Through my eye by Praz

  • Home
  • Through my eye by Praz

Through my eye by Praz Collecting moments, moods & memories 💛
and a book or two along the way 📖 Hi…
Welcome to Craft & Create � …!!! Inbox us for more details.

This is a unique gift shop, where you can find different types of crafts for you or your loved ones. Moreover, we create many crafts such as Sweet table decors Cake toppers custom made gifts, greeting cards for any occasion, wedding flavors, wall arts, photo props, felt toys, felts crib mobile, key chains, custom made jewelry, party decors, baby shower gifts, cake props, wedding cake boxes, cupcake boxes, accessorize, cloth decoration and many more decorative items to add color and glamour to your life. Delivery Island wide.

- Craft & Create � -

ආලෝක නිම්නය | රසික ජයකොඩිප්‍රකාශනය : KBOOKS ඔව් "ආදරය කියන්නේ මුළුමනින්ම ඒ අඳුරටවත් ආලෝකයටවත් නෙවෙයි; ඒ දෙකම මැද තියෙන අ...
11/10/2026

ආලෝක නිම්නය | රසික ජයකොඩි
ප්‍රකාශනය : KBOOKS

ඔව් "ආදරය කියන්නේ මුළුමනින්ම ඒ අඳුරටවත් ආලෝකයටවත් නෙවෙයි; ඒ දෙකම මැද තියෙන අවකාශයට."

ආලෝක නිම්නය මගේ අතට ඇවිත් මාස කීපයක් වුණත්, කීපවතාවක්ම කියවන්නට සූදානම් වුනත් මට මේ ආලෝක නිම්නයට පිවිසෙන්න හිත හදාගන්න ටික කාලයක් ගියා... ඒ පොතේ පිටකවරයේ යට "the sequel to the bestselling novel "A Gypsy Heart" කියලා තිබ්බ නිසා.

"A Gypsy Heart" මගේ කතාව නෙමෙයි, හැබැයි ඒ කතාව කියවලා ඉවර වුණ තැන ඇතිවුණ void, එක ඒක මට හුරුපුරුදුයි.. ළඟයි.
ඒ void එකට ආලෝක නිම්නය කියවීමෙන් එන්න නියමිත අලුත් බව, හෝ රසික කියන ලෙසට 'ආලෝකයට ඉඩ දෙන්න' හිත හදාගන්න ටික කාලයක් ඕනී වුණා. ඒ කාලය අද උදේ පාන්දර 4.30 වගේ උදාවුනා..

දැන් මම පොත කියවලා ඉවරයි.

මේ පාර void එකක් වෙනුවට බලාපොරොත්තුවක් පොත ඉතුරු කරලා.
________________________

මම හිතනවා Healing Fiction කියන දේ කොටස් දෙකකට බෙදෙනවා කියලා;
i. කියවීමෙන් පාඨකයා සුවපත්වන ලිවීම
ii.ලිවීමෙන් ලේඛයා සුවපත් වන ලිවීම

මගේ ඔලුව ඇතුලෙ නම් මේ පොත දෙවන කාණ්ඩයේ පොතක්. මේ කතාව සම්පූර්ණ ප්‍රබන්ධයක්ද නැතිද යන්නත් මේ ලේඛකයාගේ ජිවිත කතාවද නැද්ද යන්න දැන ගැනීමට මට වුවනාවක් නැ... මට නම් මේ පොතේ චරුත මම දන්නම කට්ටියක් වගේ..

