒ දළදා මාලිගාවේ ගියපු ඇන්ටිත් එක්ක එයාගේ සම්බන්ධයක් තියෙනවා කියලා. ඒ සම්බන්දෙ පටන් අරන් අවුරුද්දක් විතර වෙනවා කියලා තාත්තා කිව්වලු..

එතකොට අම්මා කියලා තියෙනවා ඒකට කමක් නෑ ඔයා ඒ සම්බන්ධය තියාගන්න කියලා..

ඒ කියන්නේ අපේ අම්මට ඕන වුණේ තාත්තා කවුරුත් එක්ක මොන සම්බන්ධය තිබ්බත් ගෙදර ඉන්නවා දකින්න.

ඒත් තාත්තා එයාට දික්කසාදය ඕන කියල කිව්වා. මම ශිෂ්‍යත්වෙ ලියනකොට තාත්තා ගෙදර හිටියේ නෑ.එයා ගෙයක් කුලියට අරගෙන ඔෆිස් එක කිට්ටුව නතර වෙලා තිබුණා. තාත්තාගේ ඔෆිස් එක ඉස්සරහ අම්මට අයිති කඩ කාමර දෙකක් තියෙනවා..සීයගෙන් හම්බුනු දේපළ..ඒ කඩ කාමර දෙක කුලියට දීලයි තියෙන්නේ.ඒ වගේ කුලිය ගන්න යන හැම දවසකම අම්මා ඔෆිස් ඇරෙන වෙලාවට තමයි යන්නේ.තාත්තා ඔෆිස් එකෙන් එළියට එනකන් ඉඳලා අම්ම තාත්තට කතා කරනවා.කොහොමත් අම්මා කවදාකවත් තාත්තා ගැන දොසක් කියලා නෑ.

අම්මලා නඩුවට ගියපු හැටි මට ලොකු මතකයක් නෑ.. අම්මා මාත් එක්ක ඒ ගැන විස්තර කිව්වෙ නැද්ද කොහෙද...හැබැයි දික්කසාදෙ හම්බුන දවස මමම දන්නවා..එදා තමයි අම්මා කුස්සියේ දොර පඩියෙන් එළියට බහිනකොට වැටිලා කකුල කැඩුණෙ..

කකුලට බෙහෙත් බැඳලා හොඳ වුණා. ඒත් අම්මගේ ඒ මහත ශරීරයත් එක්ක කකුල හයි වුණේ ඇද වෙලා.. පත ඇඟ මදිවට ඇද කකුලක්...එයා එයාගේ ශරීරය ඇතුලේ ජීවත් වුණේ සතුටින් නෙවෙයි..

එන්න එන්න එයාගෙ මහත වැඩි වුණා.මොන ක්‍රමයකින් වත් එයාගෙ බර අඩු කරන්න බැරි වුණා..

දික්කසාද උනාට මොකද අම්මා කවදාකවත් තාත්තා ගැන දොසක් කියල නෑ..එයා කිව්වේ තාත්තා වැරදි නෑ කියලා..
"එතකොට ඔයා ද වැරදි?" මම ඇහුවා.
" සමහර වෙලාවට කවුරුවත් වැරදි නෑ අනේ...මේක මගෙ පවක්"

මම කවදාකවත් කොල්ලෙක් එක්ක යාළු උනේ නෑ.ඉස්සර අම්මගෙ තාත්තගෙ ෆොටෝ ඇල්බම් දකිනකොට .......අහ්...එතන එක පොටෝ එකක් තියෙනවා අපේ අම්මා සුදු පාට පසුබිමේ දම්පාට මල් ගවුමක් ඇඳගෙන ඉන්න..අන්න ඒකේ තාත්තා ඉන්නේ නළුවෙක් නිළියෙක්ව බදාගෙන ඉන්නවා වගේ පිටිපස්සෙන් අම්මව බදාගෙන..ඒක පේරාදෙණිය ගාඩ්න් එකේ ගත්ත ෆොටෝ එකක්..අම්මා ඒ ෆොටෝ එක දිහා බලපුවම හැමදාම කියන වාක්‍යයක් තිබුණා.

" චන්දන පන වාගෙ ආදරේ කරපු චාන්දනී."

