19/05/2026
🎮 ලෝකයේ සෙල්ලම් කරන්න අමාරුම PC Games 5ක්!
ලැප්ටොප් එකේ හරි PC එකේ හරි Games ගහන එක අපිට විනෝදයක් වුණාට, සමහර ගේම්ස් තියෙනවා ඒවාවලින් ලැබෙන්නේ විනෝදයක් නෙවෙයි... මාරම Stress එකක්! 🥶 කී පෑඩ් එක කුඩු වෙන්න තරම් කේන්ති යන, ඒත් අතහරින්න බැරි, ලෝකයේ සෙල්ලම් කරන්න අමාරුම PC Games 5ක් මෙන්න:💀
1. Elden Ring / Dark Souls Series ⚔️
Hardcore Gamers ලා අතරේ FromSoftware සමාගම ප්‍රසිද්ධම මේ වගේ අමාරු ගේම්ස් හදන්නයි. මේවාවල ඉන්න Bosses ලාව පරද්දන්න නම් එකම සටන සීය වතාවක් විතර කරන්න වෙනවා. Attack එකක් එන තත්පර ගාණ හරියටම බලාගෙන Dodge කරේ නැත්නම් "YOU DIED" කියන ස්ක්‍රීන් එක බලාගන්න එක සාමාන්‍ය දෙයක්!
2. Cuphead ☕
කාටුන් එකක් වගේ පෙනුණට රැවටෙන්න එපා! මේක මාරම ලස්සන ඒ වගේම මාරම කට්ටක් කන්න වෙන Game එකක්. මුළු Screen එක පුරාම එක එක පැතිවලින් එන ප්‍රහාර මගහරිමින්, Bosses ලා එක්ක සටන් කරන එක ලේසි නෑ. Fingers වල Speed එක සහ ඉවසීම උපරිමයටම ඕන වෙනවා.
3. Sekiro: Shadows Die Twice 𝔖
මේකත් FromSoftware ලගේම වැඩක්. හැබැයි මේකේ අනිත් ගේම්ස් වගේ නෙවෙයි, හතුරන්ගේ ප්‍රහාර කඩුවෙන් වළක්වන එක තත්පරයෙන් සියයෙන් පංගුවක නිවැරදිතාවයකින් කරන්න ඕනේ. එක වැරදීමක් වුණොත් ගේම් එක එතනින්ම ඉවරයි.
4. Getting Over It with Bennett Foddy 🔨
මේක නම් ගේම් එකක් නෙවෙයි, මනෝවිද්‍යාත්මක වධහිංසාවක්! එක මිටියක් ආධාරයෙන් කලගෙඩියක ඉන්න මිනිහෙක්ව කන්දක් උඩට අරන් යන්නයි තියෙන්නේ. චුට්ටක් හරි වැරදුණොත්, පැය ගාණක් මහන්සි වෙලා උඩට ආපු තැන ඉඳන් ආයෙමත් බිමටම වැටෙනවා. ආයේ මුල ඉඳන්ම පටන් ගන්න වෙනකොට එන කේන්තිය දන්නේ මේක ගහපු අය විතරයි!
5. Escape from Tarkov 🪖
මේක Extreme Realistic Shooter ගේම් එකක්. ගේම් එක ඇතුළේ මැරුණොත්, ඔයා ඊට කලින් මහන්සි වෙලා එකතු කරපු සේරම ආයුධ සහ Loot සදහටම නැති වෙනවා. Map හරි Bullet ගාණ පෙන්වන Indicators මුකුත් නෑ. සතුරු වෙඩි පහරක් වැදුණොත් ලේ ගැලීම නතර කරන්න වෙලාවට බෙහෙත් දැම්මේ නැත්නම් එතනම මැරෙනවා.
ඔයාලා මේවයින් Play කරලා තියෙන්නේ මොනවාද? ඔයාලට අනුව PC එකේ ගහපු අමාරුම Game එක මොකක්ද?