අසා Lyric Lounge

  • Home
  • අසා Lyric Lounge

අසා Lyric Lounge Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from අසා Lyric Lounge, Poet, .

"Where melodies meet emotions and words turn into feelings."

වෙන්වීම්, අහිමිවීම්, විදවීම් වලින් වේදනා විඳින මිනිසුන් ගේ සිතට එබී බලා තැවුනු සිත් සුවපත් කරනට ජීවිතයේ රස තැන් සොයා දෙන්නට මා විසින් රචිත කවි සහ මේ ගීත මල්මිට ඔබට සෙත්කවියක්ම වේවා. ❤️❤️❤️

20/04/2026

10/04/2026

“Kindness always comes back ❤️ Would you do the same?”

03/04/2026

සෙනෙහස දී සිත............................

Lyrics and Video by - Asanka Manjula Ranasinghe

සෙනෙහස දී සිත දුක ඉවසන්නට
කොහොමද ඔය හිත පුරුදු වුනේ

නොපෙනෙන මහමෙරටත් වැඩියෙන් ඔය සිතේ හයිය කොයිබද තිබුනේ

කඳුලැලි සඟවා දුක වෙනුවට ඔය මුතුසිනහා කොහොමද මැවුනේ

මා පෙම්බර සොඳුරිය ඔය සිනහව විතරයි දිවියට සවිය වුනේ

ගතවුනු දින සති අවුරුදු ගනනින් ලඟ උන්නා නැත දුරස් වුනේ

මොනවිදිහට මොන බාධා ආවත් ඔබ මට පෙරෙ පෙරමුණ ගත්තේ

ආදරයක් කොතැනකද ලොවේ තව ඔබම නොවෙද ආදරය මගේ

සෙනෙහස දී සිත දුක ඉවසන්නට
කොහොමද ඔය හිත පුරුදු වුනේ

නොපෙනෙන මහමෙරටත් වැඩියෙන් ඔය සිතේ හයිය කොයිබද තිබුනේ

කඳුලැලි සඟවා දුක වෙනුවට ඔය මුතුසිනහා කොහොමද මැවුනේ

මා පෙම්බර සොඳුරිය ඔය සිනහව විතරයි දිවියට සවිය වුනේ

අසංක රණසිංහ ❤️

“Follow our page for daily updates 🔔”

“Like & Share to support us ❤️”

“Tag your friends!”

#සෙනෙහස #ආදරය #සිංහලගීත



#වීඩියෝ

හිතේ තියෙන දුක මකන්න.............................................හිතේ තියෙන දුක මකන්න පාරට ගොඩ වුනේපාර දිගේ හීතලේම පියවර...
24/03/2026

හිතේ තියෙන දුක මකන්න.............................................

හිතේ තියෙන දුක මකන්න පාරට ගොඩ වුනේ
පාර දිගේ හීතලේම පියවර තියවුනේ
දාලා යද්දි දරුවො මාව හිත දුක වැඩි වුනේ
එහෙම යන්න පුතේ උබට කවුරු ඉගැන්නුවේ.

ගසක් යටට ගියේ ගතට මහන්සි වුන නිසා
බොන්න වතුරටිකක් සෙවුවෙ පදුරු පීරවලා
දුටුව දෙයින් හද කකියයි දරු දුක මතු වෙලා
පැටියො උබට අම්මා කිරි පෙවුවෙ ලන් වෙලා

නිසොල්මන්ව හිටිය ඇයට ගොඩක් තුරුල් වෙලා
උබ කිරි බොන හැටි දුටුවම හිත බෝ දුර ගියා
ඇයට වෙලා තියෙන හදිය නුබට නොදැනු නිසා
පැටියෝ මගෙ හිත තාමත් කකියයි නුබ නිසා

රත් පැහැ රුහිරෙන් තෙමුනත් ඇගේ හිසත් ගතත්
නුබේ නමින් කිරි එරෙනව ඇගෙ ලයේ තවත්
විපත් කරපු අමන සිතට නෑ පිං පවු වගක්
පොල්ලත් ගහ ලගම තිබුනා ගෑවී ලේ ගොඩක්

යන්තම් ඇගෙ පන වැටෙනවා පැටියෝ නුබ නිසා
ඉක්මනින්ම අරගෙන යමු නොවී ගොඩක් පමා
බෙහෙත් ටිකක් වැටුනොත් හරි නිසි පමනට හදා
නුබේ අම්ම තවත් කලක් කිරි දෙයි බඩ පුරා

එන්න මගේ දෝතට නුබ නලවන්නම් හෙමින්
මගේ පුතත් නැලවූ හැටි මතක් වෙනවා නිතින්
අසරන මේ සසර පුරා දිව යමු නෙක ලෙසින්
පතමු පිංම සන්සාරේ නොවන්න දුක් නිතින්

අසංක රණසිංහ ❤️

“Follow our page for daily updates 🔔”

“Like & Share to support us ❤️”

“Tag your friends!”

