HA HANCHIi

HA HANCHIi art

05/11/2022

මගේ ප්‍රථම කෙටි කතාව 2012-2017 වෙනකල්ම ලිව්වා.. රටේ විශිෂ්ට පිරිසකගේ ගුරු හරුකම් අවවාද ඔස්සේ කාලයක් ගියා වැඩේ ඉවර කරන්න... කියවලම බලන්න..👇

# පෝරකයෙන් එහා
( කෙටි කතාවකි )

" චුරු චුරු චුරු චුරු" දිය බුබුළු පොළවට පතිතවත්ම පුපුරා යයි. වෙනදා මෙන් නොව අද වැසි සහිත දිනයක් නිසාවෙන් ගතට දැනෙන වෙහෙස නොමැති තරම්‍ ය. නමුදු සිතෙහි ඇති
වෙහෙස නිවෙන්නක් නොවේ.

"ඕයි, තමුසෙට විතරක් වෙනම නීතියක්ද? හිටගෙන ඉන්නැතිව පෝළිමේ එනවා
කෑම ගන්න"

කල්පනා සාගරයෙහි කිමිද ඉද පියවි සිහිය ලැබු මම කෑම ගැන්මට පෝළිමට එකතු වුනෙමි. වැහි පීලි වලින් පෙරීගෙන එන දිය රටාව දුටු කල්හි පෙර දිනක මව කිරි තේක නිවා දෙන අයුරු සිහිවෙයි.

"අනේ අම්මපා! ගුණේ, උඹ හැබෑටම කවදාද බං වේලාවට අවදිවෙන්න ඉගෙන ගන්නේ"

මවගේ කෑ ගැසීමත් සමග නින්දෙන් අවදි වූ මා කුස්සියට දිව ගියේ උගුරට දෙකට කිරි තේක පානය ගැනීමේ අදහසින් ය.
"ආහ්, උඹ ආවද? මේක මගේම කරුමේ, උඹෙන් මට නිදහසක් නැති හැටි ,අනේ අම්මපා මමත් වැදුවනේ උඹ වගේ එකෙක්"
රටාවට තේක නිවන අම්මා දෙස බලා සිටි මම තේකද අතැතිව ඉවතට ගියෙමි. මා යන දෙස ඇය බලා සිටින අයුරු දුටුවද? ඇයගේ මුහුණේ වූ හැගීම මට තේරුම් ගත හැකි දෙයක් නොවීය. ඒ සදහා මා වෙර දැරුවේද නැත.

"අඩෝ, විල්බා , මේ උඹේ අම්මා අපේ දිහා ඇවිල්ලා අක්කට සද්දයක් දාලා ගිහින්, උඹ අපේ දිහා එනවට"

ඒ රංජාගේ හඩය. "විල්බා" මිතුරන් අතරේ මම විල්බා වෙමි. තරුන වයසට පා තබත්ම ගමේ හැඩකාර එකියක් වු රම්‍යාට විහිළු තහළු කිරීම මගේ පුරුද්ද විය. දිනක් දිය නෑමට යන දිනෙක මගදී ඇයව බලාත්කාරයෙන් ඔසවා, විල්බැරෝවක දමා වැවට තල්ලු කළ හෙයින් එදා පටන් මිතුරන් අතර විල්බා මමය.

ඒත් උප්පැන්නේ නම සදුන්‍ ය.
"තමුසෙගේ අම්මාට, තමුසෙව උපන් දවසේ සදුන් කෑල්ලක් අතේ තියාගෙන උපන් මහෝෂ්ධයාණන් වගේලු නොවැ පෙනුනේ, එකයි ඕන්, තමුසෙට සදුන් කියලා නම දලා තියෙන්නේ, අනේ මගේ කට, පව් ඒ ගෑනි"

වරක් ග්‍රාම සේවක මහතා මා දෙස බලා කොක්හඩලා සිනාසී පැවසීය. නමුදු අම්මා මා අමතන්නේ "ගුණේ " යන නමින්ය. උපන්ගෙයිම අවජාතකයෙක් වූ මා පියාගේ නමක් ගමක් මවගෙන් හෝ අසා දැනගත් දිනයක් මට නිච්චි නැත. කුඩා කල දෙයියෝ දුන්න ළමයා යැයි ගමේ එකාලා ආඩපාලි කියු හැටි නම් අද මෙන් මතකය.