අම්මගේ නම චාන්දනී.තාත්තාගේ නම චන්දන. එක කාලෙක එයාලා හිතන් ඉඳලා තියෙන්නේ එයාලාව එකතු කළේ මහබඹාමයි කියලා..එහෙම නම් දෙකක් පිහිටපු දෙන්නෙක් ආදරවන්තයෝ කියලා කිව්වම කාටත් ඉතින් එහෙම හිතෙනවනේ..

පස්සෙ කාලෙක මම දැනගත්තා තාත්තා දැන් වෙන කසාදයක් කරගෙන ඉන්නෙ කියලා. අපි හිටියේ තාත්තාගේ ගෙදරනේ.අපේ ගෙදරට එහා පැත්තේ තමයි එක ලොකු තාත්ත කෙනෙක්ගෙ ගෙදර . තාත්තා සමහරදාට එහෙ ආවා..මට එහෙට කතා කරලා මාත් එක්ක ටිකක් කතා කර කර හිටියා..ඒත් ඒක තාත්තෙකුගේ දුවෙකුගේ හමුවීමක් නෙමෙයි..

එයත් එක්ක කතා කරනකොට මට දැනුනේ මම පල්ලියේ ෆාදර්ත් එක්ක කතා කර කර ඉන්නවා වගේ. ළඟයි නමුත් දුරයි. දුරයි නමුත් ළඟයි.. කොහොම වුණත් මගේ නෙවෙයි..මගේ උනත් මගේම නෙමෙයි..

උසාවියෙන් නියම වුණ මුදලක් තිබ්බද නැද්ද කියන්න මම දන්නෙ නෑ. ඒ කොහොම වුණත් මට කිසිම අඩුපාඩුවක් නොවෙන්න තාත්තා මුදල් එවන බව මම දැනගෙන හිටියා..

මම ඒ ලෙවල් කරන දවස්වල...එක වතාවක් අම්මා අසනීප වෙලා හොස්පිට්ල් හිටිය නිසා මම ගියා කඩ කුලී ගන්න.මට හිතුණා නිකමට තාත්තවත් බලලාාම් යන්න.අම්මා අසනීපයි කියලා තාත්තට කියලා යන්න.මම කඩේ ඇන්ටිට ඒක කියලා කඩේම ඉඳගෙන හිටියා..
ඒ වෙලාවෙ කඩේ ඇන්ටි කිව්වා " ඔයාගේ අම්මට නම් තියෙන්නේ පුදුම හදවතක් ඒ උනාට ඔයාගේ තාත්තා නම් පුදුම දුෂ්ට මනුස්සයෙක් දුව" කියලා..."

අපේ අම්මා හැමදාම තාත්තා බලන්න ගියාම තාත්තා හැමදාම මූණටම කියනවලු ඔයාව දැක්කහම මට ඉසේ රදේ හැදෙනව.අනේ ප්ලීස් මෙහෙම පේන්ඩ එන්ඩ එපා කියලා. පස්සේ පස්සේ අම්මා තාත්තාට පේන්න ගියේ නෑලු..නොපෙනෙන්න කඩේ ඇතුලේ ඉඳලා තාත්ත දිහා බලාගෙනන ඉන්නවලු. තාත්තා ඔෆිස් එකේ ගේට්ටුවෙන් එලියට ඇවිල්ලා ,ටිකක් ඈතින් තියෙන ඔෆිස් එකේ කාර් පාක් එකට යනකන් බලාගෙන ඉන්නවලු. ඊට පස්සෙ කඩේ ඇන්ටිට යන්නම් කියලා එනවලු.

මට අපේ අම්මා ගැන වැඩියෙන්ම දුක හිතුනේ අන්න ඒ දවසේ.

අම්මා හොස්පිට්ල් එකේ ඉඳන් ගෙදර ආවට පස්සේ මම දවසක් එයාගෙන් ඒ ගැන ඇහුවා..

