16/10/2024
එක පාරකට වඩා ආදරේ ඉල්ලන්න එපා...
+ කැමති නැති උනොත් ආයෙමත් අහනවද ?
- නෑ !
+ ඇයි ? සමහර අය එක පාරින් කැමත්ත දෙන්න කැමති නෑ .....
- මං එක පාරින් කැමත්ත දෙන්න කැමති නැති කෙනෙක්‍ට කැමති නෑ...."අනෙ" කියන යැදිල්ලෙන් පටන් ගන්න ආදරකතාවක් මට ඕනෙ නෑ ....
+ ඔයා කී පාරක් අහනවද ?
- මං මගෙ පුලුවන් උපරිමෙන් පලවෙනි පාර අහනවා...."අනෙ , අනෙ , කෑලි නැතුව කෙලින්ම ! මං දන්න ලස්සනම විදිහට
+ බෑ කිවුවොත් ?
- ඒ බෑ කියලා එයා පෙන්නන්නෙ එයාගෙ වටිනාකම,එයා බෑ කිවුවහම එයා ඉස්සරහ අනෙ තව පාරක් හිතන්න කිවුවොත් මං පෙන්නන්නෙ මගෙ නැති කම , හිගනකම , මට ආදරෙ නෑ කියන හිගකම....
අනික මගෙ තියන ලස්සන හීන කවදාහරි සැබෑ වෙනවා , මට මාව විශ්වාසයි , ඒ හීන වලට අඩගහලා වැද වැටිලා කාවවත් ගෙන්න ගන්න උවමනාවක් නෑ මට , එහෙම කලොත් ඒකෙන් වෙන්නෙ මගෙ හීන වල වටිනාකම නැති වෙන එක , මගෙ ජීවිතෙ වටිනාකමක් නැති වෙන එක
සමහර වෙලාවට කොයිතරම් බලාපොරොත්තු තියාගෙන ඇහුවත් මාව ප්‍රතික්ෂේප උන තැන් තිබ්බා ඒ වෙලාවට මං මටම හිනා උනා , මං මටම කියාගත්තා ,
"මචං , ජීවිතෙ ආපස්සට හැරිලා බලද්දි අපට ලස්සන කතාවක් තියෙන්න ඕනෙ , කැමතිම මිනිස්සු අපිව දාලා ගිහින් තියෙන්න ඕනෙ , අපි ආසම අය අපිව ප්‍රතික්ෂේප කරලා තියෙන්න ඕනෙ ,
උන් අපි ඉන්න තැන දැකලා " අපරාදෙ" කියලා නොකිවුවත් උන්ගෙ හිතක් පපුවක් නැති වචන එලියට ආව කටවල් ලොක් වෙලා ආත්මාර්ථකාමී හදවත් ඇතුලෙ "අපාරාදෙ" කියන හැගීම උන්ටත් හොරෙන් ඇතිවෙන්න ඕනෙ !
♥️💫Copied