01/07/2026
ලංකාවේ ප්‍රවාහන ක්ෂේත්‍රයේ ඊළඟ දැවැන්තම විප්ලවය සිද්ධ වෙන්න යන්නේ කටුනායකින්!
ගුවන් තොටුපළයි, Highway එකයි, කෝච්චි පාරයි ඔක්කොම එකම තැනකට සෙට් වෙන "කටුනායක බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානය" (Katunayake Multimodal Transport Hub) ගැන සම්පූර්ණ විස්තරය මෙන්න.
🧐 ඇයි මේක මේ තරම්ම විශේෂ?
දැනට කටුනායක Airport (BIA) එකට යන මගීන්ට පොදු ප්‍රවාහන සේවාවක් (බස් හෝ දුම්රිය) ගන්න නම් ලැගේජ් බෑග් එහෙමත් උස්සගෙන කිලෝමීටර් 1-2ක් විතර ඈතින් තියෙන අවිරිවත්තට හෝ දුම්රිය ස්ථානයට යන්න සිද්ධ වෙනවා.
හැබැයි මේ අලුත් "Mega Hub" එක ආවට පස්සේ ඒ කරදර ඔක්කොම ඉවරයි!
🌟 ප්‍රධාන කේන්ද්‍රස්ථාන 3ක සුපිරි එකතුව!
1️⃣ Air Integration (ගුවන් සේවා සම්බන්ධතාවය) ✈️
අලුතින් ඉදිවෙන Terminal 2 මගී පර්යන්තයට මේ ප්‍රවාහන මධ්‍යස්ථානය කෙලින්ම සම්බන්ධ වෙනවා. ගුවන් මගීන්ට තමන්ගේ ගමන් මලු පහසුවෙන් අරන් යන්න විශේෂ Trolley Lanes පවා මෙතන සැලසුම් කරලා තියෙනවා.
2️⃣ Expressway Link (අධිවේගී මාර්ග ජාලය)
කොළඹ-කටුනායක අධිවේගී මාර්ගය (E03) සහ පිටත වටරවුම් අධිවේගී මාර්ගය හරහා මාකුඹුරු (කොට්ටාව), කඩවත වගේම දක්ෂිණ අධිවේගී මාර්ගයටත්, Central Expressway සෘජු ප්‍රවේශය ලැබෙනවා. ලංකාවේ ඕනෑම කොනක ඉඳන් අධිවේගී මාර්ගයෙන් එන සුඛෝපභෝගී බස් රථවලට කෙලින්ම Airport එක ඇතුළටම යන්න පුළුවන්.
3️⃣ Rail Network (දුම්රිය මාර්ග පද්ධතිය) 🚆
දැනට පවතින පුත්තලම් දුම්රිය මාර්ගය නවීකරණය කරලා කොළඹ කොටුවේ ඉඳන් කටුනායක ගුවන් තොටුපළ පරිශ්‍රයටම සෘජු දුම්රිය සම්බන්ධතාවක් (Airport Rail Link) හෝ ඉතා වේගවත් සම්බන්ධක දුම්රිය සේවාවක් (Feeder Service) ආරම්භ කරන්න සැලසුම් කරලා තියෙනවා.
🚀 අනාගතයේදී ලැබෙන වෙනත් සුපිරි පහසුකම්:
💳 Smart Card System:
එකම ස්මාර්ට් කාඩ් එකකින් කෝච්චියෙයි, බස් එකෙයි දෙකේම යන්න පුළුවන් ක්‍රමවේදයක්.
🚗 Park & Ride Facility:
තමන්ගේ පෞද්ගලික වාහනය මෙතන ආරක්ෂිතව නතර කරලා (Park කරලා), Airport එකට හෝ කොළඹට පොදු ප්‍රවාහනයෙන් යන්න පුළුවන් පහසුව.
📈 දැවැන්ත ඉලක්ක:
2030 වසර වන විට වාර්ෂිකව මගීන් මිලියන 21.5ක් හැසිරවීමට හැකිවන පරිදි තමයි මේ මුළු ව්‍යාපෘතියම ඩිසයින් වෙන්නේ. (venturegensl)