Biso - බිසෝ

Biso - බිසෝ I am you

චාම් සරල බව ආභරණයක් කරගත්, පුහු ආටෝපයන්ගෙන් ආඩම්බර නොවූ, සමස්ත යුගයක්ම ගීතයෙන් සනසා ලූ ඒ මධුර ස්වරය සදාකාලිකවම නිහඬ වී ඇ...
21/08/2026

චාම් සරල බව ආභරණයක් කරගත්, පුහු ආටෝපයන්ගෙන් ආඩම්බර නොවූ, සමස්ත යුගයක්ම ගීතයෙන් සනසා ලූ ඒ මධුර ස්වරය සදාකාලිකවම නිහඬ වී ඇත... 🕯️🥀

​නන්දා මාලිනී නාමය තව චිරාත් කාලයක් යුග යුග කියවෙනු ඇත. රූපකාය නොදැක්කත් ඇගේ නාමය අපගේ හදවත් තුළ අමරණීය වනු නියතය.

​"සැඳෑ කළුවර කුර ගගා විත්
ඔබේ පැල්පත මගේ දසුනෙන් ඈත් වූ සඳ
මගෙ සරා සඳ තනිවෙලා මා තනිවෙලා..."
​නැත... මෙසේ ගැයූ ඈ තනි වී නැත! තනිවූයේ අපමය. ඒ මහා යුග පෞරුෂයන් දැන් මෙලොව නැත. ඔවුන් සැම අද ඇය හා එලොව එකම රංගපීඨයක හමු වී හමාරය.

​තරුද නිදන මහ රෑ' ඇය ද දිගු නින්දකට සුදු සාරියෙන් අදත් සැරසී සිටින්නීය.

​අහස සේ ඔබ අනන්තයි...
පොළව සේ ඔබ අනන්තයි...

​ඉතින්, නික්ම යන්නට අවසරයි ඔබට, අපේ යුගයේ ගීත කෝකිලාවියනි! 💔🕊️

නිවන් සුව ලැබේවා! මැතිණියනි. 🙏

©️🖋️බිසෝ🥀

Soft petals, deep roots, and a quiet moment with nature... 💚🍂
07/08/2026

Soft petals, deep roots, and a quiet moment with nature... 💚🍂

😋😋😋
29/07/2026

😋😋😋

26/07/2026
ඊයෙ ඉඳන් හැමෝම කතාවෙන කොළඹ පාසලක සාමාන්‍ය පෙළට මුහුණ දුන් දරුවෙකුට අත්විඳින්නට සිදුවී ඇති දේ ගැන මගේ අදහසත් කියන්න හිතුණ...
22/07/2026

ඊයෙ ඉඳන් හැමෝම කතාවෙන කොළඹ පාසලක සාමාන්‍ය පෙළට මුහුණ දුන් දරුවෙකුට අත්විඳින්නට සිදුවී ඇති දේ ගැන මගේ අදහසත් කියන්න හිතුණා.

මේකෙ පසුබිම් කතාව එක එක අය කියන විදිහට මේ ළමයා තමන්ගේ විභාග ප්‍රවේශ පත්‍රය ගන්න පාසලට රැවුල් කොණ්ඩ වවාගෙන ආවා කියලා විදුහල්පතිනිය විභාග ප්‍රවේශ පත්‍රය නොදුන් නිසා ළමයාට නාට්‍ය හා රංග කලාව විෂයට අදාළ ප්‍රායෝගික පරීකෂණ සඳහා ඉදිරිපත් වීමට නොහැකි වූ බවට මානව හිමිකම් කොමිෂන් සභාවට ළමයා එයාගේ දෙමව්පියන් සමඟ පැමිණිල්ලක් කරලා තියෙනවා කියන එක. එතකොට මේ කතාව වචනයෙන් විස්තර කරන ගමන් ළමයාට අදාළ පාසලෙන් ලබා දීලා තියෙන චරිත සහතිකයක ඡායාරූපයකුත් ෆේස්බුක් එකේ එහෙ මෙහෙ යනවා.

හරි. කතාවට අනුව ළමයාට විභාග ප්‍රවේශ පත්‍රය නොදුන්නා නම් ඒක ලොකු වැරැද්දක්.

හැබැයි හිතලා බැලුවොත්, අපි ගුරුවරු නොවිලත්, සාමාන්‍ය පුරවැසියො විදිහටත් මේක වැරැද්දක් කියලා දන්නවා නම්, ඒ පාසලේ විදුහල්පතිනිය මේ වගේ කාරණයක් ගැන දැනගෙන හිටියෙ නෑ වෙන්න බෑ නේද? එතකොට, එහෙම දන්න කෙනෙක් මෙහෙම හැසිරෙයි කියලා හිතන්නත් ටිකක් අමාරුයි නේද? හැබැයි ඉතින්, දැන දැන වැරදි කරන මිනිස්සු තමයි ලංකාවේ වැඩිපුර ඉන්නෙ. එහෙම බැලුවම මේ වැරැද්ද විදුහල්පතිනිය කළා වෙන්නත් පුළුවන්.

