24/09/2024
ලංකාවට මගෙන් 10ක්,
~~~~~~~~~
යුරෝපේ වගේම ලංකාවෙ ගොඩක් අය දන්න Shone Waik ඇතුලු යුරෝපෙ ඉඳලා / From Europe කන්ඩායමේ අදහසක් අනුව අපි ඉපදුන හැදුන වැඩුන ලංකාව පොහොසත් වගේම ලස්සන රටක් කරන අරමුනෙන් අලුත් වැඩසටහනක් පටන් ගන්නයි යන්නෙ. මේක පිටරටවල් වල ඉන්න අපිට සක්‍රියව දායක වෙන්න පුලුවන් වැඩක්. ඉතින් කැනඩාවෙ ඉන්න ලංකාවෙ ඔයාලව දැනුවත් කරන්න තමා මේ
පෝස්ට් එක දාන්නෙ. වැඩේ ගැන හොදට කියවල බලලා ඔයාගෙ අදහසත් එකතුකරන්න. ඒ අදහස් මේ වැඩේ සාර්ථකත්වයට නිතැතින්ම උපකාරි වනු ඇත. මේ වැඩපිලිවල ඉදිරියට සිදුකරන ආකාරය ගැනත් ඔබව යාවත්කාලීන කරන්න්න අපි බලාපොරොත්තු වෙනවා.
~~~~~~~~
ලංකාවට මගෙන් 10ක්,
මොකක්ද මේ ලංකාවට මගෙන් 10ක් කියන කතාවේ තේරුම. විදෙස් ගතව ජීවත් වන අපි මාසිකව ඩොලර් 10ක් රජයේ බැංකු ගිණුමකට ලබාදීමේ යෝජනාවක්.
ඇයි මේ වගේ දෙයක් පටන් ගන්න හිතුනේ,
🔹 රජයට ඩොලර් අවශ්‍ය වෙලාවක් මේ, විදෙස් ගතව සිටින අපේ යුතුකම ඉටුකරන්න තිබෙන හොඳම අවස්ථාව තමයි මේ, විදෙස් රටක ජීවත් වන අපිට මාසෙට ඩොලර් 10ක් කියන්නේ ඉතාම සුළු මුදලක්. අපිට පුලුවන්නම් අපේ රටේ දෙමවුපියෝ වැඩිහිටියෝ පොඩි දරුවෝ වෙනුවෙන් ඩොලර් 10ක් ලංකාවට දෙන්න, ඒක මාර ශක්තියක් වෙයි රජයට. දැනට රටේ සිටින වැඩිහිටි පරම්පරාව කියන්නේ අපි වෙනුවෙන් වක්‍රාකාරව බදු ගෙවපු අය, ඒ අය වෙනුවෙන් මේ යුතුකම වසරක් යනකම් කරමු කියල ඉල්ලනවා.
🔹 ඇයි අනුර ප්‍රමුඛ මාලිමා රජයක් ආවොත් කරමු කියන්නේ, අනිත් කිසිම පක්ෂයක් ගැන විස්වාසයක් තියන්න බැරි නිසා. මේක අනුර දිනවන්න කරන වැඩක් නෙමේ අනුර සහ ඒ පක්ෂය ලව්වා රට ගොඩ ගන්න හදන වැඩක්. වසර 76ක් මහජනතාව ගැන නොහිතා තමන් ගැන විතරක් තමන්ගේ සුව පහසුව ගැන හිතපු පාලකයන්ට තවත් ඩොලර් දීලා පලක් නැ. ඒ නිසයි අනුර ඇතුළු මාලිමා රජය තෝර ගත්තේ.
🟢 රණවිරුවෝ ජිවිත අත පය දීලා රට බේර ගත්ත වගේ විදෙස් ගත අපි ඩොලර් 10ක් දීල, නිත්‍යානුකුල විදිහට ලංකාවට මුදල් යවල කඩා වැටුන ආර්ථිකය කෙලින් කරමු. අපි හැමෝම එකතු වුනොත් මේක ගොඩ ගන්න බැරි නැ.
🔵 අලුතින් පත්වන රජයට අපි යෝජනා කරනවා, මේක විනිවිදභාවයකින් යුතුව සිදු කරන්න කියල. මාසේ ගානේ ලැබුන මුදල සහ ඒ මුදල් වියදම් කරේ මොනවටද, කොයි කොයි රටෙන්ද මුදල් ලැබුනේ ඒ කොපමණද කියල වාර්තාවක් අපිට අවශ්‍යයි. මේ විදිහට සිද්ද වෙන්නේ නැත්තම් අවුරුද්දක් මේක කරන්න වෙන්නේ නැ. මොකද මිනිස්සු ඉස්සර වගේ මෝඩ නැ.
මේ වෙනකොට විදෙස් රටවල ජීවත් වෙන ශ්‍රී ලාංකික පිරිස මිලියන 4 ට ආසන්නයි, ඒ මිලියන හතරෙන් මිලියන දෙකක් ඩොලර් 10 ගානේ දුන්නොත් මාසෙට ඩොලර් මිලියන 20ක් රජයට ලැබෙනවා.
පාට පක්ෂ බේදයකින් තොරව රටට ආදරේ කරන හැමෝම මේක share කරන්න, විදෙස් ගත ඉන්න අයව අපි එකතු කරගමු.
🔴 මේ සල්ලි කිසිම කණ්ඩායමක් හෝ පුත්ගලයෙක් විසින් එකතු කරන්න යන්නේ නැ, රජය විසින් නිල වශයෙන් ලබාදෙන රජයේ මහා බැංකුවේ ගිණුමකට පමණක් මුදල් ලබා දෙන්න.
Copied from Canada කොල්ලො