16/04/2026
පසුගිය ජනවාරි මාසේ පැවැත්වුණු 2026 Golden Globe Awards උළෙලට සහභාගී වූ සුපිරි නිළි Jennifer Lawrence🌸🌸
ඇය මේ අවස්ථාවට ඇදගෙන ආවේ Givenchy by Sarah Burton විසින් නිර්මාණය කරන ලද custom outfit එකක්. දිගු කාලයක් Dior එකේ ambassador ලෙස කටයුතු කළත්, මෙවර ඇය තෝරාගත්තේ මේ daring හා ලස්සන sheer tulle gown එකයි. මුළු dress එක පුරාම සියුම්ව කර ඇති pale pink floral sequins සහ sage green leaves embroidery එකෙන් ආවරණය වෙලා තිබුණා. ඉතාමත් විනිවිද පෙනෙන (sheer) ස්වභාවය නිසා ඇයට තවත් ethereal හා romantic look එකක් ලැබුණා. Plunging neckline එක සහ side cutouts ටිකත් එක්ක ඉතාමත් bold විදියේ silhouette එකක් තිබුණා.
මෙහි වඩාත්ම සුවිශේෂී අංගය වූයේ dress එකට උඩින් ඇය ඇදගෙන සිටි powder pink satin shawl collar bomber jacket එකයි. ඇය outfit එකටම ගැලපෙන powder pink satin clutch එක සහ sandals දෙකත් එක්ක ඇගේ look එක සම්පූර්ණයෙන්ම elegant වුණා.