සල්ලි නතිං - Salli Nothing

සල්ලි නතිං - Salli Nothing සල්ලි නතිං …. මල්ලි ඉතිං…

( උපුටා ගැනීමකි )මට වුන දේ කාටවත් නොවෙන්න ඕන නිසයි මම මේ post එක දාන්නේ. ඔයාලා SLIIT එකට බයික් එකක එනවානම් පරිස්සම් වෙන්...
02/06/2026

( උපුටා ගැනීමකි )

මට වුන දේ කාටවත් නොවෙන්න ඕන නිසයි මම මේ post එක දාන්නේ.

ඔයාලා SLIIT එකට බයික් එකක එනවානම් පරිස්සම් වෙන්න.

මේක වුනේ ගිය සතියේ සිකුරාදා (2026.05.29) හවස 5ට වගේ.

මම quizz එකක් කරන්න කැම්පස් එකට ආවා මම ඔෆිස් එකෙන් short leave එකක් දාලා ආවේ එද්දි ටිකක් පරක්කු වුන නිසා මම මගේ බයික් එක park කරේ පහල photo එකේ තියෙන කඩේ ඉස්සරහින්. (Maktech Mobiles). එවෙලේ කඩේ අයිතිකාරයා කිව්වා “මල්ලි මෙතන දාන්න එපා කියලා” , මම එයාගේ customer කෙනෙක් නිසාත් මම කිව්වා “විනාඩි 20න් මම එනවා මට පොඩ්ඩක් පරක්කු වුනා exam එකට” කියලා. Humanity කියන එක තියෙනවා ඇති කියලා හිතලා මම ආවා ඉක්මනින් කැම්පස් එකට.

කිව්වත් වගේ මම විනාඩි විස්සෙන් quizz එක ඉවර කරලා ආවා. ඒත් color lights ළඟින් මම එද්දි දැක්කා ඒ shop ownerයි තව කීප දෙනෙකුයි මගේ බයික් එක ළඟ බිම ඉඳගෙන ඉන්නවා. ඒ එක්කම මම එද්දි එතනින් නැගිටලා යනවා දැක්කා.

මම බයික් එක ළඟට යද්දි shop owner talk කරන් ආවා. මෙතන බයික් දාන්න දෙන්නේ නෑ කියලා අරකයි මේකයි කියලා. කුඩු කරනවා ආයේ දැම්මොත් කියලා.

ඒත් විනාඩි 20න් එනවා කියලා පැහැදිලිව හේතුව කියලා මම ගියේ. අනික ඉඩ තිබුනේ නෑ වෙසක් එකත් හෙටයි කියලා පාරාවල් පිරිලා නිසා.

ඊටපස්සේ මම කිව්වා ඒ shop ownerට “අයියේ එහෙම කතා කරන්න එපා. මම ඔයාගේ කස්ටමර් කෙනෙක්. ඔහොම වැඩ කරන්න එපා”. මොකද මම උගෙන් ඊට සතියකට විතර කලින් headset එකකුත් අරං ගියා.

ඊටපස්සේ මම කෝකටත් ඇහුවා ඔයාලා බයික් එකට මොනා හරි කරාද? කියලා.

උන් ඊටපස්සේ trigger වෙලා බැනගෙන ආවා. මම ආයෙත් ඇහුවා මොනාහරි කරාද කියලා ? මොකද break wire හරි කපලාද කියලා මට හිතුන නිසා. ඒත් ඌ කෑ ගහගෙන talk කරගෙන ආවා මට.

ප්‍රශ්න ඕනේ නැති නිසා මම බයික් එකත් අරගෙන ආවා.

මට කොහෙමත් වැඩි දුරක් යන්න වුනේ නෑ.

කොතලාවල හරියෙදි මම bike එක under control වෙලා පාරෙන් එහා lane එකට පැනලා ඉස්සරහින් ආව ටිපර් එකක වදින්න ගියා. පෙර පිනකට වගේ බේරුනේ. මම බයික් එක නවත්තලා බලද්දි ඉස්සරහා ටයර් එකේ හුලං නැහැ.

මම හිතුවේ හුලං ඇරලා ඇති කමක් නෑ කියලා ආවා. එතන ඉස්සරහා ටයර් කඩෙන් හුලං ගහගෙන එන්න හැදුවත් සැකේට වගේ පැච් එකක්වත් තියෙනවාද කියලා ටයර් එක ගලවලා බැලුවා.