"තාත්තා ඔයාව කී දවසක් පාච්චල් කරල තියෙනවද?"
"ඒ කිව්වෙ?"
"ඔයා තාත්තාව බලන්න ගියපුවම තාත්තා කියනවලුනේ ඔයාව දැක්කා ම හිසරදේ හැදෙනවා එයාට පේන්න එන්න එපා කියලා...කී දවසක් එයා එහෙම කියලා තියෙනවද?"
"ඔයාට කවුද ඕක කිව්වේ?"
"මට කිව්වේ කවුද කියන එක වැඩක් නෑනේ..මං හිතාගෙන හිටියේ ඔයා ගිහිල්ලා තාත්තත් එක්ක හොඳට කතාබහ කරලා එනවා කියලනේ..ඇත්තටම ඔයාට ලැජ්ජ නැද්ද අම්මේ?"
"ම්හු" අම්මා සුසුමකුත් හෙලුවා. හැබැයි එයාගේ මූණේ දුකක් තිබ්බෙ නෑ කියලත් මට හිතෙනවා..
"ඒ මනුස්සයා වෙනස් වෙලා අම්මේ..එයාට ඔයා ගැන කැක්කුමක් නෑ"
"ඒක මං දන්නවා"
"එහෙනම් මොන මගුලකටද අනේ පාච්චල් වෙන්න යන්නේ?"
පාච්චල් වෙනවා... කොහෙන්ද ඔය වචනේ හොයාගත්තේ? මම යන්නේ පාච්චල් වෙන්න නෙවෙයි. මම යන්නේ එයාව බලලා එන්ඩ."
"අම්මේ ඒ මිනිහා වෙනස් වෙලා එයා වෙනස් වුණේ හුඟ කාලෙකට කලින් එයාට ඔයා ගැන කිසිම කැක්කුමක් නෑ.." මම අත දිග ඇරලා හරි සද්දෙන් අම්මගේ මූණටම අත දික් කර කර කිව්වා..අම්ම පුදුමෙනුයි තරහෙනුයි මගේ දිහා බලාගෙන හිටියා.එයාගේ ඇස් දෙක තිබුනෙ ලොකු වෙලා. කට තිබුනේ දැන් බනින්න වගේ හැඩවෙලා. එතකොට මං හිටියේ එයා එක්ක ඕන තරම් වෙලාවක් වාද කරන්න ර ණ් ඩු වෙන්න සූදානම් වෙලා..
" ඒ වුණාට මට එයා ගැන තිබ්බ කැක්කුම නැතිවෙලා නෑනේ.. මගේ හිතේ එයා ගැන තියෙන්නේ එදා තිබ්බ කැක්කුමමයි.එදා තිබ්බ ආදරේමයි..මම..මම ..මම තඩි පත ගෑනියෙක් වෙලා වෙනස් වුණාට බලන්ඩ ඔයාගේ තාත්තා මෙහෙම චුට්ටක් වෙනස් වෙලා නෑ.."

මම කොහෙත්ම බලාපොරොත්තු නොවුනු හීන් හඬකින් අම්මා එහෙම කිව්වේ. එයාගේ අත්වල ඇඟිලි එකතු කරලා චුට්ටක් කියන එක පෙන්නන ගමන්..මගේ ඇතුලෙ තිබ්බ ආවේග ඔක්කොම දොඩංගොඩ කඩන් වැටුණා වගේ කඩාගෙන වැටුණා..
"අම්මේ..ඇයි අනේ..."
"නිකන් ඒ මනුස්සයත් එක්ක තරහා වෙන්න එපා. මාත් එක්ක පාරක බැහැලා යන්න පුළුවන්ද බලන්නකෝ..ඔයා හම්බවෙලා මාස තුන යනකොට මම හතළිහක ගෑනියෙක් වගේ..එයාට යාන්තම් විසි හතයි.. එයාට පිස්සු හැදෙන්න ඇති අනේ...නිකන් හිතන්නකෝ මගේ කරට අත දාගන්න පුළුවන්ද කියලා..බලන්න මේ මගේ මූණේ හැටි බරි ගෙඩිය වගේ..එයා මනුස්සයෙක්නේ...මාව දැක්කම මටම... එයාට අපි හිතන එක පුදුමයක් නෙමෙයිනේ"

මං අම්මා ගැන හිතලා අඬනවද..නැත්නම් පුදුම වෙනවද ..අම්මා මෝඩද..තාත්තා නපුරුද..නැත්තං ඇත්තටම මොකක්ද මෙතන තියෙන ප්‍රශ්ණේ? මොකක්ද මං තේරුම් ගන්න ඕනේ කියලා හිතාගන්න බැරි කාලයක් ගෙවුණා..

ඊට පස්සේ දවසින් දවස කාලය ගෙවුණා..අම්මා හැම මාසෙම කඩ කුලී ගේන්න ගිහින් තාත්තට හොරෙන් තාත්තව බලලා ගෙදර ආවා..එයා කඩ කුලී ගේන්න ගිහින් ආව දවසට හැමදාම.. රෑට පරණ පොටෝ ඇල්බම් බලනවා..