එතකොට තමන්ගෙ විභාග ප්‍රවේශ පත්‍රය ගන්න එන ළමයාට රැවුල් කොණ්ඩ කපලා තමන්ගෙ පාසලට එන්න හිතෙන්නෙ නෑ කියන්නෙ ළමයගෙ විනයෙ බරපතල වැරැද්දක් තියෙනවා කියලා හිතෙන්නේ නැද්ද?

මමත් හරිම මුරණ්ඩු ගති තිබ්බ ළමයෙක්. හැබැයි, ගුරුවරයෙක් දඬුවම් කළා කියලවත්, අම්මා තාත්තා දඬුවම් කළා කියලවත් එකට එක කරන්න ගිහින් නෑ. පාසලේ විනය කඩවෙන කිසි දෙයක් කරලා නෑ. කරන්න හිතලවත් නෑ. කොච්චර මුරණ්ඩු උනත් ඇඟේ discipline කියන එක තිබ්බා. 😌

ඔය කාරණය සම්බන්ධ පෝස්ට් වලට එක එක අය එක එක විදිහෙ කමෙන්ට්ස් දාලා තිබ්බා.

ළමයි කියන්නේ ළමයි කියලා ගොඩක් දෙනෙක් දාලා තියෙනවා දැක්කා. ඒකට මට අහන්න ඕනි ප්‍රශ්නයක් තියෙනවා. මතකද දන්නෙ නෑ කට්ටියට, මේ ලඟදි, ඉන්දියාවේ day care එකක අවු.2ක 3ක පොඩි දරුවෙක් තවත් ඒ වගේම පොඩි දරුවෙක්ට රෝහල් ගත වෙන තරමට ගැහුවා. ඒක දැකපු ගොඩක් අය කියලා තිබ්බා "මගේ දරුවෙක් උනා නම් .... " වගේ එක එක විදිහේ කේන්ති සහගත ප්‍රකාශ කරලා තිබ්බා. දැන් ඒ නොදරුවා මහ මිනිහෙක් වෙලා, අවු. 16ක් වෙච්ච ළමයෙක් අත දරුවෙක් වෙලා තියෙන ඉක්මන. 👽

මට හිතෙන විදිහට ගොඩක් අය ගුරුවරු එක්ක තියෙන ඇරියස් කවර් කරනවා. තමන් පාසලේදී ගුරුවරුන්ගේ අඩන්තේට්ටම්වලට ලක් වුණු ඒවයේ ඇරියස් මේ වගේ වෙලාවල ලේසියෙන් එළියට දානවා. 🤖

මං අසාධාරණයි කියලා හිතෙන දේවල් ප්‍රශ්න කරන කෙනෙක්. එහෙම ප්‍රශ්න කරපු දේවල්වලින් ඒ අවස්ථාවේ නිවැරදි තීරණයක් නොලැබුණත් පස්සේ ඒ දේවල් නිවැරදි විදිහට හැඩ ගැහෙන තැනට ඉබේම පත් උනා. මං එහෙම කරන නිසා මගෙත් එක්ක තරහ උන අය ඉන්නවා. මූණට කතා කළාට හිත යටින් තරහයි. එහෙම කෙනෙක් දවසක් කියනවා එයා මොකක් හරි ප්‍රශ්නයක් උනාම දුබලයගේ පැත්තලු ගන්නේ. ඒ කියන්නෙ ප්‍රබලයගේ පැත්ත හරි උනත්, එයා කැමති නෑ ප්‍රබලයාගෙ පැත්ත ගන්න, ප්‍රබලයා දිනනව බලන්න. ඇයි? ජීවිතේ ඇරියස්. 😒

අවු. 16ක් වෙලත් සංයමයක් නැති ළමයි කියන්නේ. පාසලට ගෞරවයක් නෑ කියන්නේ. දැන් කියාගෙන එන්න එපා කොණ්ඩෙන් රැවුලෙන්ද විනය බලන්නෙ කියලා. ලංකාවේ එහෙම සංස්කෘතියක් සම්ප්‍රදායක් තියෙනවානේ. ඒ නිසා එක ළමයෙකුට විතරක් ඒක වෙනස් කරන්න බෑනේ. එහෙම වෙනස් කරන්න ඕනි නම් මානව හිමිකම් සංවිධාන, අධ්‍යාපන අමාත්‍යාංශය මැදිහත් වෙලා ඒ සංස්කෘතිය සම්ප්‍රදාය වෙනස් කරන්න ඕනි. එතකොට ළමයා රැවුල් කොණ්ඩ නොකපනවද , ටීචර්ස්ලා සාරි අඳින්නේ නැද්ද, දෙමව්පියෝ පාසලට එනකොට සංවර ඇඳුමින් එන්නේ නැත්ද කියලා කවුරුත් හොයන එකක් නෑ. හැමෝම දන්නවනේ එහෙම කිසි දෙයක් හොයන්නෙ නෑ කියලා. 👻