06/03/2026

🌸 මලක සුවඳ පවනේ… 🌸
ආදරයක් කියන්නේ හැමදාම ලඟටම නොවෙයි…
කවදා හරි නිහඬව දුරස් වෙලා යන එකත් තමයි 💔

මතක වලට පමණක් ඉතිරිවෙන ඒ සුවඳ…
තවමත් හිත අල්ලාගෙන ඉන්නවා…

🎶 Lyrics & Video by – Asanka Manjula Ranasinghe

👉 මේ ගීතය feel වුනේ කාටද? Comment කරන්න 👇
👉 Like & Share කරලා support කරන්න ❤️

#සෙනෙහස #ආදරය #සිංහලගීත





#සෙනෙහස #ආදරය #සිංහලගීත





බියෙන් ජීවිතය ගැනහිතන්නත් අකමැතිවදුකින් සිටි මිනිසුන්ටඅවැසි විට අතදුන්නකතරකට හැකිවුනාදිය බිදක් නැති වුවදපිපාසය සිඳලන්නපී...
01/03/2026

බියෙන් ජීවිතය ගැන
හිතන්නත් අකමැතිව
දුකින් සිටි මිනිසුන්ට
අවැසි විට අතදුන්න

කතරකට හැකිවුනා
දිය බිදක් නැති වුවද
පිපාසය සිඳලන්න
පීඩිතව සිටි උන්ට

අහස්කුස සිසාරා
පිපුන ගිනි මල් වැස්ස
පොළව සිපගන්න විට
රතු පාට වී තෙතට

හඬන මිනිසුන් වෙතට
කුඩා දරු පැටවුන්ට
යොමා මෙත් සියලු දෙන
පතමු සාමය විගස.

අසංක රණසිංහ ❤️

“Follow our page for daily updates 🔔”

“Like & Share to support us ❤️”

“Tag your friends!”

සැඩ හිරුට හිසනමාතුරු වියන්. ඩා බිංඳු වගුරුවනමිනිසුන්ට සෙවනදෙන, තැනින් තැන පාරවල්,ගිනියම්ව උණුසුම්වනලියමින්  දියුණුවට අතව...
18/02/2026

සැඩ හිරුට හිසනමා
තුරු වියන්.
ඩා බිංඳු වගුරුවන
මිනිසුන්ට
සෙවනදෙන,

තැනින් තැන පාරවල්,
ගිනියම්ව උණුසුම්ව
නලියමින්
දියුණුවට අතවනන
දිනෙක ධනවතුන් ගෙන් පිරීයයි
මේ පොළොව.

අහස්කුස වැළද ගයි
මහත් වූ ගොඩ නැගිලි
නමුත් අමතකවේවි
දිනක් මේ මහපොළොව
කතරක් ව තිබූ බව.

කොළඹ අහස යට නැවුතොටේ සිට පෝට් සිටිය දෙස බලා ලියමි.

අසංක රණසිංහ ❤️

“Follow our page for daily updates 🔔”

“Like & Share to support us ❤️”

“Tag your friends!”

ඉගිල යන්නට අතීතය වෙතහැකි වී නම් මටකුඩා කල ලද උණුසුමආදරය, ඇවිදගිය දහසකුත් මං මාවත්තබා ආ පියවර,කෙලිදෙලින් ගතකල කාලයඅතර සතු...
17/02/2026

ඉගිල යන්නට අතීතය වෙත
හැකි වී නම් මට
කුඩා කල ලද උණුසුම
ආදරය,
ඇවිදගිය දහසකුත් මං මාවත්
තබා ආ පියවර,
කෙලිදෙලින් ගතකල කාලය
අතර සතුටින් ඉපිලගිය
මිතුරන් මිතුරියන් ගේ සිනහවන්
දුක් වේදනාවන් සමග
ලැබූ දිනුමන් අතර මෙන්ම
දහසකුත් වේදනාවන් අතර
වැරදීම් නිවැරදිකර
නැවත කාලය ගත කරමි.
එසේ සිතුවත්.
හැකිවේද එය මට මතකෙට නගාගන්න.
අහෝ ඉපිද මියයන සසරක හැටි....!

අසංක රණසිංහ ❤️

“Follow our page for daily updates 🔔”

“Like & Share to support us ❤️”

“Tag your friends!”

කෙලවරක් නොපෙනෙනාහිරු සඳුත් සැගවෙනාඑලිය නැති අදුරු ඇති හිතට බිය ගෙනදෙනාකවුරුන්ද ලඟ ඉන්නෙකොහොමදෝ ජයගන්නෙ සිතත් පීඩා දෙමින්...
13/02/2026

කෙලවරක් නොපෙනෙනා
හිරු සඳුත් සැගවෙනා
එලිය නැති අදුරු ඇති හිතට බිය ගෙනදෙනා

කවුරුන්ද ලඟ ඉන්නෙ
කොහොමදෝ ජයගන්නෙ
සිතත් පීඩා දෙමින් දහස්කුත් දේ අසයි

පෙනෙන්නේ ප්‍රපාතය
ගමන නවතී එවර
හිසේ බර ගතේ වෙර විඩාවද දරාගන

දිවිකතර ජයගන්න
බෝ විරිය වඩන අය
දිනක ජය පැන් බොන්නෙ ලැබෙනවා නිසැකවම

අසංක රණසිංහ ❤️

“Follow our page for daily updates 🔔”

“Like & Share to support us ❤️”

“Tag your friends!”

Address


Website

Alerts

Be the first to know and let us send you an email when අසා Lyric Lounge posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

  • Want your establishment to be the top-listed arts & entertainment?

Share