"හරි හිටපං, මම අද ගොහින් හොදවයින් දෙකක් කියන්නම්කෝ උන්දැට "
මා රංජාගේ සිත තැලේ යැයි බිය වූ හෙයින් ඔහු දෙස බලා පැවසීය.

"ආහ්, ඒකට කාරි නැහැ, සෙනෙහලතා නැන්දට මුකුත් කියන්ට ඕනා නැහැ,
අනිත් එක බං, උඹ කාලා ඇදලා ඉන්නේ ඒ ගෑනිගේ කෙරුවාව නිසා නෙව, විජේ මා දෙස බලා කියත්ම මම රවා බැලුවෙමි.
"සෙනෙහෙලතා" නම් වූ ඇය මගේ අම්මාය. ඈ ගැන මගේ හදවතේ ඇල්මක් සෙනෙහසක් නොතිබුණාම නොවේ. නමුදු මා ඇයට ප්‍රිය කලේ නැත. ඇය ජීවත්වන්නට බොහෝ කැප කිරීම් කල වගනම් මම සහසුද්දෙන් දැන උන්නෙමි. ඇය තම සිරුර විකුණන් කන්නියක් බව ගමේ බොහෝ දෙනෙකුගේ මතයයි. ඇය එවැන්නක් නොකළ බව දන්නා එකම එකා මා විය යුතුය. ඇය එවන්නක් කළත් ඒ මා වෙනුවෙන්ය. මා දන්නා තරමින් ඇයගේ රැකියාව වුයේ බිඩී එතීමයි. එනිසා ගමේ නොයෙක් අය උන්දැව ලගින් ඇසුරු කළහ.

" ඕයි ඇයි, තමුසෙට මදිද?? උඩ බලාන ඉන්නෙ, යනවා යනවා"
කෑම පෝලීමේ සිටියදී මා වෙනත් ලොවකට ගොස් නැවත පැමිණියෙමි. බත් ඩිංගක් වැටුනු බෙළෙක් පිගානද ඇතැතිව මම පසකට වූයෙමි.

"අනේ, අනේ, උඹ කාලත් ඉවරද ,හිටිංකෝ තව ඩිංගක් බෙදාගෙන එන්ට"

දිනක් මව මගේ කුස පිරී නොතිබුණු බව හැගුණු නිසාදෝ තව බත් ඩිංගක් බෙදාගෙන ආවාය. ඒ ඇගේ පංගුව වග මා දැනගත්තේ ඇය තේ කහට එකක් බී නින්දට ගිය පසුවය. එදා ඇය දුන් රස මසවළු තරම් මෙදා කෑම ප්‍රණීත කෑමක් නොවුනද මගේ කුස පිරුණි.

"අංක 116, අන්න තමුසෙව බලන්න අම්මා ඇවිල්ලා,"
"අංක 116" මෙය දැන් මට හුරු පුරුදු නමය. වසරක් පමණ තිස්සේ ඒ නමින් මා අමතයි. සිර ගෙදර අංක 116 මම වෙමි.
"ජිවිතය ලියා නිම කළ පොතැක් වැන්න " යනුවෙන් පාසලේ ගුරුවරයෙක් පැවසු අයුරු මට සිහිවෙයි. එදින කොක් හඩලා සිණා සුනු මා හට අද එහි අරුත පැහැදිලි වෙමින් ජිවිතය ගෙවෙයි.
ජිවීතයේ සුන්දරම අවදිය ළමා කාලය බව එකල ගුරුවරුන් ඉගැන්නුවේ එම ළමා කාලය සුන්දරව විදිය යුතු බව මතක් කිරීමටය.. ඒ කෙසේ වෙතත් මගේ ළමා අවදිය අතිශය දුෂ්කර එකක් විය. එය අමිහිරිය.
අවජාතකයා, නොට්ටිගේ පුතා, දෙයියෝ දුන්නු එකා, ආදිය මට එකළ හුරුපුරුදු වචන වූ අතර කිසිවකු මා සමග කාරුණිකව සිනාසුණු බවක් මට නිච්චි නැත. මා ගමේ එකාලගේ පිළිකුලට හේතු විය. ළමා කාලය මෙන්ම තරුණ අවදියද එතරම් සුන්දර වූ එකක් නොව. එසේ වූවානම් අද මෙවැන්නක් සිදු වීමට ඉඩ නොතැබුණි.