මේ දවස්වල මිල්ටන් මල්ලවාරච්චි මහත්මයා ගැන වැඩිපුර කතාවෙනවනේ 'එදා රෑ' චිත්‍රපටිය නිසා.. ඒ කතාබහ අතර විරහව ලස්සනටම ගයන ගායකයා ඔහු ලෙසත්, තවත් තැනක ඔහු තවත් විරහ වේදනා වින්දා නම් තව තවත් ලස්සන ගී බිහිවෙන්න තිබ්බා යැයි කියවෙනවා මට ඇහුණා.
රසික ජයකොඩි ලියපු විරහවත්, සීනි නොතරවපු, ජිවිතේ හිරිමල් තරුණ විය පැනපු mature ගණයේ ලස්සනට ලියවුණූ විරහවක්. සැබෑ ජිවිතේ විය හැකි ගණයේ කතාවක්....හැබැයි මං පුද්ගලිකව කැමති මේ ලියවිල්ල ආලෝක නිම්නයෙන්ම ආලොකමත් වෙලා, නැවතත් අර void එකේ ඇවිදින රසිකව මුණ නොගැසෙනවා නම්.... ඒ වර්ගයේ අවකාශක නිතර සැරිසැරීමත් භයානකයි. පොත් කියවන අපිට පාඩුවක් තමයි... ඒත්....

මේ අවසානය ලස්සනයි..💛 මිනිස්සුන්ට ඔවුන් සොයන සැනසීම ලැබෙන්න ඕනී.

පලි : A Gypsy Heart කියවද්දි මගේ හිතේ background music එක වුනේ චාමර ප්‍රනාන්දුගේ - "නුඹට ඉන්නට තිබුණා මා ලඟ"
මේ පොතට මගෙ හිත මිමිණුවේ නදීක ජයවර්ධනගේ "පෙරවදනක් නැති" ගීතය.

📸 පුස්තකාලාධිපතිනිය නිල වශයෙන් පොත් භාර ගැනීම.2026 සාහිත්‍ය මාසයට සමගාමීව පැවති කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේන් මේ වස...
05/10/2026

📸 පුස්තකාලාධිපතිනිය නිල වශයෙන් පොත් භාර ගැනීම.

2026 සාහිත්‍ය මාසයට සමගාමීව පැවති කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේන් මේ වසර සඳහා දෙවන වරටත් එකතු කරගත් පොත්, ගෘහ-පුස්තකාලාධිපතිනියගේ භාරයට පත්කරන ලදී.

03/10/2026

මව්වත් හදවත් | ඩිල්ශානි චතුරිකා දාබරේ

අද 2026 සැප්තැම්බර් 27 පින්තූරයේ කතාව : මේ ලේඛකයෝම තුන් දෙනෙක්, එතනින් එක් අයෙක් ලේඛක භුමිකාවේ තවත් අනු කොටසක්වු පරිවර්ත...
27/09/2026

අද 2026 සැප්තැම්බර් 27

පින්තූරයේ කතාව : මේ ලේඛකයෝම තුන් දෙනෙක්, එතනින් එක් අයෙක් ලේඛක භුමිකාවේ තවත් අනු කොටසක්වු පරිවර්තක භූමිකාවෙන්, පොත් කියවන පිරිසකට මුණ ගස්සවන්න ප්‍රකාශන ආයතනයක් කරපු ලස්සන් වැඩක්.

KBOOKS ප්‍රකාශන ආයතනය විසින් සංවිධානය කරන ලද Nermin Mollaoğlu විසින් මෙහෙයවන ලද Kanchana Priyakantha විසින් පරිවර්තනය කල කෘතීන් දෙකක් වන සයිඩන් - This City is empty කෘතිය රචනා කල අසර්බයිජානු ලේඛක Rovshan Abdullaoglu සහ නූ පෙරිදේ රචනා කල තුර්කි ජාතික Hakan Akdoğan සමඟ පිලිසඳරක්.

මේ පොත් කියවපු ලාංකික පාඨක පිරිසකට ඒ පොත් හා පොතේ චරිත, පසුබිම හා තවත් අර්ථවත් අදහස් බොහෝමයකට සවන් දෙන්නට ලැබුණු වටිනා පැය දෙකක්.

