හාවාTalk

හාවාTalk Art & Entertainment sports,entertainment,gossip & promoted brand
(2)

ඔයා ගොඩක් කල් තනියම හිටියම. ඔයාගෙ හිත ගොඩක් කඩා වැටෙනවා. මං අදහස් කලේ, අපිට එකිනෙකාව මොන තරම් ඕනෙද කියලා ඒකෙන් තේරුම් කර...
08/05/2026

ඔයා ගොඩක් කල් තනියම හිටියම. ඔයාගෙ හිත ගොඩක් කඩා වැටෙනවා. මං අදහස් කලේ, අපිට එකිනෙකාව මොන තරම් ඕනෙද කියලා ඒකෙන් තේරුම් කරලා දෙනවා...❤️

Swapped (2026) 🎥

සත්‍ය නම්, මෙය ශ්‍රී ලංකාවේ පෞද්ගලික ආයතනයක් විසින් සිදු කරන ලද විශාලතම සමුද්‍ර විනාශය විය හැකිය...💔____________________...
07/05/2026

සත්‍ය නම්, මෙය ශ්‍රී ලංකාවේ පෞද්ගලික ආයතනයක් විසින් සිදු කරන ලද විශාලතම සමුද්‍ර විනාශය විය හැකිය...💔

_____________________________________

හැමෝටම ආයුබෝවන්,

මම ගූගල් අර්ත් හි ශ්‍රී ලංකාවේ නැගෙනහිර වෙරළ තීරයේ ඓතිහාසික චන්ද්‍රිකා ඡායාරූප කිහිපයක් දෙස බලා සිටියදී සැබවින්ම කරදරකාරී දෙයක් දුටුවෙමි.

2011 සහ 2024 අතර, පාසිකුඩා හි නිශ්චිත තරු 5 හෝටලයක් ඔවුන්ගේ දේපළ ඉදිරිපිට කොරල් පරයේ දැවැන්ත කොටසක් ඉවත් කර ඇති බව පෙන්වන පැහැදිලි කාලරාමුවක් තිබේ - එය අමුත්තන් සඳහා "පැහැදිලි" පිහිනුම් ප්‍රදේශයක් නිර්මාණය කිරීමට ඉඩ ඇත.

ප්‍රගතිය පෙන්වන තිරපිටපත් මම අමුණා ඇත:

2011 ජුනි: ස්වාභාවික ගල්පර ව්‍යුහය පැහැදිලිව දැකගත හැකිය.

2011 සැප්තැම්බර්: එළිපෙහෙළි කිරීමේ/කැළඹීමේ මූලික සලකුණු.

2013 ඔක්තෝබර් සහ 2024 අප්‍රේල්: ගල්පරය තිබූ දැවැන්ත සෘජුකෝණාස්‍රාකාර "සිදුරක්".

මෙය කුඩා පැල්ලමක් පමණක් නොවේ; එය ආරක්ෂිත සමුද්‍ර පරිසර පද්ධතියක කාර්මික පරිමාණ කැණීමක් මෙන් පෙනේ. කෙටි කාලීන සුඛෝපභෝගීත්වය සඳහා අපගේ ස්වභාවික සම්පත් විනාශ වන ආකාරය දැකීම කලකිරීමට කරුණකි. මේ සඳහා වැඩි අවධානයක් යොමු කරන්නේ කෙසේද යන්න පිළිබඳ ඕනෑම උපදෙසක් අගය කරමු.

උපුටාගැනීම - Jayantha Wijesingha

දෙරණ tv එකේ "කොළඹ කට්ටිය" කියලා අලුත් ටෙලිනාට්‍යයක් පටන් අරන් බලන්න ගත්තා. ටෙලිනාට්‍යයක් කරන්න ගමකට ආපු කොළඹ ටෙලිනාට්‍ය ...
07/05/2026

දෙරණ tv එකේ "කොළඹ කට්ටිය" කියලා අලුත් ටෙලිනාට්‍යයක් පටන් අරන් බලන්න ගත්තා. ටෙලිනාට්‍යයක් කරන්න ගමකට ආපු කොළඹ ටෙලිනාට්‍ය කණ්ඩායමක් ගැන තමයි කතාව තියෙන්නේ. ඉතින් මේකෙ එපිසෝඩ් 1ක් 2ක් බලනකොටම ඔළුවට ආවා 2005දි වගේ ටෙලිකාස්ට් වුණ "පිංකඳ සිමෝනා" ටෙලිය. ඒකෙත් තිබුනෙ කොළඹ ඉදන් ගමකට නාට්‍යයක් පෙන්නන්න ආපු සෙට් එකක් ඒ ගමේ මිනිස්සු එක්ක සහසම්බන්ධතා ගොඩනැගෙන හැටි ගැන. ඉතින් මේ ටෙලිනාට්‍ය දෙකේ මහලොකු වෙනසක් නෑ. එකක් ටෙලිනාට්‍යයක් කරන්න ගමකට ආපු කට්ටියක් අනික නාට්‍යයක් පෙන්නන්න ගමකට ආපු කට්ටියක්.

