A R T Gallery

A R T Gallery Traditional & Modern Sri Lankan Art

ඔබේ මතකයන්ට අපේ පැන්සලේ ජීවයක්... ✏️✨ඩිජිටල් ෆෝටෝස් අතරේ අතින් ඇඳපු සිතුවමක තියෙන වටිනාකම මිල කරන්න බැහැ. ඔබේ ආදරණීයයන්ප...
30/06/2026

ඔබේ මතකයන්ට අපේ පැන්සලේ ජීවයක්... ✏️✨

ඩිජිටල් ෆෝටෝස් අතරේ අතින් ඇඳපු සිතුවමක තියෙන වටිනාකම මිල කරන්න බැහැ. ඔබේ ආදරණීයයන්පුදුම කරවන්න, ඔවුන්ගේම රූපයක් සිතුවමකට නගා තෑගි කරන්න.

✨අපගේ විශේෂත්වයන්
100% Hand Drawn Pencil Portraits
Premium Quality Frame Included
Safe & Island-wide Delivery Available

📥 වැඩි විස්තර සහ ඇණවුම් සඳහා අදම අප හා සම්බන්ධ වන්න
Call / WhatsApp: 076 072 3083

Facebook / Instagram: Art Gallery

🎨 රූ සිතුවම්කරණය (Figure Drawing) කියන්නේ මොකක්ද?මිනිස් සිරුරේ විවිධ හැඩතල සහ ඉරියව් සිතුවමට නැඟීම, දෘශ්‍ය කලාවේ (Visual...
30/06/2026

🎨 රූ සිතුවම්කරණය (Figure Drawing) කියන්නේ මොකක්ද?

මිනිස් සිරුරේ විවිධ හැඩතල සහ ඉරියව් සිතුවමට නැඟීම, දෘශ්‍ය කලාවේ (Visual Arts) තිබෙන අතිශය සුන්දර මෙන්ම චිරස්ථායී තේමාවන්ගෙන් එකක්. සජීවී මිනිස් නිරූපණයක් බලාගෙන සිතුවම් ඇඳීම "ජීවන ඇඳීම" (Life Drawing)ලෙසත් හැඳින්වෙනවා.
මෙය කලාව ගැන උනන්දු ඔබ අනිවාර්යයෙන්ම දැනගත යුතු අපූරු ක්ෂේත්‍රයක්! 👇

🌀මෙහි ඇති විශේෂත්වය සහ භාවිතයන්:

✅විවිධ ක්ෂේත්‍රයන්ට ඇති දායකත්වය:රූ සිතුවම්කරණය ආලේඛ්‍ය චිත්‍ර (Portraits), කාටුන් සහ හාස්‍යමය පොත්වල රූ සටහන්කරණය, මූර්ති කලාව මෙන්ම වෛද්‍ය රූ සටහන්කරණය (Medical Illustration) වැනි විවිධ ක්ෂේත්‍ර රැසක පැතිර පවතිනවා.

✅භාවිත කරන උපකරණ:සාමාන්‍යයෙන් අභින ඇඳීමක දී (Gesture Drawing) අඟුරු (Charcoal), පැන්සල් හෝ වෙනත් ඇඳීමේ උපකරණ බහුලව භාවිත වන අතර, මෙයට වර්ණක (Colors) භාවිත කළ විට එය "රූ චිත්‍ර කලාව"ලෙස හඳුන්වනවා.

✅පහසුව සහ ප්‍රබලත්වය:මෙය ඉතා පහසු මෙන්ම ප්‍රබල කලා මාධ්‍යයක්. එමෙන්ම රූ සිතුවම්කරණය යනු සමාජයේ ඉතා සංවාදාත්මක විෂයයක් වන අතර, මෙහි නිරත වන කලා ශිල්පීන්ව ඇතැම්විට විවිධ මතවාදී සටන් හෝ ඒ ආශ්‍රිත දෑ වෙත ඈඳා ගැනීමට තරම් මේ කලාව ප්‍රබල බලපෑමක් ඇති කරනවා.