"අංක 116 , තමුසේගේ අම්මා ඇවිත් මිනිහෝ, කී පාරක් කියන්නද? "
ජිවිතය පිළිඹද අතීතාවර්ජනයක යෙදුණු මා වර්තමානයට පිවිසියේ ජේලර් සමරගේ කටහඩින්‍ ය. මම අත ගගා වුන් බෙළෙක් පිගාන පසෙකලා මව බැලීමට යන්නට සැරසුණෙමි.

"අනේ, මගේ පුතේ, මගේ රත්තරන් පුතේ,"
මව මා දුටු විගසම හඩා වැටෙන්නට විය. ඇය තරුණ අවදිය අතහැර දැමු මැදිවිය ඉක්ම වූ ගැහැනියකි. උන්දැ මා වෙනුවෙන් නොවිදිනා දුක් වින්ද දිරිය මාතාවකි. නමුදු මා සෙනෙහසින් උන්දැගෙ හිස අතගෑ දවසක් කිසිදාක තිබුණේ නැත. විසි පස් වසරක් තිස්සේ උන්දැ මා සමග බොහෝ දේ කියවන්නට ඇත. නමුත් සවන් දුන්නා පමණි උන්දැ හා දොඩමලු වූ දවසක් නොතිබුනු තරම්‍ ය.

" උඹේ හැම යාලුවටම ගමේ හැම එකාලා ලගම වැද වැටිලා මම ඉල්ලුවා මගේ කොල්ලව එළියට අරන් දීපල්ලායි කියලා, උන් ඇහුවේ නැහැ මාව එලවලා දැම්මා ,උඹ ඕනාවට වඩා උන්ව විශ්වාස කොළා මයේ පුතේ, දැන් උඹෙන් උන්ට පලක් නැතිලු"

ඇය හඩා වැලපුනාය. ඇය අද මා ඉදිරියේ ඉදගෙන සිටියි .ඇයගේ මුහුණ දෙස කෙලින් බලා සිටින ප්‍රථම දිනය අදය. කවදත් රත් පැහැයට උරුමකම් කියන ඇය දෙස එකළ ඕනෑම අයෙක් දෙවරක් හැරී බලන්නට ඇත. ඇයගේ මුහුණ කදුලින් තෙත්ව පෙගී ඇත. ඇයගේ මුහුණ අව්වට ගිනියම්ව දැවී තිබෙන්නාක් මෙනි. එතරම්ම ඇය මා වෙනුවෙන් හැඩීමෙන් විඩාවට පත්ව සිටියාය. මා මේ බලා සිටින්නේ උතුම් දිරිය කාන්තාවක් දෙස නොවේද?
මාගේ කුස පිරවීම සදහා හිස්බඩින්ම ඇය නින්දට ගියාය. මාගේ කුස පිරවීම උදෙසා ඇය අපහාස පවා සිතින් දරාගෙන දිවියම කැප කළාය. දුක් කන්ද කොයිතරම්ද? නොදැනුවත්වම දෑසෙහි කදුලු බිදුවක් මැවුණි, ඇය දකීදෝ බිය වූ මම තව දුරටත් ඇය දෙස බලා සිටීමට නොහැකි නිසාවෙන් ඉවත බලා ගතිමි.

"මචං විල්බා, රම්‍යා ගැන මොකද උඹ කියන්නේ, සිදේවි එකි නේද? අනිත් එක බලහං එකීගේ හැඩ ආසාවේ බැහැ " දවසක් රංජෙත්, විජෙත් හොද හැටි සප්පායම් වී සිටී අවස්තාවක පැවසූ අතර මම පුදුමයෙන් ඔවුන් දෙස බැලුවෙමි. රම්‍යා හැඩකාරියක් වුවද ඇයට විහිළු තහළු කලද ඇය ගැන වැරදී හැගීමක් මා තුළ නොවීය. රංජෙත් විජෙත් අතැර මම නිවෙස බලා ගියෙමි.