දැන් මං මේක කොපියක් කියන්න ආවා නෙවෙයි. කොපි කරත් අපේ කලාකරුවො දැන් එහෙම Copy කියන වචනය භාවිතා කරන්නෙ නෑනේ ඒකට අලුත් වචනයක් තියෙනවා Inspire කියලා. අපි Copy කරේ නෑ අරකෙන් Inspire වෙලා තමයි මේක හැදුවෙ කියලා තමයි කියන්නෙ...🥱

කොහොම වුණත් එකක් විශ්වාසයි "පිංකඳ සිමෝනා" කියන්නෙ ටෙලිනාට්‍ය රසිකයාට ඉතා හොඳ රසවින්දනයක් ලබා දීලා ලස්සනට අවසන් කරපු ටෙලිනාට්‍යයක්. "කොළඹ කට්ටිය" ටෙලියත් එහෙම වුණොත් හොඳයි. හැබැයි දැන් සද්ධාමංගල සහ සිවගුරුනාදන් කියන්නෙ ඉතින් ඉස්සර වගේ ලස්සනට පටන් අරන් ලස්සනට ටෙලිනාට්‍යය ඉවරකරන සුසංයෝගයක් නෙවෙයි කියලා ලේබල් වෙලා ඉවරයි. ඒ නිසා ලස්සන අවසානයක් ගැන ලොකු විශ්වාසයක් නෑ...💔

සටහන - හර්ෂණ චතුරංග සිල්වා ✍️

#කොළඹ_කට්ටිය

මීට කාලේකට කලින් ධම්මාලෝක හාමුදුරුවෝ වැඩියා අපේ ගෙවල් ලඟ පංසලේ බණකට. එදා පංසල පිරෙන්න සෙනඟ. ඒ කාලේ ඉතින් ධම්මාලෝක හාමුදු...
28/04/2026

මීට කාලේකට කලින් ධම්මාලෝක හාමුදුරුවෝ වැඩියා අපේ ගෙවල් ලඟ පංසලේ බණකට. එදා පංසල පිරෙන්න සෙනඟ. ඒ කාලේ ඉතින් ධම්මාලෝක හාමුදුරුවන්ගෙ පීක්ම ටයිම් එක. හරියට පහුගිය ටිකේ කත්නෝරුවෙ හාමුදුරුවෝ වගේ, අද කාලේ සාම පාද යාතාවේ යන හාමුදුරුවරු සහ ආලෝකා වගේ. මට මතකයි එදා ධම්මාලෝක හාමුදුරුවෝ ආපු වාහනේ ටයර් පවා අතගගා අපේ උපාසක උපාසිකාවෝ වැන්ඳා...😑

උදාහරණය ඉවරයි පහළ කොටස කැමති අය කියවා තේරුම් ගනිත්වා 🙏

බෞද්ධ දර්ශනයේ ඥානය උපදින මාර්ග තුනක් සඳහන් වෙනවා “තුන් ආකාර ප්‍රඥාව” කියන්නෙ ඒකට.

1. සූතමය ප්‍රඥාව
ධර්ම දේශනා අහලා, පොත්පත් කියවලා, ගුරුවරුන්ගෙන් ඉගෙනගෙන ලැබෙන ප්‍රඥාව.

2. චින්තාමය ප්‍රඥාව
අහපු දේවල් ගැන තමන්ම සිතා බලා හේතු සහ ප්‍රතිඵල තේරුම්ගෙන ලැබෙන ප්‍රඥාව.

3. භාවනාමය ප්‍රඥාව
තමන්ම භාවනා කරලා අත්දැකීමෙන් ලැබෙන උතුම් ප්‍රඥාව.