ටික ටික තිබ්බ කොන්දේ අමාරුව වැඩිවෙලා කොන්දේ ඔපරේෂන් එකක් කරන්න ඕන කියල තීරණය වුණේ අවුරුදු දෙකකට කලින්..එතකොට මම ජොබ් එකට ගිහිල්ලත් අවුරුදු දෙකක්..දෙයියනේ කියලා මට හොඳ පඩියක් හම්බවුණා. අම්මා ඒ හැටි කැමැත්තක් නැති උනත් ඔපරේෂන් එක කරන්නන සිද්ධ වුණා.ඔපරේෂන් එකෙන් පස්සේ ඇඳටම වෙලා ඉන්න කියලා කිව්වත් මම නැති වෙලාවේ අම්මා කෝපි එකක් හදාගන්න කුස්සියට ගිහිල්ලා...මම එනකොට අම්මා කුස්සියේ බිම වැටිලා.එයාව ආයෙ නැගිට්ටව ගන්න බැරි වුණා..

හරියටම අවුරුදු දෙකක් අම්මා හිටියේ ඔය ඇඳේ.. අම්මව උස්සන පෙරළන එක ලේසි වැඩක් නෙමෙයි. අම්මව දාලා මට ජොබ් එකට යන්නත් බෑ.
හැමදාම අම්මව නාවන්න හෝදන්න අහල පහල ගෙවල්වල එක එක්කෙනාගෙන් උදව් ඉල්ල ගන්න මට සිද්ධ වුණා. හැමදාම උදේට අම්මගේ වැඩ ටික කරගන්න අහල පහල ගෙවල් වලින් කවුරු හරි ගෙදරක කෙනෙක් ආවා..ඒක අතකින් මට ලොකු සතුටක් දැනුනා. මිනිස්සුන්ගේ මනුස්සකම ගැන..අනිත් අතට මට මගේ අසරණකම ගැන මහා දුකක් දැනුණා..

ලොකු තාත්තලා පැත්ත පළාතේ ආවේ නෑ. අනිත් ලොකු තාත්තා නම් මනුස්සකම තියෙන මනුස්සයා. දේවතාවක්ම කතා කරලා සල්ලි එව්වා. ඒ තාත්තගෙ පොඩි අයියා.එයාගේ මුළු පවුලම හිටියේ රට.

අම්මගේ බැංකු ගිණුම් වල තිබ්බ සල්ලි වලින් වියදම් පිරිමැහුනා. හැබැයි අවුරුදු දෙක ගෙවනකොට ඒ සල්ලිත් ඉවර වෙලා අපි දෙන්නගෙම රත්තරන් බඩුත් ඉවර වෙලා. අම්මගේ ශරීරෙ මේ ලෝකෙ තියෙන ලෙඩ ඔක්කොම තිබුණත් එයා තාමත් මැරුණෙ නෑ.අවංකවම කිව්වොත් එයා එයාගේ මරණය ප්‍රාර්ථනා කළා වගේම මමත් ඒක ප්‍රාර්ථනා කළා.

එයා විඳින දුකෙත් මම විඳින දුකෙත් ඉවරයක් දකින්න අපි දෙන්නටම ඕන වුණා.

අම්මට හුස්ම අල්ලගෙන ඉන්න තිබුන එක හේතුවයි. ඒ මාව දාලා යන්න බැරි එක.

අවසානයේ අම්මගේ ඇස් දෙක පොඩ්ඩක්වත් පේන්නෙ නැතුව ගියා..අන්න ඊට පස්සේ අම්මා කෑම බීම සම්පූර්ණයෙන්ම වර්ජනය කළා..
"මට මගේ පාඩුවේ මේක අතහරින්න දෙන්න" කියලා එයා කිව්වා
"මැණික...මට තාත්තව බලන්න ඕන..එකම එක පාරක්.."
මං ඇහුනෙ නෑ වගේ හිටියා.
ඊට පස්සේ උදාවුණු දවස් දෙක තුනේ වතුර ටිකක් බොන්න වත් කට අරින්න කිව්වට එයා දත කට පූට්ටු කරගෙන හිටිය මිසක් කට ඇරියේ නෑ.