ගොඩක් අය කියලා තිබ්බා ඒ ළමයා කලහකාරියි, විනය හැදිලා නෑ කියන්නේ, ඒ වගේ චරිත සහතිකයක් ලියන්න උනා කියන්නේ, පාසලේ ගුරුවරු, විදුහල්පති fail කියලා. ඒ පාසලේ ඒ වයසේ ළමයි 100ක් හිටියා නම් 99ක් පාසලේ නීති රීතිවලට අනුගත වෙලා හොඳින් හැසිරෙන්නයි එකෙක් වැරදියට හැසිරෙන්නයි මොකක්ද හේතුව? පාසලද වැරදි ඒ එකට. 🙄 අනේ මංදා මේ කියවන මිනිස්සු තම තමන් කියවන්නේ මොනවද කියලවත් දන්නවද කියලා.

‍තව දෙයක්. ළමයෙක් පාසලේ ඉන්නෙ පැය 06 යි. දවසකට පැය 24යි. ඉතුරු පැය 18ම ගෙදර/ සමාජය ඇසුරේ. ඉතින් පාසලේ දී ළමයින්ට පොත පතේ දැනුම දෙන අතරේ discipline ගැනත් කියලා දුන්නට, ළමයි හැසිරෙන විදිහ තීරණය වෙන්නේ ගෙදර අම්මා තාත්තා හැසිරෙන විදිහ බලලා. මොකද ළමයින් දකින්නෙ තමන්ගෙ අම්ම තාත්තා තමයි හරි කියලා.

ඉතින්, අනුන්ට එක් ඇඟිල්ලක් දික් කරන හැමවෙලාවකම තමන්ගේ දිහාට ඇඟිලි හතරක් යොමු වෙනවා කියන එකත් මතක තියාගන්න.

අනික ජාන කියලා දෙයක් තියෙනවා. ඉතින්, හරි මඟපෙන්වීමක් නැති උනොත් ජාන ගති අනුව තමයි හැදෙන්නේ. හරි මඟපෙන්වීමක් ලැබුණටත් මදි, ළමයටත් පොඩි හරි හික්මීමක් හිතේ නැත්නම් ඒ ගුරුහරුකම් පිළිගන්න, ජාන ගති තමයි මුල් වෙන්නේ නොහැදියාවට. ඒකනේ ඉස්සර මිනිස්සු කිව්වේ "කෝවෙ දාලා මැකුවත් හදන්න බෑ..." කියලා. එතකොට "උණ පුරුකේ බලු වලිගේ දැම්මත් නෑ ඇදේ ඇරෙන්නේ... " කියන්නෙත් ඕකම තමයි. 😉🤗

ගොඩක් වෙලාවට (99%) ළමයෙක්ගෙ අනාගතය තීරණය වෙන්නේ පාසලින් නෙවෙයි, තමන්ගෙ ගෙදරින්. ඒක නිසා ළමයින් හදන්නන් වාලේ නොහදා සමාජයේ ජීවත් වෙන පිළිවෙල , පරිසරය පිරිසිදුව තියන හැටි, අන් අයට කරදරයක් නොවෙන විදිහට ජීවත් වෙන හැටි ළමයින්ට කියලා දෙන්න නම් ඉස්සෙල්ලා තමන් ඒවා අනුගමනය කරන්නෙක් වෙන්න. 👌

ඊලඟට, පාසලෙන් දෙන චරිත සහතිකය හැමෝටම දෙන්න ඕනි යහපත් චරිතයක් කියලා නම්, ඕක දෙන එකේ තේරුමක් නැති නිසා, පාසලකින් නික්ම යන සෑම සිසුවෙක්ම සිසුවියක්ම මනා චරිතයකින් හෙබි බවට උපකල්පනය කරන්න කියලා ඔය චරිත සහතිකය ඉල්ලන තැන්වලට පොදු නීතියක් රජයෙන්ම ගෙනාවා නම් ඉවරයි. ඒ කරලා පාසලෙන් Bio data සහතික කරලා දුන්න නම් හරි. කාගෙවත් හිත රිදෙන්නෙ නෑ. 😁

අනේ මන්දා. වැරැද්දකට ද දඬුවම් කරන්නත් බෑ, බනින්නත් බෑ. එතකොට දැන් කොහොමද , කාටවත් අවනත නැති, මං පොර මානසිකත්වයෙන් ඉන්න ළමයින්ව හදන්නේ? 🤔

ඔයාලගේ අදහසුත් කියන්න බලන්න.

🖋️බිසෝ🥀

18/07/2026

අපෝ, මේ Mobitel 1598/- නම් ලොකු බොරුවක්... ගිය මාසෙ 25 active කරපු package එකේ anytime data දැන් ඉවරයි. කරපු අටමගලෙකුත් නෑ. Facebook විතරයි වැඩිපුර පාවිච්චි කරන්නෙත්. 💔 😑

12/07/2026

Banana Red

Address

Kollupitiya
Colombo

Website

Alerts

Be the first to know and let us send you an email when Biso - බිසෝ posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category