කලාවට ආදරය කරන, සිතුවමක සුන්දරත්වය දකින ඔබ වෙනුවෙන්ම වෙන්වූ අපේ Art Gallery පිටුව සමඟ අදම එකතු වන්න. අලුත්ම සිතුවම්, නිර්මාණ සහ කලාත්මක තොරතුරු දැනගන්න අපව Follow කරන්න! 👁️‍🗨️❤️

#කලාව

වසර සිය ගණනක් ඉතිහාසයට දිවයන, ගම්පොළ යුගයේ විශිෂ්ටතම කලා උරුමය. සිංහල වඩුවාගේ අත්කම් මහිමය ලී කොට මත ජීවමාන වූ අපූරුව දක...
29/06/2026

වසර සිය ගණනක් ඉතිහාසයට දිවයන, ගම්පොළ යුගයේ විශිෂ්ටතම කලා උරුමය. සිංහල වඩුවාගේ අත්කම් මහිමය ලී කොට මත ජීවමාන වූ අපූරුව දකින්න... 🪵✨

ඇම්බැක්ක කැටයම්

පැරණි සිංහල ලී කැටයම් පිළිබඳ මහත් ප්‍රසිද්ධියක් උසුලන ඇම්බැක්කේ දේවාලය පිහිටා තිබෙන්නේ මහනුවර දිස්ත‍්‍රික්කයේ උඩුනුවර මැද පළාතෙහිය. පේරාදෙණියේ සිට ඇඹිල්මීගම දක්වා වැටී ඇති මහා මාර්ගයෙහි දවුලගල නම් මංසංධියකි. එතැන සිට ගංහත දක්වා දිවෙන පාරේ සැතපුම් භාගයක් පමණ ගිය කල හමුවන වෙල්යායක් සහිත ගම්මානයක් මධ්‍යයෙහි මෙම දේවාලය සාදවා ඇත. ඇම්බැක්ක ග්‍රාමයෙහි ස්ථාපිතව ඇති ඇම්බැක්ක දේවාලය මෙම අගනා කැටයම් නිමවා ඇත්තේ එම දේවාලයේ දිග්ගෙය එනම් හේවිසි මණ්ඩපය ලෙස හඳුන්වනු ලබන ගෘහ අවකාශය තුලය. අඩි 53 ක් දිගින් හා අඩි 25 ක් පළලින් යුතු මෙම ගෘහ කොටසේ දැව කණු 32 ක් සමන්විතව ඇති අතර එම දැව කණු කැටයම් ස’දහා භාවිත කර ඇත. ගම්පොල රාජධානි සමයේදී එනම් 14 වන සතවර්ෂය අග භාගයේදී 3 වන වික්‍රමබාහු (ක්‍රි.ව. 1357 සිට 1374 දක්වා රජකළ) රජුගේ අනුග්‍රහයෙන් දෙල්මඩ මූලාචාරී නම් ශිල්පියෙකුගේ ප්‍රධානත්වයෙන් ඇම්බැක්කේ දේවාලය ඉදිකරවා ඇත. මෙම දේවාලය වඩාත් ප්‍රසිද්ධව ඇත්තේ ලී කැටයම් සම්බන්ධයෙනි. ”ලක්දිව ශ්‍රේෂ්ඨතම ලී කැටයම් ඇත්තේ ඇම්බැක්කේ” යන්න උගතුන්ගේ පිළිගැනීමයි. වික්‍රමබාහු රජුගේ මෙහෙසිය වශයෙන් සිටි හෙනකඳ බිසෝ බණ්ඩාර දේවිය මෙම දේවාලයට අදිගෘහිත බව බොහෝ දෙනාගේ විශ්වාසයයි. ඇම්බැක්කේ දේවාලය හා සම්බන්ධ විවිධ පුරාවෘත ඉතිහාසයේ සඳහන් වේ. හෙනකඳ බිසෝ බණ්ඩාර දේවිය සම්බන්ධයෙන් ද අධි මානුෂිය වූ ජනප්‍රවාද රැසක් තිබේ. සුරූපී ඇය වරෙක රජතුමාගේ බිසොව බවටත්, බිසොව නොවී රජු හා සමීප ඇසුරක් පැවති කාන්තාවක ලෙසත් මෙන් ම පසුව කතරගම දෙවිඳුගේ බිසොව බවටත් පත්වූ අයුරු ජනප්‍රවාද වල පවතී. ඇම්බැක්කේ දේවාලය කතරගම දෙවිඳු වෙත මෙන්ම හෙනකඳ බිසෝ බණ්ඩාර දේවිය වෙතට කැපව ඇත. ඒ මෙම කලා නිමවුම් පසුතලයේ වූ භාවාත්මක ලෝකයයි. දෙවොල ගොඩනැගිල්ලක ගෘහ නිමැවුමේ අංග තුළ කලාත්මක අංගයෙන් පරිපූර්ණ විවිධ වූ කැටයම් නිමවුම් පන්සියයකට අධික ප්‍රමානයක් නිරූපණය වේ. එනම් ගෘහය ගොඩනගා ඇති දැව කණු, පේකඩ, බාල්ක, තලාඳ ආදී වූ සමස්ත අංග කැටයම් සඳහා පෘෂ්ඨිය අවකාශය ලෙස ගලපා ගනිමිනි. මෙම දැව කැටයම් සමූහය මෙරට අතිමහත් ඓතිහාසික කලා කෘති අතර තේජමානව පවතී.

