රහසිගත ලිපිගොනු - Secret Files

රහසිගත ලිපිගොනු - Secret Files A Musical Melodrama
ඉන්දික ෆර්ඩිනැන්ඩුගේ නාට්‍යයක්.

24/03/2026

"රහසිගත ලිපිගොනු" නැවතත් ඔබ හමුවේ දිග හැරෙන වගයි.
🗓️2026 මාර්තු 27 සිකුරාදා
🕠 සවස 5.30
📍 BMICH කොළඹ කමත New Theatre හිදී.

#

02/10/2025

තව දවස් දෙකයි!

"රහසිගත ලිපිගොනු"
ඉන්දික ෆර්ඩිනැන්ඩුගේ නාට්‍යයක්.

තවමත් බැලුවේ නැති අයට වගේම, ආයෙත් බලන්න හිතන අයට...

ඔක්තෝබර් 04 සෙනසුරාදා සවස (3.30/6.45) එල්ෆින්ස්ටන් රඟහලේ අසුනක් වෙන් කරගන්න.

myseat.lk [ Link : https://shorturl.at/TyF2O ]

විමසීම්- 077 7363633 (ජූඩ් ශ්‍රීමාල්)

"ඔබේ රහස් අපි ළඟ, ඒවා එළිදරව් වෙන මොහොතේ ළඟ ඉන්න!"

28/09/2025

"සමකාලීන ලාංකේය විකිලීක්ස් යුගයේ අධිපති දෘෂ්ටිවාදය ප්‍රශ්න කරන පළමුවෙනි කලාකෘතිය තමයි රහසිගත ලිපිගොනු"

- විදර්ශන කන්නංගර

ඔබ දන්නවද හිම සුදු පාට නෑ. හිම අවර්ණයි. ඒත් ආලෝකය හිම බිඳිති තුළ විසිරෙන නිසයි අපිට හිම සුදු පාටට පේන්නේ. හිම වලහගේ ලෝමත...
27/09/2025

ඔබ දන්නවද හිම සුදු පාට නෑ. හිම අවර්ණයි. ඒත් ආලෝකය හිම බිඳිති තුළ විසිරෙන නිසයි අපිට හිම සුදු පාටට පේන්නේ.

හිම වලහගේ ලෝමත් සුදු පාට නැහැ. ඒවා අවර්ණයි. ඒත් අපිට හිම වලසාව සුදු පාටට පේන්නේ අර වගේම අවර්ණ ලෝම තුළ ආලෝකය විසිරී යන නිසා.

සුදු කියන්නෙ පවිත්‍රත්වයේ වර්ණය.

ඒ වගේම සුදු කියන්නේ වියෝවේ වර්ණය. ශෝකයේ වර්ණය. මරණයේ වර්ණය. ඒ නිසයි පෙරදිග සංස්කෘතීන්වල කෙනෙක් වියෝ වුණාම සුදු අඳින්නේ.

කෙනෙක් වියෝ වුනාම වුනාම එතන හිස්තැනක්, ශුන්‍යභාවයක් ඇතිවෙනවා. ඒ නිසා සුදු කියන්නේ ශූන්‍යභාවයෙත් වර්ණය. හැබැයි අනිත් පැත්තෙන් කෙනෙක් වියෝ වුනහම එතන අලුත් ආරම්භයකට විය හැකියාවක් සලකුණු වෙනවා.

චිත්‍ර කලාවේදී සුදු පාට කැන්වස් එකක් කියන්නේ ශූන්‍යභාවයක්. නිශ්ශබ්දතාවක්. ඒ වගේම චිත්‍රයක් අලුතෙන් අඳින්න ආරම්භ කිරීමේ විය හැකියාවක්.

සුදු පැහැය කියන්නේ පාටක් නැතිකම. හැබැයි සුදු පාට ආලෝකය කියන්නේ සියලු පාටවල ආලෝක ධාරා සමාන මාත්‍රාවකින් එකට හමුවීම. ඒ අර්ථයෙන් ගත්තහම සුදු පාට කියන්නේ විරෝධාභාසයක්! පැරඩොක්ස් එකක්! ශූන්‍යභාවයත් සාකල්‍යභාවයත් එකම වර්ණයක් ඇතුලේ.

රහසිගත ලිපිගොනු නාට්‍යයේ කලර් පැලට් එකේ ප්‍රමුඛ වර්ණය සුදු.

පුරාණ රෝමයේ සෙනෙට් සභාවේ සෙනෙට් සභිකවරුන් ඇන්දේ සුදු පාට ටෝගා. ඒ අවංකභාවය සංකේතවත් කරන්න. (ඒ අනුව යමින් තමයි අපේ පාර්ලිමේන්තුවත් කාලාන්තරයක ඉඳන් සුදු පාට අඳින්නේ ඒ ඇඳුම් ඇතුළෙ ඉන්න අයගේ අවංකභාවය කොහොම වෙතත්)

මේ නාට්‍යයේත් හැම චරිතයකම රංග වස්ත්‍ර සුදු පාටයි.

ඒ හැම චරිතයක්ම අවංකභාවයෙන් ජීවත් වෙන්න, ඇතැම් විට මාරාන්තික විදිහට සහ ඇතැම් විට යන්තමින් හෝ, උත්සාහ කරන නිසා.

හැබැයි නාට්‍යයේ හැම චරිතයකම රංග වස්ත්‍රවල සුදු පාටට අමතරව පුංචි හෝ මෙරූන් පාටක් (කුණු ලේ පාටක්) තියෙනවා...

මෙරූන් කියන්නේ අපිරිසිදු රුධිරයේ, එහෙම නැත්තං කුණු ලේවල පාට. ප්‍රචණ්ඩත්වයේ, බලයේ සහ බලහත්කාරයේ පාට...

රහසිගත ලිපිගොනු
ඔක්තෝබර් 4 වෙනිදා
මරදාන එල්ෆින්ස්ටන් රඟහලේදී

බැලුවේ නැත්නම්,
දෙවැනි පාරටත් බලන්න හිතෙනවනම්
එන්න.

Address

Colombo

Website

Alerts

Be the first to know and let us send you an email when රහසිගත ලිපිගොනු - Secret Files posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category