" අනේ අනේ , උඹ ගෙදර එන වෙලාවක්, කනමදයා වගේ කටගොන්නම් බීගෙන, රෑ දෙගොඩ හරියේ අනේ අම්මපා, මූට සිංහල තේරෙන්නේ නැති හැටියක්"
එදින රාත්‍රී දෙලහා පසූ වී තිබු හෙයින්, මවගේ කියවිල්ල නොඇසුණාක් මෙන් මම ගෙට ගොඩ වී ඇදට වැටුණෙමි..

"මිනීමරුවා, වර යකෝ එළියට , අර රත්තරන් අහිංසක කෙල්ලව මරලා දලා උඹ ඇතුළට වෙලා ඉන්න ලස්සන,
සෙනෙහෙලතා එන්න කියාපන් උඹේ වසවර්ති මාරයට එළියට"
පහුදා උදේ නිවෙස ඉදිරිපිට කලබලයකි. මම නිවසින් එලියට පැමිනියෙමි. මා නිවස වටලාගෙන මහ පිරිසකි. මට කිසිවක් සිතා ගත නොහැකි විය.

"සදුන් ගුණරත්න නම් විත්තිකරුට රම්‍යා සුමුදු කුමාරි නම් රූමත් ස්ත්‍රිය දූෂණය කොට මරා දැමීමේ වරදට මරණිය දණ්ඩනය නියම වන බව ගරු උසාවිය නියෝග කරයි"
අංක 116 වන මා එදින නියම වූ පරිදි සිරගත කෙරුණි. දැනට වසරකුත් ගෙවී අවසන්‍ ය.
රම්‍යා දූෂණය කර මරා දැමු දූෂකයා ලෙස මා හංවඩු ගසයි. රම්‍යා ඇය පිලිබදව ඇල්මක් මා සිත් තුළ නොතිබුනාම නොවේ. නමුත් ඇයව මරා දැමීමට තරම් සහසික වූත් දරුණු වූත් සිතක් මට නොවීය. එබැවින් මා විහිළු තහළු කළ කුළුපග වූ ඇයව මා කෙසේ මරම්ද ?? කාමය පිළිබද තියා ප්‍රේමය පිළිබද හෝ හැගීමක් නොමැති මා කෙසේනම් ඇයව දූෂණය කරන්නද??
එය කෙසෙ වෙතත් ඇයව මරා දැමු බවට නීතිය ඉදිරියේ මා වරදකරු වී හමාරය. එදින ඇසුන් දුටු සාක්ෂිකරුවන් ලෙස ගම් වැසියෝ දෙදෙනෙක්ද සිටියහ. රම්‍යාට නිරතුරු විහිළු තහළු කලහෙයින් මෙය මා විසින්ම කරන ලද්දක් බවට රම්‍යාගේ මව පැමිණිලි කර තිබුණි. කෙසේ වෙතත් මුළු ලෝකයාම මා වැරදිකරුවා ලෙස පිලිගනිද්දීත්,

" මගේ කොල්ලා, නිර්දෝෂයි, දෙයි හාමුදුරුවනේ, ඒ කොල්ලා ඔය වගේ අපරාදයක් කොරන්නේ නැහැ,
බුදු බවම අත් වෙන්ඩ ඕනා බුදු මහත්තයෝ මගේ එකාව බේරලා දෙන්න බුදු මහත්තයෝ.
අනේ මගේ අහිංසක කොල්ලව මේ අපරාදේට අල්ලපු උන්ට හෙන හතම ගහන්ට් ඕනා දෙයියනේ.."