📌 මේ වගේ තවත් වටිනා සහ ආකර්ෂණීය දේවල් දිනපතාම දකින්න අපේ පේජ් එක Follow කරලා තියාගන්න අමතක කරන්න එපා! 😉👇

https://www.facebook.com/share/1Bff5FWE1C/?mibextid=wwXIfr



🌻 තමන්ගේ ජීවිත කාලෙදීම එකම එක චිත්‍රයක් විතරක් විකුණාගත් "වැන්ගෝ" ගැන ඔබ නොදත් කරුණු!අද වෙනකොට ලෝකයේ මිල අධිකම සහ වටිනාම...
29/06/2026

🌻 තමන්ගේ ජීවිත කාලෙදීම එකම එක චිත්‍රයක් විතරක් විකුණාගත් "වැන්ගෝ" ගැන ඔබ නොදත් කරුණු!

අද වෙනකොට ලෝකයේ මිල අධිකම සහ වටිනාම චිත්‍ර ලැයිස්තුවේ ඉහළින්ම තියෙන්නේ Vincent van Goghගේ සිතුවම්. හැබැයි ඔහු ජීවත්ව ඉන්න කාලේ අන්ත අසරණව, කිසිම කෙනෙක්ගේ ඇගයීමක් නැතුව ජීවත් වුණු කලාකරුවෙක් කිව්වොත් ඔබ විශ්වාස කරනවාද? ඔහුගේ ජීවිතයේ කණගාටුදායක වගේම අපූරු තොරතුරු කිහිපයක් මෙන්න:

🎨 වසර 10න් බිහිවුණු ආශ්චර්යය:
වැන්ගෝ චිත්‍ර අඳින්න පටන් ගත්තේ ඔහුගේ වයස අවුරුදු 27 දී. ඔහු වයස අවුරුදු 37 දී මියයන තෙක් ගතවුණු ඒ කෙටි අවුරුදු 10 ඇතුළත, සිතුවම් 900ක් ඇතුළුව2,100කට අධික කලා නිර්මාණ ප්‍රමාණයක් බිහි කරලා තියෙනවා.

💰 ජීවිත කාලයටම විකුණුනේ එකම එක චිත්‍රයයි:
ඔහු ජීවත්ව ඉන්න කාලේ විකුණාගන්න ලැබුණේ "The Red Vineyard" කියන එකම එක චිත්‍රය විතරයි. ඒකත් විකුණුනේ ඉතාම සුළු මුදලකට (ෆ්‍රෑන්ක් 400කට). හැබැයි අද ඔහුගේ එක චිත්‍රයක් ඩොලර් මිලියන 100කට වඩා වැඩියෙන් වටිනවා!

🌌 සුප්‍රසිද්ධ 'Starry Night' සිතුවම බිහිවුණු තැන:
ලෝකයේ හැමෝම දන්නා ඔහුගේ නිල් සහ කහ පැහැයෙන් යුතු "The Starry Night"සිතුවම ඔහු ඇන්දේ මානසික රෝගාතුරව සෙවනැලි සායනයක (Asylum) ප්‍රතිකාර ලබමින් ඉන්න අතරතුරයි. ඔහු ඒ අපූරු අහස දැක්කේ තමන් හිටපු කාමරයේ ජනේලයෙන්.

👂 කන කපාගැනීමේ අභිරහස:
වැන්ගෝ තමන්ගේම වම් කන කපාගත්තා කියලා ප්‍රසිද්ධ කතාවක් තියෙනවා. සමහරු කියන්නේ ඔහුගේ සමීපතම මිතුරෙක් වුණු පෝල් ගෝගන් (Paul Gauguin) සමඟ ඇතිවුණු බහින්බස්වීමක් දුරදිග ගොස් වැන්ගෝ විසින්ම කන කපාගත් බවයි.

