10/09/2026
මීට, සේයා
රූප පෙට්ටිය බලමින්නුයි හිටියේ අයියත්
සමග එක් රෑක…………..
දැනුනා අම්මේ, නින්දෙන් වාගේ
නුඹ වඩාගෙන යනවා මාව…..
නැවතත් වඩා ගත්තේ ආච්චී යෑයි සිතුවා මාව……….
අම්මේ, නුඹ මට කියා දුන්නා මිහිරිද
කෙතරම් ආදරය යන්න
ඒත් අම්මේ අමිහිරියි එය නම් ඒ තරමටම…………
කවුදෝ සතෙක් රිද්දෙව්වා හරියට මාව………………….
කැලෑ සතෙක් වාගේයි දැනුනේ මේ
මට ……………..
මං පොඩි නිසාද? අම්මේ ඌ ගිනිච්චෙ මාව…………
කැලෑ සත්තු කෑමට කැමති පොඩි
උන්ද?…………..
යෙදුවත් වෙර වීරිය ඌ ගෙන්
ගැලවෙන්ට………
නොහැකි වුණා අම්මේ,
හයි හත්තිය ඒ තරමටම ඌට….
ඌ මාව ඉතිරි නැතිවම කාලාද ?
අම්මට දකින්න වත් කොටසක්
ඉතිරිව තිබුණාද ?
“අම්මේ!””අම්මේ!”…………
කියා කෑගැසුවද එක දිගට නෑසුනේ
එය මන්ද? දන්නේ නෑ මගේ කණට………….
සත්තයි! අම්මේ, …………….
සිහිවූවා නුඹව මා සිහිසුන් වන තෙක්ම………………
නංගී මං නැතුව තනියම සෙල්ලම්
කරනවද?
අඹ ගසෙ ඔන්චිල්ලාව තවමත්
පැද්දෙනවාද?
පරිස්සම් කර ගනිං මගේ නංගිව
හැමදාම………………
නැවතත් එන්නට බැරි නෑ ………...
ඌ ආය.
✍️ ඊ.එම්.එස්.