T h a m b a p a n n i

T h a m b a p a n n i Endless beaches,timeless ruins,welcoming people,oodles of elephants,rolling surf,fun trains,famous tea and flavorful food make Sri Lanka irresistible �

24/08/2026

ඔබ දන්නවාද...? #කුඹල් #පෙරහැර හා #රන්දෝලි #පෙරහැර අතර ඇති වෙනස්කම්....

️▪️කුඹල් පෙරහර කියන්නේ හැදෙන පෙරහරක්. නැත්තම් අසම්පූර්ණ පෙරහරක්. කුඹල් පෙරහරවල් වලට ඒ නම ඇවිල්ලා තියෙන්නේ ඉස්සර කුඹල් පෙරහරේ ඉස්සරහින් මැටි වලං ගෙනියන මනුස්සයෙක් වලං කදක් අරන් ගිය නිසාලු.

කුඹල් පෙරහරවල් අසම්පූර්ණයි. වර්ණ භාවිතය අඩුයි. සුදු පාට තමා වැඩිපුර යොදාගන්නෙ.

ඒ වගේම ඇත්තුන්ට දල කොපු ,පාද සිලම්බු ආදිය පැළදවීමක් වෙන්නේ නෑ. ගජනායක නිලමේ වරයා රිදී අංකුසයක් දරන්නේ. ඒ වගේම ප්‍රධාන හේවිසි කණ්ඩායම සම්පූර්ණ හිස් වැසුම් පළදින්නේ නෑ. බෙර වලට සවරං බදින්නේ නෑ. ඒ වගේම දෑලෙ ඇතුන් පිට සාමන්‍ය නිල කරුවන් දෙදෙනෙක් විතරයි ගමන් කරන්නේ. පළවෙනි කුඹල් පෙරහරේ ඇරෙන්න දියවඩන නිලමෙ යන්නෙ නෑ. දේවාල වල බස්නායක නිලමෙවරු යන්නේ නෑ. සාමාන්‍යයෙන් නවක ශිල්පීන්,නවක අලි ඇතුන් පුහුණු වෙන්නේ මේ පෙරහරවල් වලින්. ඒ වගේම දේවාල සතරේ වෙස් ශිල්පීන් වෙස් තට්ටුව පළදින්නේත් නෑ.

️▪️නමුත් රන්දෝලි පෙරහර විචිත්‍රවත්. නෙක වර්ණ ශබ්ද ආදියෙන් අලංකෘතයි.
ගජනායක නිලමේ වරයා රං අංකුසයක් දරනවා. සියලු ශිල්පීන් අලි ඇතුන් නෙක විද වර්ණ ඇදුමෙන් හැඩ වෙනවා. ඇතුන්ට දල කොපු පළන්දනවා. පෙරහරේ බෞද්ධ කොඩි වලට අමතරව දිසා කොඩි මහ දිසා කොඩි රටවල් ,කෝරල වලට අදාල කොඩි පිත්තල දිසා කොඩි, දජ පතාක සේසත් මුරායුධ ගෙනයනවා. ප්‍රධාන හේවිසි කණ්ඩායම අංග සම්පූර්ණව ගමන් කරනවා. මඟුලැතුට දෙපස දෑලෙ ඇතුන් පිට පාතමාලේ රාල හා ගෙපරාල විසින් කරඩුවට මල් ඉසිනවා සහ චාමර සලනවා. බුරුම ධජ,සියම් ධජ පෙරහරේ ගෙනියනවා. ඒ වගේම මල් පහන් කණ්ඩායම ගමන් කරනවා. දියවඩන නිලමෙ තුමා හා බස් නායක නිලමෙවරු ප්‍රධාන පිටිසර දේවාල වල බස්නායක නිලමෙවරු ගමන් කරනවා.

මේ ආදී ලෙස ඉතා විචිත්‍ර පෙරහර 5 ක් ලෙස රන්දෝලි පෙරහර පවත්වනවා.
එයිනුත් හතර වැනි හා පස්වැනි හෙවත් අවසන් රන්දෝලිය යන පෙරහර දෙකේ මඟුලැතුට පාවඩ හා උඩු වියන් ඔසවා දළදා වහන්සේට පුද කරන සියලු පූජාවන් සම්පූර්ණ කරනවා.

ඒ වගේම රන්දෝලි පෙරහරවල රන්දෝලි වඩමවනවා. එනිසා තමා මේවා රන්දෝලි පෙරහර ලෙස හදුන්වන්නේ.

කුඹල් පෙරහර හා රන්දෝලි පෙරහර අතර වෙනස්කම් කීපයක් තමා ඔය.

නමුත් කිසිදු පෙරහැරක දළදා වහන්සේ වඩමවන්නේ නෑ.

පෙරහර කරඩුව තුළ සර්වඥ ධාතුන් වහන්සේලා දෙතිසක් වැඩ වසන බවයි කියන්නේ.

අවසානයට 1828 වර්ෂයේදී තමයි දළදා වහන්සේ පෙරහරේ වඩමවා තියෙන්නේ.

දැන් පෙරහරේ වඩමවන්නේ ශ්‍රී වික්‍රම රාජසිංහ රජු විසින් රිදියෙන් කරවා රනින් ආලේප කරවා පූජා කළ පෙරහර කරඬු වහන්සේයි.

දළදා වහන්සේ උඩ මාලයේ ශ්‍රී සුගන්ධ කුටියෙන් පිටතට වඩමවන්නේ දැඩි ආරක්ෂක හේතුවක් මත අතිශය රහසේ හෝ දළදා ප්‍රදර්ශනයකදී පමණයි..