බලද්දි ටයර් එක හතරපොලකින් හිල් කරලා කපලා දාලා. ඒ ටයර් එක දාලා මාසයක්වත් මම පැදලා තිබුනේ නෑ අළුත්ම ටයර් එකක්.

ටයර් කඩේ එකාටත් පුදුමයි..
මම දැනගත්තා maktech mobiles එකේ එකා තමයි මේක කරේ කියලා.

ටයර් එකේ පැචස් දාන්න බෑ කිව්ව නිසාම මම අළුත් ටයර් එකකුත් දාගෙන පරණ ටයර් එකත් අරගෙන ගියා අරූගේ shop එකටම.
එතන මගේ යාළුවෝ කීප දෙනෙකුත් ඉඳලා මම එනවා දැකලා මගෙන් ප්‍රශ්නේ මොකක්ද අහලා මාත් එක්ක ආවා ඇතුලට කතා කරන්නම.

පොරට මූණටම කිව්වා. මේ වගේ #රි වැඩ කරන්ප එපා. ටයරේ කපලා දාලා මොකක්ද බලාපොරොත්තු වුනේ කියලා.

පොර බයවෙලා වගේ කියනවා ඌ කැපුවේ නෑ. හැබැයි කපපු එකව දන්නවා පාවලා දෙන්නන බෑ කියලා.

ඔහොම පොඩ්ඩක් සද්දෙන් කතාව යද්දි අහල පහල කඩවල් වල උන් ඇවිත් උගේ පැත්තට කතා කරා. මම කට වහං හිටියෙත් නෑ මොකද මට අසාධාරණයක් වුන නිසා.

වටේ කඩවල් වල උන් ආව නිසා මූ එකපාර ෆෝම් වෙලා කෑගහගෙන මට තවත් talk කරගෙන ආවා “ඔව් මම තමයි ටයර් එක කැපුවේ. උඹලා මොනා කරන්නද ?” කියලා කියාගෙන.

ගොබ්බයා වගේ බයවෙලා හිටය ඌ අන්තිමට වටේ power එක අරං කෑගහගෙන ආවේ.

මම කිව්වා පෝයත් හෙටයි කියලා තියාගෙන මේවගේ වැඩ කරන්න එපා මම ඔයාගේ කස්ටමර් කෙනෙක් අනික. මගේ ජීවිතේට මොකක් හරි වුනොත් ඔයාලා වගකියන්නේ නෑනේ? කියලා.

මූ කියනවා ඊටපස්සේ. “ඔයාල කකුල් කඩාගත්තත්, මැරිලා ගියත් මට වැඩක් නෑ මගේ බිස්නස් පාඩුව ගෙවනවද කියලා”

මම කතා කරන්න ගිය නිසා ප්‍රශ්නයක් දාගන්නේ නැතුව ආවා. මොකද උගේ අන්තිම කතාවෙන් තේරුණා ඌගේ කස්ටමර් කෙනෙක් වුනත් ඌට අදාල නෑ කියලා අපිව.

ඉතිං අමාරුවෙන් හම්බකරන කොල්ලන්ගේ බයික් වල ටයර් කපන එක ඌට චූන් එකක් වෙන්න ඇති.

මම වගේම මේ ගෲප් එකේ ඉන්න උනුත් ඌගේ කස්ටමර්ස්ලා වෙන්න ඇති. උඹලටත් මේවගේ දෙයක් වෙලා ඇති හෝ වෙන්න පුළුවන්. ඒ නිසා macktech mobiles shop එකේ එකාගෙන් පරිස්සම් වෙලා bike එක park කරපං මචං…🙏🏽.

ඒවගේ තැනක කස්ටමර් කෙනෙක් වුන එකටත් හරි අවුල්.

බයික් එක park කරලා ගිය මගේ වැරැද්ද මම පිළිගන්න තරම් මම humble. ඒත් කිසිම humanity එකක් නැති උන්ගෙන් පරිස්සම් වියං…
දෙවි පිහිටයි. 🙏🏽

මේ වගෙ උන්ට ස්වභාදහමෙන් හරි දඩුවම් ලැබෙනවා

Address

Colombo

Website

Alerts

Be the first to know and let us send you an email when සල්ලි නතිං - Salli Nothing posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share