✍️ මල්ලීට ලියපු ලියුම් 800කට වඩා:
වැන්ගෝට මුළු ජීවිත කාලෙදීම මානසිකව වගේම මූල්‍යමය වශයෙන් උදව් කළේ ඔහුගේ ආදරණීය මල්ලි"තියෝ" (Theo). වැන්ගෝ තමන්ගේ ජීවිතයේ හැම හැඟීමක්ම, චිත්‍රයක් ඇඳපු විදිහම මල්ලීට ලියුම් මාර්ගයෙන් ලිව්වා. ඒ වගේ ලියුම් 800කට වඩා අදටත් සුරක්ෂිතව තියෙනවා.

"I dream of painting and then I paint my dream."- Vincent van Gogh
"මම මුලින්ම සිතුවමක් ගැන හීන දකිනවා, ඊටපස්සේ මම ඒ හීනය සිතුවමට නඟනවා."

🌟 ලෝකය හොල්ලපු මෙවැනි ශ්‍රේෂ්ඨ කලාකරුවන්ගේ තොරතුරු සහ අපේ අලුත්ම Art නිර්මාණ සතිපතා බලන්න අපේ පේජ් එක දැන්ම Follow කරලා තියාගන්න!🎨👇

👉 Follow us for more inspiring art:

https://www.facebook.com/share/1Bff5FWE1C/?mibextid=wwXIfr



゚viralシ

🎨 කලාව උඩුයටිකුරු කළ "පැබ්ලෝ පිකාසෝ" ගැන ඔබ නොදත් අපූරු කරුණු 5ක්!ලෝකයේ බිහිවුණු අසමසම සහ විප්ලවීයම කලාකරුවා කවුද කියලා ...
29/06/2026

🎨 කලාව උඩුයටිකුරු කළ "පැබ්ලෝ පිකාසෝ" ගැන ඔබ නොදත් අපූරු කරුණු 5ක්!

ලෝකයේ බිහිවුණු අසමසම සහ විප්ලවීයම කලාකරුවා කවුද කියලා ඇහුවොත්, කාටත් මතක් වෙන්නේ Pablo Picasso වයි. සාම්ප්‍රදායික චිත්‍ර කලාවෙන් මිදිලා, කලාව අලුත්ම මානයකට අරන් ගිය පිකාසෝගේ ජීවිතයේ හැංගුණු අපූරු කතා කිහිපයක් මෙන්න:

👶 උපතින්ම ලැබුණු දිගම නම:
ඔයා හිතන්නේ ඔහුගේ නම "පැබ්ලෝ පිකාසෝ" විතරයි කියලද? නැහැ, ඔහුගේ සම්පූර්ණ නමට වචන 23ක් අයිති වෙනවා! ඔහුගේ නියම නම වෙන්නේ Pablo Diego José Francisco de Paula Juan Nepomuceno María de los Remedios Cipriano de la Santísima Trinidad Martyr Patricio C***o Ruíz y Picasso

🗣️ මුලින්ම කියපු වචනය:
පිකාසෝ කුඩා කාලයේදී "අම්මා" හෝ "තාත්තා" කීමට පෙර මුලින්ම කියලා තියෙන්නේ "Piz" කියන වචනයයි. ස්පාඤ්ඤ භාෂාවෙන් "Lapis" (පැන්සල) කියන එක කෙටි කරලයි ඔහු ඒක කියලා තියෙන්නේ. ඔහු උපතින්ම කලාකරුවෙක් කියන්න ඒක හොඳම සාක්ෂියක්.

📐 කියුබිස්ම් (Cubism) කලාවේ පියා:
චිත්‍රයක් දෙස එකම කෝණයකින් බලනවා වෙනුවට, ජ්‍යාමිතික හැඩතල (Cubes/Triangles) පාවිච්චි කරලා, එකම චිත්‍රයකින් පැති කිහිපයක් පෙන්වන අලුත්ම කලාවක් ලෝකයට හඳුන්වා දුන්නේ පිකාසෝයි.

🐎 වයස 9දී කරපු පළමු නිර්මාණය:
ඔහු තමන්ගේ පළමු සිතුවම වන"Le Picador"(අශ්වයෙකු පිට යන මිනිසෙක්) අඳින විට ඔහුගේ වයස අවුරුදු 9ක් විතරයි. වයස අවුරුදු 14ක් වෙද්දී ඔහු ප්‍රවීණ ශිල්පියෙක් වගේ සිතුවම් අඳින්න සමත් වුණා.