"තාත්තට එන්න කියන්න"
"චන්දනට කතා කරන්න"
" එකපාරකට"
"අවසාන වතාවට"
ඔය වගේ වචන ටිකක් විතරයි දිගටම කිව්වේ..

අවසානයට මම තීරණය කළා තාත්තලාගේ ගෙදර යන්න..මම යනකොට රට හිටපු ලොකු තාත්තලත් ගෙදර ඇවිල්ලා.. යාන්තම් එහෙන් මෙහෙන් දැකලා තිබ්බට මොකද මං එදා තමයි තාත්තාගේ නෝනව දැක්කේ..අපේ අම්මගෙන් දහයෙන් එකක්වත් නැති කෙට්ටු ගෑනියෙක්..හ්හ්..තාත්තා කැමති විදිහෙ හැඩය වෙන්න ඇති.

"අම්මා කියනවා අවසාන වතාවට තාත්තාව බලන්න ඕනේ කියලා" මම කිව්වා.
"අම්මගෙ ඇස් පේන්නෙ නෑ කිව්වා නේද?" ඒ තාත්තාගේ ගෑනි..
" ඔව් ඒත් එයාට හොඳට ඇහෙනවා.. " මම තරහින් කිව්වා..
" මට බෑ " තාත්තා එහෙම කියලා ගේ ඇතුළට ගියා..එයාගේ ගෑනිත් එයා පස්සෙන්ම ගේ ඇතුලට ගියා..
මං අර ලොකු තාත්තට වැඳලා එන්න ආවා. මට පුදුම අසරණ කමක් දැනුණා.

" මං නංගි ගිහින් දාන්නං " ලොකු තාත්තා හිටගෙන හිටපු දොරට එහා පැත්තෙන් එළියට ආපු කලු කොල්ලා එහෙම කිව්වා. දෙවියනේ ...අපේ තාත්තගෙ කටහඬ එහෙමම... කලු වුණාට මැදලා වගේ හමක් තියෙන ලස්සන කොල්ලෙක්..
කළු කොහොමද කැතයි කියන්නේ? ක්‍රිෂ්ණත් නිල් පාටට පෙනුනේ කළු වැඩිකමටලු..

" මේ පොඩි අයියා දුව" ලොකු තාත්තා එයාගෙ පුතාව පෙන්නලා කිව්වා..
"මං තනියම යන්නං" මම එහෙම කියලා ගෙදරින් එලියට ආවා.

එතන ඉඳන් පයින් බස් හෝල්ට් එකට ගිහිල්ලා බස් දෙකකම ඇවිල්ලා මම ගෙදර එනකොට ගෙදර මිදුලෙ කාර් එකක් නවත්තලා තිබුණා..මම ගියේ අම්මා ලඟ, ලඟ ගෙදරක ඇන්ටි කෙනෙක් නවත්තලා. ඒ ඇන්ටි එළියේ හිටියා..මේ කාර් එක කොහේ හරි දැක්ක බව මට මතක තිබුණා..පිටිපස්සෙ තිබුණු මකරෙකුගේ ස්ටිකර් එක දැක්කේ කොහෙද කියලා කල්පනා කර කර මම ඇතුළට ගියා.

අන්න එතකොට තමයි අර විෂ්ණු වගේ කොල්ලා, ලොකු තාත්තගේ පොඩි පුතා අම්මා ලඟ ඉඳගෙන හිටියේ..
හෝදලා ගෙනල්ල දාපු බෙඩ් සීට් හත අටක් දාලා තිබ්බ සෝපා එකේ අනිත් පැත්තේ ලොකු තාත්තා වාඩිවෙලා හිටියා. එයා මාව දැකපු ගමන් නැගිටලා ආපහු මාව ගෙදරින් එළියට එක්ක ආවා.
" පොඩි අයියා.. මල්ලි වගේ කතා කරනවා.එයාලා කතා කරපුදෙන්"
ඒ කියන්නේ අපේ තාත්තගෙම කටහඬ තියෙන ලොකු තාත්තගේ පොඩි පුතා...අපේ තාත්තා වගේ අම්මත් එක්ක කතා කරනවා..අම්මගෙ අවසාන මොහොතේ..

මං ඇඬුවෙ නෑ.ඇඬුනෙ නෑ මට.ඊට පස්සේ මං කාමරේ දොරකඩට වෙලා බලාගෙන හිටියා..