මං හිතන්නේ නෑ අපේ ශ්‍රද්ධාවෙන් පිරිලා ඉතිරිලා යන උපාසක උපාසිකාවෝ බුදුන්වහන්සේ දේශනා කළ මේ ප්‍රඥාවන් පිළිබඳව දැනුවත් කියලා. අපේ මිනිස්සු දුවන්නේ ප්‍රසිද්ධිය පසුපස මිසක් බුදුන්වහන්සේ කියාදුන් දර්ශනය පසුපස නොවේ, ඒක ස්ථිරයි...💔

සටහන - හර්ෂණ චතුරංග සිල්වා ✍️
(මුල් හිමිකරුගෙ කතෘ අයිතිය සුරකින්න)

24/04/2026

This too shall pass ❤️

24/04/2026

නිශ්ශබ්දතාවය ගොඩක් වැදගත් 💯❤️🙏

අද මල ගෙදරක ගියා. අවුරුදු 27 ක කොල්ලෙක්. කොල්ලා නැති වෙලා තියන්නෙ වහබීලා. දැන් බැලූ බැල්මට හිතන්න පුළුවන් ලව් කේස් එකක් ...
23/04/2026

අද මල ගෙදරක ගියා. අවුරුදු 27 ක කොල්ලෙක්. කොල්ලා නැති වෙලා තියන්නෙ වහබීලා. දැන් බැලූ බැල්මට හිතන්න පුළුවන් ලව් කේස් එකක් කියලා. එහෙමනෙ මේ වයසෙ කොල්ලෙක් කෙල්ලෙක් සියදිවි හානිකර ගත්තම හිතන්න පුරුදු වෙල තියන්නෙ.

මේ එහෙම කතන්දරයක් නෙවෙයි. හතර දෙනෙක් ඉන්න ගෙදර හම්බ කරන්නෙ මෙයා විතරයි. තාත්තා අසනීපෙන්. නංගි උසස් පෙළ කරනවා. අම්මා තමයි ගෙදර වැඩ බලන්නෙ.

නංගි වයසට වඩා ෆැෂනබල්. කඩකෑමට රුසියෙක්. තාත්තගෙ බෙහෙත් වලට වියදම් සහ ගෙදර හැම වියදමක්ම කොල්ලා තමයි දරන්නෙ. කොල්ලා බ්ලොක් ගල් වැඩපලක බ්ලොක් ගල් ගහලා තමයි සල්ලි හම්බ කරන්නෙ. ඒකත් මහලොකු පඩියකට නෙවෙයි.

අම්මගෙ වැඩේ කොල්ලගෙන් සල්ලි ඉල්ලන එක. අරක ගේන්න මේක ගේන්න කියකිය සල්ලි ඉල්ලන එක. පුළුවන් හැම වෙලාවකම සල්ලි දුන්නත් බැරි වෙන වෙලාවට කට කැඩිච්ච කතා කියනවලු. නංගිත් කරන්නෙ ඒවට උල්පන්දම් දෙන එකලු.

අන්තිමට ඩෙනිමක් ගත්ත දවසක්, අන්තිමට කොත්තුවක් කාපු දවසක් කොල්ලට මතක තිබිලා නෑ. කරන හරියක් කරලා තියන්නෙ ගෙදරටමලු. කෙල්ලෙක් එක්ක යාලු වෙන්න ආසාව තිබුණත් ගෙදර ප්‍රශ්න නිසා තනියම ඉන්න තීරණය කරලා.

මේ සිදුවීමට අදාල ආසන්නම සිද්ධිය තමයි, කොල්ලට මේ ළඟදි දවසක උණ හැදිලා. අමාරු වැඩි කමටම දවස් දෙකක් නිවාඩු දාලා. ඒ වෙනකන් පැනඩෝල් පෙත්තක්වත් නොදීපු අම්මා කිව්වලු " ගල් උස්සන්න බැරිනම් පාරෙ හිඟා කාලා හරි සල්ලි කීයක් හරි හොයන් වරෙන් කියලා "

කොල්ලට ඇඬෙන්න ආවත් ඇඬිලා නෑ. ආපිට අම්මට වචනයක් වත් නොකියා කොල්ලා තාත්තාගෙ ඔලුව අතගාලා ගෙදරින් යන්න ගිහින්. ඒ ගියපු කොල්ලා ආපහු ගෙදර එන්නෙ පන පිටින් නෙවෙයි. පීඩනය දරාගන්න බැරිකමට කොල්ලා වහබීලා.

බැලූ බැල්මට මෝඩ වැඩක් කියලා කවුරු කොහොම කිව්වත්, ඕනම මනුස්සයෙක්ට දරාගැනීමේ සීමාව පැන්නම ජීවිතේ මේ තැනට තල්ලු වෙනවා.

ජීවිතය තුළ රැඳෙන්න තරම් එකම එක හේතුවක් වත් නැත්නම් ඒ මනුස්සයට මීට වඩා හොඳ තීරණයක් නැතුව යනවා.

ප්‍රශ්නෙ තමන්ගෙ නොවන තාක් මිනිස්සුන්ට කතා කියන්න පුළුවන්. ඒත් මනුස්සයෙක් විදියට අපි කරන්න ඕන ගෙවෙන හැම තත්පරයකම අනිත් පාර්ශවය ගැන හිතන එක.

