Yasiru Tharanga

Yasiru Tharanga A Magnanimous Gallent 🖤°YASHA

මගේ නරක අහන්න කැමති 😇❤️
08/09/2026

මගේ නරක අහන්න කැමති 😇❤️

සුබම සුබ උදෑසනක්...අද සැප්තැම්බර් 08 වෙනිදා අගහරුවදා දවස.... SL Drama අපි එක්ක රැදී ඉන්න ඔයාට මේම දෙයක් කියන්නම්කෝ... අපේ ජීවීතේ විවිධ වර්ගයේ යාළුවො ඉන්නවානේ...සමහර යාළුවෝ ඉන්නවා...හැමදාම හම්බවෙන්න බැරි වුනත්, කතාකරන්න බැරි වුනත්, අඩූම මැසෙජ් එකකින් හරි අපි ගැන හොයලා බලන අය, අපේ ජීවීතේ සමහර ජයග්‍රහණ වලදී හදවතින්ම සුබපතන අය, එහෙම එක යාළුවෙක් හරි ඔයාගේ ජීවීතේ ඇති...ඒවගේ අයව ඔයාගේ ජීවීතේම තියාගන්න 😊💜️. හැබැයි තව යාළුවෝ ඉන්නවා අපි එක්ක එකටම හිටියට....එයලාට වඩා අපි එක Step එකක් හරි ඉස්සරහට ගියොත්...දරාගන්න බෑ...කුහකකම් කරන්න පටන් ගන්නවා..එයලා එතනින් නවතින්නෙත් නෑ Social media වල f**k acount වලින් ඇවිත් බනිනවා, කියන්න පුළුවන් උපරිමයෙන්ම කියනවා....ඉතිම් ඒ වගේ අය ඔයාගේ life එකේ ඇති...අනිවාර්‍යෙන්ම නේද?. ඉතිම් ඒ වගේ යාළුවෝ ඇත්තටම අපිට ඕන්නෑ...අර ඉස්සෙල්ලා කිව්වා වගේ...නිරන්තරයෙන්ම හොයලා බලන්න බැරි වුනත්, දූරක හිටියත්, ඔයාගේ ජීවීතේට ආදරෙන් සුබපතන යාළුවොන්ව විතරක් ලගින් තියාගන්න...💜️

යසිරු තරංග....එහෙම නැත්තම් ශ්‍රාවක ඔබේ ආදරණීය යශ් එහෙම නේද?. කාලේක ඉදන් ඔබේ දෙසවනට සමීපවන...ශ්‍රාවක ඔබ බෝහෝම ආදරේ කරන ගුවන්විදූලි හඩක හීමිකාරයෙක් වන ඔහූ....මේ කාලයෙත් ජනප්‍රිය ගුවන්විදූලි නාලිකාව සේවය කරන කෙනෙක්...ඉතිම් ඔහූට ආදරෙ කරන ශ්‍රාවක ඔබට පුළුවන් ඔහූ වෙනුවෙන් වචනයක් ලියන් යන්න 💕✨️

☕ හාට් ඇටෑක් එකක් ආපු  #යාළුවට  #කොත්තමල්ලී දීල බලන් ඉන්න මම 😂😂
07/09/2026

☕ හාට් ඇටෑක් එකක් ආපු #යාළුවට #කොත්තමල්ලී දීල බලන් ඉන්න මම 😂😂

03/09/2026

මේ මල් කන්නද ? 🙄

ප්‍රවීණ ගායන ශිල්පිනී විශාරද නන්දා මාලනී දිවිගමනට සමුදෙයිශ්‍රී ලාංකීය සංගීත ක්ෂේත්‍රයට අමිල මෙහෙවරක් ඉටු කළ ප්‍රවීණ ගායන...
20/08/2026

ප්‍රවීණ ගායන ශිල්පිනී විශාරද නන්දා මාලනී දිවිගමනට සමුදෙයි

ශ්‍රී ලාංකීය සංගීත ක්ෂේත්‍රයට අමිල මෙහෙවරක් ඉටු කළ ප්‍රවීණ ගායන ශිල්පිනී නන්දා මාලනී මහත්මිය අභාවප්‍රාප්ත වී තිබේ.

