Nilushi Art And Crafts

Nilushi Art And Crafts Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Nilushi Art And Crafts, Colombo.
(1)

Artist ,Writer ,Reader🧿
These services are available from me.
🌷canvas art
🌷B'day & Anniversary gifts 🎁
🌷Pencil portrait Drawing 🖌️🎨
🌷Texture wall art and wall painting 🎨🖌️🖌️
🌷flower bouquet 💐.🤗 follow for more🥰

04/06/2026

පූස් උතුමානන් තනි කරලා ගියපු ලොකුම දුර කොහෙද..😁🤍🥰🐈‍⬛🌼

පොඩි කාලේ අපිට ඕනි වුණේමඉක්මනට ලොකු වෙන්න..තටු ආපු කුරුල්ලන් වගේනිදහසේ ඉගිලෙන්න... ඔව් අපි ලොකු වුණා,අපි හිතුවටත් වඩා වේ...
04/06/2026

පොඩි කාලේ අපිට ඕනි වුණේම
ඉක්මනට ලොකු වෙන්න..
තටු ආපු කුරුල්ලන් වගේ
නිදහසේ ඉගිලෙන්න...
ඔව් අපි ලොකු වුණා,
අපි හිතුවටත් වඩා වේගෙන් ...
අපි ඉක්මනින් ලොකු වුණා.
ඒත් අපි ලොකු වුණ දවසක
අපිට ලැබෙයි කියලා අපි හිතපු නිදහස ......
අනේ මන්ද , එහෙම නිදහසක් තියෙනවද?
අපිට දැන්.....
මට නම් හිතෙන්නේ අපි නිදහසේ සතුටින්ම හිටියේ
අම්මා තාත්තා ළඟ ගෙදර හැමෝමත් එක්ක
අපි ඉද්දී ....

✍️ Nilushi Art And Crafts

එමිලියාගේ දින පොත 🌿🌼🌻part 1️⃣කඳු පන්තියට එහා පැත්තෙ නිදාගෙන හිටපු ඉර උදේම හෙමින් හෙමින් රැස් විහිදුවමින් එබිලා බැලුවේ තව...
30/03/2026

එමිලියාගේ දින පොත 🌿🌼🌻
part 1️⃣
කඳු පන්තියට එහා පැත්තෙ නිදාගෙන හිටපු ඉර උදේම හෙමින් හෙමින් රැස් විහිදුවමින් එබිලා බැලුවේ තවත් නැවුම් දවසක් ආරම්භ වුණා කියන පණිවිඩය අරගෙනයි.
නැවුම් හිරු රැස්වල ආශ්වාදයෙන් උදෑසන සිසිල් සුළඟේ තාලයට ප්‍රීතියෙන් ඒ මේ අත වැනෙන පිච්ච, සමන් කැකුළු විතරක් නෙවෙයි අනිත් උදවියත් දවසේ රාජකාරිය සීරුවට පටන් ගන්න අතරේ තාලයට සුළඟ දිගේ හඹාගෙන ගියේ මල් සුවඳින්
මුළුගෙවත්තම සුවඳවත් කරමින්.

මල් සුවඳ නිසාම ගෙවත්තට ආපු සමනල් රංචුවකින් දඟකාර සමනලයෙක්ට උසුළු විසුලු කරන අතරේ කිටී හාමි වුණත් බලන් උන්නෙ එයාගේ හාම් පුතා එයාව හුරතල් කරන්න මිදුලට එන්නේ කොයි වෙලාවෙද කියලා.
මේ දැනෙන සුන්දරත්වය පාසල් නිවාඩු කාලය පුරාවටම නිදහසේ විඳින්න පුළුවන් කියන සතුටත් එක්ක මේ හැමදේම දිහා ආශාවෙන් බලන් හිටපු එමිලියාගේ ඇස් දීප්තිමත්ව බැබළුනේ සතුට වැඩිකමටයි.

ඉතින් කඳුකරයේ ලස්සන ගොවිපළක ආච්චි අම්මත් එක්ක ජීවත්වන පුංචියේ එමිලියාගේ පාසල් නිවාඩුවේ පළවෙනි දවස තමයි අද.

අලුත් පාසල් නිවාඩුව එබිලියා කොහොමද ගත කරේ කියලා බලන්න දිගටම එමිලියාගේ දින පොත කියවන්න අමතක කරන්න එපා..

30/03/2026

එමිලියාගේ දින පොත
part 1

31/01/2026

සීතේ රැයේ හී මා හා වෙලේවී 💗🌹🌿🫶🖇️
:
:
'
:
:
:
:
:

Address

Colombo

Website

Alerts

Be the first to know and let us send you an email when Nilushi Art And Crafts posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share