🏆 ජීවිත කාලයේදී කරපු අතිවිශාල නිර්මාණ ප්‍රමාණය:
පිකාසෝ ඔහුගේ අවුරුදු 91ක ජීවිත කාලය තුළ චිත්‍ර, කැටයම්, සෙරමික් නිර්මාණ ඇතුළුව 50,000කට අධික කලා නිර්මාණ ප්‍රමාණයක් බිහිකර තිබෙනවා!
"Every child is an artist. The problem is how to remain an artist once we grow up." - Pablo Picasso
"හැම ළමයෙක්ම උපතින්ම කලාකරුවෙක්. ප්‍රශ්නය තියෙන්නේ ලොකු මහත් වුණාට පස්සෙත් ඒ කලාකරුවාව ජීවත් කරවන්නේ කොහොමද කියන එකයි."

🌟 මේ වගේ ලෝක ප්‍රසිද්ධ කලාකරුවන්ගේ තොරතුරු, අපූරු රේඛා චිත්‍ර සහ අලුත්ම Art නිර්මාණ හැමදාම බලන්න අපේ පේජ් එක දැන්ම Follow කරලා තියාගන්න!🎨👇

https://www.facebook.com/share/1Bff5FWE1C/?mibextid=wwXIfr



゚viralシ

🖼️ සීගිරි බිතුසිතුවම් ගැන ඔබ නොදත් කලාත්මක රහස් මෙන්න.✅ 5 වන සියවසෙහි අග භාගයේ රජ කළ කාශ්‍යප රජු විසින් නිර්මාණය කරන ලද ...
29/06/2026

🖼️ සීගිරි බිතුසිතුවම් ගැන ඔබ නොදත් කලාත්මක රහස් මෙන්න.

✅ 5 වන සියවසෙහි අග භාගයේ රජ කළ කාශ්‍යප රජු විසින් නිර්මාණය කරන ලද සීගිරිය රසවතුන්ගේ සිත් අමන්දානන්දයට පත් කරමින් ලොව 8වන පුදුමය ලෙස සම්මාන දිනීමට සමත් වී ඇත. සීගිරියේ විශේෂ නටඹුන් අතර වැදගත් ස්ථානයක් සීගිරි බිතු සිතුවම් වලට හිමි වේ. මෙම බිතු සිතුවම් ශ්‍රී ලංකාවේ මෙතෙක් ආරක්‍ෂා වී ඇති ආදිතම චිත්‍ර අතරට එක් වේ.

✅ සීගිරි බිතු සිතුවම්වල දක්නට ඇති විශේෂත්වය නම් මිනිස් ප්‍රමාණයට වඩා තරමක් කුඩා සුකුමාල ලලනාවන්ගේ රූප පමණක් වීමත් ඒවා ඉඟටියෙන් ඉහළ නග්න රූප පමණක් වීමත්ය. මෙම චිත්‍ර ඇඳීමේදී දේශීය අමුද්‍රව්‍ය භාවිතා කොට ඇති අතර වර්ණ සකසා ගැනීමේදී වියළි කලාපයේ බහුලව දක්නට ඇති අමුද්‍රව්‍ය භාවිතා කර තිබේ. එනම්,ගොකටු කිරි, මකුළු මැටි, රණවරා ආදිය වේ. ලලනාරූප පින්තාරු කිරීමේදී ස්වභාව ධර්මයා අනුව දැක්වීමට ශිල්පියා උත්සාහ නොකර ඇති අතර වර්ණ මඟින් අඳුරු ආලෝකය ගෙන රූපවල ත්‍රිමාණත්වය මතු කිරීමට ශිල්පියාගේ තෙලිතුඩ සමත් වී තිබේ. එසේම ලලනාරූප ශරීර හැඩයන්ට අනුකූලව තෙලිතුඩ හසුරුවාලීම නිසා සීගිරි සිතුවම් ඈතට පෙනෙනුයේ වර්ණයෙන් අඹන ලද රූප ලෙසය. සාහිත්‍යයේ කල්පිතයන්ට එකඟව දක්වා ඇති අගින් සිහින් වූ ඇඟිලි,සිහිනිඟ,මස්පිඩු පිරුණු පුළුලුකුල,වට වූ පුන්පියයුරු,දෙතොල් සහ දෙකොන සිහින්ව ගිය දිගු ඇස් සීගිරි සිත්තමින් අලංකාර කර තිබේ.