මා නිවරදි බව පිලිගත් එකම කෙනා වූයේ මගේ අම්මාය. උන්දැගේ විලාපය එදින උසාවියේ හතර බිත්ති පුපුරා යන්නට තරම් දෝංකාර දුන්නද?? මා අතට මාංචු වැටුණි.
මම මගේ හර්ද සාක්ෂියෙන් ගත් කළ සැබවින්ම වරදකරුවෙක්මි. විසි පස් වසරක කාලයක් තුළ මා වෙනුවෙන් සිය ජීවිතයම කැපකළ උතුම් අම්මාගේ සෙනෙහස වටහා ගන්නට නොහැකි වූ ඇයව අප්‍රිය කළ මම සැබවින්ම වරදකරුවෙක්මි. වරක් ඇය පැවසු යමක් සිහිවෙයි.
" පුතේ , උඹේ අම්මා මොනා කළත් තුන්වෙනි සිල්පදේ කඩා ගත්‍ත ගැණියක් නෙමෙයි" එය සැබෑවක්‍ ය.
නොකළ වරදකට ලැබූ මරණ දඩුවමට වඩා හර්ද සාක්ෂිය තුළින් මට දෙන ගින්න අති ප්‍රභලය. නොබෝ දිනකින් එල්ලුම් ගහ සදහා මා නියම වනු ඇත.

"හරි වේලාව හරි, අම්මා දැන් ගොහින් වෙන දවසක එන්ට, අංක 116 නැගිටලා එනවා"
මව මදෙස බලා සිටියාය. මම හූනස්නෙන් නැගිට සිරමැදිරිය තුළට ගමන් කළෙමි. රම්‍යාගේ මරණය රහසකි. එම රහස ඇයත් සමගම පොළව තුළ මිහිදන්ව වැළලී යන්නට ඇත.

දින කෙමෙන් ගෙවෙයි. මා අපහසුවෙන් මරණය කරා ළගා වේ. තව පැය කිහිපයකින් මා එල්ලා මැරීමට නියමිතය.
බණ ඇසීමේ අවස්තාව එලැඹුනි, එමෙන්ම රසවත් ආහාරයක් රස විදීමට ලැබුණි, නමුදු එය මවගේ අතින් හදන ආහාර තරම්ම රසවත් නොවීය. එය මාගේ අන්තිම ආහර වේල බව මම හොදින් දනිමි. හාමුදුරුවන් වහන්සේගේ බණ තුලින් මම ජිවීතය හා මරණය අවබෝධ කර ගතිම්.
දිව කට වේලෙයි. එමෙන්ම නාස් කුහරය තුලින් වාතය ගමන් කිරීම නැවතුනාක් මෙන් දැනෙයි. හර්ද වස්තුව ඉතාමත් වේගයෙන් ගැහෙන්නට ගනියි. මා ගත වෙව්ලයි. සිරුර පුරා දහදිය ගලා යයි. මිය යාමට නොහැකි යැයි කෑ ගැසීමට සිතෙයි. කදුලින් නෙත් පිරෙයි. අවසන් වතාවට මා අසලට මව පැමිණ සිටියාය. ඇය හැර මෙලොව මට කිසිවෙක් නොවීය. කදුළු ඇගේ මුහුණ උදුරාගෙනය.
ඇය අසලටම තව තවත් ලංවෙයි. මරණයට වඩා මෙය දරාගත නොහැක.
" මගේ පුතේ.., ලබන ආත්මේකවත් හොද පුතෙක් වෙයන්"
ඇය පිළිබදවූ ආලය තවදුරටත් සගවා සිටීමට නොහැකිවිය. මා දෑසින් කදුලු රූරා වැටෙන්නට විය.නිවේදනය ලද වහාම මා පෝරකය දෙසට හැරුණි.නමුදු නැවත වරක් මව දෙස බැලූ මම ඇය දෙසට ගියෙමි. ඒ ප්‍රථම වතාවට මෙන්ම අවසාන වතාවටද මෙය ඇයට කිව යුතුයැයි හැගුණු නිසාවෙනි.
මම ඇයගේ කම්මුල් මත මාගේ මාංචු සහිත අත් දෙක තබා ඇයගේ මුහුණ පිරිමැදුවෙමි. ඇගේ කම්මුල් ඉතා රස්නෙන් දැවෙයි. මම ඇගේ නළලත සිපගතිමි.
ඇය මගේ පපුවට බරවෙන්නට විය.