සාහිත්‍ය මාසයේ, කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයට සමගාමීව සංවිධානය කල මේ ලස්සන වැඩසටහනට මට ආරාධනා කලාට හේශාන් සහ kbooks කාර්ය මණ්ඩලයට තුති ✨️

23/09/2026

පොත් තෑගි ලැබෙනවා තරම් සතුටක් තවත් කොහෙද 😇

මේ ධනුෂ්ක දුෂ්මන්ත බස්නායකගේ
~ පිය
~බකුසුවත
~ස්වyoung
ප්‍රකාශනය : තුලන ප්‍රකාශන

රන් නාරි කුඤ්ජරය | ශ්‍රීකාන්ති කැටවලකුඹුර Srikanthi Ketawalakumbura ප්‍රකාශනය Muses Publishing House - Pvt Ltd  උඩරට කැට...
21/09/2026

රන් නාරි කුඤ්ජරය | ශ්‍රීකාන්ති කැටවලකුඹුර Srikanthi Ketawalakumbura
ප්‍රකාශනය Muses Publishing House - Pvt Ltd

උඩරට කැටයම් හා සිතුවම් කලාව ගැන අවබෝධයක් ඇති අයෙක් නම්, ඔබ නව නාරි කුඤ්ජරය දැක ඇතැයි සිතමි. කාන්තාවන් නව දෙනෙක් ශරීරියන් විවිධ ලෙස නවමින්, හැඩ කරමින් ඇතෙකුගේ රුවක් මතු කරන

නාරි කුඤ්ජරය, සුමට සුකුමළ කාන්තාවන්ගේ ශක්තිය එක් තැන් කොට පෙන්වන නිර්මාණයකි.

"තමා සතු බලය ඇතෙකු දැනගත් විට, ඌ යදම්වල සිර වී නොසිටී."
ගැහැණියක යනු යදම්වල සිර කළ හැකි දුබල කෙනෙකු නොව, තමා තුළ ඇති අභ්‍යන්තර ශක්තිය වැටහුණු විට ඕනෑම බාධකයක් බිඳ දැමිය හැකි බලවේගයක් බව මෙයින් සංකේතවත් කරය

ලෝක සාහිත්‍ය තුල Women's Fiction යන ශානරය පසුගිය දශක කිහිපය තුල පාඨකයන් අතර වඩාත් ජනප්‍රිය වූවකි. ​ශ්‍රී ලංකීය සාහිත්‍යට මෙම ශානරයෙන් මෑත කාලීනව එකතුවු ආකර්ෂණීය ඓතිහාසික නවකතාවක් ලෙස රන් නාරි කුඤ්ජරය මම දකිමි.

පොත පුරාවට ලංකා ඉතිහාසයේ වෙළඳාමේ ප්‍රගතියත්, කලයත් සමඟ වූ සමාජ විප්ලවයත් හරි ලස්සන භාෂාවකින් කතුවරිය අපට ඉදිරිපත් කරනවා.

ලංකාවේ බ්‍රිතාන්‍ය පාලන සමයේ අග භාගයේදී අපට හමුවන හෙලේනා නම් රදළ පවුලක උපත ලද තරුණිය, බිඳ වැටුණු ප්‍රථම ප්‍රේමයක් නිසාවෙන්ම

තම පෙම්වතාගේ හීන තමාගේම කරගෙන, තවත් එක් වංශවත් ගැහුණියක් ලෙස වලව්වකට කොටුව නොඉඳ තමාත්, තමාවටා ඉන්නාවු පිරිසකගේ ජීවිතයේ කරනන්නාවු වෙනස්කම් වටා කතාව ගෙතී තියනවා.

කතාව තුල මුණගැසෙන සාදිරිස්,සෙදෝනා, පොඩි මහත්තයා, පොඩි රාළහාමි ආදී සැම චරිතයක්ම මෙන්ම ආදරය, රාගය, අපේක්ෂා සහ අපේක්ෂා භංගත්වය හා අභ්‍යන්තර මානසික ගැටුම් මෙන්ම සමාජය තුල තිබූ කුල, මුදල් හා ආගම් භේදයන්ද විවිධ ලෙසින් කතුවරිය කතාවට කවලම් කර ඇත්තේ කතා රසය තවත් වැඩි කරමින්.