ඇරිලම තිබුණේ අම්මගේ ඇස් වලින් කඳුළු ගලාගෙන ගියා..අම්මා අමාරුවෙන් අහපු ප්‍රශ්නවලට පොඩි අයියා උත්තර දුන්නා..එයා බොහොම පරිස්සමින් තමයි ඒවට උත්තර දුන්නෙ..

" මම අසිංසලා එක්ක තරහ නෑ.එයා ඔයයි මායි අතරට ආව නෙවෙයිනෙ..අපි වෙන්වෙලා කොච්චර කාලෙකට පස්සෙද ඔයා එයත් එක්කක යාළු වුණෙ..එයාගෙ වරදක් නෑ..එයා මාත් එක්ක තරහද චන්දන? "
"නෑ..එයා ඔයා ගැන දුක් වුණා" පොඩි අයියා කිව්වා.
" කෙල්ල ගැන තමයි මට බය..එයාටත් මට වගේ උනොත්...එයාට කවුරුවත්ම නෑ..අනේ කෙල්ලව අතාරින්න එපා..."
"මං අතාරින්නෑ"
"ඇත්තම කියන්න..මං දන්නවා..ඔයාට මාත් එක්ක ජීවත් වෙන්න ඕන කමක් නැති උනාට...ඔයා මට පෙන්නුවේ බොරු තරහක් නේද..ඔයාට මාත් එක්ක එහෙම තරහ වෙන්න බෑ.."
"ඔව්..මට එහෙම තරහ වෙන්න බෑ"
"ඔයා මාව බලන්න ආවා කියලා අසිංසලා දන්නවද?"
"ඔව්.එයා කිව්වා එන්න කියලා.."
"මං එක පාරක් ඔයාගෙ අතින් අල්ලන්නද? මට අර ඇද ඇඟිල්ල තියන අත දෙන්න.."
අම්මා අමාරුවෙන් එයාගේ අත හෙල්ලුවා.. අපි ඔක්කොගේම හිත් හෙල්ලුණා..
මේ කතා කරන්නේ තාත්තා නෙවෙයි කියලා අම්මට සැක හිතුනා වත්ද දන්නෙ නෑ.. තාත්තාගේ එක අතක ඇඟිල්ලක් ඇද බව මම දැනගන හිටියා.අම්මා කියලා තියෙනවා..පොඩි අයියා අපි දිහා බැලුවා..මොනවා කරන්නද..

අම්මා තාත්තාගේ අත බලාපොරොත්තුවෙන් එයාගේ ඇඟිලි අමාරුවෙන් හොල්නවා.පොඩි අයියා එයාගේ අත අම්මගේ අතින් තිබ්බා..අම්මා ඒ අත හොඳටම තදින් අල්ලගත්තා. ඒ වෙලාවේ නම් පොඩි අයියා හිටියේ බය වෙලා..

" අනිත් අත දෙන්න ....බැරිද...මේ අත.... චන්දන....නෙවෙයි නේ.." අම්මා කිව්වා.
ටික වෙලාවකට කවුරුවත් කතා කරේ නෑ..අම්මගේ ඇස්වලින් කඳුළු බේරුණා..

හුළඟක් ආවා.දොර රෙද්ද පැද්දුණා.ෆෝන් එකක් රිංග් වුණා .බල්ලෙක් බිරුවා..

පොඩි අයියා නැගිටලා ගියා. කාර් එකක දොරවල් ඇරුනා වැහුනා. එයාලා ගියා වෙන්න ඇති..

මං අම්මා දිහා බලාගෙනම හිටගෙන හිටියා. අවසාන මොහොතෙත් රැවටීමට ලක්වුණු මගේ දුප්පත් අසරණ අම්මා...

සෑහෙන වෙලාවක් ගියා. මං ඇස් පියාගෙන බිත්තියට හේත්තු වෙලා අම්මට සුවදායී මරණයක් ප්‍රාර්ථනා කළා.

කවුරු හරි කාමරයට ආව මට දැනුණා. මං ඇස් ඇරලා බැලුවේ නෑ. එහා ගෙදර ඇන්ටි වෙන්න ඇති.

" චන්දන...මේ අත ඉස්සර වගේම සිනිඳුයි..රස්නෙයි.මේ ඇඟිල්ල..මං ඉස්සර මේ ඇඟිල්ලෙන් අල්ලගෙන නිදාගන්නෙ..මතකද..ඔයා ..අනේ.. අනිත් අත වෙනස්..ඒකනෙ මම මේකම දෙන්න කිව්වේ."