✅ ලක්දිව ලෞකික චිත්‍ර කලාව පිළිබඳ අධ්‍යනය කිරීමේදී සීගිරි චිත්‍ර ප්‍රධාන වේ.දැනට අපට සීගිරියෙන් හමුවනුයේ චිත්‍ර 22ක් වැනි සුළු ප්‍රමාණයකි.ක්‍රි.ව.8 වන ශතවර්ෂයේ දී ලියවී ඇති සීගිරි කුරුටු ගීයකට අනුව රන්වන් ලියන් 502කගේ චිත්‍ර පිළිබඳව සඳහන් වේ.ප්‍රධාන වශයෙන් සීගිරි චිත්‍ර බටහිර ගල් පර්වතයෙහි ඇඳ තිබෙන අතර ඊට අමතරව දැරණියගල ගුහාව, වතුර බක්කිගල ගුහාව,නයිපෙන ගුහාව(පරුමක ලෙන) යන ස්ථානවලින් ද සිතුවම් හමු වී තිබේ. මිනිස් ප්‍රමාණයට වඩා තරමක් කුඩා ලෙස සුකුමාල ලලනාවන්ගේ උඩුකය රූප සීගිරි ශිල්පීන් ඔවුන්ගේ චිත්‍ර සඳහා වස්තු විෂය කරගෙන ඇති අතර එකී නාරි රූප වළාකුළුවලින් නික්මෙන්නාසේ ඇඳ තිබේ. ඉගටියෙන් ඉහළ නග්නව සිටින රන්වන් ලියන්,තනපටක් බැඳ සිටින නිල්වන් ලියන් කැටුව සිටින අයුරින් දර්ශනය වන ජෝඩු සහ තනි අය වශයෙන් සීගිරි සිතුවම් නිර්මාණය වී ඇත.එමෙන්ම සීගිරි සිතුවම් කලාත්මක සෞන්දර්යය කාර්යයන් උදෙසාම නිර්මාණය වූවකි.

✅ කාන්තා රූප වළාකුළුවලින් මතුවන්නියන් ලෙස උකුලෙන් යටි කොටස වළාකුළුවලට වැසී ඇත.මෙම වළාකුළු රන් පැහැතිය.හිරු බැස යන අවස්ථාවේ රතුපාට වළාකුළුවලින් මතුවන මෙම කාන්තාවන්ගේ පසුබිමේ කිසිවක් නොමැතිව හිස් අහස පමණක් තිබීම විශේෂයකි.මේ චිත්‍ර සහ සන්ධ්‍යාවේ සම්බන්‍ධය ගැන එක් කුරුටු ගීයක ද සඳහන් වේ. හිරු බසින විට හැකිලෙන නෙළුම් හා මහනෙල් මල් එය සන්ධ්‍යාවක් බව සනාථ කරයි. සීගිරි කතුන් අතර නිල්වනුවන් මෙන් ම රන්වනුවන් ද සිටිති.පරණවිතාන මහතා සඳහන් කරන්නේ රන්වනුවන් විජ්ජුලතාවන් ලෙසත්,නිල්වනුවන් මේඝ කුමරියන් ලෙසත්ය. සන්ධ්‍යා භාගයේ දී අප්සරාවන් ඉදිරිපත් කරන රැඟුමන් සීගිරි චිත්‍රවලින් ඉදිරිපත් කෙරේ.ඇතැම් කාන්තාවෝ මල් පුබුදුවති. තවත් සමහරෙක් ඒ මල් වට්ටිවලට එකතු කරති.පුබුදුවන ලද මල් බිමට දමන කාන්තාවෝ ද වෙති.තවත් කාන්තාවන් මල් දෙස බලාසිටී.මෙම රැඟුමට සංගීත භාණ්ඩ උපයෝගී කරගෙන තිබේ. ඒ බව කුරුටු ගී වල සඳහන් වේ.එනම්,වීණාවක් අතින් ගත් තැනැත්තියක් හා චිත්‍ර ලෙනේ දකුණුපස මහලු කාන්තාවක් තාලම්පට වැනි උපකරණයක් වයමින් සිටීමයි.