"අම්මා" එය මා ඇයට ආදරයෙන් ඇමතු පළමු අවස්තාව විය.
"පුලුවන්නම් ඊළග ආත්මේත් උඹ මගේ අම්මාම වෙ‍යන්"
මහත් සැනසීමක් දැනුණි.. මේ මා ජිවිතයේ ලද සංවේදී මෙන්ම සුන්දරම අවස්තාව විය. එපමණකි.
මම පෝරකයට ගියෙමි.මගේ මුහුණ ආවරණය කලේය.
අසුන්දර ළමා විය, උණුවෙන් නිවාදෙන මාගේ අම්මාගේ කිරි තේකේ මිහිරියාව, මෙන්ම ජිවිතය වෙනස් කළ රම්‍යාගේ රුව හා අවසාන වශයෙන් සිහිපත් වූයේ කදුලින් පිරි මවගේ මුහුණ හා ඇගේ අවසන් අවවාදයයි.
එයවත් මම පිළිපදිමි.
"පුතේ ලබන ආත්මයේවත්
හොද පුතෙක් වෙයන්"
නිමි.
~හන්චී අරෝරා~

05/08/2022

දයාබර නූපාගේ කතාව.....📚 මගේ හඬින්
ගැහැනිය ගැන ගැහැනියක් කියවිය යුතුම කතාවක, දැනුනුම තැන 👇

" ගෑනු හරි දුර්වලයි කියලා පිරිමි කියනවනෙ නූපා සාන්, ඒත් අම්මලා හරි ශක්තිමත්."

අම්මෙකුයි දුවෙකුයි අතර තියෙන්නේ පිටාර ගලන ආදරයක්. මායි මගෙ දුවයි අතර තියෙන්නේ ඒ වගේ පිටාර ගලන ආදරයක්, නූපා සාන් ඔයයි ඔයාගෙ දුවයි දෙන්නත් ඒ වගේ පිටාර ගලන ආදරයකින් බන්ධනය වෙයි. ඒත් ඒ හැම බන්ධනයක් ම තාවකාලිකයි. සංසාරෙකින් සංසාරෙකට අරගෙන යයි තමයි, අමතක කරන්න බැරි වෙයි තමයි, හැමදේටම කාලයක් තියෙනවා. අම්මා කියන්නේ සදහටම ජීවත්වෙන සත්වයෙක් නෙවෙයි. සදහටම ජීවත්වෙයි.- ඒ හිතේ. හිත් පතුලෙ.මකන්න ඕනි උනත් මකන්න බැරි වෙයි. ඕනෙම දරුවෙක්ගෙ හිතේ අම්මට නියමිත ස්තානයක් ඇති. ඒ ස්තානයේ අම්මා කියන මහා ස්ත්‍රියට ඉන්න ඉඩ අරින්න. ඒත් නූපා මතක තියාගන්න අම්මා කියන්නෙ නොමැරෙන කෙනෙක් නෙවෙයි. අපිට අත අරින්න බැරි අම්මව නෙවෙයි. අම්මා කෙනෙක් දෙන ආදරය. තමන්ට කියලා කිසිම දෙයක් වෙන්කරගන්නෙ නැතුව, බදුන පිටින්ම දරුවන්ට පූජා කරන ආදරය. ඒ ආදරය නේද අමතක කරන්න බැරි ?

~සෝරා සාන්~
කන්දක් සේමා- 6 වෙනි පරිච්ඡේදය
සුමිත්‍රා රාහුබද්ධ
📸 කන්දක් සේමා movie FB page
~හන්චී අරෝරා~

20/09/2021

පිරිමින් මෙහෙමයි?? 👶🧒🧑🤵👨🧔👴🖤

17/09/2021

මගේ පලමු ගීත විචාරය..🎶 (සුළග නුඹ වගේ)
ගායනය- කරුණාරත්න දිවුල්ගනේ
සංගීතය- ගුණදාස කපුගේ
පද රචනය- යමුනා මාලනී
💟🍷අහලම බලන්න 👇
https://youtu.be/zbW9wkq_1TE 👈Youtube
https://www.facebook.com/maheearo/ 👈page