තාත්තා....

අම්මගෙ චන්දන ඇවිල්ලා..

අසිංසලා කාර් එකේ හිටියා..

අම්මා තාත්තගේ අතින් අල්ලගෙන හිටියා විතරයි.තාත්තත් අම්මාගෙ අතින් අල්ලගෙන හිටියා විතරයි. එයාල එක වචනයක්වත් කතා කරේ නෑ..

පැය බාගෙකට පස්සෙ තාත්තාගේ ඇද ඇඟිල්ල අල්ලගෙනම...අම්මා සදහටම නිදාගෙන හිටියා...

" පොඩි අයියට පිං " එයාලා යනකොට මම කිව්වා.

අවසාන මොහොතේ මගේ අම්මගෙ හිත සතුටු කරන්න මගේ තාත්තා වගේ අම්මත් එක්ක කතා කරන්න කියලා පොඩි අයියට යෝජනා කරලා තියෙන්නේ ලොකු තාත්තා..පොඩි අයියටත් අපේ තාත්තගෙම කටහඬ තිබුන නිසා...

ඔයාට ස්තුතියි ලොකු තාත්තේ..ඔයාට ස්තූතියි..

ඒ අදහස ඉෂ්ඨ සිද්ධ කරල මගේ අම්මත් එක්ක කතා කර කර හිටියට ඔයාට ස්තුතියි පොඩි අයියේ..

අවසාන මොහොතේ තාත්තගේ අත එකම එක පාරක් අල්ල ගන්න මගේ අම්මට ඉඩදුන්නට ස්තුතියි පුංචි අම්මේ....
===========
සුජාතා මැණිකේ ඉහළගෙදර
#මනුස්සකම #හදවතටදැනෙනකතා

Shout out to my newest followers! Excited to have you onboard! Amali Damayanthi Gunasekara, Lakshani Madusriya, Anjana P...
13/05/2026

Shout out to my newest followers! Excited to have you onboard! Amali Damayanthi Gunasekara, Lakshani Madusriya, Anjana Perera, Sajani Perera, Ruwan Megasooriya, Dayawansa Athurugiriya, Chandratilaka Kulathunga, Rathnayake Mudiyanselage Rajasekara, Randika Wickramasinghe, Amila Senanayaka, Indika Gunarathna, Rasika Bandara, Prasanna Amarawikrama, Palitha Jayasinghe, Dinesh Wickramarathne, Jayantha Samarasekera, Ivan Nicholas, Manoj Ranasinghe, Wijitha Weerarathna, Pradeep Nihal, Manoj Rashmika, Neyomi Alexander, Pathum Chamara, Wenuka Harshani, Rachintha Wickramasinghe, Amila Kanthi Wimalagunasekara, Milton Fernando, Ananda Dharmarathna, Madhushika Nishadini, Maduca Ekanayake, Buddika Abeysinghe, Udeni Samanjali Premasiri Samarasinghe, Gayan Rajapaksha, Anurada Sadaruwan Weerarathna, Laksh*tha Wijerathne, Kumara Dissanayake, Darshana Witharana, Nisha Madusanka, Madumi Nilanka, Ap Nihal, Dilini Madhushani Maheepala, Upul Bel, Bhadra Dissanayake, Niranjala Perera, Lahiru Irosha, Vijitha Bopearchchi, Indika Herath, Chathuranga Perera, Moreen Lopez, Priya Dewagee

04/05/2026

එයාලා ඒක වෙනවට බය වුණා..තමන්ට තියා හතුරෙක්ටවත් එහෙම දෙයක් වෙන්න එපා කියලා ප්‍රාර්ථනා කළා.ඒ වුණාට ,තමන්ට සිද්ධ වෙනවට මිනිස්සු වැඩියෙන්ම බය දේවල් අනිවාර්යයෙන් ම වගෙ සිද්ධ වෙනවා..ඒක තමා ආකර්ශන නීතිය කියන්නෙ.හොඳ නරක කියලා වෙන් කිරීමක් නෑ.නිතර හිතේ තියෙන එක ඇත්ත කරලා පෙන්වනවා.එතන වෙන්න ඇත්තෙ ඒක ..ඒ කොහොම වුණත් එතනත් හැපි ටියර්ස් ගෙනාව කෙනෙක් හිටියා. Hapyy Tear සමහර කතා සමහර අයට විශ්වාස කරන්න බැරි තරම්..මේකත් ඒ වගෙ එකක්..හැබැයි මේ වගේ ම පපුව හොඳ මිනිස්සු දන්නවා මිනිස්සුන්ට මේ වගෙ හොඳ වෙන්න පුලුවන් කියලා...
කතාව අහලා කතාව ගැන අදහසක් වගේම මගේ මේ ප්‍රශ්ණෙටත් උත්තරයක් දීලා යන්න.මේ පේජ් එකේ වීඩියො එකක් එනවට ඔයා කැමති දවස් කීයකට වතාවක්ද?
#හදවතටදැනෙනකතා #මනුස්සකම
Sujatha Manike Ihalagedara