#සිංහල #නවකතා #පොත්

එය එසේ විය යුතුම පොතක් ✨️ණයානන්දය -සුරත් ද මැල්සුභ පැතුම් 💛 #ස්වර්ණපුස්තක
20/09/2026

එය එසේ විය යුතුම පොතක් ✨️

ණයානන්දය -සුරත් ද මැල්
සුභ පැතුම් 💛

#ස්වර්ණපුස්තක

18/09/2026

අසන්ධිමිත්තා | සමන් වික්‍රමාරච්චි

#අසන්ධිමිත්තා #නවකතා

අසන්ධිමිත්තා | සමන් වික්‍රමාරච්චිමේ නම් එක හුස්මට කියවා අවසන් කළ හැකි සාමාන්‍ය නවකතාවක් නම් නොවේ. යථාර්ථයත් සහ මායාවත් අ...
17/09/2026

අසන්ධිමිත්තා | සමන් වික්‍රමාරච්චි

මේ නම් එක හුස්මට කියවා අවසන් කළ හැකි සාමාන්‍ය නවකතාවක් නම් නොවේ. යථාර්ථයත් සහ මායාවත් අතර එක සමානව ලියවුන මෙය, කියවා අවසන් වූ පසුද දිගින් දිගටම සිතට වද දෙන, මනුෂ්‍ය ස්වභාවයේ, හා මිනිස් සබඳතාවයන්ගේ සංකීර්ණතා කියාපාන කෘතියකි. මනෝවිද්‍යාත්මක සහ සමාජීය නවකතා ගණයට අයත් අසන්ධිමිත්තා, මොළයට හොඳ ව්‍යායාමයක් සපයන පොතක්.

මෙහි එන චරිත හා සිදුවීම් හරහා කතුවරයා සමාජයේ කුහකකම්, මිනිසුන්ගේ මානසික ස්වභාවයන් සහ බාහිර ලෝකය විසින් පුද්ගලයින් දෙස බලන ආකාරය ගැඹුරින් විශ්ලේෂණය කරයි. කියවා අවසානය වන තෙක්ම ඔබ මේ කියවන්නේ කාගේ කතාවද යන්න ඔබටම පැනයක් වන අසන්ධිමිත්තා පොත මනුෂ්‍ය මනසක ගැඹුරු පතුලට එබී බැලීමක සාර්ථක ප්‍රතිඵලයක්.

"මේ කතාව ඇතුළේ ඇත්තයි බොරුවයි කියන දේ අතර සීමා ඉර බොඳවෙලා"
~පි.අ. 151~

මෙම නවකතාව පාදක කරගනිමින් ප්‍රවීණ සිනමාවේදී අශෝක හඳගම විසින් එම නමින්ම චිත්‍රපටයක්ද නිර්මාණය කර ඇත.

ප.ලි. "පිරිමි රොත්තක් එකතු වෙලා රාත්තල් තුන්සීයක් බර මාංශ කන්දක් තොණ්ඩුවකින් එල්ල ගන්න වද වෙන හැටි...." ගැන නම් කියවන්න ඕනී... මේ ඒ පොත නෙමෙයි. 😁

#අසන්ධිමිත්තා #සිංහල

Among the blue dream 💙    🇱🇰
23/02/2024

Among the blue dream 💙

🇱🇰

Address


Opening Hours

Monday 08:00 - 19:00
Tuesday 08:00 - 19:00
Wednesday 08:00 - 19:00
Thursday 08:00 - 19:00
Friday 08:00 - 19:00
Saturday 08:00 - 19:00
Sunday 08:00 - 19:00

Website

Alerts

Be the first to know and let us send you an email when Through my eye by Praz posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Establishment

Send a message to Through my eye by Praz:

Shortcuts

  • Want your establishment to be the top-listed arts & entertainment?

Share