මියයන විට ඇය 82 හැවිරිදි වියේ පසුවූවාය.

නාවල ප්‍රදේශයේ පිහිටි සිය නිවසේදී ඇය අභාවප්‍රාප්ත වූ බව පවුලේ ආරංචි මාර්ග සඳහන් කරයි.

1943 අගෝස්තු 23 වැනිදා අලුත්ගම, ලෙවන්දූව ප්‍රදේශයේදී උපත ලැබූ නන්දා මාලනී මහත්මිය කුඩා කල සිටම සිය ගායන හැකියාවන් ප්‍රදර්ශනය කළාය.

නව යොවුන් වියේදී කොළඹ කොටහේන ප්‍රදේශයට පැමිණි ඇය ශ්‍රී ගුණානන්ද විද්‍යාලයට ඇතුළත් වූ අතර, එහිදී ඇයගේ ගායන කුසලතාව හඳුනාගත් ගුරුවරුන්ගේ මඟපෙන්වීම යටතේ සංගීත ක්ෂේත්‍රයට පිවිසීමට අවස්ථාව හිමිවිය.

කාව්‍ය තරගයකදී ඇයගේ හැකියාව හඳුනාගත් ගුරුවරියක් විසින් නන්දා මාලනී මහත්මිය කරුණාරත්න අබේසේකර මහතා මෙහෙයවූ එවකට ජනප්‍රිය ගුවන්විදුලි වැඩසටහනක් වූ "ළමා මණ්ඩපය" වෙත හඳුන්වා දී තිබේ.

එහිදී ඇය ගායනා කළ "බුදු සාදු" ගීතය අතිශය ජනප්‍රියත්වයට පත්වීමත් සමඟ ඇයගේ සංගීත දිවියට නව මංපෙතක් විවර විය.

පසුව ලංකා ගුවන්විදුලියේ සරත් විමලවීර මහතාගේ මඟපෙන්වීම සහ අනුග්‍රහයද ඇයගේ සංගීත දිවිය ඉදිරියට ගෙන යාමට මහත් පිටුබලයක් විය.

1961 වසරේ නිෂ්පාදනය ආරම්භ කළ ශ්‍රී ලංකාවේ ප්‍රථම වර්ණ චිත්‍රපටය ලෙස සැලකෙන "රන්මුතු දූව" චිත්‍රපටයේ සංගීත අධ්‍යක්ෂණය පණ්ඩිත් ඩබ්ලිව්. ඩී. අමරදේවයන් විසින් සිදුකරන ලදී.

එම චිත්‍රපටයේ නාරද දිසාසේකර මහතා සමඟ යුග ගීයක් ගායනා කිරීමට නන්දා මාලනී මහත්මියට අවස්ථාව හිමිවිය.

ඒ අනුව ඇය සිය පළමු චිත්‍රපට ගීතය ලෙස "ගලන ගඟකි ජීවිතේ" ගීතය ගායනා කළ අතර, එය අතිශය ජනප්‍රියත්වයට පත්විය.

ඉන් අනතුරුව පණ්ඩිත් අමරදේවයන්ගේ "මධුවන්ති" වැනි ජනප්‍රිය සංගීත වැඩසටහන් සඳහාද ඇය සහභාගී වූ අතර, "සන්නාලියනේ" සහ "රන් දහදිය බින්දු බින්දු" ඇතුළු ගීත හරහා සිය ගායන හැකියාව තවදුරටත් ප්‍රකට කළාය.

නන්දා මාලනී මහත්මියගේ සංගීත දිවිය තුළ "පෙරදා මහ රෑ", "පහන් කන්ද", "සත්‍යයේ ගීතය", "පවන ගී එකතුව", "හේමන්තයේදී", "තාරුකා ඇස්", "පාවෙනා", "සින්දු හෝඩිය", "කිඳුරියකගේ විලාපය", "මඳු බඳුන්", "හඳහාමි", "සංඛ පද්ම", "පෙම්බර ලංකා", "ග්‍රැමෆෝන් ගී", "අරලිය ලන්දට", "නිලම්බරේ" සහ "පිරිත් පැන්" ඇතුළු නිර්මාණ රැසක් බිහි විය.