14/09/2021

කොරෝනා...😷🙏💟🌸

14/09/2021

දරාගැනීම්... 💟🌸
🌸😊"දරාගැනීම්"කාටත් පොදුයි..
දරාගැනීම් අයිති නිර්ධන පන්තියට විතරක් නෙමෙයි "දරාගැනීම්" ඉස්සරහා මිල ,මුදල්, දේපල ඉඩකඩම්,හරකබාන, නම්බුනාම, මේ සියල්ල යටයි.... සැප දුක දෙකම පිරුනු දෙයක් ජිවිතය කියන්නේ,කාටවත්ම වැඩිපුර සැපත් නැහැ,වැඩිපුර දුකත් නැහැ...
ඒකයි "සැප දුක සමබර වේ" කියලා කියන්නේ...🙏 අසීමිතව දරාගන්න පුලුවන් ශක්තිමත් කෙනෙක් වෙන්න 💪
සිනාවෙන් දරාගන්න කදුලු හා වේදනාවන්....
සිනාවෙන් මූහුණ දෙන්න අසීරු කාලයන් හා පීඩාවන්...
සිනාවන්නන් දකින කිසිවෙකු හිතන්නේ නැහැ ඔවුන් දරාගෙන ඉන්න අසීම්ත වේනාවන් කොතෙක්දැයි කියා...
එබැව්න් ඔබෙ ශක්තිය සිනහවයි.... 😊💟

09/09/2021

ජිවිතය Life is....? 💟🌸

09/09/2021

ජිවිතය Life is ??? 💟🌸

25/08/2021

මේ ගෙවෙන්නාවූ අසීරූ සමය දැනෙන්නා සේ සොභාවදහමත් කම්පා වෙමින්.......🌧️⛈️☔
ජිවීතය එකක් පස්සෙ දුවන එකක්, තරගයක්,
ඒ ජිවීතය දැන් අවිනිශ්චිත වෙලා...
"ප්‍රේම කරන්නන්" හුස්ම ගන්න කරන්නාවු අරගලය දැකලාම හති,
"ගිහින් එන්නම්" කියලා ගෙදරින් රෝහලට ගියපු ඈයෝ ආයේ නොඑන්නම යන්න ගිහින්, කිරිසප්පයන්ට දෙවිවරු වෙච්ච අම්මලා තාත්‍තලා උන්ලව මගින් අතැරලා ‍යන්නම යන්න ගිහින්, ලොව "දරුවන් රකින්න" අම්මලා අප්පච්චිලා විතරක් නෙමෙයි කැපකිරීම් කොරේ, කියන එක වෙනස් කොරන්න, දැන් "අසාධ්‍ය වැඩිහිටි තම දෙමාපියන්" රකින්න උන් ලග තරුණු දූ පුතුන් රෝහල්වල දිවිපරදුවට තියාන සටන් කරමින්, කිසිදාක ගෙයින් මිදුලට බැස්සේ නැති අපි oxygen වෙනුවෙන් පරිසරයට වැද වැටෙමින්, මේ ගෙවෙන්නේ එවන් දුක්කිත අසීරු සමයක්...
Oxygen නම් කන්නද ?? අහපු ලොකූ ඈයොන්ටත් දැන් දැනෙනවද මේ ලොකේ හැමදේටම වඩා ලොකුයි "සොභාදහම"....
යන්තම් වාසනාවකට වගේ අපේ දිවි බේරුනොත් අනාගතේ උන්ට කියමු,👇
මිල මුදල් දේපළ එව්වා කන්නද බොල? "සොභාවදහමක්" නැති තැන,
තත්වය, නබ්බුනාම අහවල් එහෙකටද බොල?
ලගින් වැටිලා පණ දෙන්න අව්‍යාජවම සෙනෙහේ පුදන "පවුලක්" නැති තැන...

හුස්ම සමග පොර බදින සියලු උන් සුරැකේවා!!
💔😥🙏
~ හන්චී අරෝරා ~

18/08/2021

Love ......is 🖤🌹🌸😍

Address

Colombo

Website

Alerts

Be the first to know and let us send you an email when HA HANCHIi posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category