මිනිස්සු නොදන්න, තමන් විතරක්ම දන්න, හරිම අසාධාරණ කතා ගොඩක් සමහර හිත් අස්සෙ හැංගිලා තියෙනවා. එහෙම කතන්දර මේ විදියට අවසන් වෙලා යනවා.

අවසානෙට ලියුම කියවපු මට හිතුණෙ උඹට මේක ලියලා ඉවර වෙලා කොහේහරි නොදන්න ඈත ගමකට ගිහින් පාඩුවෙ ජීවත් වෙන්න තිබුණා කියලා. ඒත් ඒ හැමදේකටම කලින් උඹ ඉස්සර වෙලා.. 💔

සටහන - Rajith Lasantha ✍️
(මුල් හිමිකරුගෙ කතෘ අයිතිය සුරකින්න)

23/04/2026

ලෝකල් ශාරුක් 🥺💔

"අප මෙහි පැමිණ සිටින්නේ වෙන කිසිවක් නිසා නොව සාමය උදෙසාම පමණි..."🕊️- පූජ්‍ය පඤ්ඤාකර ස්වාමීන් වහන්සේ -‘ඒහි පස්සිකො’ (Come...
22/04/2026

"අප මෙහි පැමිණ සිටින්නේ වෙන කිසිවක් නිසා නොව සාමය උදෙසාම පමණි..."🕊️

- පූජ්‍ය පඤ්ඤාකර ස්වාමීන් වහන්සේ -

‘ඒහි පස්සිකො’ (Come and See) සාම පාද යාත්‍රාව වැඩසටහන සාර්ථකව, සතුටින් සහ සාමයෙන් නිමා කිරීමට හැකි වේවා 🙏
එහි සහභාගී වන සියළු ස්වාමින්වහන්සේලාටත්, ආලෝකා නම් වූ බව් මල්ලිටත් කිසිදු කරදරයකින් තොරව ආරක්ෂිතව ගමන අවසන් කිරීමට හැකි වේවා. සැමට සාමය, ආදරය සහ එකමුතුකම වර්ධනය වේවා 🐾❤️🙏

Walk for Peace 🕊️
Aloka the Peace Dog 🐾️

සටහන - හර්ෂණ චතුරංග සිල්වා ✍️
(මුල් හිමිකරුගෙ කතෘ අයිතිය සුරකින්න)

ආලෝකා ලංකාවට ආවා  ❤️බලන බලන තැන ආලෝකා, පිරිසකට අලෝකා සාමයේ පනිවිඩය අරන් ඇවිත්තවත්  පිරිසකට ඒක පොඩ්ඩක් ප්‍රෙශර් වැඩිකරන ම...
21/04/2026

ආලෝකා ලංකාවට ආවා ❤️

බලන බලන තැන ආලෝකා, පිරිසකට අලෝකා සාමයේ පනිවිඩය අරන් ඇවිත්
තවත් පිරිසකට ඒක පොඩ්ඩක් ප්‍රෙශර් වැඩිකරන මාතෘකාවක් වෙලා, සමහර බුකියෙ ඉන්න සමාජ විද්‍යාඥයෝ කියනවා මේවා ngo ලු, සමහර චීවරදාරියෝ
ප්‍රෙස් කොන්ෆරස් තියලා ප්‍රකාශ දෙනවා,සත්ව සංවිදාන සහ සමහර
ප්‍රජා කොට්ටාසවලට වීදි සුනඛයන් වෙනුවෙන් කිරිත් එරිලා, කමක් නෑ. ඒවා
සතියෙන් දෙකෙන් ගල්කිරිවෙන්නෙ නැත්තම්

ඉතින් ආලෝක මේ රටේ බහුතරයක් මිනිස්සුන්ගෙ හැටි ඔහොම තමා !!!

මේවා ngo ද වෙන වෙන ගේම්ද කියලා අපි දන්නෙ නෑ, ඒත් ඔයා මේ යන්නෙ
ඔයාගෙ ජීවිතේට ආදරේ දක්වපු ආදරවන්තයා පිටිපස්සෙ, ඉතින් මට හිතෙනවා ඒක තමා සැබෑම ප්‍රේමය සැබෑම ප්‍රේමයේ පනිවිඩය , සමයේ පා ගමන 🍃

ඉතින් ආලෝකා
මේ පා ගමන දුර වෙන තරමට ඔයාගෙ සංසාර ගමන කෙටි වෙන්න
කියලා අපි ප්‍රාර්තනා කරනවා
ඔයාලට සුබ ගමන් ❤️🙏

සටහන - උදේෂ් ආර්‍යන් ✍️
(මුල් හිමිකරුගෙ කතෘ අයිතිය සුරකින්න)

Address

Colombo

Alerts

Be the first to know and let us send you an email when හාවාTalk posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share