✅ මල්වල ඇති මෘදු මොළොක්බව,සුන්දරත්වය හා සුවඳ සමඟ කාන්තාවගේ ඇති සම්බන්‍ධතාවයත් සංගීත රාවයට අනුව සිය අත්වලින් මල් පිළිබඳ ව කටයුත්තක් කරමින් රැඟුමක් ඉදිරිපත් කරන බවක් මෙම සීගිරි චිත්‍රවලින් පැහැදිලි වේ.
භාවිතා කර ඇති ශිල්පීය මූලධර්ම

✅සංස්කරණය

චිත්‍ර ශිල්පීය මූලධර්ම හයක් පැරණි යුගයේ භාවිතා විය. එනම්,ප්‍රමාණ,භාව,රූපභේද,ලාවන්‍යයෝජන,වර්ණකාංග හා සදෘශ්‍යකරණ යනුවෙනි.මෙම මූලධර්මයන්ට අනුකූලව සීගිරි චිත්‍ර නිර්මාණය කර ඇත. සීගිරි කතුන්ගේ පුන් පියයුරු, සිහිනිඟ, නිලුපුල් ඇස්, දිගටි මුහුණු, තඹවන් තොල් ආදී අංගයන් වර්ණනා කර ඇති ආකාරය අනුව පෙනීයන්නේ මෙම ළඳුන් නව යෞවනියන් බවයි. සීගිරි චිත්‍ර නිර්මාණයේ දී කාන්තා ශරීරයේ ව්‍යවච්ජේද විද්‍යාත්මක වැදගත්කම ද සැලකිල්ලට ගෙන ඇත. සිරුර නැමෙන විට උදරයේ ඇතිවන රැළි ඉතා පැහැදිලිව දක්වා තිබේ.මෙවැනි රූප මෙම චිත්‍රවල තාත්විකත්වය ආරක්‍ෂා කිරීමට ඉවහල් වී තිබේ.

⭕️ ඉරියව්: දැනට ශේෂව ඇති කාන්තා රූප සියල්ලෙහි ම හිටි ඉරියව් දැක්වේ.

⭕️ ප්‍රමාණ: සීගිරි සිතුවම්වල උඩුකය පමණක් දර්ශනය වන නිසා ඇඳ ඇති ප්‍රමාණ කිව නොහැකි වුව ද අෂ්ටතාල ක්‍රමය අනුගමනය කර තිබේ.

⭕️ භාව: චිත්‍රයකින් හෝ මූර්තියකින් භාව ප්‍රකාශ වනවා නම් එය සජීවීව පෙනේ.සීගිරි චිත්‍ර භාවයන්ගෙන් අනූනය.මේ නිසා සීගිරි කුරුටු ගී ලියූවෝ අප්සරාවන්ගේ භාවයන්ගෙන් කුල්මත් වී තම සිතැඟියාවන් ලියූහ.භාව ප්‍රකාශන අතින් ප්‍රධාන තැන මුහුණට ලැබෙයි.

⭕️ ලාවන්‍යයෝජන: ලාවන්‍යයෝජන යනු,චිත්‍රයකට සුන්දරත්වය එක් කිරීමයි.ශාරීරික සුන්දරත්වය ඔපවත් වනුයේ උචිත ලෙස අඟ පසඟ උචිත වර්ණ යොදා දැක්වීමෙනි. ආලෝකය අවශ්‍ය තැනට ආලෝකය ද අඳුර අවශ්‍ය තැනට අඳුර ද තිබිය යුතුය.සීගිරි චිත්‍රවල ලාවන්‍යයෝජන මැනවින් දැකිය හැකිය.එය කාන්තාවන්ගේ සුන්දරත්වය කැපී පෙනීමට හේතු වී තිබේ.

⭕️ වර්ණකාංග: එනම්,චිත්‍ර ඇඳීමේ දී සායම් මිශ්‍ර තෙලිතුඩ හැසිරවීමේ ක්‍රමයයි.සීගිරි චිත්‍ර ඇඳීමේ දී ගුරුපාට සායමකින් සැකිල්ල ඇඳ ඊට පසු ඒ ඒ තැනට උචිත සායම්වලින් සම්පූර්ණ කර තිබේ.එමෙන් ම නාරිදේහයේ ලාලිත්‍යයට අනුකූලව තෙලිතුඩ ගමන් කරමින් මෙම චිත්‍ර ඇඳ තිබේ.සීගිරි චිත්‍ර වියළි බදාම තලයක් මත නිර්මාණය කිරීම නිසා "ටෙම්පරා"ගණයට අයත් වේ.
ඉතා මෑතක දී පුද්ගලයකුගේ තීන්ත පහරකින් සීගිරි සිතුවම් විනාශ වූ පසු එම චිත්‍ර නැවත ප්‍රකෘති තත්ත්වයට පත්කරන ලද්දේ ඉතාලි ජාතික ආචාර්ය ලුසියානෝ මරන්සි මහතා විසිනි.