ආදර ගීතවලින් ඔබ්බට ගිය ඇය ආගමික ගීත, ළමා ගීත සහ සමාජීය අර්ථයක් සහිත ගීත රැසක්ද මෙරට රසික ජනතාව වෙත දායාද කළාය.

"දන්නෝ බුදුන්ගේ" වැනි ගීත හරහා ඇයගේ ගායන හැකියාවට සුවිශේෂී පිළිගැනීමක් හිමිවූ අතර, 1990 වසරේ නිර්මාණය කළ "සින්දු හෝඩිය" ගීත ඇල්බමය කුඩා දරුවන්ට සිංහල හෝඩිය හඳුන්වාදීම අරමුණු කරගත් සුවිශේෂී නිර්මාණයක් විය.

දශක ගණනාවක් පුරා ශ්‍රී ලාංකීය සංගීත ක්ෂේත්‍රයේ කළ මෙහෙවර වෙනුවෙන් නන්දා මාලනී මහත්මිය සම්මාන රැසකින් පිදුම් ලබා තිබේ.

හොඳම සහ ජනප්‍රියම ගායන ශිල්පිනිය ලෙස ඇය සරසවිය සම්මාන 12ක් සහ ජනාධිපති සම්මාන 10ක් හිමිකරගෙන ඇත.

"ගලන ගඟකි ජීවිතේ", "මේ සිංහල අපගෙ රටයි", "රංග සැඩොල් කඳුළු", "හඳ හාවුන්", "දෙනෝදහක් නුවන් අතරේ", "අම්මාවරුනේ", "අහසින් පොළවට" සහ "ඉවුරු බිඳුණු ගංතලාවේ" ඇතුළු ගීත වෙනුවෙන්ද ඇය සම්මානයට පාත්‍ර වූවාය.

ශ්‍රී ලංකාවෙන් ඔබ්බටද සිය ගායන හැකියාව රැගෙන ගිය නන්දා මාලනී මහත්මිය සිංගප්පූරුව, මැලේසියාව, පාකිස්තානය, ජර්මනිය, ඉතාලිය, ප්‍රංශය, මැදපෙරදිග සහ මාලදිවයින ඇතුළු රටවල ප්‍රසංග සඳහා සහභාගී වී තිබේ.

1988 දෙසැම්බර් 16 වැනිදා ඇය සිය 250 වැනි ප්‍රසංගය පවත්වා ඇත.

ශ්‍රී ලාංකීය සංගීතයේ අනන්‍ය වූ ගායන ශෛලියකින් රසික හදවත් දිනාගත් නන්දා මාලනී මහත්මියගේ අභාවය මෙරට සංගීත ක්ෂේත්‍රයට මෙන්ම සුවහසක් රසික ජනතාවටද පිරිමැසිය නොහැකි පාඩුවකි.

Veteran singer Nanda Malini passes away at the age of 82 years -

මොකක්ද ඇත්තටම 🫤🫤
18/08/2026

මොකක්ද ඇත්තටම 🫤🫤

මේ Wedding එකෙන් කන පැත්ත කිව්වොත් මම සතුටින්..✋🥹
16/08/2026

මේ Wedding එකෙන් කන පැත්ත කිව්වොත් මම සතුටින්..✋🥹

හොඳවෙලාවට ලැජ්ජාව ගෙදර තියල ගියේ..😌
13/08/2026

හොඳවෙලාවට ලැජ්ජාව ගෙදර තියල ගියේ..😌

එක්කො ඊළඟ අවුරුද්දෙම බලනව 🤧
12/08/2026

එක්කො ඊළඟ අවුරුද්දෙම බලනව 🤧

12/08/2026

1M 🙏🫂❤️

11/08/2026

1M 🙏❤️

Address

Colombo
00100

Alerts

Be the first to know and let us send you an email when Yasiru Tharanga posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share