Big shout out to my newest top fans! 💎 Kanthi Aththanayaka, Nadeesh Piriyadarshana, Amila Buddika, Ranjith Myadunna, Dil...
30/04/2026

Big shout out to my newest top fans! 💎 Kanthi Aththanayaka, Nadeesh Piriyadarshana, Amila Buddika, Ranjith Myadunna, Dilani Srimali, Jayamini Jayawardhana, Roshan De Silva, Dasun Apsara Dasun, Chithrananda Dasanayake, Varuna Abeysekera, Pramil Wijesinghe, Robert Fernando, Sheni Lankika, Hansi Siriwardhana, Kusum Athurusinghe, Disna Kumari, Lalith Chandrapala, Kaleel Rauman, Samadhi Wijesundara, Amila Priyadharshana, Dona Damayanthi, Dammika Chithra, Dil Dilrukshi, Ravindra Rodrigo, Tharaka Sangeeth, Janali Madurasinhe, Lootas Flowers, Sara Jarathna, Damith Godfrey Aluthgamage, Nihal Fernando, Rathnayaka Kumara, සුජීව ලාල් අල්ගෙ වත්ත, Sampath Uddrogika, Upul Vithana, Imalka Weerasekara, Pavithra Samanthi Silva, IPriyadarshana Gomes, Nilanth Kumara, Ranjith Thilakasiri, Shriyani Perera, Siriyalatha Omal, Tuan Alith, Sriyani Sri Lanka, Muthuvelu Jagadeesan, Upul Bandulasena, Hemantha Gunasekara, Padmanathan Dpadma, Samarakoon Premathilaka, Gayan Janaka Gunarathna

Drop a comment to welcome them to our community, fans

කුමාරි නංගියි මැණිකෙ අක්කයි..🥰..හදලා දුන්නෙ ජෙමිනි..💚
28/04/2026

කුමාරි නංගියි මැණිකෙ අක්කයි..🥰..හදලා දුන්නෙ ජෙමිනි..💚

27/04/2026

මේවා ලොකු කතා නෙමෙයි.. පුංචි පුංචි සිද්ධි. හැබැයි මේ හැම සිද්ධියක් ඇතුලෙම මහා කතාවක් හැංගිලා තියෙනවා...අපි හැම කෙනෙකුගේම ජීවන අත්දැකීම් හැංගිලා තියෙනවා. #හදවතටදැනෙනකතා #මනුස්සකම .

මේ විසිපන්දාහම මිනිස්සු..ආදරණීය හිත් තියෙන මනුස්සකම අඳුනන මිනිස්සු...ඉතිං මිනිසුනේ..ස්නේහවන්යිනේ...මේ වගෙ කතා අහන්න මේ ප...
23/04/2026

මේ විසිපන්දාහම මිනිස්සු..ආදරණීය හිත් තියෙන මනුස්සකම අඳුනන මිනිස්සු...ඉතිං මිනිසුනේ..ස්නේහවන්යිනේ...මේ වගෙ කතා අහන්න මේ පේජ් එකට එකතු වුණාට ස්තූතියි ...ආදරෙයි! 🙏🤗🎉

22/04/2026

නමවන සතුටු කඳුල
මේ කතාව අහලා ඉවරවෙනකොට ඔයාට මේ වගෙ කෙනෙක් ගැන මතකයක් අවදිවුණොත් කමෙන්ට් එකක් දාන්න. #හදවතටදැනෙනකතා #මනුස්සකම

Address

Galewela
Galewela
21206

Website

Alerts

Be the first to know and let us send you an email when Happy Tears posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category