✅ සීගිරි චිත්‍ර පිළිබඳ ඉදිරිපත් වී ඇති මත

01.එච්.සී.පී.බෙල් මහතාගේ මතය:
මෙම චිත්‍ර ලෙන්වලින් දැක්වෙන්නේ රන්වන් කාන්තාවන් කාශ්‍යප රජුගේ අන්තඃපුර ස්ත්‍රීන් බවත් නිල්වන් කාන්තාවන් ඔවුන්ගේ සේවිකාවන් බවත් ය.ළඳුන්ගේ අත මල් හා මල් බඳුන් ඇති හෙයින් ඔවුන් සීගිරිය ආසන්නයේ ඇති පිදුරංගල විහාරය වන්දනයට යන බව කියයි. වින්ස්ටන් ස්මිත් මහතා ද මෙම මතය අනුමත කර ඇත.

02.ආනන්ද කුමාරස්වාමිගේ මතය:
සීගිරි චිත්‍රවලින් උඩුකය පමණක් දැක්වෙන හෙයින් මෙන් ම, වළාකුළුවලින් මතු වී එන ස්වරූපයක් නිර්මාණය කොට ඇති බැවින් ඔවුන් සීගිරි අන්තඃපුර කාන්තාවන් නොවන බවත් දිව්‍ය අප්සරාවන් ස්වකීය සේවිකාවන් සමඟ සීගිරි ගල මුදුනට පැමිණ මල්වැසි වැස්සවීම සිදුකරන බවයි.

03.නන්දදේව විජේසේකර මහතාගේ මතය:
"රජුගෙ ඇතවුරෙන් අපි නොයමුයි හඟිමින් ඔවුහු සිටිති."යන කැටපත් පවුරෙහි ඇති කුරුටු ගීයකට අනුව ස්වකීය වල්ලභයා වූ කාශ්‍යප රජුගේ වියෝවෙන් ශෝකයට පත්වන ඔහුගේ අන්තඃපුර කතුන් නිර්මාණය කෙරෙන බවයි.

04.මාර්ටින් වික්‍රමසිංහයන්ගේ මතය:
මෙම චිත්‍රවලින් දැක්වෙන්නේ දිය කෙළියක් බව ඔහු කියයි.

05මහාචාර්ය සෙණරත් පරණවිතාණ මහතාගේ මතය:
රන්වන් කාන්තාවන් තුළින් විජ්ජුලතා හෙවත් විදුලියත්, නිල්වන් කාන්තාවන් තුළින් මේඝලතා හෙවත් වළාකුළුත් නිරූපණය කෙරෙන බව ඔහුගේ මතයයි

06.සිරි ගුනසිංහගේ මතය:
2010 වසරේ පළ කෙරුණු Sigiriya: Kassapa’s Homage to Beauty නමැති කෘතිය තුළ කලා ඉතිහාසඥ සිරි ගුනසිංහ තර්ක කළේ සීගිරිය හුදෙක් සෞන්දර්යය වින්දනය කිරීම සඳහා වූ විවේකස්ථානයක් වශයෙන් කාශ්‍යප රජු විසින් ඉදි කරනු ලැබූ බව යි. ඒ අනුව සීගිරි සිතුවම්වල දැක්වෙන කාන්තාවන් හුදෙක් සුන්දරත්වය අරමුණු කරගෙන සිතුවමට නැඟුණු සාමාන්‍ය ස්ත්‍රී රූප බවත් ඒවායේ වෙනත් සංකේතාත්මක හෝ ආගමික අර්ථයක් නොමැති බවත් ඔහු වැඩිදුරටත් තර්ක කරයි.

🌟 මේ වගේ ලංකාවේ අභිමානවත් සාම්ප්‍රදායික කලා ඉතිහාසය, අපූරු රේඛා චිත්‍ර සහ අලුත්ම Art නිර්මාණ හැමදාම බලන්න අපේ [Art Gallery] පේජ් එක දැන්ම Follow කරලා තියාගන්න! 🎨👇

👉 Follow us for more inspiring art: https://www.facebook.com/share/1BJPhLTGgm/?mibextid=wwXIfr

゚viralシ

Address

Colombo

Website

Alerts

Be the first to know and let us send you an email when A R T Gallery posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category