#මහනුවරපෙරහැර #කුඹල්පෙරහැර #රන්දෝලිපෙරහැර

මුල් ම වෙසක් තොරණලංකාවේ මුල් ම වෙසක් තොරණ ඉදිවන්නේ 1955 දී. ඒ තොටළඟ.උසින් අඩි 85 ක් පමණ වූ මේ තොරණ නිර්මාපකයා නාගලගම් වී...
30/05/2026

මුල් ම වෙසක් තොරණ

ලංකාවේ මුල් ම වෙසක් තොරණ ඉදිවන්නේ 1955 දී. ඒ තොටළඟ.

උසින් අඩි 85 ක් පමණ වූ මේ තොරණ නිර්මාපකයා නාගලගම් වීදියේ ප්‍රකට ව්‍යාපාරිකයෙකු වූ විල්බට් සල්ඤෝ හෙවත් විල්බට් පෙරේරා යි.

තොරණට තේමාව වූයේ මහා භද්‍රකල්ප පුවත යි. වයස අවු.12 ක් පමණ වන කොල්වින් පීරිස් ඇතුළු කොලු ගැටවුන් පිරිසකගේ කුඩා කුඩා සිතුවම් තොරණක් දැකීමෙනු යි විල්බට් මහාත්මාට තොටළඟ තොරණ කිරීමට සිත් පහළ වී තිබෙන්නේ. තොටළඟ තොරණ ඉදිවන්නේ කොල්වින්ගේ උදව්වෙන්.

විදුලි බුබුළු 25000 කි න් අලංකාර වූ මෙම තොරණට රු.7500/- ක් එකල වැය වී තිබෙනවා. මුළු රටට ම විදුලිය නැති කුප්පි ලාම්පු එළියට හුරු ඒ කාලේ ජෙනරේටර්වලින් තමයි විදුලිය සපයාගෙන තිබෙන්නේ. තොරණට පුවක් ගස් සපයාගෙන තිබෙන්නේ යටියන්තොට හා රුවන්වැල්ල ප්‍රදේශවලින් තොටළඟ දක්වා කැළණි ගඟ ප්‍රවාහන මාධ්‍ය කරගෙන. එස්.ඩබ්.ආර්.ඩී.බණ්ඩාරනායක මහාත්මයා තමයි තොරණ විවෘත කරලා තියෙන්නේ.

ගුවනින් මල් පවා ඉස තිබෙනවා. දින ගණනාවක් ප්‍රදර්ශනය කෙරුණු මෙම විශ්මිත තොරණ නරඹන්නට ලක්දිව පුරා ජනයා තොටළඟට ඇවිත් තිබෙනවා. එසේ පැමිණි පිරිස අතර සිටි ජපන් ජාතිකයන් පිරිසකගේ ඉල්ලීම මත මුළු තොරණ ම නැවත ජපන් රටෙත් ප්‍රදර්ශනයට රැගෙන ගිහිල්ලා තිබෙනවා.

නැවත ජපානයෙන් එහි දී තොරණ ප්‍රදර්ශනයට භාවිත කළ විදුලි බුබුළු ඇතුළු උපකරණ තෑගි කොට තිබෙනවා.

By පංචන

🌍 අතීතාවර්ජනා...

උපුටා ගැනීමකි..

🌴🇱🇰 Sri Lanka is known for its breathtaking beaches, misty mountains, ancient cities, and rich cultural heritage.But bey...
30/05/2026

🌴🇱🇰 Sri Lanka is known for its breathtaking beaches, misty mountains, ancient cities, and rich cultural heritage.

But beyond the postcard-perfect landscapes lies another side of the island—one filled with mysterious legends, unexplained encounters, and stories passed down through generations.

👻 From haunted colonial hotels...
🏰 To ancient forts with ghostly tales...
🌙 And roads where travelers report strange sightings after dark...

Join Thambapanni as we explore 5 of Sri Lanka's most haunted locations, uncovering the history, folklore, and chilling stories that continue to fascinate locals and visitors alike.

Whether you're a believer or a skeptic, these places are a reminder that every destination has stories hidden beneath the surface.

📍Which of these locations would you dare to visit after sunset?

Follow for more stories, travel discoveries, hidden gems, history, and Sri Lankan lifestyle content.

මේ පෝස්ට් දෙකම ශෙයා කරපපු මගේ යාලුවොන්ට කන්න දෙන්න හොඳ මොනවද 🧐
24/05/2026

මේ පෝස්ට් දෙකම ශෙයා කරපපු මගේ යාලුවොන්ට කන්න දෙන්න හොඳ මොනවද 🧐

සමනල කන්දෙන් බේරන කුනු 💔මේ කාටවත් වැඩිය පේන්නෙ නැති මූක්කුවත්ත පාර පැත්ත.🥹පඩියක් පඩියක් ගාණේ "පරිසරය රකිමු" කියලා බෝඩ් ග...
06/01/2026

සමනල කන්දෙන් බේරන කුනු 💔
මේ කාටවත් වැඩිය පේන්නෙ නැති මූක්කුවත්ත පාර පැත්ත.🥹

පඩියක් පඩියක් ගාණේ "පරිසරය රකිමු" කියලා බෝඩ් ගහලා එල්ලලා, කුණු බාස්කට් තියලා තිබුණත් මෙච්චර අධිසංවේදී පරිසර කලාපයකත් මේ වගේ කුණු කන්දරාවක් එකතු වෙන විදියට වැඩ කරනවා කියන්නේ රටක් විදියට අපි මාර විදියට ලැජ්ජ වෙන්න ඕන 💔

Address

Colombo

Alerts

Be the first to know and let us send you an email when T h a m b a p a n n i posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share